භෘකුතේස්වර් ශිව දේවාලය

භුබනේස්වර්හි හින්දු දේවාලය

භෘකුතේස්වර් සිව දේවාලය පිහිටා ඇත්තේ ඉන්දියාවේ ඔඩිෂාවේ භුබනේස්වර් පැරණි නගරයේ යමේශ්වර පැට්නාවෙහි ය.[1][2][3] තනි ව්‍යූහ පීඪ දෙවොලක් වන මෙහි කිසිදු පූර්ව ද්වාර මණ්ඩපයක් දක්නට නොලැබේ. ප්‍රදේශයේ ජනයාට අනුව, මෙම දේවාලය ගොඩනංවන ලද්දේ කේසරීවරුන් විසිනි.

භෘකුතේස්වර් ශිව දේවාලය
භෘකුතේස්වර් ශිව දේවාලය is located in ඔඩිස්සා
භෘකුතේස්වර් ශිව දේවාලය
ඔරිස්සා තුළ පිහිටීම
මූලික තොරතුරු
පිහිටීමභුබනේශ්වර්
භූගෝලීය ඛණ්ඩාංක20°14′18″N 85°50′01″E / 20.23833°N 85.83361°E / 20.23833; 85.83361ඛණ්ඩාංක: 20°14′18″N 85°50′01″E / 20.23833°N 85.83361°E / 20.23833; 85.83361
අනුබැඳියාවහින්දු ආගම
දේවතාවාශිව
භුවනේශ්වරී (දේවිය)
ජනපදයඔරිස්සා
රටඉන්දියාව
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයකාලිංග පංචරථ ශෛලිය
(කාලිංග ගෘහනිර්මාණ ‍ශිල්පය)
නිර්මාපකජාජතී කේශරී
සම්පූර්ණ කෙරුණේක්‍රි.ව. 13වන සියවස

පිහිටීම සංස්කරණය

භෘකුතේස්වර දේවාලය පිහිටියේ භුබනේස්වර පැරණි නගරයේ යමේශ්වර් පැට්නාවෙහි ය. මෙය ලිංගරාජ් දේවාලයේ සිට යමේශ්වර දේවාලය වෙත දිවෙන මාර්ගයේ බධේයිබාන්ක් චෞක්හි දකුණු පස පිහිටා ඇත. මෙම දේවාලය තාලේස්වර දේවාලයට 40 මීටර (130 ft) බටහිරින් ද, යමේශ්වර දේවාලයට 30 මීටර (98 ft) වයඹ දිගින් ද, සහ බක්රේස්වර දේවාලයට 30 මීටර (98 ft) නැගෙනිහරින් ද පිහිටා ඇත. මෙම දෙවොල උතුරු දෙසට මුහුණලා පිහිටා ඇත. තනි ව්‍යූහයේ පීඪ දෙවොලක් වන මෙහි ඉදිරි ස්වාර මණ්ඩපයක් දක්නට නොලැබේ. මෙහි වන්දනයට ලක්වන ප්‍රධාන දෙවියා වන්නේ වෘත්තාකාර යෝනි පීඨයක් මත පිහිටි ශිව ලිංගයයි. මෙය ජීවමාන දේවාලයකි.

යුගය සංස්කරණය

පසුකාලීන ක්‍රිව. 13වන සියවසට අයත් යැයි සැලකෙන මෙම දේවාලය ගංග රාජවංශ සමයේ ඉදිවන්නට ඇත.

ගෘහනිර්මාණ ශිල්පය සංස්කරණය

මෙහි දකුණු, නැගෙනහිර සහ බටහිර පැතිවලින් ප්‍රාකාරයකින් වටවී ඇත. උතුරු දෙසින් පුරාතන ළිඳක් දක්නට ලැබේ. බිම් සැලැස්ම අතින් මෙහි සමචතුරස්‍රාකාර විමානයක් දක්නට ලැබේ. උච්චත්වය සැලකූ විට විමාන පීඪ දෙවොලක් වන අතර එය මීටර 5.03ක උසින් යුක්ත ය. දේවාලයේ ඇති තුනට බෙදුණු බාදා නම් අංගය මීටර 2.03ක් උසැති ය. මෙහි ගාන්දි කොටස මීටර 3.00ක් උසින් යුත් අතර, එහි පසුපසට නෙරූ පේසා දක්නට ලැබේ. මෙහි මස්තකය ඇද වැටී ඇත.

මෙහි උළුවහු කණු මීටර 1.70ක් උසින් යුක්ත වන අතර ඒවායේ පළල මීටර 0.70කි. මේවා චාම් ස්වභාවයක් ගනියි. මෙය ලැටරයිට් මාධ්‍යයෙන් නිර්මාණය කොට ඇති අතර වියළි පෙදරේරු ක්‍රම ශිල්පය අනුගමනය කොට ඇත. මෙහි කාලිංග ගෘහනිර්මාණ ලක්ෂණ දක්නට ලැබේ.

මේවාත් බලන්න සංස්කරණය

සටහන් සංස්කරණය

  1. Lesser Known Monuments of Bhubaneswar by Dr. Sadasiba Pradhan
  2. Debala Mitra, Bhubaneswar, New Delhi, 1958, P. 60.
  3. L. S.S. O’ Malley, Bengal District Gazetter Puri, Calcutta 1908, P. 243.

ආශ්‍රේයයන් සංස්කරණය

  1. M.M. Ganguly, Orissa and Her Remains, Calcutta, 1912, P. 269.
  2. N. K. Sahu (Ed), A History of Orissa, Vol. II, Delhi, 1980, P. 270.
  3. R. P. Mohapatra, Archaeology in Orissa, Vol.I, Delhi, 1986, P. 82.
  4. R. L. Mitra. The Antiquities of Orissa, Vol. II, Calcutta, 1963, P. 118-121.