මා වෘත්තියෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය සම්බන්ධ ගුරුඋපදේශකයෙකි දැන්ට පරිගණක විද්‍යාව සම්බන්ධ සියලු විෂයය කරුණු 10/11/ හා උසස්පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය සිංහලෙන් උගන්වන අතර එම විෂයයට අදාල සිංහල ලිපි අන්තර්ජාලය තුල නොමැති වීම ඉතාම අඩුවකි මෙම විකිපීඩියා මගින් එය සම්පූර්ණ කිරිමට මාගේ දායකත්වය ලබා දීමට මම උත්සාහ ගනිමි

විද්‍යුත් වානිජ්‍ය - Electronic Commerce සංස්කරණය

විද්‍යුත් වානිජ්‍යය, එසේ නැතහොත් ඊ කොමස් ලෙස හදුන්වන්නේ අන්තර්ජාලය ප්‍රමුඛ අනෙකුත් විද්‍යු ජාල සහ ක්‍රම භාවිතා කරමින් භාණ්ඩ හා සේවා විකිණීම සහ මිලදී ගැනීමයි. සරලව විද්‍යුත් වාණිජ්‍යය අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීම හා විකිණීම ලෙස ද හැදින්විය හැකිය. නමුත් මෙහිදී ප්‍රචාරණය පමණක් ඇතිවිට එය විද්‍යුත් වාණිජ්‍යය ය ලෙස නොසැලකිය යුතුය.

ප්‍රවෘත්ති කණ්ඩායම් News Groups සංස්කරණය

ප්‍රවෘත්ති කණ්ඩායම් යනු අන්තර්ජාලය හරහා යම් විෂයක් හෝ දෙයක් කෙරෙහි කැමැත්තක් ඇති අයට ඒ පිළිබදව නව අදහස් හුවමාරු කරගත හැකි විශ්වීය සම්මන්ත්‍රණ පහසුකම් ලෙස කෙටියෙන් හැදින්විය හැකිය. ප්‍රවෘත්ති කණ්ඩායම් ( Chat ) කථා පහසුකම් නොවේ. Chat යනු තත්කාලීන පහසුකමකි. ප්‍රවෘත්ති කණ්ඩායම්වලදී කණ්ඩායමක සාමාජිකයින් වන අයට එම කණ්ඩායම අතර පණිවිඩ මගින් අදහස් හුවමාරු කරගත හැකිය. එසේම වෙනත් පහසුකම් එනම් , වෙබ් අඩවි වල තොරතුරු , වීඩියෝ යනාදිය ද හුවමාරු කරගැනීමට මෙම පහසුකම අවශ්‍ය මග පෙන්වීම සිදුකරනු ලබයි. මෙහිදී සාමාජිකයින්ට තම අදහස් ප්‍රකාශ කළ හැකි අතර ඒවා පොදුවේ සෑම සාමාජිකයකුටම දර්ශනය වේ. එවිට එම සාමාජිකයින්ට යමක් කියවා එම පණිවිඩවලට පිළිතුරු ලිවිය හැකි අතර, ඒ පිළිතුරු ද අනෙක් අයටද දැකිය හැකිය. මෙම පහසුකම පොදු දේවල් සාකච්ඡා කරන සම්මන්ත්‍රණයක් ලෙසද දැකිය හැකිය. ප්‍රවෘත්ති කණ්ඩායම් උසස් වෙබ් පිටු සහ තැපැල් ලැයිස්තු(Mailing List)වලට වඩා උසස් පහසුකමකි. මෙම පහසුකම ව්‍යාපාරවලට නව පාරිභෝගිකයින් සමග සම්බන්ධවීමට ඉතා වැදගත් පහසුකමකි. එසේම ව්‍යාපෘති කණ්ඩායම් සහ සාමාණ්‍ය පොදු ජනතාවටද අන්තර්ජාලය හරහා මේ අදහස් පොදුවේ ප්‍රකශ කිරිමට මෙම පහසුකමද නොමිලේ ලබාගත හැකිය. මෙහිදි එක් කණ්ඩායමක අඩු තරමින් එක් පරිපාලන සාමාජිකයෙකු ( Administrator) සිටිය යුතුය. ඔහුට නව ප්‍රවෘත්ති කණ්ඩායමට සාමාජිකයින් බදවා ගැනීම,නැවැත්වීම පණිවිඩ දර්ශණය කිරිමේ අවසර ලබා දීම නොදීම, පණිවිඩ වසාදැමීම යනාදිය කළමනාකරණය කරයි

ආයුබෝවන්! සංස්කරණය

 
විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් P.A.Somatilaka, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! ---- බිඟුවා සාකච්ඡාව 03:17, 25 ජනවාරි 2012 (යූටීසී)Reply

ප්‍රති-වෛරස් මෘදුකාංග සංස්කරණය

වෛරසයක් යනු කුමක් ද ? පරිගණක වෛරසයක් යනු ඔබේ අනුදැනුමකින් හා අවසරයකින් තොරව පැතිරී යන අනර්ථකාරි ක්රිැයාවන් සිදුකරන පරිගණක වැඩසටහන් වර්ගයකි. වඩාත් තාක්ෂණික වචන වලින් දක්වන්නේ නම් ස්වයං ක්රි යාකාරි ගොනු සහ බූට් සෙක්ටර් හරහා එක් තැනක සිට තව තැනකට පැතිරි යන වැඩසටහන් වර්ගයකි. පරිගණක පද්ධතියම විනාශ කර දැමිමටද පිළිවන.ප්ර ති-වෛරස් මෘදුකාංග යනු වෛරස් හදුනාගන්නා ඒවා ඉවත් කිරිම සදහා භාවිතා කරන මෘදුකාංග විශේෂයකි. ප්ර්ත්-වෛරස් මෘදුකාංග නිතරම යාවත්කාලීන කළයුතු අතර , එවිට ඒවාට අළුතින් නිපදවන ඒවාට පවා හදුනාගත හැකිය. ප්රසති-වෛරස් මෘදුකාංග විශාල ප්ර,මාණයක් තිබෙන අතර, බොහෝවිට ඒක ප්රකති-වෛරස් මෘදුකාංගයකට සෑම වෛරසයක්ම හදුනාගත නොහැකි වේ.එමනිසා වෛරස් වලින් තොර පද්ධතියක් අවශ්යම නම් ඒක වෛරස් මෘදුකාංගයකට වඩා භාවිතා කිරිමට සිදුවේ. එමනිසා එකකට වඩා වැඩි ප්රයති-වෛරස් මෘදුකාංග භාවිතය යෝග්යි වුවද ඒවා එකිනෙකට ගැළපෙන බව තරවුරු කරගත යුතුය. හේතුව වන්නේ බොහෝ ප්රදති-වෛරස් මෘදුකාංග එකක් අනෙක හා පටලවාගෙන පරිගණකයේ ක්රිකයාකාරිත්වය අවුල් වියහැකි නිසාය.ඊලග වැදගත් කරුණ වන්නේ ඒවා නිසි පරිදි යාවත්කාලීන කිරිමයි.එසේ නැතහොත් නව වෛරස් හදුනාගත නොහැකි වේ. ප්රනති-වෛරස් මෘදුකාංග සදහා උදාහරණ කැස්පර්ස්කී -Kasperskyනෝටන් -Norton මැකාෆි-Macaffe ඒ.වි.ජි.-AVG අද අන්තර්ජාලයෙන් නොමිලේ ලබාගත හැකි ප්ර ති-වෛරස් මෘදුකාංග ද තිබේ.උදාහරණ Avast , Avira AVG වේ.

මෙම අන්තර්ගතය ප්‍රති-වෛරස් මෘදුකාංග නමින් අලුත් පිටුවක් තනා හෝ තිබෙන පිටුවක් වෙත හෝ ගෙන යන්න. මෙම පිටුව ඔබේ සංවාද පිටුවයි. ලිපි සඳහා නව පිටු භාවිතා කරන්න. -- බිඟුවා සාකච්ඡාව 05:52, 16 අප්‍රේල් 2012 (යූටීසී)Reply

සෙව්ම් යන්ත්‍රය ( Search Engine) සංස්කරණය

සෙව්ම් යන්ත්‍රයක් යනු අන්තර්ජාලය තුළ තිබෙන තොරතුරු සෙවීම සදහා විශේෂ පහසුකම් ඇති වෙබ් අඩවී විශේෂයකි.වෙබ් එක තුළ වෙබ් අඩවි මිලියන ගණනක් තිබෙන අතර ඒවායේ ලිපිනයන් (URL) මතක තබාගැනීම කළ නොහැකිය.විසදුම වන්නේ සෙව්ම් යන්ත්‍රය . සෙව්ම් යන්ත්‍ර වෙබ් අඩවියක තමන්ට තොරතුරු සෙවීමට අවශ්‍යන වන දෙය විස්තර කරණ වචන ( Keyword) ටයිප් කිරිමට කොටුවක් ලබා දෙන අතර පරිශීල සොයන්න (Search) යන විධානය දුන්විට එම වචන/වාක්‍යවය අඩංගු වෙබ් අඩවි (පිටු) ලැයිස්තුවක් දර්ශනය කෙරේ . එයින් නැරඹීමට කැමති ඒවා මත ක්ලික් කර ක්ෂණිකව එම වෙබ් අඩවි ඔබගේ පරිගණකයට ලබාගත හැකිය. Yahoo , Google සහ Bing යනු ඉතා ජනප්රිබය සෙව්ම් යන්ත්රබ වන අතර මේ අනුව ඉතා පහසුවෙන් අන්තර්ජාලයෙන් ඔබට අවශ්‍යය තොරතුරු සොයාගත හැකි.

මෙම අන්තර්ගතය සෙව්ම් යන්ත්‍රය නමින් අලුත් පිටුවක් තනා ඒ වෙත ගෙන යන්න. මෙම පිටුව ඔබේ සංවාද පිටුවයි. ලිපි සඳහා නව පිටු භාවිතා කරන්න. -- බිඟුවා සාකච්ඡාව 05:51, 16 අප්‍රේල් 2012 (යූටීසී)Reply