විකිපීඩියා:මුඛ්‍ය ඡේද උපදේශන

චිත්‍රපටයට අවසාන දෙකක් එකතු කිරීමෙන්, සුගතපාල සෙනරත් යාපා, ලාංකේය සිනමාවට අලුත් අත්දැකීමක් ද එක් කර තිබුණද, මා නම් දුටුවේ එය "පිස්සු විකාරයක්" ලෙසය. එක් දිනක් ශෝකාන්තයකින්, නිම වෙන චිත්‍රපටය, අනෙක් දින, සන්තෘෂ්ඨියකින් අවසන් කර තිබුණි.

දෙයාකාරයකින් අවසන් වීම සිදුවූයේ මෙසේය.

මධු සැකය නිසා සේනකව අත්හැරියද, පසුව ඇත්ත අවබෝධ කරගෙන, යළි ඔහු හා ප්‍රේමයෙන් බැඳීමට සිතා, සේනකට මුහුදු වෙරළට එන්නට කියා ඇය එතැන තිබූ කුළුණකට නැගී,බලන විට හදිසියෙම සේනක දැක, සිතේඇතිවූ සතුටට, 'සේනක' කියා කෑ ගැසූ විට, ඒ ශබ්දයට කලබල වූ සේනක පය ලිස්සා එතැන ප්‍රපාතයකට ඇදවැටී, ජීවිතක්ෂයට පත්වෙයි. එය එක් අවසානයකි.

සේනක වෙනත් රටකට යෑමට සැරසේ. ඔහු යෑමට ප්‍රථම මේනකාට මුදුවක් පළඳවා, යළි පැමිණි පසු මේනකා විවාහ කර ගන්නා බවට පොරොන්දුවක් වී ඇයගෙන් සමුගෙන යන්නට සැරසෙයි. මේ අතර මධූ සේනකගෙන් සමාව ගැනීමට ගුවන් තොටුපොළට පැමිණෙයි. මෙහිදී සේනකත්, මධුත් යළි එක් කිරීමට මේනකා මූලික විය. සේනක විදේශ ගමන නතර කර මධු සමඟ මෝටර් රථයක නැගී සතුටින් පිටවී යයි.