පුරහඳ කළුවර
2001 ප්‍රසන්න විතානගේ ගේ චිත්‍රපටයක්
පුරහඳ කළුවර 2001 වසරේ තිරගත වූ සිනමාපටයකි.
පුරහඳ කළුවර | |
---|---|
![]() | |
අධ්‍යක්ෂණය | ප්‍රසන්න විතානගේ |
නිෂ්පාදනය | මකටො යුයිඩා, ප්‍රසන්න විතානගේ |
රචනය | ප්‍රසන්න විතානගේ |
තිර රචනය | ප්‍රසන්න විතානගේ |
කතාවස්තුව | ප්‍රසන්න විතානගේ |
රංගන ශිල්පීන් | ජෝ අබේවික්‍රම |
සිනෙමාරූපණය | එම්. ඩී. මහීපාල |
සංස්කරණය | ඒ. සේකර් ප්‍රසාද් |
චිත්‍රාගාරය | ජෙමිනි රසායනාගාරය, මදුරාසිය |
නිකුත්වූ දිනය(න්) | ඔක්තෝබර් 9, 2001 |
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
කතා සාරාංශයසංස්කරණය
වන්නිහාමි දෙදරු පියෙකි, දියණිය විවාහව නිවසෙහි පදිංචිව සිටියි. හමුදා සේවයට ගිය පුතුගෙන් තොරතුරක් බලා සිටින ඔහුට දැක ගත හැකි වූයේ ඔහුගේ සීල් කරන ලද පුතුගේ මිනී පෙට්ටියයි. කෙසේ හෝ තම පුතු මියගියායැයි නොසිතමින් ඔහු පුතු එනතෙක් බලා සිටී. ඔහුගේ දුවණියට හා බෑනනුවන්ට එය හිසරදයක් වී ගියේය. වන්නිහාමි දිනක් තම පුතුගේ මිනීවල දෑතින් හාරමින් සිටුනු දුටු බෑනනුවන් මිනීවල හාරා වන්නිහාමිගේ එකම ආසාව වූ පුතුගෙ මුහුණ පෙන්වීමට සීල් කඩා මිනී පෙට්ටිය විවෘත කළේය. දුටු දෙයින් පුදුමයට පත්වූයේ එහි ඇත්තේ කෙහෙල් කොටන් දෙකකි. වන්නිහාමිගේ කුතුහලය ඇතිවූයේ පුතු එවන ලද ලියුම නිසායි තම සැකය කක්කුසක් කරමින් ඔහුට බලාපොරොත්තුවක් ඇතිවූ හෙයින් යළිත් ඔහු පුතු පැමිණෙන තෙක් දෑස් දල්වා බලා සිටි.
රංගනයසංස්කරණය
නළු නිළියන් | චරිතය |
---|---|
ජෝ අබේවික්‍රම | වන්නිහාමි |
ප්‍රියංකා සමරවිර | සුනන්දා |
මහේන්ද්‍ර පෙරේරා | ග්‍රාම නිලධාරියා |
ලින්ටන් සේමගේ | සෝමේ |
නයනා හෙට්ටිආරච්චි | යමුනා |
කුමාර කරුණානන්ද | පාල |
හර්ෂජිත් අබේසුරිය | මුනුපුරා |
කේ. ඒ. මිල්ටන් පෙරේරා | මුල් ගුරුතුමා |
එස්. පී. එම්. ගුණරත්න | දායක සභාවේ සභාපති |
සුරේන් කුමාර් | සොල්දාදුවා |
ජෝතිපාල | සොල්දාදුවා |