මගේ යාළු මාළු
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
මගේ යාළු මාළු | |
---|---|
අධ්‍යක්ෂණය | ලාල් ප්‍රියදේව සුදේෂ් වසන්ත පීරිස් |
නිශ්පාදනය | ජනිත ෆිල්ම්ස් (ජනිත මාරසිංහ) |
රංගන ශිල්පීන් | චිලී තිලන්ක චාන්දනී සෙනෙවිරත්න |
සංගීතය | සුනිල් ආරියරත්න |
නිකුත්වූ දිනය |
|
කතා සාරාංශය
සංස්කරණයසූකිරි යනු අවුරුදු සය හැවිරිදි පමණ වන කුඩා අහිංසක ළමයෙකි. තම ආච්චී සඟ දිවි ගෙවන ඔහුගේ මව හා පියා අකුණක් වැදී මියගොසින්ය. මේ අහිංසක ළදරුවා ගම්මුන් හැඳින්වූයේ විවිධ පහත් නම් වලිනි, දිනක් ඔහු තම මිත්තනියගෙන් අසා සිටින්නේ "ආච්චිඅම්මෙ මූසලය කියන්නෙ කාටද?" ඔහු ඇසූ දෙයින් කඳුලින් නෙතු තෙත බරිත වුවත් ඒ බව හංගා සූකිරිව සැනසීමට මුසා කීවාය. ඔහු විසිතුරු මසුන් ඇතිකිරීමට මහත් ආශාවක් දක්වයි.
දිනක් අඟුරු කැබැල්ලක් විකා දබරඟිල්ලෙන් දත් පෙළ මදිමින් සිටි සූකිරි දොළ පාර අසල ඉඳ ගත්තේ පුරුද්දටය. වෙනදාට වඩා අද දොළේ දිය පාර වේගවත්ය. ඔහු සිය සුරත ගලා යන දොළ පාරේ එබුවේ සෝදා ගැනීමට සිතාය. "ආහ්...අද වතුර ගොඩක් සීතලයි." විගසින් සිය සුරත ආපසු ගත්තේ ඔහු තමන්ටම කොඳුරමිනි. මේ තරමටම වතුර සීතල ඊයේ රාත්‍රියේ වැටුණු වර්ෂාව නිසා වන්නට ඇත. මද්දහනට ඇත්තේ තවත් හෝරාවක් පමණි. පැහැදිලි අහස් කුස එළිය කරමින් පොළව සිප ගන්නා හිරුගේ රශ්මියේ දැඩි බව සූකිරිට දැනෙයි. ඔහුට එහි වගේ වගක් නැත. ඔහුගේ අවධානය යොමුව තිබුණේ ගලා යන දොළ පාර දෙසටය.
ඊටම අවේණික වූ හැඩයක් රැගෙන සමහර විට වේගත්ව ද සමහර තැනක සෙමෙන් ද ගලා යන ජල දහරාව ගැඹුරු තැනෙක නිසසලය. නිල්වන් පැහැ ගැණුණු ඒ ගැඹුරු දියට සුකිරි නම් බොහෝ කැමැතිය. එවැනි තැනකට සූකිරි වඩාත් ප්‍රිය කරන්නේ සිතූ ලෙස දියබුං ගසන්නත්, දිය යට කිමිද දොළ පතුලට එබී බලන්නටත් ඔහුට හැකි වන නිසාය. එපමණක් නොව යෝධ නුග රුකේ නැඟ ඒ දියවලට සෙවණ දෙන නුග අත්ත දිගේ රූටා එයට පනින්නට සූකිරි කවදත් ප්‍රිය කළේය.
අද නම් දිය පහර වේගවත්ව ගලා බසින බැවින් දිය පහර දිගේ පහළ වක්කලමට පැමිණීමට වෙනදා මෙන් දැඩි වෙහෙසක් ගත යුතු නොවේ. මෙතෙක් වේලා ඇති වී තිබූ කම්මැලිකම නිසා දෙපා ගල උඩ තබාගෙන සිටි සූකිරි ඊළඟ තත්පරයේදී ගලා යන ජලයට එබුවේය. දෙපා දියට ඔබන මොහොතේම දෙපා වට කර ගත් දණ්ඩිි පැටව් යටි පතුළට කෙටූයෙන් ඔහුට කිතියක් දැනිණි. එය ගණනකට නොගත් ඔහු දෙපා තාලයට වැනුවේ දණ්ඩි පැටවුන්ගේ කෙටීමෙන් බේරෙන්නටය. ඒ අතර ඔහුට කදිම අදහසක් සිතට නැඟිණි.
"මේ ලස්සන රතු දණ්ඩියෙක් අල්ලලා මගේ මාළුවලට දාන්න ඕනෑ." දියට බට සූකිරි තමා අසල වූ සරම් කොටය ගෙන දණ්ඩි අල්ලන්නට වූයේය. එවිට දණ්ඩි පැටව් සී සී කඩ විසිර ගියේ උන් ටික වේලාවකින් ඔහු අසලට රොක් වූ බව ද අමතක කරමිනි. ඒ අදහස අතහැර දැමූ මේ සය හැවිරිදි කොලුවා ‘ජබුග්’ යන ශබ්දය නඟමින් දියට පැන්නේය. දිය යට කිමිඳ නොයෙක් සෙල්ලම් පෑ සූකිරි දියෙන් ගොඩට පැමිණෙන විට තම හේමාලයා පයට පෑගෙමින් තිබිණි. ඒත් සමඟම වැටුණු සිරිපොද වැස්සට ඔහු නුග ගස යටට සෙන්දු විය. හිසේ තිබූ ජල බිඳු අතෙන් ගසා දැමූ ඔහු ඒ අසල තිබුණු පිදුරු ගොඩ දෙසට නෙත් යොමු කළේය. තරමක් තෙත් බව රැඳුණු පිදුරු ගොඩේ වූ පිදුරු අතරෙන් මතුව තිබුණේ කළු පැහැති පොහොට්ටු කිහිපයකි.
"ආ... පිදුරු හතු පිපිලා"
ඔහු සියල්ල පැත්තකට දමා පිදුරු එහෙ මෙහෙ කළෙන් පිදුරු හතු මතු වූයේ සැනෙනි. සිරි පොද වැස්ස නැවතී ඇත. කඩා ගත් පිදුරු හතු සරම් කොටයේ උන්ඩි කරගත් සූකිරි වෙලේ නියර දිගේ දිව්වේ ඉක්මනින් නිවසට යන අදහසෙනි. යන ගමන් අවට සිසරා බැලූ ඔහු හිස්ව ගිය වෙල්යාය දෙසට නෙත් යොමු කළේ දැඩි දුකකිනි. මන්ද ඒ වෙනදා නියර දිගේ දුවන විට ඔහුට ආසිරි පතන්නට සිටින බණ්ඩි ගොයම අද නොමැති හෙයිනි. සූකිරිගේ යහළුවන් වූයේ ඔවුන්ය. ඒ බණ්ඩි ගොයමය. මල් පඳුරුය. වන වඳුලය. වන වඳුලේ සැරිසරන සූකිරි බට්ටිච්චෙකු ගයන ගීතයට සවන් යොමා සිටින්නේ සතුටු සිතෙනි. ගසෙන් ගසට පැන යන ඌගේ ගීතවත් නාදයට ප්‍රතිචාර දක්වන්නාත් මෙන් පෙදය ගැස්සෙන තාලය අපූරුය. වරෙක පඳුරුවලට එබෙමින් එහි බැඳ ඇති කොණ්ඩා කුරුල්ලන්ගේ කූඩුවල ඇති බිත්තර නරඹමින් යන ඔහුට බනින්නට කිසිවෙක් නැත.
"නොද්දකින් මූසල කොලුවා. මූණට මුරිච්චි වෙන්නවත් හොඳ නැහැ" එවැනි බස් තෙපළන්නට කිසිවෙක් මේ වනයේ නොමැත. එසේ කීමට මිනිසුන් පෙළඹුණේ තම පියා හා මවගේ අවාසනාවන්ත මරණය නිසාවෙනි.
සිය වනාන්තර චාරිකාවේ යෙදී ආපසු පැමිණි එක් දිනෙක සූකිරිට දකින්නට ලැබුණේ අපූරු දසුනකි. ඒ තම යාබද නිවසට පැමිණි සම වයසේ චන්දෙව්ය. චන්දෙව් හා යහළුවීමට සූකිරිට දිගු කාලයක් ගත නොවීය. ඔවුන් අසලට සමීප වන කවීෂා ද සමඟ තිදෙනා ගමට ආසන්නයේ තිබෙන මුහුදු වෙරළට පිවිසෙන්නේ මේ අතරය. කිසිවකුටත් නොකියා තිදෙනා යන මේ රහස් ගමනට දින සති ගෙවී ගියේය. එදින වෙනදාට වඩා වෙනස් අයුරෙන් පායා ආ හිරු එළිය සූකිරිටත්, කවීෂාටත්, චන්දෙව්ටත් වෙස් වළාගත් ආශිර්වාදයක් වැන්න.
"අද නම් සෙල්ලම් කරන්න නියම දවස" චන්දෙව් සූකිරි දෙස බලා කිව්වේ දින කිහිපයකට කලින් කථිකා කරගත් සෙල්ලම කිරීමට නියම දිනය අද බැව් ඉඟි කරන්නටය. කියූ පරක්කුවෙන් තිදෙනා සිටියේ මුහුදු වෙරළේය. තඹ පැහැති වැල්ල මත වැටෙන රළ පෙළ ඉතිරි කර යන සුදු පෙන පිඬු ක්ෂණයෙන් අතුරුදන් වෙයි.
නොනැවතී පැමිණෙන රළ පෙළ දෙස විමතියෙන් මෙන් බලා සිටි මේ තිදෙනා ඔවුහු ආ කාර්යයේ නිරතවීමට සිතා බෝලය අතට ගත්හ. පාපන්දු ක්‍රීඩාවට පිළිපන් තිදෙනාගේ අවධානය රැඳුණේ ඔවුන්ගේ ක්‍රීඩාවටමය. රළ පෙළේ වේගය වෙනදා නොමැති චණ්ඩ බවක් ගෙන තිබිණි.
මේ අතර සූකිරි එල්ල කළ පා පහරින් එක් වරම බෝලය ඉගිළ ගියේ දියඹටය. තමා අතෙන් වූ වරද නිවැරැදි කරන්නට මෙන් සූකිරි දියඹට යෑමට මුහුද දෙසට ඇදෙත්ම දියඹ දෙසින් බෝලය වෙරළට එවන්නේ තිදෙනාම මවිතයට පත් කරමිනි. ඒ අතර රළ අතරෙන් ඉහළට එසැවුණු ඩොල්ෆින් මත්ස්‍යයාගේ දසුන තිදෙනාගේ කාර්යය මඳකට නතර කළහ.
ඔවුන් කතා කර ගත් සේ සුපුරුදු පරිදි නිවෙස්වලට හොරෙන් ඔවුන් මෙලෙස ක්‍රීඩා කරමින් සිටියදී දිනක සූකිරි හට අඩත්තේට්ටම් කිරීමට වඩිමහළු ළමයෙකු පැමිණෙයි. එහිදී ඇතිවූ ප්‍රතිඵලයක් වශයෙන් සූකිරි අතුරු දහන් වෙයි. දුටු අය පැවසූයේ ඔහූ අඩත්තේට්ටම් කිරීමට පැමිණි ළමයා ඩොල්ෆින් මාර්ගයෙන් බේරා ගත් බවත් නමුත් ඔහු නොබේරුණු බවත්ය. මේ පුවත දැනගත් කවීෂාගේ මෑණියන් දරු දුක දන්නා බැවින් ඇය සූකිරිගේ ආච්චීට සැඟවීමට උත්සහ කලද පසුව එම පුවත දැනගත් ඇයට සිහියක් නැති විය.
මේ අතර යලිත් මුහුද දෙබෑ කරගෙන ඩොල්ෆින් මත නැගි සූකිරි දැකීමෙන් තරමක සුවයක් ලැබීය. නමුත් ඇය ඉන් මහත් කැළඹීමකට ලක් වූ නිසා ඇය රෝහල් ගත කරයි. සූකිරිගේ මිත්තනිය රෝගාතුර වීම නිසා කවීෂාගේ අම්මා කෙරෙහි සූකිරිගේ ගැන තිබූ පිළිකුළ ඉවත් වී සූකිරි හට අනුකම්පාවක් දක්වා තම දරුවාටද සූකිරි සමඟ ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා කර දීය. නිවෙස් අතර සබඳතාව වඩාත් ශක්තිමත් විය.[1]
කතාව 2
සංස්කරණයමෙහි දැක්වෙන්නේ විදේශගතව සිට පැමිණෙන තරුණයෙකුගේ(චිලී), සොහොයුරා(දෙනුවන) ඔහුගේ නිවස කුලියට දී ඒ බව තම වැඩිමහල් සහෝදරයාට දැනගැනීමට නොහැකිවන පරිදි කටයුතු කිරීමයි. අවසානයේ නිවස කුලියටගත් පුද්ගලයාට(ගංගොඩතැන්න) තම වාහනයට වී දින ගනන් ඉදීමට සිදුවන්නේ විදෙශයක සිට පැමිණි තරුණයා තම නිවසෙහි අයිතිය ලබා ගත් නිසායි. සූකිරිගේ ආච්චීව රෝහල් ගත කිරීමේදී ඔහු දැඩි කැපවීමක් දරයි.
පසුව මෙම නිවාස අවුල ලිහා ගත් ඔහු තම සහෝදරයාට සහ ඔහුගේ හෙන්චයියන්ට(ජීවන්) පහරදී හීන්දෑරී පුරුෂයාට නිවස කුලියට දී ඔහු යලිත් විදෙස්ගත වූයේ අවසන් වරට සූකිරිගේ නිවසට ගොස්ය.
රංගනය
සංස්කරණය- ලිතුම් මාරසිංහ - සූකිරි
- චාන්දනී සෙනෙවිරත්න - සූකිරිගේ මිත්තනිය
- චිලී තිලංක
- පියුමි බොතේජු - කවීෂාගේ අම්මා
- ඩී.බී.ගංගොඩතැන්න - ජයකොඩි
- සරත් චන්ද්‍රසිරි
- දෙනුවන සේනාධි
- ජීවන් හඳුන්හෙත්ති
විශේෂතා
සංස්කරණයමෙහි ඩොල්ෆින් මත්ස්‍යා ත්‍රිමාන නිර්මාණකි. ළමා කතාවක් වශයෙන් එක් කොටසකුත්, අනෙක් කොටසෙහි චිලී තිලංක ප්‍රධාන කතාවක් දැක්වේ. චිලී තිලංක හා ප්‍රධාන ළමා චරිතය මුහුණ හමුවන්නේ නැත. එමෙන්ම ළමුන්ට උචිත නොවන කිසිදු දෙයක් නොමැත. රූ ගත කිරීමේදී විදෙස් සත්ව සූකිරි සමඟ උද්‍යාන සතුන් සමීපව සිටින ආකාරය මෙහි ඇති ගීතයකදී දැකගත හැකිය.
මූලාශ්‍ර
සංස්කරණය- ^ "මගේ මාළු යාළු කතා සාරාංශය". සරසවිය.