බැද්දේගම (චිත්‍රපටිය)

බැද්දේගම යනු බ්‍රිතාන්‍ය ජාතික ලේනාර්ඩ් වුල්ෆ් විසින් හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කයේ සේවය කරන කල්හි බැද්දේගම නම් ප්‍රදේශය වටා ගෙතුන කතාවලියකි. ඔහු මෙම කෘතිය රචනා කරනු ලැබූයේ එකල්හි ආණ්ඩුකාරවරයෙක් ලෙස සේවය කර ලද අත්දැකීම් මගින් 1913 වර්ෂයේදී Village in the Jungle නම් ඉංග්‍රීසි කෘතියක් ලෙසිනි. මෙහි ඇති විශිෂ්ටත්වය හේතුවෙන් ඒ.පී.ගුණරත්නයන් විසින් සිංහලයට අනුවාදනය කිරීම සහ ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා විසින් මෙම කෘතිය සිනමාපටයකට හරවනුද ලැබුවා. මෙහි ඇති තවත් විශේෂත්වයක් නම මෙම සිනමාපටයට ගීත ඇතුළත් නොකිරීමයි. මෙම චිත්‍රපටියට ප්‍රධාන චරිතයන්හි පණ පොවනු ලැබූයේ, පිළිවෙලින් මාලිනී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, විජය කුමාරතුංග විසිනි.

බැද්දේගම
අධ්‍යක්‍ෂණයලෙස්ටර් ජෙම්ස් පීරිස්
තිර රචනයඒ.පී.ගුණරත්න
කතාවස්තුවඒ.පී.ගුණරත්න (සිංහල පරිවර්තනය)
නිශ්පාදනයපී විල්ෆ්‍රඩ් පෙරේරා සුමිත්‍රා පීරිස්
රංගන ශිල්පීන්
සිනෙමාරූපණයචිලී බ්ලේක්
සංස්කරණයග්ලැඩ්වින් ප්‍රනාන්දු චන්ද්‍රසිරි ගුණවර්ධන
සංගීතයනිමල් මෙන්ඩිස්
Production
company
මූවී චිත්‍රාගාරය හොංකොං කලර්මූවී ලැබ්
නිකුත්වූ දිනය
  • අප්‍රේල් 20, 1981 (1981-04-20) (මැජෙක්ටික්සිටි)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය සංස්කරණය

නිෂ්පාදනය සංස්කරණය

  • සහාය අධ්‍යක්ෂණය – වී. උපාලි පෙරේරා
  • අංග රචනය – ඊබට් විජේසිංහ
  • කලා අධ්‍යක්ෂණය - ධර්මසේන හේමපාල, ලයනල් ලියනගේ (සහය)
  • දෙබස් පටිගත කිරීම – ලයනල් ගුණරත්න
  • ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි, මයිකල් සත්‍යනාදන්
  • කොණ්ඩා මෝස්තර - සෑම් පෙරේරා
  • නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
  • නිෂ්පාදක විධායක – රාජ් පෙරේරා
  • නිෂ්පාදන කෘත්‍යාධිකාරි - රෙක්ස් පෙරේරා
  • නිශ්චල ඡයාරූප -
  • සංගීත සංයෝජනය - සරත් ප්‍රනාන්දු
  • සංගීතය පටිගත කිරීම - සෙන්ට් ජෝන්
  • ප්‍රදර්ශනය කිරීම – පස්වන මණ්ඩලයේ – ආරම්භක සිනමා ශාලා 12කි,
  • මංගල දර්ශනය - මැජෙස්ටික් සිනමා ශලාවේදී රාජ්‍ය ඇමැති ආනන්ද තිස්ස ද අල්විස් මහතා අතින් සිදු කෙරිණි.
"https://si.wikipedia.org/w/index.php?title=බැද්දේගම_(චිත්‍රපටිය)&oldid=368471" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි