තොරතුරු තාක්ෂණයේ අයහපත් ප්‍රවනතා විරැකියාව(Unemployment) – තොරතුරු තාක්ෂණය මගින් යම් ව්‍යාපාරයක කාර්යයන් ක්‍රමානුකුලව සිදු කර ගැනීමට හැකිවන නමුත් එමගින් යම් ආයතනයක ඇති රැකියා අවස්ථා අවම කිරීම, සේවක සංඛ්‍යාව අඩු කිරීම හා යම් කාර්යයක් සඳහා තම සේවකයින් යෙදවීම වෙනුවට වෙනත් ආයතනයක සහය ලබාගැනීම ද සිදුවේ. එනම් මෙමගින් සුළු හා මාධ්‍ය පරිමාණ රැකියා අවස්ථා විශාල ලෙස මඟහැරී යන අතර වැඩි පිරිසක් රැකියා විරහිත භාවයට පත් කිරීමට හේතු වේ. පුද්ගලිකත්වය(Privacy) - තොරතුරු තාක්ෂණය මඟින් සන්නිවේදනය වේගවත්,පහසු හා විධිමත් වුවත් cell phone signal interceptions to email hacking වැනි දත්ත සොරකම් කිරීමේ ක්‍රම නිසා පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු ප්‍රසිද්වීම වැනි ගැටළු වලට මුහුණ දීමට සිදුව තිබේ. රැකියා සුරක්ෂිත බව අඩුවීම(Lack of job security) - අන්තර්ජාලය නිසා තාක්ෂණය දිනෙන් දින වෙනස් වෙමින් පවතින අතර පුද්ගලයනට ඹවුනුගේ රැකියා සුරක්ෂිත කර ගැනීම සඳහා නිතර ඹවුන්ගේ දැනුම යාවත්කාලීන කර ගැනීමට සිදුවේ. ප්‍රමුඛ සංස්කෘතින් බිහිවිම(Dominant culture) - තොරතුරු තාක්ෂණය මඟින් විශ්ව ගම්මාන බිහි වුවත් ප්‍රමුඛ සංස්කෘතින් මඟින් දුර්වල සංස්කෘතින් යටපත් කිරීමට දිරිමත් කරනු ලැබේ.(උදා:- අද වන විට තරුණ පරම්පරාව ඇමරිකානු සංස්කෘතින් මඟින් යටපත් කර ගනිමින් සිටි -ව්‍යාපාරික හා අනේකුත් කටයුතු වල දී ප්‍රධාන සංනිවේදන මාධ්‍යය English වීම)

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:P.A.Somatilaka&oldid=284942" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි