පිලූ රිපෝටර් (උපත 1938 සැප්තැම්බර් 24) යනු ඉන්දියානු හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවෙකි .

පිලූ රිපෝටර්
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමපිලූ ඩාරා රිපෝටර්
උපත24 සැප්තැම්බර් 1938 (1938-09-24) (වයස 85)
බොම්බේ, බ්‍රිතාන්‍ය ඉන්දියාව
අපනාමයPD
විනිසුරු කිරීම් තොරතුරු
විනිශ්චය කල ටෙස්ට් තරග14 (1984–1993)
විනිශ්චය කල එදිජා22 (1984–1994)
මූලාශ්‍රය: ක්‍රික් ඉන්ෆෝ, 2012 මාර්තු 23

දේශීය රංජි කුසලාන තරගයක විනිසුරු ලෙස ඔහුගේ පළමු තරගය වූයේ වයස අවුරුදු 29 දී ය. 1984 දී, ඔහු ටෙස්ට් තරඟ සහ එක්දින ජාත්‍යන්තර තරඟ (එදිජා) දෙකෙහිම විනිසුරුවරයෙකු ලෙස ජාත්‍යන්තර වේදිකාවට පිවිසි අතර, 1994 දක්වා ටෙස්ට් තරඟ 14 ක් සහ එදිජා තරඟ 22 කදී පෙනී සිටියේය.[1] පිලූ රිපෝටර් පාර්සි ජාතිකයෙකි.[2] සහ ක්‍රිකට් ක්‍රීඩාවේ සහෝදරත්වය තුළ "PD" ලෙස හැඳින්වේ. පිලූ රිපෝටර් සීමා මායිම් සංඥා කළ ක්‍රමය ක්‍රිකට් විස්තර විචාරක හෙන්රි බ්ලොෆෙල්ඩ් විසින් "මිල්ක්ෂේක්" ලෙස නම් කර ඇත.[3]

1986 දී, රිපෝටර් සහ වීකේ රාමස්වාමි ලාහෝර්හිදී පකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් සහභාගි වූ ටෙස්ට් තරගයකට ඉදිරිපත් වූ විට ඉන්දියාවෙන් පළමු මධ්‍යස්ථ විනිසුරුවන් බවට පත්විය.[4][1] 1912 වසරෙන් පසු මධ්‍යස්ථ විනිසුරුවන් ටෙස්ට් තරගයක විනිශ්චය කළ පළමු අවස්ථාව මෙය විය. පකිස්තාන විනිසුරුවන් පක්ෂග්‍රාහීව ක්‍රියා කළ බවට එල්ල වූ චෝදනාවෙන් පසුව පාකිස්තාන නායක ඉම්රාන් ඛාන් ඔවුන්ට ආරාධනා කළේය.[5] 1992 ක්‍රිකට් ලෝක කුසලානයේ විනිශ්චය කළ එකම ඉන්දීය විනිසුරුවරයා රිපෝටර්ය. "විනිසුරුවෙක්ගේ මතක" නමින් ඔහු පිළිබඳ චරිතාපදානයක් ලියා ඇත.[1]

1993 දී කල්කටාවේ ටෙස්ට් තරගයකට පෙර තණතීරුව පිළිබඳ ඔහුගේ තක්සේරුව බුකීකරු මුකේෂ් ගුප්තාට ලබාදීමට පිලූ රිපෝටර්ට මුදල් ගෙවා ඇතැයි කියනු ලැබේ. [6]

අම්පයර් රිපෝටර්ගේ සහෝදරිය වන මධුමතී බොලිවුඩ් චිත්‍රපටවල නිළියක් වූවාය. ඇය නර්තන ශිල්පිනියක් ලෙස ඉතා ප්‍රසිද්ධියට පත්ව සිටි නිසා ඇය වැඩිපුරම රඟපෑවේ නර්තන දර්ශනවලය. [7]

යොමු කිරීම් සංස්කරණය

  1. 1.0 1.1 1.2 "India / Players / Piloo Reporter". ESPNCricinfo. සම්ප්‍රවේශය 23 March 2012."India / Players / Piloo Reporter". ESPNCricinfo. Retrieved 23 March 2012. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "cricinfo" defined multiple times with different content
  2. "Fond farewell for 'Polly kaka'". The Times of India. 9 November 2006. සම්ප්‍රවේශය 23 March 2012.
  3. "Cheer the umpire". The Financial Express. 24 October 2004. සම්ප්‍රවේශය 23 March 2012.
  4. "Howzzat! VK still on the mark". The Hindu. 10 March 2007. 27 March 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 March 2012.
  5. "Controversies galore". Mid-Day. 6 August 2008. සම්ප්‍රවේශය 23 March 2012.
  6. . p. 222. {{cite book}}: Missing or empty |title= (help)
  7. "Madhumati:Sunil Dutt's Rakhi sister". Tabassum Talkies. 10 March 2007. සම්ප්‍රවේශය 13 June 2020.
"https://si.wikipedia.org/w/index.php?title=පිලූ_රිපෝටර්&oldid=545366" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි