පුරාතන මිසරයේ එම්බාම් කටයුතු කිරීම විශේෂ වෘත්තියක් විය.එහි නිරත වූයේ පූජකයන් සහ යන්ත්‍ර මන්ත්‍ර ආදී දේවල් දන්නා පුද්ගලයින් පමණි. එම්බාම්කරුවන්ගේ කම්හල _"යහපත් නිවසේ පවිත්‍රකිරීමේ නිවස"_ නම් විය.මෙහි ඇත්තේ _හෙරඩෝටස්_ සහ _ඩයෝඩරස්_ විසින් තැබූ වාර්ථා අනුව සකස් කල ලිපියකි.මෙහි මමී කරන ආකාර කිහිපයක් ඇත.

පුරාණ මිසරයේ වැදගත් පුද්ගලයෙකු මිය ගිය විට ඔවුන්ගේ බිරිඳ ආදී ගැහැණු මුහුණේ කේශ කලාපයේ මඩ තවරාගෙන මිනිය නිවස තුල තිබෙන්නට හැර විලාප නගමින් හා ලය මැදට ගසා ගනිමින් වීදි පුරා ඇවිදිති.අනතුරුව මිනිය එම්බාම් කරන්නන්හට ලබා දෙයි.ඉන් පසු එම්බාම් කිරීම ආරම්භ වෙයි.

ඩයෝඩරස් පවසන ආකාරයට _"ග්‍රාම්මටෙයුස්"_ නම් පුද්ගලයෙක් මිනිය ලෑල්ලක් මත තබා ඉකිලියට සමාන්තරව උදර බිත්තියේ වම් පස රේඛාවක් අදියි.එවිටම ගිනිගල් පිහියක් (ඉතියෝපියානු ගලක්) රැගත් _රොස්කිස්ටෙස්_  නම් පුද්ගලයෙක් මිනිය මත ඇදි ඉර දිගේ කැපීමක් සිදු කර පැන ගියේය.එවිට අනෙක් අය ඔහුව ලුහුබැඳ අල්ලා ගෙන ඔහු විසින් විසි කල පිහියද රැගෙන,පිහියෙන් මිනියට සිදු කල බලහත්කාරකම පිලිබදව චෝදනා කර ඔහුට දඩුවම් පමුණුවයි.ඉන් පසු හෙරඩෝටස් පවසන ක්‍රියාවලිය සිදු කෙරෙත්.

ඇතුල් පැත්තේ තියුණු දාරයක් සහිත තඹ කොක්කක් මගින් භග්න වූ එත්මොයිඩ් ඇටය තුලින් මොලය උද්ධරණය(ගලවනු) කෙරේ. ඉන් පසු හෘදය සහ පෙනහැලි ඇර අනෙක් සියලුම අභ්‍යන්තර අවයව ඉවත් කෙරේ.ඉන් පසුව උදරය පාම් සුරා වලින් ශුද්ධ කර පොඩ්කරන ලද මාර්,කැසියා සහ වෙනත් සුගන්ධත් ද්‍රව්‍ය වලින් උදර කුහරය පුරවයි.එහෙත් මේ අවස්ථාවේදී පුරවන ලද්දේ ලිනන්,ලී කුඩු සහ වෙනත් ද්‍රව්‍ය බව හෙරඩෝටස් පවසන ලදී.එසේ උදර කුහරය පුරවා තාවකාලිකව මැහුම් දමයි.ඉන් පසු හෙරඩෝටස්ගේ වාර්ථා අනුව මිනිය දින 70 ක් සිරුරේ ඕජසය ඉවත් කිරීම සදහා _නේට්‍රන් දියරයෙහි(නේට්‍රන් යනු රෙදිසෝඩා ලෙස හදුන්වන සෝඩියම් කාබනේට් යන රසායන ද්‍රව්‍යයයි.) ගිල්වනු ලැබේ.දින 70 අවසන් වූ විට සිරුර පෝරු දැමීමෙන් වියලා උදර කුහරය පිරවූ ආදිය දැන් ඉවතට ගනී.ඒ වෙනුවට අලුත් සුගන්ධවත් ද්‍රව්‍ය දමා මැහුම් දමයි. පසුව සිරුරේ යටි පැත්තේ මැලියම් වැනි ද්‍රව්‍යක් අලවා ලිනන් රෙදි වලින් ඔතනු ලැබේ.ඩයෝඩරස් පවසන්නේ එය _ටරිකෙයුටේස්නම් පුද්ගලයෙක් සිදු කරන බවය.වෙලීමේදි පලමුව අවයව වෙන වෙන ම වෙලනු ලැබේ.පසුව සිරුරම වෙලනු ලැබේ.එයද වෙලන්නේ ලියන වශීකරණ යාතිකා ඇතුලත් සුර සමගින්ය.මේවායේ වැඩි ප්‍රසිද්ධියක් උසලන්නේ කොල පැහැති කුරුමිණියා නිරූපණයන්ය.ටුටන්කාමන් මමිය ද හොද වර්ගයේ ලිනන් රෙදි ස්ථර 16 කට නොඅඩු සංඛ්‍යාවකින් වෙලා තිබුණේය.

මමී කිරීමේ අනෙක් ක්‍රමය වන්නේ අධෝමාර්ගය තුලින් සීඩර් තෙල් ශරීරගත කිරීමයි.එවිට දින ගණනක් ගත වූ පසු තෙල් ශරීරයෙන් ඉවත් කර අතර එහිදී දියවූ අවයව තෙල් සමගින් පිටතට පැමිණේ.තවත් ක්‍රමයක් නම් මිනිස් සිරුර වැසීයන තුරු ලුණු දැමීමයි.එවිට සිරුර වියලී මමීකරණය සිදු වේ.

කෙසේ හෝ දේහය මමී කරණය කර මිනීපෙට්ටියට දමා මුද්‍රා තබනු ලැබේ.ශරීරයෙන් ඉවත් කල අවයව ඉවත දමන්නේ නැත. ඒවාද නේට්‍රන්හි දමා වියලා මිනිස්,උකුසු,සිවල්,වදුරු

(හෝරස් දෙවිගේ පුතුන් මෙම පූරකු වලින් අදහස් කෙරේ.)යන දෙවිවරුගේ ආරක්ෂාව යටතේ එම හිස් සහිත පූරකු හතරක දමා දේහයත් සමග වලලනු ලැබේ.එමෙන්ම මමීකරණය කිරීමේදී ඉතිරි වන රෙදි ලුණු ආදියද බරණි වල බහා වලලණු ලැබේ. ඉන් පසු අවමංගල්‍ය ද්‍රව්‍ය සමග සොහොන තුලදී මුඛය විවෘත කිරීමේ මංගල්‍යය (මරණයෙන් පසුව ඔසිරිස් දෙවියන් සමග කතා කිරීම සදහා මෙම උත්සවය පැවැත්වේ.)සිදුකර සොහොන් ගැබ වසා මුද්‍රා තබනු ලැබේ.

පුරාණ මිසරයේ රාජකීය මමියන් ද බලන්න.

"https://si.wikipedia.org/w/index.php?title=මමීකරණය&oldid=489682" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි