පුස්තකාලයාධිපති යනු පුස්තකාල විඥාපන විද්‍යාව සම්බන්ධව දැනුමක් හා පුහුණුවක් ලැබූ පුස්තකාලයක සේවය කරන ප්‍රධාන නිලධාරියාය, තොරතුරු කළමනාකරණය,සංවිධානය පුස්තකාලයට අදාළ රාජකාරි පිළිබඳ මනා දැනුමක් ඔහුට හෝ ඇයට තිබිය යුතු ය. බොහෝ විට මහජන පුස්තකාලවලට අමතරව පාසැල් පුස්තකාල, උසස් අධ්‍යාපන ආයතනවල මෙන්ම ව්‍යාපාරික ආයතන, වැඩබිම් ආශ්‍රිතව ද පුස්තකාල පවතී.

The Librarian, a 1556 painting by Giuseppe Arcimboldo

ආකෘතිය, අවශ්‍යතාව හා තත්ත්වය සංස්කරණය

පුස්තකාලයාධිපති උදෙසා ඉංග්‍රීසියෙන් යෙදෙන Librarian යන යෙදුමෙහි නිරුක්තියෙන්( liber යන ලතින් යෙදුම Books යන ඉංග්‍රීසි යෙදුමට සමාන වෙයි) කියැවෙන පරිදි ම පුස්තකාලයාධිපතිත්වය සාම්ප්‍රදායික ව බැඳී තිබුණේ ග්‍රන්ථ සංචිත සමගිනි.පුස්තකාලයාධිපතිවරයා ගේ කාර්යභාරය නව තාක්ෂණික සහ සමාජ අවශ්‍යතාවන් හමුවේ නිරන්තර ව පරිණාමය වෙමින් පවතී. වර්තමානයේ දී පුස්තකාලයාධිපතිවරයෙකු  ග්‍රන්ථ; විද්‍යුත් මූලාශ්‍ර; සඟරා; පුවත්පත්; ශ්‍රව්‍ය හා දෘෂ්‍ය පටිගත කිරීම්; සිතියම් ; අත්පිටපත්; ඡායාරූප සහ වෙනත් ග්‍රාපික අමුද්රව්‍ය; ග්‍රන්ථවිද්‍යාත්මක දත්තසමුදාය; සහ වෙබ් පාදක සහ අංකිත මූලාශ්‍ර වැනි තොරතුරු සංග්‍රහ වී අැති විවිධ අාකෘතීන් රැසක් සමග ගනුදෙනු කරනු දැකිය හැකි ය. එමෙන් ම පුස්තකාලයාධිපතිවරයෙකු  විසින් තොරතුරු සාක්ෂරතාවය සදහා උපදෙස් ලබා දීම , පරිගණක සැපයීම සහ පුහුණුකිරිම; සමාජ කණ්ඩායම්වල පොදුජන වැඩසටහන් පැවැත්වීමට සත්කාරකත්වය සැපයීම; ආබාධ සහිත පුද්ගලයන් සඳහා තාක්ෂණික අාධාර ලබාදීම; සහ ප්‍රජා මූලාශ්‍රයන්ට ප්‍රවේශය සලසා දීම අැතුළු තොරතුරු හා බැඳුණු සේවාවන් ද සපයනු ලැබේ.කර්තෘවරු සහ විද්‍යාර්ථීහු සිය පොත්වල ස්තූතිය පිරිනැමීමේ දී නිරතුරුව ම පුස්තකාලයාධිපතිවරයා ව අගයති.   

පුස්තකාලාධිපතිගේ කාර්‍යභාරය හා වගකීම් සංස්කරණය

පුස්තකාලයේ ප්‍රමාණය සහ ස්වරූපය  මත කාර්යභාරයන් වෙනස් වීමටත් සුවිශේෂී වගකීම් දැරීමට සිදුවීමටත් පුලුවන.  ඔලිවියා ක්‍රොස්බිට අනුව පුස්තකායාධිපතිවරුන් යනු තොරතුරු යුගයේ තොරතුරු  පිළිබඳ විශේෂඥ්ඥයින් ය.[1] බොහෝ විට පුස්තකාලයාධිපතිවරු පහත සඳහන් වෘත්තීයමය තත්ත්වයක් යටතේ  සිය සේවය සපයනු දැකිය හැකි ය.

මහජන පුස්තකාලයාධිපතිවරු: බැහැර  දෙන පුස්තකාලයන්හි විමර්ශන කවුළුව තුළ කටයුතු කරමින් මහජනතාවට සේවා සපයති. සමහරු දරුවන්ට හෝ වැඩිහිටියන්ට සේවා සැපයීම උදෙසා විශේෂිත ව පුහුණුව ලබා ඇත. ළමයින් උදෙසා වූ පුස්තකාලයාධිපතිවරු සෑම වයස් සීමාවක ම දරුවන්ට සුදුසු අමුද්රව්‍ය සපයාදීම සහ දරුවන් සමගත් ඔවුන්ගේ මවුපියන් සමගත්  විශේෂිත වැඩසටහන් පැවැත්වීම තුළින් යොවුන් කියවන්නිය තුළ කියවීමට රුචිකත්වය සහ නිපුණතාවය ඇතිකිරීමට සහාය වෙති.

විමර්ෂණ හෝ පර්යේෂණ පුස්තකාලයාධිපතිවරු: පර්යේෂණවල නියුතු වන අයට අවශ්‍ය තොරතුරු සොයාගැනීමට උපකාර කරති. විමර්ෂණ සංවාදය නම් වූ ව්‍යුහගත සංවාදයක් හරහා පර්යේෂිකාවගේ අරමුණු හැඳිනගැනීමෙන් අනතුරු ව දත්ත සමුදායන්හි සහාය සහ අනෙකුත් විද්‍යුත් තොරතුරු මූලාශ්‍රයන්, මෙන් ම දුර්ලභ හෝ මිලාධික මූලාශ්‍රයන් ද සපයාදෙමින් කෙරෙන මෙම සේවාව ඇතැම් විට සුවිශේෂී වූ ගැටලුවක් පිළිබඳ පර්යේෂණයක ස්වරූපය ද ගනී. ඇතැම් විට මෙම සේවාව යම්කිසි ප්‍රමාණයකට මේ සඳහා විශේෂයෙන් පුහුණුව ලබා ඇති පුස්තකාල කාර්යමණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන් විසින් ද සපයනු ලැබේ. මෙම ප්‍රවණතාවය ඇතැමුන්ගේ විවේචනයට ද බඳුන් වී තිබේ. [2]

පුස්තකාල තාක්ෂණ සහකරුවන්: පුස්තකාල අමුද්රව්‍ය ඇනවුම් කිරීම, දත්ත සමුදාය පරිපාලනය, පරිගණක හා අනෙකුත් උපාංග හැසිරවීම , සූචි සැකසීම සහ නව අමුද්රව්‍යයන්හි භෞතික ක්‍රියාවලිය අධීක්ෂණය වැනි තිරය පිටුපස කටයුතුවල නියුතු වෙති.

පුස්තකාල පද්ධති මෙහෙයවන්නන් යනු පුස්තකාල පද්ධති සංවර්ධනය, දෝෂ නිරාකරණය සහ නඩත්තු කිරීම,  සූචිකරනය ආශ්‍රිත කාර්යභාරයන්හි නියුතු වන්නන් ය.

සංචිත වැඩිදියුණු කිරීම හෝ ගැනුම්කරණය භාර පුස්තකාලයාධිපතිවරු සුදුසු පොත්පත් සහ විද්‍යුත් මූලාශ්‍රයන් තෝරාගැනීමේ ක්‍රියාවලිය අධීක්ෂණය කරති. ප්‍රධාන පෙළේ පුස්තකාලවල බොහෝවිට අනුමත කිරීමේ සැලසුම් ක්‍රියාත්මක වේ. පුස්තකාලයාධිපතිවරයා විසින් යම්තිසි විෂයකට අදාල ව ඇවැසි කෘති හෝ තිබිය යුතු කරුණු පිළිබඳ ව විස්තර ඇතුළත් සටහනක් පිළියෙළ කිරීම මෙහි දී සිදුවන අතර එමගින් ප්‍රකාශකයන්ට අමතර පරීක්ෂාවන්ට ලක්වීමේ අවහිරයෙන් තොර ව පුස්තකාලයට ඇවැසි කෘති යැවීමට හැකි වේ. එම කෘති ලැබුණු පසු ඒවා පුස්තකාලයේ සංචිතයට එක්වීමට සුදුසු ද යන්න එවිට පුස්තකාලයාධිපතිවරයාට තීරණය කළ හැකිය. මේ සඳහා ඇවැසි තරම් මූල්‍ය ප්‍රතිපාදනයන් ඔවුන්ට සලසනු ලැබේ.

ලේඛනාරක්ෂකයින් යනු අත්පිටපත්, ලිපිලේඛන, වාර්තා සටහන් වැනි ලේඛනාගාර මූලාශ්‍රිත ව කටයුතු කිරීමට පුහුණු කෙරුණු විශේෂිත පුස්තකාලයාධිපතිවරු ය. 

පුස්තකාලයට තෙවන පාර්ශ්වයන් විසින් සපයනු ලබන දත්ත සමුදායන් කළමනාකරණය කිරීම විද්‍යුත් මූලාශ්‍ර සම්බන්ධ පුස්තකාලයාධිපතිවරු විසින් සිදු වේ.

පාසල් පුස්තකාලයාධිපතිවරු: පාසැල් පුස්තකාල පරිපාලනයට අමතර ව ගුරුවරුන් සහ තොරතුරු තාක්ෂණ විශේෂඥයින් ලෙස ද කටයුතු කරති. 

අර්ධ-වැඩිහිටියන් උදෙසා වූ පුස්තකාලයාධිපතිවරු: වයස අවුරුදු 12ත් 18ත් අතර වූ අනුග්රාතහකයින්ට සුවිශේෂී ව සේවා සපයන්නෝ වෙති. අර්ධ-යෞවනයෝ සිය අධ්යාවපනය මෙන් ම වින්දනය ද පුස්තකාල සේවාව තුළින් අපේක්ෂා කරති. අර්ධ-වැඩිහිටියන් උදෙසා වූ පුස්තකාලයාධිපතිවරු පාසල් පුස්තකාල තුළ, මහජන පුස්තකාල කාර්ය මණ්ඩලයක හෝ පුනරුත්ථාපන ආයතනයක හෝ සේවය කරනු දැකිය හැකි ය.ගුරු පුස්තකාලයාධිපතිවරයකු වීම සඳහා අධ්යාතපනවේදය පිළිබඳ ව ශාස්ත්රිවේදී හෝ ශාස්ත්ර පති උපාධියක් මෙන් ම පුස්තකාල විද්යාවව පිළිබඳ ව උසස් පාඨමාලාවක් ද හදාරා තිබිය යුතු ය.  මහජන පුස්තකාලවල සේවය කරන අර්ධ-වැඩිහිටියන් උදෙසා වූ පුස්තකාලයාධිපතිවරුන් පුස්තකාල සහ විඥාපණ විද්යා ව සම්බන්ධ ව ශාස්ත්රරපති උපාධියක් සහ ප්රිමාණවත් සේවා අත්දැකීමකින් යුතු වීම හෝ සමාන වෙනත් සුදුසුකම්ලාභීන් විය යුතු ය. [3]

මාධ්‍යය විශේෂඥ්ඥයෝ: සිසුවියන්ට තොරතුරු ගවේෂණය සහ විශ්ලේෂණය කරන අන්දම පහදා දෙති.පාසල් පුස්තකාලවලට පොත්පත් සහ අනිකුත් මූලාශ්‍ර සපයමින් , පුස්තකාල සහායකයින් ව අධීක්ෂණය කරමින් පුස්තකාල හෝ සම්පත් මධ්‍යයස්ථාන පවත්වාගෙන යාමට අවශ්‍ය සෑම අංශයක් පිළිබඳ ව ම විමසිලිමත් වෙති. යොවුන් සේවා පුස්තකාලයාධිපතිවරු සහ ගුරු පුස්තකාලයාධිපතිවරු සිය යොවුන් අනුග්‍රාහකයන්ගේ රුචිකත්වයට සරිලන පොත්පත් සහ අනිකුත් අමුද්රව්‍ය ගෙන්වා ගනිති.එමෙන් ම ඔවුහු යොවුනන්ට අධිකාරසම්පන්න සහ ඇවැසිතාවන්ට අදාළ අන්තර්ජාල මූලාශ්‍ර සොයාගැනීමට ද උපකාර විය යුතු ය. මෙම වයස් කාණ්ඩය යාවජීව සොයන්නියන් සහ කියවන්නියන්  බවට පත් කිරීම මෙම විශේෂ පුස්තකාල වෘත්තිකයන්ගේ මූලික අරමුණයි.

සහනසේවා පුස්තකාලයාධිපතිවරු: ආබාධ සහිත පුද්ගලයන්, අඩු ආදායම් ලාභීන් ගෘහස්ත වගකීම්වලින් බැඳුණු වැඩිහිටියන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, දරිද්ර/අඩු පහසුකම් සහිත සහ ග්‍රාමීය ජනකොටස් ඇතුලු  විශේෂ අවධානයට ලක්විය යුතු පිරිස් කරා පුස්තකාල සහ විඥාපන සේවාවන් සැපයීමේ වගකීම දරති.

උපෙද්ශන පුස්තකාලයාධිපතිවරු: පංතිකාමර හමු තුළින් හෝ මාර්ගගත ඉගෙනුම් පරිසර සැකසීම තුළින්  තොරතුරු සාක්ෂරතාවය සම්බන්ධ ව මගපෙන්වීම් ලබාදෙති.ඔවුහු පුස්තකාල පරිශීලකයන්ට දැනුම ගවේෂණය තක්සේරු කිරීම සහ ප්‍රයෝජනවත් අන්දමින් භාවිත කරන ආකාරය පිළිබඳ ව උපදෙස් සපයති.

 
Justin Winsor, Librarian of Congress, c. 1885

පුස්තකාලයාධිපතිවරුන්ගේ නිල කටයුතුවලින් බැහැර වගකීම් සංස්කරණය

පළපුරුදු පුස්තකාලයාධිපතිවරු පුස්තකාල හෝ තොරතුරු කේන්ද්‍ර අධ්‍යක්ෂණය වැනි පරිපාලනමය කාර්යයන්හි නියුතු විය හැකිය. වෙනයම් සංවිධානයක කළමනාකාරීත්වයෙන් මෙය නොවෙනස් වන අතර ඔවුහු  පුස්තකාලයෙහි දිගුදුර සැලසුම්කරණයෙහි සහ මව් සංවිධානය සමග සබඳතාව පවත්වා ගැනීමේ කාර්යයෙහි නියුතු වෙති. සුළු පරිමාණ පුස්තකාලවල හෝ විශේෂිත වු පුස්තකාලවල පුස්තකාලයාධිපතිවරුන්ගේ සේවාව පුළුල් ප්‍රදේශයක් පුරා පැතිරුණු විවිධ වූ කාර්යභාරයන් රැසකින් සමන්විත වෙයි.

පුස්තකාලයාධිපතිවරයකුගේ වගකීම්වලින් බිඳක් පහත දැක්වේ.

  •         තම අනුග්‍රාහිකාවන් ප්‍රියකරන විෂයන් පිළිබඳ ව සොයාබැලීම
  •         රජයේ වෙනත් කාර්යාල සහ ප්‍රජා සංවිධාන වෙතට ගවේෂිකාවන් යොමු කිරීම
  •         කියවීමේ විවිධ අදියරවල සිටින දැරියන්ට සුදුසු කෘති සහ සහෘදමය කියවීමකට සුදුසු නවකතා නිර්දේශ කිරීම
  •         ග්‍රන්ථ සහ සඟරා දත්තසමුදායන් විමර්ෂණය කිරීම
  •         පාඨක සමාජ ප්‍රවර්ධනය කිරීම සහ පහසුකම් සැලසීම
  •         සෑම සමාජ පසුබිමක ම සහ සියලුම වයස්වල පුස්තකාල පරිශීලකයන් උදෙසා වැඩසටහන් පැවැත්වීම
  •         විද්‍යුත් තොරතුරු මූලාශ්‍රයන්ට ප්‍රවේශනය සැලසීම
  •         මහජනතාවගේ ඉල්ලීම්වලට සහ අවශ්‍යතාවන්ට සරිලන පරිදි සංචිත යාවත්කාලීන කිරීම
  •         නවමං සොයන්නියන් බිහිකිරීම
  •         සංචිත වැඩිදියුණු කිරීමට සහ වැඩසටහන් පැවැත්වීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කරගැනීම
  •         මාර්ගගත ව පරිශීලනය කිරීමට හැකි අන්දමින් ග්‍රන්ථ සංචිත අංකිතකරණය කිරීම
  •         පුස්තකාල විද්‍යා සඟරාවල ලිපි පළ කිරීම
  •         දුරකතනය, තැපෑල, විද්‍යුත් තැපෑල, ෆැක්ස් සහ එසැණ පණිවිඩ හරහා පැමිණෙන විමර්ශන ගැටලුවලට විසඳුම් සැපයීම
  •         පොදුජන ප්‍රවේශය සඳහා ඇති අන්තර්ජාල හා පරිගණක සේවාවන්ට සේවකයන් අනුයුක්ත කිරීම සහ   පරිපාලනය කිරීම.[4]

වැඩබිම සංස්කරණය

 
Southwest Collections / Special Collections Library at Texas Tech, a university in the United States

මහජන පුස්තකාල, විශ්වවිද්‍යාල පුස්තකාල, පාසල් පුස්තකාල සහ විශේෂ පුස්තකාල වශයෙන් පුස්තකාලයාධිපතිවරුන්ගේ වැඩබිම් ප්‍රධාන වශයෙන් බෙදා දැක්විය හැකිය. ඇතැම් පුස්තකාලයාධිපතිවරු තමන්ගේ ම වූ ආයතනයන් තුළින් ස්වාධීන ව සේවා සැපයීම ද දැකිය හැකිය. තොරතුරු තැරැව්තරුවන්, පර්යේෂණ විශේෂඥයන්, දැනුම් කළමනාකරණයෙහි හෝ බුද්ධිමය තරඟකාරීත්වය සම්බන්ධ ව කටයුතු කරන්නන් ලෙස හෝ ස්වාධීන තොරතුරු විශේෂඥයන් වශයෙන් ඔවුහු තමන් ව හඳුන්වා ගනිති. එක් එක් ස්වරූපයේ පුස්තකාල සේවාවන් අතර මූලික ව දැකිය හැකි වෙනස්කම් පහත දැක්වේ.

මහජන පුස්තකාල: මහජන පුස්තකාලයන් පිහිටුවා ඇත්තේ ඔවුන් විසින් සේවය සපයන ප්‍රදේශයට බලපාන නීතිමය රාමුවක් තුළ ය.මේ හේතුවෙන් ඒවාට බදුමුදල්වලින් නඩත්තු වීමට හැකිවීම වැනි යම් යම්  වාසි සැලසුන ද නිශ්චිත ප්‍රමිතියකට අනුකූල ව සේවය සැපයීමට සහ විශාල පරිශීලක අවශ්‍යතා ප්‍රමාණයක් තෘප්ත කිරිමට සිදු වේ. අධ්‍යක්ෂක මණ්ඩලයක් හෝ ප්‍රජාව තුළින් පත්වන පුස්තකාල කොමිසමක් තුළින් මෙහි පරිපාලනය සිදු වෙයි. මෙහෙවර ප්‍රකාශයන්, සේවා සහ සංචිත පිළිබඳ ප්‍රතිපත්තීන් මහජන පුස්තකාල පරිපාලනයේ මූලික අංගලක්ෂණ වෙයි. ඇතැම්විට මහජන පුස්තකාලවලට සමාන ව ම සේවා සපයන පෞද්ගලික පුස්තකාලද හමුවේ. මහජන පුස්තකාලයන්හි කාර්යමණ්ඩල ව්‍යුහය සකසා ඇත්තේ ද මහජන අවශ්‍යතාවන්ට අනුකූල වන අයුරිනි. ජංගම පුස්තකාල වැනි නව ක්‍රමවේදයන් තුළින් තාක්ෂණික සහ මහජන සේවාවන් අතර සාම්ප්‍රදායික සීමාවන් තරණය කිරීමට පුස්තකාල සමත් වී ඇත.[5]

විශ්වවිද්‍යාල පුස්තකාල: විශ්වවිද්‍යාල පුස්තකාල යනු විද්‍යාලයක, සරසවියක, හෝ වෙනත් පශ්චාත්-ද්විතීය අධ්‍යාපන ආයතනයක සිසුවියන්ගේ, ආචාර්ය මණ්ඩලයෙහි සහ කාර්ය මණ්ඩලයෙහි විඥාපණ සහ පර්යේෂණ අවශ්‍යතාවන් වෙනුවෙන් පවත්වා ගෙන යනු ලබන පුස්තකාල වේ. ආයතනයේ අභිමතය පරිදි පුස්තකාලයේ සේවය නිශ්චිත පීඨයක් වෙනුවෙන් හෝ සමස්ත ආයතනයට ම හෝ ලබා දිය හැකිය.විවිධ ස්වරූපයන්ගෙන්, ප්‍රමාණයන්ගෙන් සහ ග්‍රන්ථ එකතූන්ගෙන් සමන්විත විශ්වවිද්‍යාල පුස්තකාල පවතින අතර බොහෝවිට විශ්වවිද්‍යාල පුස්තකාලයාධිපතිවරු මෙම එකතූන් සහ ලේඛනාගාරයන් පිළිබඳ ව විශේෂඥයෝ වෙති. විශ්වවිද්‍යාල පුස්තකාලයාධිපති හෝ ප්‍රධාන පුස්තකාලයාධිපති යනුවෙන් හැඳින්වෙන අධ්‍යාපන ආයතනයක පුස්තකාල සේවාව බාර නිළධාරියා පුස්තකාල පීඨාධිපති වශයෙන් ද හැඳින්විය හැකිය. ඇතැම් පශ්චාත්-ද්විතීය අධ්‍යයන ආයතන පුස්තකාලයද විශේෂ පීඨයක් ලෙස සලකමින් පුස්තකාලයාධිපතිවරුන්ට ද මහාචාර්ය හෝ වෙනත් එවැනි වෘත්තීමය තත්ත්වයක් ලබා දී ඇති නමුත් ඒ හැමවිට ම එයට අදාළ වරප්‍රසාද ලබන බව පැවසිය නොහැක. ඇතැම් විශ්වවිද්‍යාල නිශ්චිත පීඨයකට අවශ්‍ය පර්යේෂණ සහ වෘත්තීමය සේවාවන්ට සමාන  වූ ඉල්ලීම් ද පුස්තකාලයාධිපතිවරුන් වෙත යොමුකරති. විශ්විවිද්‍යාල පුස්තකාලයාධිපතිවරු විවිධ මට්ටම්වල සේවාවන් පරිපාලනය කිරීම සහ පීඨයන්ට, ශිෂ්‍යයන්ට, උපාධිධරයන්ට සහ මහජනතාවට  විවිධ ප්‍රතිලාභයන්  ද සැලසීමෙහි යෙදෙති.

පාසල් පුස්තකාල: පෞද්ගලික පාසලක හෝ රජයේ පාසලක සුවිශේෂී අවශ්‍යතාවන් පාසල් පුස්තකාල මගින් සපුරනු ලැබේ. සිසුවියන්ට ගුරුවරුන්ට සහ පාසල් විෂය මාලා සම්පාදනයට ඇවැසි සම්පත් සපයා දීම මෙහි ප්‍රාථමික අරමුණ වේ. පුස්තකාල පරිපාලනයට අමතර ව සුදුසුකම්ලත් ගුරු පුස්තකාලයාධිපතිවරු සිසුවියන්ට පෞද්ගලික ව හෝ කණ්ඩායම් හෝ පංති වශයෙන් මගපෙන්වීම සහ ඵලදායී ගවේෂණ විධීන්  පිළිබඳ ව උපදෙස් ලබාදීම වැනි තොරතුරු සාක්ෂර කුසලතාවන් යනුවෙන් හැඳින්වෙන කටයුතුවල ද නිරත වෙති. ශ්‍රව්‍ය සහ/හෝ දෘෂ්‍ය තාක්ෂණික උපකරණ සැපයීම මෙන් ම අධ්‍යාපන පාඨග්‍රන්ථ බෙදාහැරීම ද පාසල් පුස්තකාලයාධිපතිවරුන්ගේ වගකීම් යටතට ගත හැකි ය. බොහෝවිට ගුරු පුස්තකාලයාධිපතිවරු පාසල් පුස්තකාල පරිපාලනය සම්බන්ධ ව පුහුණු පාඨමාලා හැදෑරූ හෝ  පුස්තකාල විද්‍යාව පිළිබඳ ව ශාස්ත්‍රපති උපාධි සහිත සුදුසුකම්ලත් ගුරුවරු වෙති.

විශේෂ පුස්තකාල: පුවත්, නීති, වෛද්‍ය, දේවධර්ම, රාජ්‍ය, රාජ්‍ය නොවන සංවිධාන, බන්ධනාගාර, සංස්ථා, කෞතුකාගාර හෝ කිසියම් සංවිධානයකට අයත් සහ ඒ විසින් පවත්වා ගෙන යනු ලබන වෙනත් එවැනි පුස්තකාලයන් විශේෂ පුස්තකාල යටතට ගැනේ.  සීමිත විෂය පෙදෙසකට අයත් සංචිතයන්ගෙන් සමන්විත වන සහ නිශ්චිත පාඨකයන් පිරිසක් පමණක් ඉලක්ක කරගන්නා මේවා බෙහෙවින් ම සුවිශේෂීකරණය වී පවතී.අද වේගයෙන් ගෝලීයකරනය අතථ්‍ය වන වැඩබිම් හමුවේ බොහෝ විශේෂ පුස්තකාලයාධිපතිවරු පුස්තකාලයක් තුළ සේවය සැපයීම ද නොදැකිය හැකි අතර ඔවුහු විද්‍යුත්මය සංචිතයන් කළමනාකරනයෙහි පරිහරනයට අවස්ථාන සලසාදීමෙහි යෙදෙති. ඇතැම් ප්‍රෙභ්දයන්ට අයත් විශේෂ පුස්තකාලයන්හි පුස්තකාලයාධිපතිවරුන් පුස්තකාලවිද්‍යාව හැදෑරීමට අමතර ව වෙනත් සුදුසුකමු ද දැරිය යුතු ය.නිදසුනක් ලෙස විශ්වවිද්‍යාලීය නීති පීඨයක නීති පුස්තකාලයාධිපතිවරයකු නීති උපාධියක් ද සහිත විය යුතු ය.එමෙන් ම රසායක විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව වැනි විෂයන්ට අයත් විශේෂ පුස්තකාලයන්හි පුස්තකාලයාධිපතිත්වය සඳහා ද යෝජිත විෂය උපාධි හිමි ව තිබිය යුතු ය.

අධ්‍යාපනය සංස්කරණය

 
The Radcliffe Science Library, Oxford University

එක්සත් ජනපදය හා කැනඩාව සංස්කරණය

එක්සත් ජනපදයේ සහ කැනඩාවේ පුස්තකාලයාධිපතිරු පිළිගත් විශ්වවිද්‍යාලයකින් පුස්තකාල සහ විඥාපණ විද්‍යාව, පුස්තකාල විද්‍යාව හෝ විඥාපණ විද්‍යාව සඳහා වසරක හෝ දෙවසරක ශාස්ත්‍රපති උපාධියක් ලබා ගත් අය වෙති. [1] ඇමරිකානු පුස්තකාල සංගමය විසින් මෙම උපාදි අනුමත කර ඇති අතර ලේඛනාගාර අධ්‍යයනය, පටිගත කළ මූලාශ්‍ර හැසිරවීම/කළමණාකරණය, තොරතුරු සැලසුම්කරණය, මහජන පුස්තකාලයාධිපතිත්වය, වෛද්‍ය පුස්තකාලයාධිපතිත්වය, නීති පුස්තකාලයාධිපතිත්වය, විශේෂ පුස්තකාලයාධිපතිත්වය, විශ්වවිද්‍යාල පුස්තකාලයාධිපතිත්වය හෝ පාසල් පුස්තකාලයාධිපතිත්වය වැනි ක්ශේත්‍රයන් පිළිබඳ විශේෂායයනයන් සහිත විය හැක. බොහෝ අවස්ථාවන්හි පාසල් පුස්තකාලයාධිපතිවරුන් ගුරු වෘත්තිය පිළිබඳ සුදුසුකමක් ලබා තිබිය යුතු වුවද පුස්තකාල විද්‍යා උපාධියක් අමතර ව ලබා තිබීම සාමාන්‍යයෙන් සලකා බලනු නොලැබේ.බහුතරයක් ම නොවුනත් බොහෝ විශ්වවිද්‍යාල පුස්තකාලයාධිපතිවරු ද්විතීය ව විෂය-පාදක ශාස්ත්‍රීය උපාධියක් ලබා ඇත. සිව්වසර උපාධි සපයන ආයතන පිළිබඳ ව මෙය විශේෂයෙන් ම සත්‍යයකි. පුස්තකාල විද්‍යාව පිළිබඳ ව ප්‍රථම වරට ආචාර්ය උපාධිය ප්‍රදානය කරනු ලැබුවේ  University of Chicago Graduate Library School  විසිනි.

යුරෝපය සංස්කරණය

එක්සත් රාජධානිය සහ තවත් සමහර රටවල පුස්තකාලයාධිපතිවරු පුස්තකාල සහ විඥාපණ අධ්‍යයනය හෝ විඥාපණ විද්‍යාව යන විෂයන් උදෙසා තෙවසරක හෝ සිව්වසරක ප්‍රථම උපාධි ලාභීහු වෙති.පුස්තකාලයාධිපතිත්වය, ලේඛනාගාර හැසිරවීම/කළමණාකරණය, සහ පටිගත කළ මූලාශ්‍ර කළමණාකරණය/හැසිරවීම සම්බන්ධයෙන් ශාස්ත්‍රපති උපාධි ද ලබාගැනීමේ අවස්ථාව ඇත. පුස්තකාල සහ විඥාපණ වෘත්තිකයන්ගේ වරලත් සංගමය සහ ලේඛනාරක්ෂකයන්ගේ සංගමය විසින් මෙම උපාධි අනුමත කරනු ලැබේ. [6] කිසියම් විෂයක් සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් ලබාගැනීම ජර්මනියේ සහ තවත් සමහර රටවල විශ්වවිද්‍යාල පුස්තකාලයාධිපතිවරයකු වීම සඳහා ප්‍රථම පියවර වන අතර අනතුරු ව පුස්තකාලයාධිපතිත්වය සඳහා වැඩිදුර පුහුණුකිරිම් සිදුකරනු ලැබේ.

ඕස්ට්‍ර්ලියාව සංස්කරණය

ඕස්ට්‍රේලියාවේ වෘත්තීය පුස්තකාලයාධිපතිවරයකු වීමට ඕස්ට්‍රේලියානු පුස්තකාල සහ විඥාපන සංගමය විසින් සකස් කර ඇති නිර්ණායක සපුරා තිබිය යුතු ය. මෙම නිර්ණායකයන් සැපිරිය හැකි විධි තුනකි. එනම් ALIA විසින් පිළිගත් පුස්තකාල සහ විඥාපන විද්‍යාව පිළිබඳ ප්‍රථම උපාධියක් ලබාගැනීම, කවර හෝ විෂයකින්  ප්‍රථම උපාධියක් ලබාගැනීම සහ ALIA විසින් පිළිගත් පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හෝ ශාස්ත්‍රපති පාඨමාලාවක් හැදෑරීම, ALIA විසින් පිළිගත් පුස්තකාල වෘත්තීය සුදුසුකමක් ලබාගැනීම.[7] පුස්තකාලයාධිවරුන්ගේ මෙන් ම පුස්තකාල තාක්ෂණඤයන්ගේ ද වෘත්තීය සුදුසුකම් අනුමත කිරීම/පිළිබදව සොයා බැලීම ALIA විසින් සිදුකරයි/සතු වගකීමකි. ඕස්ට්‍රේලියාවේ වෘත්තීමය ගුරු පුස්තකාලයාධිපතිවරයකු වීමට ALIA හි අනුමැතිය සහිත උපාධියක් තිබීමට අමතර ව ගුරුවෘත්තිය සදහා අපේක්ෂිත සුදුසකම් ද දැරීම අත්‍යාවශ්‍ය ය.[8]

උසස් උපාධි සංස්කරණය

It is also possible to earn a doctorate in library and information science. Graduates with PhDs usually become teaching faculty in schools of library and information science, or sometimes occupy the directorship or deanship of university libraries. Those undertaking research at the doctoral level can pursue a very wide range of interests including information technology, government information policy, social research into information use among particular segments of society, information in organizations and corporate settings, and the history of books and printing.

It is common in academic and other research libraries to require the librarians to obtain Master's degrees in some academic subject, sometimes but not necessarily related to their professional responsibilities; in major research libraries, some of the librarians will hold Ph. D degrees in subject fields.

Other advanced degrees often taken in conjunction with a degree in librarianship are law, management, health administration or public administration.

පුස්තකාල ආශ්‍රිත වෙනත් වෘත්තීන් සංස්කරණය

Library associates, library technicians, and library assistants often have college diplomas but usually do not hold library-related degrees. Occasionally they also hold undergraduate or graduate degrees in other disciplines. These workers, sometimes referred to as para-professionals, perform duties such as database management, library cataloging, ready reference, and serials and monograph processing.

වෘත්තීමය සංවිධාන හා ක්‍රියාකාරීත්වය සංස්කරණය

 
Presenters and recipients of the New York Times-Carnegie Corporation of New York I Love My Librarian awards, presented in association with the American Library Association

The two largest library associations in the United States are the American Library Association (ALA) and the Special Libraries Association.[9]YALSA The Young Adult Library Services Association serves Young Adult librarians, and is part of the American Library Association. Many U.S. states have their own library association as well. Librarians may also join such organizations as the Association of College and Research Libraries[10] and the Public Library Association[11] and the Art Libraries Society.[12] The Canadian Library Association serves Canada and there are provincial associations as well, such as the Ontario Library Association. In the United Kingdom, the professional body for Librarians is the Chartered Institute of Library and Information Professionals[13] (formerly known as the Library Association). The International Federation of Library Associations and Institutions (IFLA)[14] represents the interests of libraries and librarians internationally. (See also the List of Library Associations.)

Recent issues of concern for U.S. libraries include implementation of the Patriot Act and the Children's Internet Protection Act. Many librarians around the world share American librarians' concern over ethical issues surrounding censorship and privacy. Some librarians join activist organizations like the UK-based Information for Social Change[15] and the North American-based Progressive Librarians Guild.[16] Within the American Library Association (ALA), some also join the Social Responsibilities Round Table.[17] SRRT came into being amid the social ferment of the 1960s and is often critical of the American Library Association for not living up to its professed ideals. Another important activist organization is the Social Responsibilities Special Interest Section[18] of the American Association of Law Libraries (AALL).[19] These activist organizations are viewed as controversial by some librarians, while others view them as a natural extension and outgrowth of their own deeply-held library ethics.

පුස්තකාල තුල තාක්ෂණය සංස්කරණය

පුස්තකාල ඇසුරු කරගත් තාක්ෂණයෙහි වේගවත් සංවර්ධනය විසින් පුස්තකාලයාධිපතිවරුන්ගේ කාර්යභාරයන් නව්‍යකරනය උදෙසා ද සැලකිය යුතු බලපෑමක් කර තිබේ.නව තාක්ෂණයන් විසින් තොරතුරු  ප්‍රවේශනය ආශ්චර්යමත් වෙනසකට ලක්කරමින් ඇති අතර මෙම නවතාක්ෂණික භාවිතයන්හි ආගමනයත් සමග මතුවන නව පරිශීලක අවශ්‍යතාවන් වෙනුවෙන් පුස්තකාලයාධිපතිවරු ද හැඩගැසෙමින් සිටිති. අංකිත මූලාශ්‍ර සමග ගනුදෙනු කරන පුස්තකාලයාධිපතිවරු කෙතරම්  ප්‍රචලිත ද යත් ඔවුන් උදෙසා අන්තර්ජාලය සදහා යෙදෙන සයිබර් යන යෙදුමත් පුස්තකාලයාධිපති සදහා ඉංග්‍රීසි යෙදුම වන ලයිබ්රේරියන් යන්නත් ඒකාබද්ධ කරගනිමින් සයිබේරියන් යනුවෙන් නවයෙදුමක් ද බිහි වී තිබේ.

පසුගිය වසර 50ක කාලය තුළ පුස්තකාලයාධිපතිවරුන්ගේ කාර්යභාරයන් නවීන තාක්ෂණය හමුවේ විපර්යාසයට ලක් වී ඇති අන්දම දක්වන ප්‍රබල ම නිදසුන නම් සාම්ප්‍රදායික කාඩ්පත්වලින් සමන්විත සූචින්ගෙන් මාර්ගගත ව මහජනයාට ප්‍රවේශ විය හැකි සූචින්ට සංක්‍රමණය වීමයි.[තහවුරු කර නොමැත] පුස්තකාලයාධිපතිවරුන්ට විද්‍යුත් සූචිකරනය සදහා මෘදුකාංග සහ MARC ප්‍රමිතීන් බිහිකරගැනීමටත් එම මෘදුකාංග ධාවනය කිරීමට පරිගණක භාවිත කිරීමටත් සිදු වි ඇත. මහජනතාවට නවතාක්ෂණයන් භාවිත කරන අන්දම සහ වඩා අතථ්‍ය කාර්ය පරිසරයන්ට සංක්‍රමණය වීමට ඉගැන්විමටත් ඔවුන්ට සිදු වි තිබේ.  

විද්‍යුත් දත්තසමුදායන්ගේ සිට  තීරු කේත වැනි ප්‍රවර්ධන කාර්යයන් දක්වා ම මේ බව පැවසිය හැකි ය. බොහෝ පුස්තකාලයාධිපතිවරු වෙබ් - සල්ලාප, අන්තර්ජාල එසැණ පණිවිඩ, විද්‍යුත් තැපෑල, කෙටි පණිවිඩ වැනි ක්‍රම තුළින් අතථ්‍ය පරිශීලන පහසුකම් සැපයීම, සිය ග්‍රාහකයන්ට තොරතුරු සාක්ෂරතාවය සහ තාක්ෂණය පිළිබඳ ව අධ්‍යාපනය ලබා දීම, මහජන සේවා අංකිතකරණ වැඩසටහන්වලට සේවය සැපයීම සහ ප්‍රවේශනය සහ කාර්යබද්ධතාව වැඩිදියුණු වන අන්දමින් තොරතුරු සංවිධාන ව්‍යුහයන් සංවර්ධනය කිරීම වැනි කටයුතුවල නියුතු වෙති. සිය ඓතිහාසික වෘත්තීය කාර්යභාරයේ නිම්වළලු පුළුල් කරගැනීමට සහ උපයෝගීතාවය රැකගැනීමට පුස්තකාලයාධිපතිවරු නවතාක්ෂණික ක්‍රමවේද භාවිතයට ගෙන ඇති අන්දම ඉහත නිදසුන් තුළින් හඳුනාගත හැකිය.

විද්‍යුත් සඟරා සහ විද්‍යුත් පුස්තක වැනි පුස්තකාල අනුග්‍රාහකයන්ට ප්‍රවේශනය සැලසීම සහ ඔවුන් අතර ප්‍රචලිත කිරීම අභියෝගයක් සේ ම ජයග්‍රහණයක් ද වන තොරතුරු පවතින නව ස්වරූපයන් පුස්තකාලයාධිපතිවරුන් විසින් උකහා ගත යුතු ව ඇත.

උසස් මට්ටමේ තාක්ෂණයන්හි ව්‍යාප්තිය විසින් සාම්ප්‍රදායික පුස්තකාලයන්හි ඇතැම් අංශ ස්වංකරණයට ලක්වීමට ඇති ශක්‍යතාවය පිළිබඳ ව ඉගි පළ කර තිබේ. 2004 වසරේ දි ස්පාඥ්ඥයේ පර්යේෂකයන් පිරිසක් විසින් UJI නැමති රොබෝවරයා ව නිපදවන ලදී. පුස්තකාලය තුළ විවිධ ස්ථානවලට මගපෙන්වීමටත්, අනුග්‍රාහකයන් විසින් ඉල්ලුම් කරන නිශ්චිත පොතක් පිළිබඳ ව සොයාබැලිමට හෝ එය ප්‍රවේශමෙන් රාක්කයෙන් ගෙනගොස් දිමටත් මෙම රොබෝවරයාට හැකියාව ඇත.  .[තහවුරු කර නොමැත] .   කෙසේනමුත් මෙම රොබෝවරයාගේ හැකියාවන් අතිශය සීමිත වපසරියක පැවතීම හේතුවෙන් මොහු හඳුන්වා දීමෙන් පුස්තකාලාශ්‍රිත සුළු සේවකයන්ට දැඩි වෘත්තීය තර්ජනයක් එල්ල වෙතැ යි සිතිය නොහැකි ය.

ජනප්‍රිය සංස්කෘතිය තුල පුස්තකාලය සංස්කරණය

Stereotypes of librarians in popular culture are frequently negative: librarians are portrayed as puritanical, punitive, unattractive, and introverted if female, or timid, unattractive, and effeminate if male. The librarian is in charge of a library just as a principal is in charge of a school or a pastor is in charge of a church.

Examples of librarians in pop culture include:

  • In the Discworld book series by Terry Pratchett there is a librarian who has been magically turned into an orangutan. In these stories, librarians frequently have supernatural powers related to books and library work, including access to a form of hyperspace known as L-Space.[20]
  • "Weird Al" Yankovic plays Conan the Librarian, in a brief segment of the 1989 film UHF.
  • On the May 24, 2007 episode of the Colbert Report, Colbert interviewed Wikipedia co-founder Jimmy Wales. During the interview, he showed on the screen the statement "Librarians are hiding something" and asked Wales how he would stop or prevent vandalism to Wikipedia based on that statement.
  • Space Marine Librarians are characters from the collectible miniatures game Warhammer 40,000 ; these superhuman fighters come equipped with potent psychic powers, rather than just being deskbound intellects. Wielding force staffs and psychic abilities, they are found on the battlefield battling alongside their non-psychic battle brothers delivering justice to the Emperor's enemies, while at the same time advising the Space Marine Commander.

මේවාත් බලන්න සංස්කරණය

යොමුව සංස්කරණය

  1. 1.0 1.1 "Become a Librarian!". Central Jersey Regional Library Cooperative. සම්ප්‍රවේශය 2008-09-01.
  2. McKinzie, Steve (2002). "For Ethical Reference, Pare the Paraprofessionals". American Libraries. 33 (9): 42. {{cite journal}}: Unknown parameter |month= ignored (help)
  3. "YALSA". සම්ප්‍රවේශය April 1, 2011.
  4. "The librarian's Internet survival guide: strategies for the high-tech reference desk", Irene E. McDermott, Barbara E. Quint, p. 1-2, Information Today, ISBN157387129
  5. McCook, Kathleen de la Peña (2011). Introduction to Public Librarianship. ISBN 978-1-55570-697-5. {{cite book}}: Unknown parameter |unused_data= ignored (help)
  6. "Society of Archivists". සම්ප්‍රවේශය 2008-09-01.
  7. "Librarian". Australian Library and Information Association. 2006-08-10. සම්ප්‍රවේශය 2008-09-01.
  8. "Teacher-Librarian". Australian Library and Information Association. 2008-06-24. සම්ප්‍රවේශය 2008-09-01.
  9. "Special Libraries Association". සම්ප්‍රවේශය 2008-09-01.
  10. "ACRL". ACRL. සම්ප්‍රවේශය 2010-04-24.
  11. Ala | Pla, http://www.ala.org/ala/pla/pla.htm, ප්‍රතිෂ්ඨාපනය 2011-04-25 
  12. "Art Libraries Society of North America". Arlisna.org. සම්ප්‍රවේශය 2010-04-24.
  13. "The Chartered Institute of Library and Information Professionals". CILIP. සම්ප්‍රවේශය 2010-04-24.
  14. "The official website of the International Federation of Library Associations and Institutions". IFLA. සම්ප්‍රවේශය 2010-04-24.
  15. "Information for Social Change Journal (ISC)". Libr.org. සම්ප්‍රවේශය 2010-04-24.
  16. "Progressive Librarians Guild". Libr.org. 2010-03-01. සම්ප්‍රවේශය 2010-04-24.
  17. "Srrt - Ala". Libr.org. සම්ප්‍රවේශය 2010-04-24.
  18. "AALL, Social Responsibilities SIS Home Page". Aallnet.org. සම්ප්‍රවේශය 2010-04-24.
  19. "The American Association of Law Libraries". Aallnet.org. 2010-04-06. සම්ප්‍රවේශය 2010-04-24.
  20. What is Lspace?, http://www.ie.lspace.org/about/whatis-lspace.html, ප්‍රතිෂ්ඨාපනය 2011-04-25 

බාහිර යොමු සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=පුස්තකාලයාධිපති&oldid=614243" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි