බූරුවා (සත්ත්‍වයා)
Donkey | |
---|---|
ගෘහස්ථකරණය කළ
| |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | අනිමාලියා |
Phylum: | කෝඩේටා |
වර්ගය: | මමාලියා |
ගෝත්‍රය: | Perissodactyla |
කුලය: | Equidae |
ගණය: | 'Equus' |
Subgenus: | 'Asinus' |
විශේෂය: | 'E. africanus' |
Subspecies: | ''E. a. asinus'' |
Trinomial name | |
Equus africanus asinus |
බූරුවා අශ්ව පවුලේ සාමාජිකයෙකි. අශ්වයෙකුට වඩා ප්‍රමාණයෙන් කුඩාවන මෙම සිව්පා සතා පහසුවෙන් හීලෑ කරගත හැකි සතෙකි. ක්‍රි.පූ. 3000 ට පමණ පෙර ඊජිප්තු වැසියන් බර ඇදීම සඳහා බූරුවා භාවිතා කල බව පැවසේ. පිරිමි බූරුවෙකු සහ ගැහැණු අශ්වයෙකු අතර ඇති වන සංවාසයෙහි ප්‍රතිඵලයලක් ලෙසින් කොටළුවකු බිහි වේ.
ගති ලක්ෂණ
සංස්කරණයසාමාන්යයෙන් සෙමී 80 සිට 160 (අඟල් 31 සිට 63 ) දක්වා උසකින් යුතුවන මොවුන්ගේ බර කි.ගෑ. 80 සිට 480 (රාත්තල් 180 සිට 060 ) පරාසයක වෙයි. තවද ජීවන කාලය අවුරුදු 30 සිට 50 දක්වා අතර වෙයි. මෙසේ උඅස හා බර වෙනස් වන්නේ ඔවුන්ගේ පරපම්පරාව හා පාලනය නිසාය.