අන්‍යාගමීකරණය හා ජිහාඩය වෙනුවෙන් වූ සාම්ප්‍රදායේ ජනතා සභාව[2][3] (අරාබි: جماعة اهل السنة للدعوة والجهادJamāʻat Ahl as-Sunnah lid-daʻwa wal-Jihād)—නැතහොත් ඔවුන්ගේ Hausa බසින් බෝකො හරාම් (Boko Haram) ("බටහිර අධ්‍යාපනය පවිටුයි (Haraam)")[4]—යනු ඉස්ලාමීය ජිහාඩ්වාදී සහ takfiriවාදී, නයිජීරියාව,[5] උතුරු කැමරූනය සහ නයිජර්[6][7][8][9] යන රටවල් පදනම් කර ගනිමින් ක්‍රියාත්මක වන ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයකි. එය 2002 වසරේදී, මොහොමඩ් යූසුෆ් (Mohammed Yusuf)[10] විසින්, ෂරියා නීතිය යටතේ පාලනය වන "ශුද්ධ" ඉස්ලාමීය දේශයක් ගොඩනැංවීම හා එම රටවල් බටහිරකරණයට ලක්වීම වැලැක්වීම අරමුණු කර ගනිමින් බිහි කරන ලද්දකි.[11][12][13]

බෝකො හරාම්
අන්‍යාගමීකරණය හා ජිහාඩය වෙනුවෙන් වූ සාම්ප්‍රදායේ ජනතා සභාව
Boko Haram
Congregation of the People of Tradition for Proselytism and Jihad
සක්‍රීයත්වය2002–වර්ථමානය තෙක්
මතවාදයඉස්ලාමීය අන්තවාදය
ඉස්ලාමීය මූලධර්මවාදය
වහාබ්වාදය
Takfir
නායකයින්අබුබකාර් ශෙකාවු (Abubakar Shekau)[1]
Dan Hajia (POW)
Abba  
Abatcha Flatari  
Momodu Bama  
Mohammed Yusuf 
මෙහෙයුම් දියත් කරන කලාප
උතුරු නයිජීරියාව, උතුරු කැමරූනය, දකුණු නයිජරය, චැඩ්
සන්ධානයන් Ansaru
Al-Qaeda in the Islamic Maghreb
ප්‍රතිවාදීන් නයිජීරියාව
Civilian Joint Task Force (CJTF)
 කැමරූන්
 චැඩ්
 නයිජර්
සටන්
සහ යුද්ධ
නයිජීරියානු ෂරියා ගැටුම
2009 නයිජීරියානු නිකායික ප්‍රචණ්ඩත්වය
බෝකො හරාම් ත්‍රස්තවාදීන් විසින් මෙහෙයවන හා සමහර ෂරියා නීති ක්‍රියාවට නංවන ලබන, නයිජීරියාවේ ප්‍රදේශ (කොළ පැහැයෙන්).
බෝකො හරාම් ත්‍රස්තවාදීන් බහුලව ප්‍රහාර එල්ල කරනු ලබන කලාප

මෙම කුරීරු ඉස්ලාමීය ත්‍රස්තවාදී සංවිධානය විසින්, ක්‍රිස්තියානුවන්ට සහ රජයේ ඉලක්කයන් වෙත බහුල වශයෙන් ප්‍රහාර එල්ල කිරීම සිදු කරනු ලබයි.[12] ක්‍රිස්තියානි පල්ලි තුල බෝම්බ පුපුරුවා හැරීම, පාසල් සහ පොලිස් ස්ථාන වලට ප්‍රහාර එල්ල කිරීම,[14][15] බටහිර විදෙස් සංචාරකයින් පැහැර ගැනීම, හා එසේම සමහර ඉස්ලාමීය ආයතනයන් හී පුද්ගලයින් ඝාතනය කිරීම වැනි දරුණු ක්‍රියාවන් රැසක්, පසුගිය කාලය තුල ඔවුන් විසින් වාර ගණනාවකදී දියත් කොට තිබුණි.[16] බෝකො හරාම් ත්‍රස්තවාදීන්ට සම්බන්ධ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන්, 2002 - 2013 අතර කාල සීමාව තුල පුද්ගලයින් 10,000 ක් පමණ මිය ගොස් ඇතැයි සඳහන් වෙයි.[17][18][19][20][21][22]

වර්ථමානය වනවිට (2014 මැයි) නයිජීරියාවේ බොර්නො (Borno), Adamawa, Kaduna, Bauchi, යොබ් (Yobe) සහ Kano වැනි ප්‍රදේශ තුල, බෝකො හරාම් ත්‍රස්ත බලපෑම් තදින් ක්‍රියාත්මක වන අතර, එම කලාප තුල හදිසි තත්වයක් නම් කොට තිබෙන බව සඳහන් වෙයි. මෙම ත්‍රස්ත සංවිධානයේ සැකැස්ම සහ ඊට අදාල නායකත්ව දාමය පිළිබඳව පැහැදිලි තොරතුරු නොවන අතර,[23] එය පුළුල්ව "ව්‍යාප්ත වූ"[16] සහ බෙදී ගිය කොටස් සහිත ජාලාත්මක සංවිධානයක් ලෙස හැඳින්වෙයි.[11] වාර්ථාවන්ට අනූව බෝකො හරාම් සංවිධානය කොටස් තුනකින් සමන්විත වන අතර,[12] ඉන් එක් කොටසක් ලෙස Ansaru කණ්ඩායම හඳුනාගෙන තිබෙයි. එම කණ්ඩායමේ වත්මන් නායකයා අබුබකාර් ශෙකාවු වන අතර, ආයුධ නිපදවීම පිළිබඳ විශේෂඥකු වන මොමදු බාමා (Momodu Bama) එහි දෙවන අණදෙන්නා බව පැවසෙයි.

කෙසේ නමුදු බෝකො හරාම් ත්‍රස්තවාදීන්, නයිජීරියාවෙන් බාහිරව වූ ජිහාඩ්වාදීන් සමග සම්බන්ධතා පවත්වන්නේද නැද්ද යන්න අර්බුධකාරී වෙයි. අමෙරිකානු හමුදා සේනාධිපතිට අනූව, බෝකෝ හරාම් ත්‍රස්තවාදීන් ඉස්ලාමීය Maghrebයේ අල්-කයිඩා (AQIM) වට සම්බන්ධව කටයුතු කරන බව පැවසෙයි,[24][25] නමුත් සමහර තොරතුරු වලට අනූව, බෝකො හරාම් ත්‍රස්ත සංවිධානය වෙත ද්‍රව්‍යමය වශයෙන් ජාත්‍යන්තර සහායක් හිමිවන බවට සාක්ෂි නොමැති බව පැවසෙන අතර,[26] ඔවුන් විසින් ජාත්‍යන්තර වශයෙන් දියත් කොට ඇති ප්‍රහාර සංඛ්‍යාවද බොහෝ දුරට සීමා සහිත බව පැවසෙයි.[11] 2013 නොවැම්බර් 13 වන දිනදී, එක්සත් ජනපද රජය විසින්, බෝකො හරාම් සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරන ලදී.

කරුණු මෙසේ සිදුවූවත් 2013 වසරේ මුල් කාර්තුවේදී, බෝකො හරාම් ත්‍රස්තවාදීන් ලෙස සැකකෙරුණු පුද්ගලයින් 950 දෙනෙකු, නයිජීරියානු හමුදා ඒකාබද්ධ කාර්ය බලකායේ (Nigeria's military Joint Task Force) රැඳවුම් භාරය යටතේදී මරණයට පත්වීමේ සිදුවීමක් සම්බන්ධව මානව හිමිකම් උල්ලංඝනය වූවේ යැයි කියමින් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය, නයිජීරියානු රජයට චෝදනා එල්ල කරන ලදී.[27] මෙම ඉස්ලාමීය ත්‍රස්තවාදී සංවිධානය නිසා හටගත් ගැටුමේ හේතුවෙන් 2011 වසර වන විට පුද්ගලයින් 90,000 ක ප්‍රමාණයක් අවතැන්ව ඇතැයි වාර්ථා වෙයි.[28] හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසන පරිදි, මෙම ත්‍රස්ත සංවිධානයේ වැඩ කටයුතු වෙනුවෙන් වයස අවුරුදු 12 පමණ වන ළමා සොල්දාදුවන්ද, යොදවා තිබෙයි.[29]

මේවාද බලන්න සංස්කරණය

ආශ්‍රිත සංස්කරණය

  1. "ප්‍රොෆයිල් ඔෆ් නයිජීරියා'ස් බෝකො හරාම් ලීඩර් අබුබකාර් ෂෙකාවු". බීබීසී නිව්ස්. 06 මැයි 2014. සම්ප්‍රවේශය 18 මාර්තු 2013. {{cite news}}: Check date values in: |date= (help)
  2. "නයිජීරියා පොලිස්මෙන් ඉන් කොර්ට් ට්‍රයල් ෆෝර් බෝකෝ හරාම් කිලිං". බීබීසී නිව්ස්. 13 ජූලි 2011.
  3. "ඉනර්මෝස්ට් තොට්ස් ඔෆ් ද ඉස්ලාමිස්ට් ගෘප් බෝකො හරාම්". රිපොටර්ස් විතවුට් බොඩර්ස්. 2014-07-04 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-05-06.
  4. Ogbonnaya Obinna (29 සැප්තැම්බර් 2011). "බෝකො හරාම් ඉස් බැට්ල් ෆොර් 2015, සේස් Chukwumerije". ද නේෂන්.
  5. ඩේවිඩ් කුක් (26 සැප්තැම්බර් 2011). "ද රයිස් ඔෆ් බෝකො හරාම් ඉන් නයිජීරියා". කම්බාටිං ටෙරරිස්ම් සෙන්ටර්. සම්ප්‍රවේශය 2012-01-12.
  6. Nnenna Ibeh (ජුනි 5, 2013). "බෝකො හරාම් මෙම්බර්ස් ෆ්ලී ටු නයිජර් ඈස් නයිජීරියන් මිලිටරි ඇරෙස්ට් 55 ටරරිස්ට් ඉන් යෝබ්, බෙර්නො". Premium Times. සම්ප්‍රවේශය 06 මැයි 2014. {{cite news}}: Check date values in: |accessdate= (help)
  7. André Burstin (1 මාර්තු 2013). "බෝකො හරාම් ඇන්ඩ් ද රිස්ක් ඔෆ් ටෙරරිස්ම් ඉන් නොදර්න් කැමරූන්". ESISC Research Associate. සම්ප්‍රවේශය 2014-05-06.
  8. Chris Agbambu, James Bwala, Hassan Ibrahim and Leon Usigbe (9 මැයි 2013). "බාමා ඇටෑකර්ස් වර් නයජීරියන්ස්, කැමරූනියන්ස්". නයිජීරියන් ට්‍රිබියුන්. සම්ප්‍රවේශය 2014-05-06.{{cite web}}: CS1 maint: multiple names: authors list (link)
  9. Chika Moses (22 ඔක්තෝම්බර් 2012). "බෝකො හරාම් කිල්ඩ් කැමරූනියන් මේයර්". පයිලට් අප්‍රිකා. සම්ප්‍රවේශය 2014-05-06.
  10. "බෝකො හරාම්: රොකිං ද නයිජීරියන් බෝට්". ෆ්‍රාන්ස්24. 27 දෙසැම්බර් 2011.
  11. 11.0 11.1 11.2 Walker, Andrew. "වට් ඉස් බෝකො හරාම්?" (PDF). ජුනි 2012. US Institute of Peace. සම්ප්‍රවේශය 6 මැයි 2014.
  12. 12.0 12.1 12.2 "ඩසන්ස් කිල්ඩ් ඉන් නයිජීරියා ක්ලෑෂස්". අල් ජසීරා. 24 දෙසැම්බර් 2011. සම්ප්‍රවේශය 2014-5-06. {{cite web}}: Check date values in: |accessdate= (help)
  13. Olugbode, Michael (2 පෙබරවාරි 2011). "නයිජීරියා: වී ආ රෙස්පොන්සිබල් ෆෝර් බොර්නෝ කිලිංග්ස්, සේස් බෝකො හරාම්". allAfrica.com. සම්ප්‍රවේශය 06 මැයි 2014. The sect in posters written in Hausa and pasted across the length and breadth of Maiduguri Wednesday morning signed by the Warriors of Jamaatu Ahlis Sunna Liddaawati Wal Jihad led by Imam Abu Muhammed Abubakar Bi Muhammed a .k .a Shehu claimed they embarked on the killings in Borno "in an effort to establish Sharia system of government in the country". {{cite news}}: Check date values in: |accessdate= (help)
  14. Mark Lobel (30 අප්‍රියෙල් 2012). "ඩෙඩ්ලි ඇටෑක් ඔන් නයිජීරියා'ස් බෙයරෝ යුනිවර්සිටි". බීබීසී. සම්ප්‍රවේශය 06 May 2014. {{cite news}}: Check date values in: |accessdate= (help)
  15. "නයිජීරියා: ඩසන්ස් ඩෙඩ් ඉන් චර්ච් බෝම්බිංග්ස් ඇන්ඩ් රයටිං". බීබීසී. 17 ජුනි 2012. සම්ප්‍රවේශය 06 මැයි 2014. {{cite news}}: Check date values in: |accessdate= (help)
  16. 16.0 16.1 Campbell, John (1 ඔක්තෝම්බර් 2013). "ෂුඩ් යූ.එස්. ෆියර් බෝකො හරාම්?". ඔක්තෝම්බර් 1, 2013. සීඑන්එන්. සම්ප්‍රවේශය 6 මැයි 2014.
  17. "නයිජීරියන් ස්කූල් ඇටෑක් ක්ලෙයිම්ස් 42 ලයිව්ස්". ද ඔස්ට්‍රේලියන්. AFP. 6 ජුලි 2013. සම්ප්‍රවේශය 6 මැයි 2014.
  18. "ස්කූල් ඇටෑක් කිල්ස් 30 ඉන් නොර්ත් ඊස්ට් නයිජීරියා". Newsday. AP. 6 ජුනි 2013. 2013-07-06 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 6 මැයි 2014.
  19. John L. Allen Jr. (2013). ද කැතලික් චර්ච්: වට් එව්රිවන් නීඩ්ස් ටු නොවු. Oxford University Press. pp. 166–167.
  20. John Campbell (2013). නයිජීරියා: ඩාන්සිං ඔන් ද බ්‍රින්ක්. Rowman & Littlefield Publishers. p. 139. ISBN 978-1-4422-2157-4.
  21. Massimo Pernice (May 21, 2013). "නයිජීරියා'ස් වොර් ඔන් ටෙරරිස්ම්: කම්බැටිං බෝකො හරාම්". World Outline Group.
  22. Massimo Pernice (අප්‍රියෙල් 18, 2013). "ස්පිටිං ඉන් ද ෆේස් ඔර් පීස්: බෝකො හරාම්'ස් කන්ටිනුවඩ් ඒම්ස්". වර්ල්ඩ් අවුට්ලයින් ගෘප්.
  23. "Terrorism in Nigeria: A dangerous new level". The Economist. 3 September 2011. සම්ප්‍රවේශය 2011-09-07.
  24. Mark Doyle (26 ජුනි 2012). "අප්‍රිකා'ස් ඉස්ලාමිස්ට් මිලිටන්ට්ස් 'කො-ඔඩිනේට්ස් එෆර්ට්ස්'". බීබීසී. සම්ප්‍රවේශය 6 මැයි 2014.
  25. "මිලිටන්ට් ගෘප්ස් ඉන් අප්‍රිකා සීක් ටු 'කෝ-ඔඩිවේට් එෆර්ට්ස්'". Mail & Guardian. 26 ජුනි 2012.
  26. Guy Lasnier (ජනවාරි 20, 2012). "UCSC's Paul Lubeck ප්‍රවයිඩ්ස් ඇනලයිසිස් ඔන් ඉන්සර්ජන්සි ඉන් නයිජීරියා'ස් නෝර්ත්". news.ucsc.edu. සම්ප්‍රවේශය 2014-5-06. {{cite web}}: Check date values in: |accessdate= (help)
  27. "නයිජීරියා: ඩෙත්ස් ඔෆ් හන්ඩ්‍රඩ් ඔෆ් බෝකො හරාම් සස්පෙක්ට්ස් ඉන් කස්ටඩි රිකවයර්ස් ඉන්වෙස්ටිගේෂන් | ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්". Amnesty.org. සම්ප්‍රවේශය 2014-05-06.
  28. "නයිජීරියා බෝකො හරාම් ක්ලෑෂස්: 'තවුසන්ඩ්ස් ෆ්ලී Damaturu'". බීබීසී නිව්ස්. 28 දෙසැම්බර් 2011.
  29. "නයිජීරියා'ස් බෝකො හරාම් 'යූසස් චයිල්ඩ් සෝල්ජර්ස්' - අප්‍රිකා". අල් ජසීරා ඉන්ග්ලිෂ්. සම්ප්‍රවේශය 2014-05-06.
"https://si.wikipedia.org/w/index.php?title=බෝකෝ_හරාම්&oldid=592754" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි