චන්ද්‍රකාන්තා (2017 රූපවාහිනී කතාමාලාව)

චන්ද්‍රකාන්තා යනු ඉදිරියේ දී විකාශය වීමට නියමිත ඉන්දියානු රූපවාහිනී කතාමාලාවකි. මෙය කලර්ස් ටීවී නාළිකාව ඔස්සේ විකාශය වනු ඇත.[1] මෙම අධිස්වාභාවික ෆැන්ටසි ත්‍රාසකය මගින් චන්ද්‍රකාන්තා කුමරියගේ කථා පුවත නිරූපණය වේ. මෙම වැඩසටහන නිෂ්පාදනය කොට ඇත්තේ ඒක්තා කපූර් විසින් බාලාජි ටෙලිෆිල්ම්ස් සන්නාමය යටතේ ය. මෙම කතාමාලාව මගින් කලර්ස්හි නාගින් 2 විස්ථාපනය කෙරෙනු ඇත. කතාමාලාවේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ මධුරිමා ටුලි, ඌර්වෂි ධෝලාකියා සහ විශාල් ආදිත්‍ය සිං විසිනි. චන්ද්‍රකාන්තා විකාශය ඇරඹීමට නියමිතව ඇත්තේ 2017 ජූනි 24 දින ය.

ඒක් මායාවි ප්‍රේම් ගාථා — චන්ද්‍රකාන්තා
ගොනුව:Chandrakantha colors poster.jpg
මෙලෙසද හැඳින්වේචන්ද්‍රකාන්තා
ප්‍රභේදයඅධිස්වාභාවික
ෆැන්ටසි
තැනුවේඒක්තා කපූර්
රඟපෑමමධුරිමා ටුලි
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)හින්දි
කථාවාර සංඛ්‍යාව1
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)ශෝභා කපූර්
ඒක්තා කපූර්
ස්ථානය(න්)මුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව
කැමරා සැලැස්මබහු-කැමරා
ධාවන කාලයආසන්න. මිනිත්තු 43 – 90
නිෂ්පාදන සමාගමබාලාජි ටෙලිෆිල්ම්ස්
ප්‍රචාරණය
මුල් නාලිකාවකලර්ස් ටීවී
රූප ආකෘතිය576i (PAL)
1080i (HDTV)
Original airingසැලසුම් ‍කොට ඇත්තේ 24 ජුනි 2017 (2017-06-24)
බාහිර සබැඳි
නිල වෙබ්අඩවිය
නිෂ්පාදන වෙබ් අඩවිය

කථාපුවත සංස්කරණය

විජයගාර් රාජධානියේ කුමරියක බව ලාබාල චන්ද්‍රකාන්තාට ඇගේ පවුල සහ රාජධානිය අහිමි වන්නේ නෞගාර්හි බල ලෝභී දුෂ්ට රැජිනිය වන ඓරාවතී විසින් අරඹන යුද්ධය හේතුවෙනි. ඇගේ මව වන රත්නප්‍රභා රැජින මියයාමට ප්‍රථම දිය දියණියව ආරක්ෂාව පතා ඇගේ සුරතලා වූ මායා ඩොල්ෆින්ට භාර කරයි. සූර්යගාර් රාජධානියේ දරුවන් නොවූ සාමාන්‍ය අයියාර් යුවලකට මෙම දරුවාව හමුවෙයි. ඔවුහු කුමරියව හදාවඩා ගන්නා අතර, කුමරියට කිසිවක් මතක නැත. තමන්ට හිමි මායා බලයන් සහ ඉරණම පිළිබඳ නොදත් චන්ද්‍රකාන්තා අතිශයින් දක්ෂ, රූමත් සහ භයානක අයියාරා රණකාමියක බවට පත්වේ. ලෝකයා විශ්වාස කරන්නේ විජයගාර් රාජධානියේ උරුමකරු මියගොස් ඇති බවයි. චන්ද්‍රකාන්තාට ද ඇගේ සැබෑ අනන්‍යතාව පිළිබඳ ඇත්තේ අල්ප වූ මතකයකි. වසර 21කට පසු, දෛවය විසින් චන්ද්‍රකාන්තා සහ නෞගාර්හි වීරේන්ද්‍ර කුමරුන් මුහුණට මුහුණ මුණගස්වයි. ඔවුහු දෙදෙනා සත්‍යයන් ද්විත්වයක් නොදනිති. එනම් ඔවුන් දෙදෙනාව බිළිඳු වියේම විවාහ ගිවිසවා ඇති බවත්, කුමරුන්ගේ මව චන්ද්‍රකාන්තාගේ දිවිය අඳුරු කිරීමට හේතුවූ බවත් ය. මේ අතර, වීර් ඇය දක්ෂ රණකාමියකු වීම නිසා පමණක් නොව ඇගේ රූමත්භාවය සහ ජීවීභාවයට ද ආකර්ෂණය වේ....

චරිත නිරූපණය සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය