හිතවත් Anuradhawic,

  1. සිංහල විකිපීඩියාවේ ලිපි වල ශීර්ෂ සිංහලෙන් යෙදීම සම්ප්‍රදායයි. හේතුව අපගේ විකිය බලන්නේ සිංහල අය නිසයි. ඉංග්‍රීසි මෙලෝ හසරක් දන්නේ නැති අය වෙන්න පුළුවන්. අපි ඉලක්ක කරන්නේත් ඒ වගේ අය මොකද දේශීය සුවඳ තියෙන්නේ ඒ වගේ අය ලඟ. කොළඹ අය සිංහල කතා කලත් හිතන්නේ ඉංග්‍රීසියෙන්. විකිය සිංහලකරණය කරන්න නම් ගමේ ගොඩේ අය මේකට ගන්න ඕන.
  2. ඔබගේ සිංහල අකුරු වල ටිකක් අඩුපාඩු තියෙනවා. අවධානය ටිකක් යොමු කරන්න. හොඳම වැඩේ තමයි වර්ඩ් (Word) වල ලියෙල සංස්කරණ කවුළුවට දාන්න. සංස්කරණ කවුළුවෙම කරනව නම් විශේෂ අනු ලකුණු පතන මෙනුවට ගිහින් සිංහල තෝරගන්න. ඔක්කොම සිංහල අකුරු හා ඇලපිලි පාපිලි ඉස්පිලි සියල්ල තියෙනවා. ජය වේවා. වැරදි කරන්න බය වෙන්න එපා. හුඟක් ඒවා හදාගන්න පුළුවන්. -- ශ්වෙත (talk) 13:53, 3 අප්‍රේල් 2011 (යූටීසී)Reply
මම ලිපිය තරංගය කියන මාතෘකාවට ගෙනියනවා. දැන් ලිපිය හදන්න දිගටම. --- ශ්වෙත (talk) 13:57, 3 අප්‍රේල් 2011 (යූටීසී)Reply
සංස්කරණය- අනුරාධ/උහන/අම්පාර කියන කෑල්ල දාන්න ඕන නැහැ. ‍ඔබගේ සංස්කරණ දායකත්වය ලිපියේ ඉතිහාසය තුල සටහන් වෙනවා. ඔබගේ දායකත්වය ඔබගේ ගිනුමෙහි මේ පරිශීලකයාගේ දායකත්වය යටතෙත් සටහන් වෙනවා. ඒ ටික ඇති නේද? අනෙක මේ ලිපිය සංස්කරණය කරන්නේ ඔයා විතරක් නොවෙයි. අනෙක් අය මේක සංස්කරණය කරන එක මොන ශක්‍රයාට වත් වලක්වන්න බැහැ. හැමෝම සටහන් දාන්න ගියොත් ලිපිය තුල ඒක කියවන අයට එපා වෙයි නේද? ---- ශ්වෙත (talk) 14:14, 3 අප්‍රේල් 2011 (යූටීසී)Reply

ආයුබෝවන්! සංස්කරණය

 
විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් Anuradhawic, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! ---- බිඟුවා සාකච්ඡාව 11:16, 4 අප්‍රේල් 2011 (යූටීසී)Reply

විකීපීඩියා සතියේ විශේෂාංග ලිපිය සංස්කරණය

ආයුබෝවන් - வனக்கம் - WELCOME
විකීපීඩියා මුල් පිටුවෙහි දිස්වන සතියේ විශේෂාංග ලිපිය දැනට දිගු කලක් දිස්සේ යාවත්කාලීන කිරීමක් නොකෙරැණි. ඉංග්‍රිසි විකියෙහි නම් මෙය දවසින් දවස යාවත්කාලීන කිරීමක් කරයි. අවාසනාවකට වාගේ අපේ විකියෙහි නම් මෙය අවුරැද්දකට සැරයක් වත් නොකරන බවක් පෙනී යයි. දැන් එය සිදු කිරීමට කාලය එළඹ ඇත. කරැණාකර ඔබේ ලිපි මෙතැනට ඉදිරිපත් කරන්න. ස්තූතියි...ඔබට සුබ දවසක්!

සිඳු කාවින්ද  සාකච්ඡාව 06:54, 22 අප්‍රේල් 2011 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Anuradhawic&oldid=152374" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි