විකිපීඩියා:රචනාකරණයේ අත්පොත/පිරිසැලැස්ම

An article with a table of contents block and an image near the start, then several sections
නියැදි ලිපි පිරිසැලැස්මක් (විශාල දර්ශනය සඳහා රූපය මත ක්ලික් කරන්න)

මෙම මාර්ගෝපදේශනය විසින්, විකිපීඩියා ලිපි වල ආකෘතික පිරිසැලැස්ම ඉදිරිපත් කරන අතර, සාමාන්‍ය වශයෙන් ලිපියක අඩංගු වන ඡේදයන්, ඡේදයන්හී පිළිවෙල සහ, ලිපියක විවිධ කොටස් වල ආකෘතිකරණ ශෛලීන් පිළිබඳ විස්තර අඩංගු වෙයි. විකි සංලක්ෂණ භාවිතය පිළිබඳ උපදෙස් සඳහා, උදවු:සංස්කරණය බලන්න; ලිවීමෙහි ශෛලිය පිළිබඳ මාර්ගෝපදේශන සඳහා, රචනාකරණයේ අත්පොත බලන්න.

  

ලිපි කොටස්වල පිළිවෙල සංස්කරණය

මෙයද බලන්න: විකිපීඩියා:රචනාකරණයේ අත්පොත#ඡේද ශීර්ෂ

සරල ලිපියක අවම වශයෙන් මුඛ්‍ය ඡේදයක් සහ ආශ්‍රිත තිබිය යුතුය. සංස්කාරකවරුන් විසින් අවශ්‍ය පරිදී ලිපි වලට සංකීර්ණත්වයක් එක් කරන විට, භාවිතා කරනු ලබන කොටස් (ඡේදයන් සහ සැකිලි වැනි) ආකෘතික වශයෙන් පළවන්නේ පහත ආකාරයට වුවද, එකම ලිපියෙහි සැම විටම මෙම “සියල්ලම” පළනොවිය හැක:

  1. මුඛ්‍ය ඡේදයට පෙර
    1. ශිරස්කසටහන්