Amitha Thero Kahaduwe
විකිපීඩියාවට නව ලිපි යොමුකිරීම සදහා අවශ්‍ය මග පෙන්වීම් සදහා මෙම ලිපියේ අවසානයේ ඇති උදව් බලන්න. --raju (talk) 04:25, 14 ජනවාරි 2015 (යූටීසී)
'වෛදික සම්ප්‍රදාය තුළ දේවවාදී අදහස්
ප්‍රාග් බෞද්ධ භාරතීය ආගමික හා දර්ශනික ඉතිහාසය වෛදික බ්‍රාහ්මණ ආරණ්‍යක උපනිෂ්ද් වශයෙන් යුග හතරකට බෙදා වෙන්කොට හඳුනා ගත හැකි ය. මෙයින් වෛදික යුගය ලෙස හඳුන්වන්නේ මධ්‍යම ආසියාවේ සිට ඉන්දියාවට පැමිණි ආර්යයන් එහි වාසස්ථාන ඉදිකොට ගෙන ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් සිය සහ්‍යත්වය හා සංස්කෘතිය ගොඩනඟා ගැනීමට උත්සුක වූ කාල පරිච්ඡේදයයි.මෙකී යුගයේ ආර්යයන්ගේ ආගමික චින්තනය හා ක්‍රියාකාරීත්වය පිළිබඳ සොයා ගැනීමෙහිලා වෛදික සාහිත්‍යය ඉතා වැදගත් මූලාශ්‍රයකි. ඝෘග් යජුර් සාම අථර්වන් යන වේද සතරකින් සමන්විත වෛදික සාහිත්‍යයේ පැරණිම වේද ග්‍රන්ථය ලෙස ඝෘග්වේදය සැලකේ. මේ නිසා ඉන්දු ආර්යය ආගමික විශ්වාසයන්ගේ ආරම්භය ඒවායේ ක්‍රමික විකාශය පිළිබිඹු කරන කැඩපතක් සේ සෘග්වේදය සැළකිය හැකි ය. ඝෘග්වේදයේ තොරතුරුවලට අනුව ඉන්දු ආර්යයන්ගේ ආගමික චින්තනයේ පසුබිම ස්වභාවික වස්තු වන්දනය තුළින් ගොඩනැගෙන බව පෙනේ.
වෛදික සුක්තයන්හි සිය හැඟීම් පවසන සෘෂිවරුන් පළමුව යැද්දේ ඉරුදෙවියන්ටවත් සඳු දෙවියන්ටවත් ගිනි දෙවියන්ටවත් වෙන දෙවියන්ටවත් නොවේ. ස්වාභාව ධර්මයේ විවිධ අංගවන අහසේ දිනපතා නැඟ එන සූර්යයාටද රාත්‍ති¬යේ සිය රැස්වලින් ලොව නහවන චන්ද්‍රයාට ද අහසෙහි සමහර විට බැබළෙන විදුලි එළියට ද මිහිපිට නිතරම දැල්වෙන ගිනිදැල්වලටද එසේම පෙනෙන වෙනත් නොයෙක් ස්වාභාවික වස්තූන්ට ද වේ. කල්යත්ම ඔවුන් ඒ ස්වාභාවික වස්තූන්ට දැක් වූ ආදරය හා බිය නිසා දේව බලයක් ඒවාට ආරූඪ කිරීමට කටයුතු කරන්නට ඇතැයි නිගමනය කළ හැකි ය. මෙම ප්‍රකාශය වෛදික දේව විශ්වාසයන්ගේ ආරම්භය පිළිබඳ ප්‍රවේශයක් සපයා දෙයි. සොබා දහම දේවත්වයෙන් සැලකීමෙන් නොනැවතුණ ආර්යයෝ ඊට මානව රූපි බවක් ආරෝපණය කරමින් සජීවි බවක් ලබා දීමට උත්සාහ දැරූහ. දෙවියන් ලෙස සැළකූ ස්වාභාදහමේ මෙකී අංගයන් මිනිසුන් හා සමාන සජීවි බලවේග වශයෙන් ද ඒවා දයාව කරුණාව වෛරය කෝපය වැනි මානව හැඟීම් අනුව ක්‍රියාකරතැයි ද විශ්වාස කොට තමන්ගේ ජීවිත පැවැත්ම සුරක්‍ෂිත වන්නට මහ බලපරාක්‍රමයකින් යුත් මානව රූපී මෙකී බලවේගයන්ගේ ආශිර්වාදය ලබාගත යුතු යැයි සිතා සොබාදහමේ විවිධ අංගයන්ට වැඳුම් පිදුම් කළහ. පිහිටාධාරපතා යාඥා කළහ. ආර්යයන් මෙසේ සොබාදහමේ විවිධ අංගයන් දේවත්වයෙන් සලකා ඇති බවට ඔවුන්ගේ දේව සභාව සාක්‍ෂි දරයි. සූර්ය සෝම අග්නි වායු පෘථිවිය උෂ්ම මරුත් ඉන්ද්‍ර වරුණ මිත්‍ර අදිති අශ්වින් විෂ්ණු යනු වෛදික ආර්යයන්ගේ ගෞරවාදරයට හා පූජනීයත්වයට පත් සමහර දෙවිවරුය. අහස වරුණ හෝ අදිති ලෙසත් පොළව අහසේ බිරිඳ ලෙසත් සූර්යයා යනු ඒ වරුණ දෙවියා ලෝකය දෙස බලන ඇස ලෙසත් සලකා තිබේ. අශ්වින් ආලෝකයේ දෙවියායි. ගින්නේ දෙවියා වූ අග්නි සූර්යයා තුළත් විදුලියෙත් දර උදුනෙත් සිටිතැයි විශ්වාස කෙරිණ.
යාගයන්ගේ දෙවියා වූ අග්නි ගිතෙල් හෝ දර ආහාර වශයෙන් ගනිතැයි පිළිගැනිනි. විශේෂයෙන් ආකාශස්ථ දෙවියන් වෙත පෘථිවියේ පූජාවන් ගෙන යනු ලබන්නේ අග්නි දෙවියන් විසිනි. දර කැබැලි දෙකක් ගැටීමෙන් අග්නියේ උපත සිදුවේ..
සෘග්වේද යුගයේ දී ඉන්ද්‍ර නම් වූ දෙවියා ආර්යයන්ගේ දෙවිවරුන් අතර සිටි බලවත් දෙවියෙකි. යුදමය කාර්යයන්හි හා කාලගුණය පිළිබඳ කාර්යයන්හි යෙදුණ මේ දෙවියා අකුණුවලට අධිපති දෙවියකු වශයෙන් ද අනාර්යයන්ගේ බලකොටු විනාශ කළ දෙවියකු වශයෙන්ද සැලකේ. සැඩ කුණාටු සහිත වර්ෂාවන්ගේ දෙවියා වශයෙන්ද මොහු හඳුන්වනු ලැබේ. මේ ආකාරයෙන් ඝෘග් වේදයේ ඉන්දු ආර්යයන්ගේ පූජනීයත්වයට හා ගෞරවාදරයට පත් වූ දෙවඟනන්ගේ හා ක්‍රියාකාරීත්වය පරීක්‍ෂා කරන විට පැහැදිලි වන්නේ ස්වභාව ධර්මයේ අංගයන් ඔවුන්ගේ දෙවියන් බවට පත් වී ඇති ආකාරයත් ස්වාභාව ධර්මයේ අපූර්වත්වයත් දේවත්වයෙන් සැළකූ ආකාරයත් සොබාදහම හා වෛදික ජනයා අතර පැවති සමීප සබඳතාවන්ය. එදිනෙදා ජීවිතයට සම්බන්ධ වූ සොබාදහමේ අංගයන් ජීවිතයේ කොටසක් ලෙස සැලකූ ආකාරයන් ය. දේවත්වයට පත් වූ එකී දෙවිවරුන් අතරින් අග්නි පාර්ජන්‍ය අධිති සූර්‍ය්‍ය චන්ද්‍ර ඌෂශ් මරුත් රුද්‍ර වරුණ ප්‍රජාපති ආදීහු ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදිය හැකිය. මෙය වඩාත් යෝග්‍ය වන්නේ බහු දේවවාදි අවධියටයි.
1) පෘථිවිස්ථාන දෙවිවරු (අග්නි පෘථුවි අග්නි සෝම බ්‍රහස්පති ගංඟා) 2) අන්තරික්ෂස්ථාන දෙව්වරු (ඉන්ද්‍ර රුද්‍ර වායු පාර්ජන්‍ය ආප) 3) දස්යුස්ථාන දෙව්වරු (වරුණ මිත්‍ර සූර්යයා පුෂාන් විෂ්ණු ආදිත්‍ය උෂා)
*ඉන්දීය දර්ශනය.එස් රාධක්‍රිෂ්ණන්
මෙසේ දෙවියන් පිළිබඳ වෛදික ජනයා දැරූ මත හා අදහස් උදහස් ක්‍රමයෙන් දියුණුවට පත් වූ අතර ඔවුන්ගේ දේව සභාව සංඛ්‍යාත්මකව විශාල විය. මෙම අවස්ථාව වෛදික දේව විශ්වාසයන්ගේ බහුදේවවාදි යුගය ලෙස හැඳින්වේ.ඒ අනුව ආර්යයන්ගේ දේව මණ්ඩලය කිසියම් පිළිවෙළකට සකස් කර ගැනීම සඳහා වර්ගීකරණයක් කොට තිබේ. මෙකී වර්ගීකරණය කොට ඇත්තේ ඒ ඒ දෙවිවරුන්ගේ ප්‍රභවය ලත් ස්ථාන ආශ්‍රය කරගෙනයි. ඒ අනුව පෘථිවිස්ථාන අත්තරීක්ෂස්ථාන හා දසපුස්ථාන යනු දෙවිවරුන්ගේ වාසස්ථානයි.බොහෝ දෙවිවරුන් හා දෙවඟනන් වර්ග කළා පමණක් නොව දෙවිවරුන් තිස් තුනක් හෝ තුන්සිය තිස් තුනක් හෝ තිස්තුන්කෝටියක් හෝ වෙනත් තුනේ සංඛ්‍යාවකින් ගණනය ද කෙරිණ. බහුදේවවාදී යුගයේ දී බොහෝ දෙවිවරුන්ගෙන් තෘප්තියට පත් නොවූ ආර්යයයෝ ඔවුන්ගේ මුළුදේව සභාවම පාලනය කරන එක් බලගතු දෙවියකු ඇතැයි විශ්වාස කෙරිණ. මෙය ඒකදේවවාදයේ මූලික අවස්ථාවයි. මේසේ ඒක දේවවාදයක් බිහිවීමට මූලික හේතුව වූයේ තුනෙන් ගණනය වී ක්‍රමයෙන් වර්ධනය වූ තිස්තුන් කොටියක් වූ සියලු දෙවිවරුන් විෂයෙහි පුද පූජා කිරීමට කාලයක් ජනයාට නොතිබීමයි.ඒ අනුව ඔවුන් කලින් කලට දෙවිවරුන්ට ප්‍රධානත්වයක් ලබාදීමට ක්‍රියා කළේය.
හිමිදිරිය හා හිරු උදාව යන සොබා දහමේ ක්‍රියාකාරීත්වය එක්ව ගමන් කරන සංසිද්ධි දෙකකි. මේ අවස්ථා දෙක දේවත්වයෙන් සැළකූ ආර්යයෝ ඊට අසීමිත ගෞරවාදරයක් දැක්වූහ.සෘග්වේද යුගයේ දී ඉන්ද්‍ර නම් වූ දෙවියා ආර්යයන්ගේ දෙවිවරුන් අතර සිටි බලවත් දෙවියෙකි. යුදමය කාර්යයන්හි හා කාලගුණය පිළිබඳ කාර්යයන්හි යෙදුණ, මේ දෙවියා අකුණුවලට අධිපති දෙවියකු වශයෙන් ද අනාර්යයන්ගේ බලකොටු විනාශ කළ දෙවියකු වශයෙන්ද සැලකේ. සැඩ කුණාටු සහිත වර්ෂාවන්ගේ දෙවියා වශයෙන්ද මොහු හඳුන්වනු ලැබේ. ඉන්දීය ආර්යයන්ගේ ශූරකම හා රණකාමී ගතිය එඩිතරව කියාපාන ජාතික දෙවියකි. ඉන්ද්‍ර මොහුගේ බලපරාක්‍රමයක් ලබා ගැනීම පිණිස නිතර ප්‍රාර්ථනා කළහ. ඉන්ද්‍ර යුද බිමේදී යුද භටයන්ට ජයග්‍රහණය ලබා දෙයි.
ඉන්ද්‍රට පමණක් දෙවැනි වූ ‘වරුණ’ මහා බලසම්පන්න දේවිදේවතාවන් පිරිවරාගත් මහාරාජයකු මෙන් වැජඹුණ කෙනෙකි. සදාචාර ධර්ම භාරව සිටි ‘වරුණ’ සෑම තැනමත්, සෑම විටමත් සිටින දෙවිකෙනෙකු වශයෙන් සැලකිණ. පවිත්‍ර සිතැති වරුණ බෙහෙවින් ධාර්මික දෙවියකු ලෙස පෙනී සිටී. එබැවින් ඔහු අයහපත, පව, හෙළා දකී. බොරුව, කෝපය, බීමත්කම, සූදුව හා පවිටු මිනිසුන්ගේ ක්‍රියා කලාපයන් සදාචාර විරෝධි ලෙස සලකමින් එවැන්නන්ට දඬුවම් ලබා දේ. මේ නිසා වරුණගෙන් මිනිසුන් විසින් කරන නොයෙක් වැරැදි ක්‍රියාවන්ට සමාව අයදින බව පෙනේ. මේ ආකාරයෙන් ඒකෛක දේවවාදී යුගය බහුදේව වාදයෙ සිට ඒකෛකදේවවාදය දක්වා වූ ආර්යයන්ගේ ආගමික චින්තනයේ වර්ධනයක් දැක්වෙන අතර සියලු දෙවිවරු අතරින් කලින් කලට එක් දෙවියකු ප්‍රධාන වශයෙන් සැළකීමට ගත් උත්සාහයක් පෙනේ.මෙය ඒකෛක දේවවාදය යනුවෙන් හැඳින්වේ. මේ තත්ත්වය තුළ ඇතැම් අවස්ථාවල ඉන්ද්‍ර ද තවත් අවස්ථාවක වරුණ ද තවත් අවස්ථාවක ප්‍රජාපතිද සියලු දෙවියන්ගේ අධිපති දෙවියා වශයෙන් පිළිගැනීමට පෙළඹී තිබේ.මේ බව සනාථ කරන බලදේව උපාධ්‍යෙයා බ්‍රාහ්මන ග්‍රන්ථවල ප්‍රජාපතීම සර්ව ශ්‍රේෂඨ දේවතාවා ලෙස හදුන්වා ඇත.ශතපත බ්‍රාහ්ම්‍ණයේ කියා ඇත්තේ දෙවියන්ගේ සංඛ්‍යාව 33 හැටියටයි.එහෙත් ප්‍රජාපතී 34 වැන්නා වන අතර සර්ව ශ්‍රේෂඨ දේවතාවා ද වෙයි. *බලදේව උපාධ්‍යෙයගේ භාරතීය දර්ශනය,හිරිපිටියේ පඤඤාකිත්ති හිමි
ඒක දේව වාදය තුලදී අවධානයට යොමු කල යුතු ප්‍රධාන කරුණු කිහිපයකි. එනම් ඒකෛක දේවවාදයෙන් පසුව බිහිවුණු ඒක දේවවාදී යුගය තුළ පූජක සංකල්පයක් බිහිවීම ඔහු සදහා වේතන ක්‍රමයක් බිහිවීමයි. ඒ අනුව දෙව්වරුන් රාශියක් පිළිබද විශ්වාසවෙන් ආර්ය ජනයා තෘප්තිමත් භාවයට පත් නොවීය.මේ දෙවිවරුන් පාලනය කරන්නාවූ එක් බලගතු ඔවුන් කල්පනා කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස පැරණි දෙවිවරුන් පිළිබද විශ්වාස ක්‍රමයෙන් තුනීවන්නට වීය.එක් දෙවියෙකු වර්ණනා කිරීමට පටන්ගත් කල අනෙක් දෙවිවරුන් සෑමදෙනම තාවකාලික වශයෙන් අමතක කිරීමත් එක් දෙවියෙකු අග්‍රස්ථානයේ ලා වර්ණනා කිරීමට යොදාගත් සර්වබලධරී සර්වඥ සර්වතෝභද්‍ර ආදී විශේෂන පද සියලු දෙවිවරුන් විශයෙහි යෙදීමෙ ප්‍රතිඵලයක් ලෙස දෙවියන් සියලුදෙනාම පිටිපසින් සිට ඔවුන් පාලනය කරන්නාවූ එක් බලගතු දෙවියෙකු ගැන විශ්වාසය ඇතිවීය. එසේ විශ්වාස කල දෙවිවරුන් අතරින් වරුණ දෙවියා පිළිබද විශ්වාසය ඒක දේවවාදයේ මුදුන්මල්කඩ සේ දැක්විය හැක. *භාරතීය දර්ශන ඉතිහාසය.ඩේවිඩ් ජේ කලුපහන.
ආගමික විශ්වාස දේව ධර්මය හා එකතුව දියුණු වී අවුත් ඒක දේව වාදය ඇති වූ අතර අනෙක් අතින් ලෝකය හා මිනිසාගේ ජීවය පිළිබදව විවිධ දාර්ශනික ගැටලු විමර්ශනය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ලොකය නිශ්චිත ක්‍රියා පටිපාටියක් යටතේ ක්‍රියාත්මක වන්නේය යන කල්පනාව ඇතිවීය.එය සෘතය ලෙස හදුන්වමු. ස්වභාව ධර්මයේ ක්‍රියාකාරීත්වය යම්කිසි ක්‍රමයක් හෝ නියමයක් අනුව සිදුවන බව වටහා ගැනීමට යාමේ ප්‍රතිඵලයක් ලෙස ස්වභාව ධර්මයට අරක් ගත් දෙවියන් පිළිබද විශ්වාසය ඔවුන් තුල ඇති විය.ඒ අනුව ස්වභාව ධර්මයේ නොයෙක් අංගයන්ට මිනිස් රුව ආරෝපනය කරමින් තේරුම් ගැනීමට ප්‍රයත්න දෑරීය.වෛදික ජනයා විසින් අවබෝධ කර ගැනීමට වෙහෙස ගන්නා ලද මෙම සත්‍යය සිය අත්දැකීම්වලින් එනම් දිනපතා දැකිය හැකි සූර්යයාගේ ක්‍රියාකාරීත්වය ආදියෙන් සනාථ වූ බවත් එම මතය ක්‍රමයෙන් දියුනූ වී අවුත් සෘතය පිළිබද විශ්වාසය තහවුරු වූ බවත් සැලකිය හැකිය. එය ඒකත්ව දේව වාදයේ ආරම්භයයි. සෘතය යනුවෙන් හදුන්වන්නේ ස්වභාව ධර්මය ක්‍රියාත්මක වීමේ බලපවත්නා නියාම ධර්මය පමනක් නොවේ. සදාචාරය හා ආචාර ධර්මය පිළිබද පිලිවෙලද එයින් නියෝජනය වීය. එය ධර්මතාවය යැයිද නම්කල හැකිය. ස්වභාව ධර්මය හා සදාචාර මාර්ගය පිළිබද මෙම ඇදහිල්ල හෙවත් විශ්වාසය ඒකත්ව දේවවාදයේ ප්‍රධාන තැනක් ගනී. එය මිනිසාගේ දියුණුවේ ප්‍රධාන සන්ධිස්ථානයක් වශයෙන් ද දැක්වූවාට වරදක් නැත. මේ බව දක්වන ඩේවිඩ් ජේ කලුපහන මහතා ‘‘වරුණ දෙවියා මෙම සංස්ථාව හෝ සෘත පාලනය කරන්නෙකු හෝ ආරක්ෂා කරන්නෙකු හෝ (සෘතස්‍ය ගොපා) වශයෙන් දෙවියන් අතර මුල් තැනක් ගනී.මෙයිනුදු වෛදික මිනිසාගේ මුහුකුරා ගිය බුද්ධිය විනිවිද දැකිය හැකිය.ලෝක සත්‍යය නිර්මාපක දෙවියෙකුගේ නිර්මානයක් නොව‘‘
ලොක සත්‍යයත් දෙවියන් පිළිබද සත්‍යයත් දෙකක් නොව එකක් හැටියට තේරුම් ගැනීමට ඔවුන් ගත් උත්සාහය දර්ශනයේ ප්‍රතිඵලයකි.එහි අතුරු ක්‍රියාවක් ලෙස අදිති පිළිබද විශ්වාසය ඇති වූ බව සෘග්වේදය දක්වයි. මෙයිනුදු තෘප්තියට පත් නොවූ ඔවුන් දෙවියන් ඇතුලු ලොකය පිළිබද සත්‍යය සත් යන නපුංසක ලිංග ඒක වචනයෙන් හැදින්වීමෙන් මෙම පරමාර්ථ සත්‍ය්‍ය එකක් බවත් ලිංග භේදය හා දේවත්වය අතික්‍රමනය කල එකක් බවත් පැහැදිලි කර දැක්වීමට වෙර දැරීය. මේ පරමාර්ථ සත්‍යය උගතුන් විසින් අග්නි යම මාතරිශ්වන් ආදී නොයෙක් නම්වලින් දැක්වේ.
ආයුබෝවන්!
සංස්කරණයආයුබෝවන් Amitha Thero Kahaduwe, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.
නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:
- විකිපීඩියාවේ පංචස්තම්භ
- නිබන්ධනය
- පිටු සංස්කරණය කරන ආකාරය හා ලිපි සංවර්ධනය කරන ආකාරය
- උදව් පිටු
- උසස් ලිපියක් ලියන ආකාරය
- හස්තීකරණ විලාසනය
- කේතන ලැයිස්තුව
ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}}
ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.
ස්තූතියි ! --raju (talk) 04:25, 14 ජනවාරි 2015 (යූටීසී)
විකිපීඩියා ආසියානු මාසයට ආරාධනා
සංස්කරණය විකිපීඩියා ආසියානු මාසය
විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය යනු, ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් 2015 නොවැම්බරයේ ක්‍රියාත්මක කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. වෙනත් ආසියානු භාෂා විකිපීඩියා ගණනාවක් සමග සමගාමීව සිංහල විකිපීඩියාව තුලද ක්‍රියාත්මක වන මෙහි අරමුණ වන්නේ අපගේ විකිපීඩියාව තුල ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. මෙම ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් ලෙස නිමකිරීමට දායකවන ලෙස ඔබටද ආරාධනා කරමු. |
---|