පරිණීතා (2005 චිත්‍රපටය)

ප්‍රදීප් සර්කර්ගේ 2005 චිත්‍රපටය
(පරිනීතා (2005 චිත්‍රපටය) වෙතින් යළි-යොමු කරන ලදි)

පරිණීතා (විවාහක ස්ත්‍රිය) යනු 2005 ඉන්දියානු සංගීතමය ප්‍රේම වෘත්තාන්ත නාට්‍ය චිත්‍රපටයකි. මෙය සරත් චන්ද්‍ර චට්ටෝපාධ්‍යායගේ පරිණීතා නම් 1914 බෙංගාලි නවකථාවේ අනුවර්තනයකි. ප්‍රදීප් සර්කාර්ගේ කුළුඳුල් අධ්‍යක්ෂණය වන මෙහි තිරරචනය සහ නිෂ්පාදනය සිදුකරන ලද්දේ විධූ විනෝද් චොප්රා විසිනි. ‍චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ විද්‍යා බාලන් (ඇගේ බොලිවුඩ් ආගමනය), සයිෆ් අලි ඛාන් සහ සංජේ දත් විසිනි. රායිමා සේන් මෙහි සහාය චරිතයක් වන ලලිතාගේ ඥාති සොයුරියගේ චරිතය නිරූපණය කරයි. සාබ්‍යසචි චක්‍රබර්තී මෙහි ශේඛර්ගේ පියාගේ චරිතය නිරූපණය කරයි. දියා මීර්සා මෙහි ශේඛර් සමග විවාහ ගිවිසගන්නා තැනැත්තිය ලෙස පසුබිම් චරිතයක් නිරූපණය කරන අතර, රේඛා මෙහි රාත්‍රී සමාජශාලා ගායිකාවක ලෙස වැදගත් පසුබිම් චරිත නිරූපණයක් සිදුකරයි.

පරිණීතා
සිනමාහල් නිකුතු පෝස්ටරයක්
අධ්‍යක්‍ෂණයප්‍රදීප් සර්කාර්
තිර රචනයවිධූ විනෝද් චොප්රා
ප්‍රදීප් සර්කාර්
නිශ්පාදනයවිධූ විනෝද් චොප්රා
රංගන ශිල්පීන්විද්‍යා බාලන්
සයිෆ් අලි ඛාන්
සංජේ දත්
රායිමා සේන්
දියා මීර්සා
සිනෙමාරූපණයනටරාජන් සුබ්‍රමණියම්
සංස්කරණයහේමන්ති රස්කාර්
නිතීශ් ෂර්මා
සංගීතයශාන්තනු මොයිත්‍රා
බෙදාහැරීමවිනෝද් චොප්රා පොඩක්ෂන්ස්
නිකුත්වූ දිනය
  • 10 ජුනි 2005 (2005-06-10)
තිර කාලය
මිනිත්තු 131
රටඉන්දියාව
භාෂාවහින්දි
පිරිවැයINR25 කෝටි (US$3.9 මිලියන)[1]
ආදායමINR62.35 කෝටි (US$9.7 මිලියන)

පරිණීතා ප්‍රධාන වශයෙන්ම ගෙතී ඇත්තේ මෙහි ප්‍රධාන චරිත වන ලලිතා සහ ශේඛර් වටා ය. ළමාවියේ සිටම ශේඛර් සහ ලලිතා මිතුරන් වූ අතර, ක්‍රමයෙන් ඔවුන්ගේ මිත්‍රත්වය ප්‍රේමයක් බවට පරිවර්තනය වේ. වැරදි වැටහීම් ගණනාවකින් පසුව, ශේඛර්ගේ පියාගේ කුමන්ත්‍රණ හේතුවෙන් ඔවුන් දෙදෙනා වෙන්වේ. කථාව තවත් සංකීර්ණ වන්නේ ලලිතාගේ පවුලට උපකාර කරන ගිරිෂ්ගේ පැමිණීමත් සමගයි. ක්‍රමයෙන් ශේඛර්ගේ ප්‍රේමය සිය පියාගේ තණ්හාධික ස්වභාවය පරදවමින් ලලිතා කරා ඇදෙයි.

මෙම චිත්‍රපටය ඉන්දියානු සාහිත්‍යයේ සහ සිනමාවේ වැදගත් සන්ධිස්ථානයක් වේ. පූර්ව-නිකුතු බාධා පැමිණිය ද, මෙය විචාරක ඇගයුමට පාත්‍ර විය. මෙය ෆිල්ම්ෆෙයාර් සම්මාන ඇතුළු වැදගත් ස්මමාන උළෙලවල්හි දී සම්මාන හිමි කරගත්තේ ය. අධ්‍යක්ෂකවරයා හොඳම ප්‍රථම චිත්‍රපටය සඳහා ජාතික සම්මානය හිමිකරගත්තේ ය. පරිණීතා ප්‍රමුඛ අන්තර්ජාතික චිත්‍රපට උළෙලවල්හි දී ද ප්‍රදර්ශනය කොට ඇත.

කථාපුවත සංස්කරණය

කථාවට පසුබිම් වන්නේ කොල්කතාවයි. මෙහි ආදි කල්කටාවේ දර්ශන නිරූපණය වන්නේ යුගය පිළිබඳ කථිකයාගේ (අමිතාභ් බච්චන්) හැඳින්වීමත් සමගිනි. කථාව යොමුවන්නේ ශේඛර් සහ ධනවත් කර්මාන්තකරුවකුගේ දියණිය වන ගායත්‍රි ටන්ටියාගේ විවාහ රාත්‍රියේයි. ශේඛර්ගේ පියා යනු නවීන් රෝයි ලෙස හඳුන්වාදෙනු ලබන අතර, ශේඛර් මෙම අවස්ථාව සඳහා සූදානම් වෙමින් සිටියි. ඒ අතර ඔහුට ලලිතා සිය නමින් අමතනු මැවී පෙනේ. පහළ මහළෙහි සංගීත කටයුතු ඇරඹෙන අතර, ශේඛර්ට වසුන්ධරා මුණගැසෙයි. සිය අසල්වැසි ඇගේ සැමියා වූ ගුර්චරන්ගේ මරණින් පසු, ඇගේ බෑණා වූ ගිරිෂ් (සංජේ දත්) විසින් ඇගේ පවුලට උපකාර කොට තිබිණි. මේ අතර මේ අවස්ථාවට පැමිණ සිටින ලලිතා ශේඛර් ඉදිරියේ හැසිරෙන්නේ ඔහුව නොදන්නා අයකු මෙනි. එසේ කථා කිරීම පිළිබඳ ශේඛර් ඇයට අවවාද කරයි.

කෝප වූ ශේඛර් නැවත නිවස තුළට පැමිණ පියානෝවේ තමන් ප්‍රියතම ස්වරය වාදනය කරන්නට පටන් ගනියි. අතීතාවර්ජනයක් සිදුවන අතර, එහි දී ලාබාල වියේ ශේඛර් සිය පියානෝවෙන් රබින්ද්‍රනාත් තාගෝර්ගේ ස්වරයක් වාදනයකරන අයුරුත්, ලලිතාසහ කොයෙල් ඔහුව වට කර සිටි අයුරුත් දැක්වේ. සිය දෙමාපියන් මෝටර් රථ අනතුරකින් මරණයට පත්වීමත් සමග ලලිතා ගුර්චරන්ගේ පවුල සමග ජීවත්වේ. කොයෙල් ඇගේ ඥාති‍ සොහොයුරිය වූ අතර, චාරු ඇගේ අසල්වැසියා විය. ශේඛර්ගේ මනසෙහි මෙසේ සිදුවීම් මාලාවක් මැවෙන විට ඔහු ගීතය ගායනා කරන්නේ ශෝකයෙන් සහ පරාජිතභාවයෙන් පිරි හඬකිනි. කාලයත් සමග වැඩිවියට පත් ඔවුහු සමීප මුතරන් බවට පත්ව සිටියහ. හිතුවක්කාර සහ සංගීතකාමී තරුණ ශේඛර් සිය දිනය ගත කරන්නේ රබින්ද්‍රනාත් තා‍ගෝර්ගේ හෝ එල්විස් ප්‍රෙස්ලිගේ ගීත වාදනය කරමින් සහ ලලිතා සමග නව ගීත නිර්මාණයෙහි යෙදෙමිනි. සිය පියා‍ගේ ව්‍යාපාර කෙරෙහි ඔහුට උන්නදුවක් නොමැති විය. පියා ශේඛර්ව ධනවත් කර්මාන්තකරුවකුගේ දියණිය වන ගායත්‍රි ටන්ටියාට විවාහ කරදෙන්නට තීරණය කරයි. රූමත් නමුත් කුරිරු තැනැත්තියක වූ ගායත්‍රි සමග විවාහ වීමට ශේඛර් විරෝධය දක්වයි. මේ අතර, මේ අතර ලන්ඩනයේ ව්‍යාපාරිකයකු වන ගිරිෂ් චාරුගේ නිවස වෙත පැමිණෙයි. ගිරිෂ් ලලිතාට ආකර්ෂණය වන අතර, කොයෙල් ගිරිෂ්ට ආකර්ෂණය වන බැව් පෙනේ. ලලිතා සහ ගිරිෂ් අතර ඇති සමීප මිත්‍රත්වය‍ට ශේඛර් ඊර්ෂ්‍යා කරයි.

එක් දිනෙක, රෝයිගේ කාර්යාලයෙහි සේවය කරන ලලිතා ගුර්චරන්ගේ පාරම්පරික වලව්වෙහි සිදු කරන්නට නියමිත හෝටල් ව්‍යාපෘතියක් දැක කම්පනයට පත්වේ. මින් පෙර ගුර්චරන් සිය වලව්ව ඇපයට තබා නවීන් රෝයිගෙන් මුදලක් ණයට ලබාගෙන තිබිණි. මාස කිහිපයක් ඇතුළත එම මුදල් නැවත නොගෙවුවහොත්, නවීන් රෝයි සිය දේපළ අත්පත් කරගන්නා බව ඇය වටහා ගනියි. ක්ෂණිකව ඇය ශේඛර් වෙත යන්නේ ඔහුගෙන් මුදලක් ණයට ඉල්ලා ගැනීමටයි. නමුත් නොයෙකුත් සිදුවීම් නිසා ඇයට මේ බව පැවසිය නොහැකි වේ. මේ බව දැනගන්නා ගිරිෂ් ඇගේ මුදල් ප්‍රශ්නය විසඳන්නේ ගුර්චරන් සිය ව්‍යාපාර හවුල්කරුවකු බවට පත් කරගනිමිනි. ගුර්චරන් ණය මුදල නැවත පියවා දමන අතර, ලලිතා තමන්ගෙන් නොමැතිව ගිරිෂ්ගෙන් මුදල් ඉල්ලා ගැනීමට හේතුව කුමක්දැයි ශේඛර් කල්පනා කරයි. එක් ශුභ රාත්‍රියක, ශේඛර් සහ ලලිතා මාල පළඳවාගනිමින් සිය "විවාහය" සම්පූර්ණ කරන්නේ කිසිවකුටත් නොදැනයි.

ව්‍යාපාරික කටයුත්තකට ශේඛර් ඩාර්ජීලිං වෙත ගිය පසු, නවීන් රෝයි සිය හෝටල් ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීම සම්බන්ධව ලලිතාට බැණ වදියි. මින් ලලිතා අවමානයටත්, ලැජ්ජාවටත් පත්වේ. සිය සම්බන්ධතාවේ අවසානය සනිටුහන් කරමින් රෝයි සිය නිවස සහ ගුර්චරන්ගේ නිවස අතර තාප්පයක් තනවයි. මෙය දරාගැනීමට නොහැකි ගුර්චරන්ට හෘදයාබාධයක් වැළඳේ. ශේඛර්ගේ පැමිණීමෙන් පසුව, රෝයි ඔහුට ඔහුගේ මවගේ සහ ගුර්චරන්ගේ රෝගී තත්ත්වය පිළිබඳ හෙළිකරන අතර, ව්‍යාජ ලෙස ලලිතා සහ ගිරිෂ්ගේ විවාහයක් පිළිබඳ සටහනක් ලබා දෙයි. විවාහය පිළිබඳ අසා ලලිතා කෙරෙහි අමනාප වන ශේඛර් ඇයට රවා බලයි. මේ අතර, ගිරිෂ් ගුර්චරන්ගේ පවුල ද සමගින් ලන්ඩනය වෙත යන්නේ හෘද ප්‍රතිකාර සඳහායි. ඔවුන් නැවත ලන්ඩනයේ සිට පැමිණීමත් සමග, වැරදි වැටහීම් ඇති කරගත් ශේඛර් සිතන්නේ ගිරිෂ් සහ ලලිතා විවාහ වී ඇති බවයි. මේ නිසා ඔහු ගායත්‍රි සමග විවාහ වීමට කැමැත්ත පළ කරයි. ශේඛර්ගේ විවාහ රාත්‍රියේ ගිරිෂ් පැමිණ ඔහුට ගුර්චරන්ගේ වලව්වේ හිමිකම් ඔප්පුව ලබාදෙයි. ගිරිෂ් කොයෙල් සමග විවාහ වූ බවත්, ලලිතා ඔහුගේ විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කළ බවත් අසා ශේඛර් විස්මයට පත්වේ. අවසානයේ සිය පියාට එරෙහි වන ශේඛර් පවුල් දෙක වෙන්කළ තාප්පය බිඳහෙළයි. අනතුරුව ඔහු ලලිතාව සිය නිවස වෙත කැඳවාගෙන එන අතර, සිය නව මනාලිය දැක ශේඛර්ගේ මව අතිශයින් ප්‍රීතියට පත්වේ.

චරිත නිරූපණය සංස්කරණය

  • විද්‍යා බාලන්, ලලිතා ලෙස; ශේඛර් කෙරෙහි නොසිඳෙන ප්‍රේමයෙන් සහ ගෞරවයෙන් යුතුව දිවිගෙවන කාන්තාවකි. මියුරු ගායිකාවක ද වන මැය, දෝෂාරෝපණ හමුවේ පවා සිය ගෞරවය රැකගැනීමට සමත් ය.
  • සයිෆ් අලි ඛාන්, ශේඛර් රෝයි ලෙස; ලිලතා කෙරෙහි පෙම් කරන මොහු ගිරිෂ්ට ඊර්ෂ්‍යා කරයි. මොහු දක්ෂ සංගීතඥයෙකි. අවසානය තෙක් ඔහු තමන් කෙරෙහිම තරහෙන් යුතුව දැඩි පුද්ගලයකු බවට පත්ව සිටියේ ය.
  • සංජේ දත්, ගිරිෂ් ලෙස; සරල, අවංක තැනැත්තකු වන මොහු ලලිතාට උපකාර කරයි.
  • රායිමා සේන්,‍ කොයෙල් ලෙස; ලලිතාගේ දඟකාර ඥාති සොයුරිය වන මැයි සෑම මොහොතක්ම සතුටින්, ක්‍රියාශීලීව ගත කරන්නට උත්සාහ කරයි.
  • දියා මීර්සා, ගායත්‍රි ලෙස; කෙටි නමුත් කෲර චරිතයකි. මැය සිය රූමත්බවින් ශේඛර්ව රවටා ගැනීමට තැත් කරයි.
  • සාබ්‍යසචි චක්‍රබර්තී, නවීන් රෝයි ලෙස; දැඩි, කෲර සහ කපටි ව්‍යාපාරිකයෙකි. ඔහු මානව වටිනාකම් අගය නොකරන්නකු වන අතර, මුදල්වලට කෑදර අයෙකි.
  • සුරින්දර් කොවුර්, රා‍ජේශ්වරී ලෙස; ශේඛර්ගේ මව වන මැය සිය සැමියාගේ ක්‍රියා කලාපය අප්‍රිය කරන අතර, සිය අසල්වැසියන්ට සත්කාර කරයි.
  • ටීනා දත්තා, යොවුන් ලලිතා ලෙස
  • සුප්‍රියා ශුක්ලා, සුනීතා ලෙස
  • නිනාද් කමත්, අජිත් ලෙස
  • රේඛා, "කේසි පහේලි සින්දගානි" ගීතයේ විශේෂ නිරූපණය තුළ
  • ජෝර්ජ් බේකර්, සර් විලිටම් එක්හාර්ට් ලෙස

නිෂ්පාදනය සංස්කරණය

මූලිකාංග සංස්කරණය

පරිණීතා අධ්‍යක්ෂණයට පෙර, ප්‍රදීප් සර්කාර් ප්‍රචාරණ ක්ෂේත්‍රයේ ප්‍රචලිතව සිටියේ ය. වර්ෂ 17ක මුඛ්‍යාධාරා දැන්වීම්කරණය සහ වර්ෂ 7ක ප්‍රචාරක චිත්‍රපට-නිර්මාණ සහ වානිජ සිනමා පළපුරුද්දක් ඇති ඔහු, වෙළඳ දැන්වීම් 1000ක් පමණ සහ සංගීත වීඩියෝ 15ක් සම්පූර්ණ කොට ඇත.[2] නිෂ්පාදක විධූ විනෝද් චොප්රා ඔහුගේ සංගීත වීඩියෝ කෙරෙහි උනන්දු වූ අතර, මිෂන් කාෂ්මීර් (2000) චිත්‍රපටයේ ඇතැම් සංගීත වීඩියෝ අධ්‍යක්ෂණයට ඔහු සර්කාර්ව සම්බන්ධ කරගත්තේ ය.[3] සංගීත වීඩියෝ රූගතකරණයේ සිය ස්ථානය සනිටුහන් කරගැනීමෙන් පසු, සර්කාර් පරිණීතා රූගත කිරීමේ අදහස චොප්රාට ලබා දුන්නේ ය.[3] අනුතරුව චිත්‍රපටයේ නිර්මාණ කටයුතු ඇරඹිණි.

නවකථාව සමග චිත්‍රපටය සැසඳීමේ දී, චොප්රා පැවසූයේ බිමාල් රෝයිගේ 1953 එම නමම ඇති චිත්‍රපටය මෙන් නොව මෙයට පසුබිම් වී ඇත්තේ 1962 වර්ෂය බවයි. ඔහු පැවසූයේ චිත්‍රපටයේ පිටපත ගොඩනැගීමට ඔවුනට වර්ෂ එක හමාරක් පමණ ගතවූ බවත්, එයට නව චරිත එකතු කරමින්, නවකථාවේ ප්‍රමුඛව දක්වා නොමැති චරිත ඉස්මතු කළ බවත් ය.[4][5] වෙනත් සම්මුඛ සාකච්ඡාවක දී, චොප්රා පැවසූයේ තමන් තිරරචනයේ දී සක්‍රීයව දායක වූයේ චිත්‍රපටය නවකථාවේ අනුවර්තනයක් වූ නිසා බවයි. සිනෙමා අනුවර්තනයේ දී, චොප්රා එහි ගෞරවය සර්කාර් සහ නටරාජන් සුබ්‍රමණියම් (චිත්‍රපටයේ සිනෙමාරූපක) හට පළකළේ මනරම් දෘශ්‍යයන් සැපයීම නිසායි.[1] සයිෆ් අලි ඛාන් වරක් පැවසූයේ චිත්‍රපටය මුලින් සමකාලීන ආකාරයට තැනීමට උත්සාහ කළ බවයි. චිත්‍රපට නිෂ්පාදක කණ්ඩායමට එම නිරූපණය එතරම් චිත්තාකර්ෂණීය නොවන බැව් හැඟී ගිය පසු, රූගත කිරීම් 60 දශකයේ පෙනුමකින් යුක්තව සිදුකරන ලදී.[6]

චොප්රා වරක් සර්කාර්ගේ චිත්‍රපට-නිර්මාණ හැකියාව පිළිබඳරස කථාවක් හෙළිකළේ ය. ඔහු පැවසූයේ ඔහු චිත්‍රපටයේ වියදම් සඳහා කිසිදින පෞද්ගලිකව චෙක්පත් අත්සන් නොකළ බවයි. ඔහු මුදල් සර්කාර්ගේ බැංකු ගිණුමට තැන්පත් කළ අතර, චෙක්පත් සර්කාර් සහ ඔහුගේ බිරිඳ විසින් පරීක්ෂා කොට අත්සන් කරන ලදී.[4]

නළුවරණය සංස්කරණය

චොප්රා සම්මුඛ සාකච්ඡාවක දී පැවසූයේ පරිණීතාහි ප්‍රධාන චරිත ද්විත්වය සඳහා වූ පළමු තේරීම සයිෆ් අලි ඛාන් සහ විද්‍යා බාලන් නොවූ බවයි.[1] සැබැවින්ම මුලින් අභිෂේක් බච්චන් ශේඛර් ලෙසත්, සයිෆ් අලි ඛාන් ගිරිෂ් ලෙසත් රංගනයට තෝරාගෙන තිබිණි. කෙසේනමුත්, අභිෂේක් ව්‍යාපෘතියෙන් ඉවත් වූ අතර, සයිෆ් චරිතය වෙනස් කරගැනීමට කැමති විය. මේ බව සනාථ කරමින් සම්මුඛ සාකච්ඡාවක දී සයිෆ් පැවසූයේ[6] සර්කාර්ට සිය හැකියා පිළිබඳ විශ්වාසයක් පැවතුණ ද, චොප්රා ඔහුව ලබාගැනීමට එතරම් උනන්දු නොවූ බවයි.

විද්‍යා බාලන් පිළිබඳ තේරීමට මුල් වූයේ ඇය සර්කාර් සමග සංගීත වීඩියෝ තුනක් කටයුතු කොට ලද අත්දැකීම් ය.[7] චොප්රා පැවසූයේ විද්‍යා මාස හයක් පුරා තිර පරීක්ෂාවන්ට ලක් කළ බවත්, ඉන් පසුව ඔවුන් ඇගේ රංගන හැකියා විශ්වාස කළ බවත් ය.[1] සයිෆ් වරක් පැවසූයේ තමන් විද්‍යාගේ රංගන හැකියා පිළිබඳ දැන නොසිටියේ පරිණීතා ඇගේ පළමු චිත්‍රපටය වූ නිසා බවයි.[8] ඒ නිසා ඔහු ඓශ්වර්යා රායි හෝ රාණි මුඛර්ජී වැනි පිළිගත් නිළියක සමග කටයුතු කරන්නට සිතා සිටියේ ය. කෙසේනමුත්, විද්‍යා ලලිතාගේ චරිතය නිරූපණය කළ අයුරු දැකීමෙන් පසුව, ඔහුගේ ඇගේ රංගනය කෙරෙහි බෙහෙවින් පැහැදුණේ ය.[6] විද්‍යා ලලිතා‍ගේ චරිතය නිරූපණයට පෙළඹුණේ ප්‍රවීණයන් සමග මනහර චරිතයකින් ක්ෂේත්‍රය වෙත සිය ප්‍රවිෂ්ඨය සනිටුහන් කිරීමට අවස්ථාව හිමිවන නිසායි.[7]

සංජේ දත්ව තෝරාගැනුණේ ඔහුගේ බහුශ්‍රැතිභාවය නිසා බැව් වරක් සම්මුඛ සාකච්ඡාවක දී චොප්රා පැවසී ය. සංජේගේ සුහදශීලී ස්වභාවය ද චිත්‍රපටය නිර්මාණයේ දී වාසිදායක වූ බව ඔහු පැවසී ය.[1]

දියා මීර්සා පිටපතට ප්‍රිය කළ අතර කෙටි චරිතයක් වුව ද, දුෂ්ට ගායත්‍රී චරිතය නිරූපණයට ඇය සිය කැමැත්ත පළකළා ය.[9] රායිමා සේන්ට ද චොප්රා සහ සර්කාර් දෙපළ සමග කටයුතු කිරීමට අවශ්‍ය විය.[9] ප්‍රවීණ නිළි රේඛා පසුබිම් රංගනයෙන් දායක වූයේ "කේසි පහේලි සින්දගානි" ගීතයට ඇය ප්‍රිය කළ නිසායි.[1]

රූගතකරණය සහ සංගීතය සංස්කරණය

සර්කාර් කොල්කතා නගරය හොඳින් දැන සිටි නිසා, චිත්‍රපටය ප්‍රධාන වශයෙන්ම රූගත කෙරුණේ එහි ය.[10] චිත්‍රපටයේ වැඩි ප්‍රමාණයක් කොල්කතාහි රූගත වුව ද, එහි සුළු කොටසක් ඩාර්ජීලිංහි රූගත කෙරිණි.[5]

60 දශකය ප්‍රතිනිර්මාණයට නිෂ්පාදකයන් විසින් ප්‍රයත්න රැසක් දරන ලදී. උදාහරණයක් ලෙස චොප්රා පැවසූයේ චිත්‍රපටයේ ශේඛර් පැද යන කොළ පැහැ කාරය සපයාගැනීම ඉතා දුෂ්කර වූ බවත්, ඒ සඳහා අධික මුදලක් වැයවූ බවත් ය. චොප්රා "පියු බොලේ" ගීතයේ දී භාවිතා කළ පියානෝව[1] සහ "කස්තෝ මසා" ගීතයට භාවිතා කළ සෙල්ලම් දුම්රියේ සත්‍යභාවය සනාථ කළේ ය.[1][7] චරිතවල පෙනුම පිළිබඳ සැලකීමේ දී, මීර්සා පැවසූයේ 60 දශකයේ පෙනුම අංගරචනා ශිල්පී විද්‍යාධර් විසින් හොඳින් ග්‍රහණය කරගත් බවයි.[9] "කේසි පහේලි සින්දගානි" ගීතයට පාදක වූයේ ලුවිස් ආම්ස්ට්‍රෝංගේ "A Kiss to Build a Dream on" ගීතයේ තනුව බවයි.[11]

පරිණීතාහි සංගීතය පිළිබඳ විචාරකයින් මහත් අපේක්ෂා සහගත වූයේ[12] චොප්රාගේ මින් පෙර ඇතැම් චිත්‍රපට (1942: අ ලව් ස්ටෝරි (1993) සහ මිෂන් කාෂ්මීර් (2000)) සම්මානලාභී සංගීත නිර්මාණවලින් යුක්ත වීම නිසායි. පරිණීතාහි සංගීත අධ්‍යක්ෂ ශාන්තනු මොයිත්‍රා තනු සිය ගණනක් නිර්මාණය කළ අතර, වර්ෂයක ප්‍රයත්නයකින් පසුව අවසානයේ ඉන් හයක් තෝරාගන්නා ලදී. ධ්වනිපථය නිමවීමෙන් පසුව මෙම සංගීතඥයාගේ හැකියාව දක්ෂ කළ චොප්රා පැවසූයේ මොයිත්‍රාට පසුගිය බොලිවුඩ් සංගීත අධ්‍යක්ෂකවරයකු වූ ආර්. ඩී. බර්මන් වැන්නකු විය හැකි බවයි.[13]

සංස්කෘතික සහ සිනෙමා ව්‍යංගයන් සංස්කරණය

පරිණීතාහි කතුවර සරත් චන්ද්‍ර චට්ටෝපාධ්‍යාය රබින්ද්‍රනාත් තාගෝර්ගේ සමකාලීනයකු විය; මෙම කතරුවරුන් දෙදෙනාම සියවස් ආරම්භයේ බෙංගාලි දිවිය සහ සමාජ කරුණු සම්බන්ධව රචනයෙහි නියැළුණහ. පරිණීතාහි 2005 සිනමා ප්‍රභේදය මගින් මෙම සම්බන්ධතාවයට ප්‍රණාමය පුදකොට ඇත්තේ තාගෝර්ගේ නෂ්ටනිර් නවකථාව ඇසුරෙන් නිර්මාණිත සත්‍යජිත් රායිගේ චාරුලතා චිත්‍රපටය පිළිබඳ සඳහන් කිරීමෙනි. විශේෂයෙන්ම "සූනා මන් කා ආන්ගන්" ගීතයේ ලලිතා (පරිණීතා) හැඳසිටින වස්ත්‍ර නෂ්ටනීර් / චාරුලතා හි චාරුගේ (මාධබී මුඛර්ජී) වස්ත්‍රවලට සමානකමක් පෙන්වයි. මෙම ගීතයේ තාගෝර්ගේ "ඵූලේ ඵූලේ ඪෝලේ ඪෝලේ" ගීතය ඇතුළත් ය. පරිණීතා සහ චාරුලතා යන දෙකෙහිම "ඵූලේ ඵූලේ ඪෝලේ ඪෝලේ" ගීතය ගැයෙන්නේ ලලිතා සහ චාරු යන දෙදෙනාම ඔංචිල්ලාවක සිටින විටයි.[14][15] එසේම මෙහි සයිෆ් අලි ඛාන් සිටින දුම්රිය ඔහුගේ මව වූ ෂර්මිලා තාගෝර් රංගනයේ යෙදුණු ආරාධනා චිත්‍රපටයේ ද භාවිතා වූවකි.[16]

මෙම චිත්‍රපටය එම නවකථාව පාදක කොටගත් තෙවන චිත්‍රපටය වේ. මින් පෙර 1953 මෙම නමම සහිත චිත්‍රපටයක් සහ 1976 සංකෝච් නම් චිත්‍රපටයක් එසේ නිර්මාණය වී ඇත.[17]

පිළිගැනීම සංස්කරණය

බොක්ස්-ඔෆීස් සහ තක්සේරුව සංස්කරණය

පරිණීතා 2005 අවසානයේ දී රුපියල් මිලියන 506ක මුදලක් උපයාගත්තේ ය.[18] විදේශයන්හි ද සාර්ථකත්වයක් හිමි කරගත් මෙය, එක්ස්ත රාජධානියෙන් රු. මිලියන 36ක් ද, උතුරු ඇමරිකාවෙන් රු. මිලියන 35ක් සහ සෙසු විදෙස් රටවලින් රු. මිලියන 15ක් ද ඉපැයී ය.[19]

විචාර, විවේචන සහ මතභේද සංස්කරණය

2005 ජූනි 10 මෙය මුදාහැරීමට ප්‍රථම, ‍චිත්‍රපටය බොක්ස් ඔෆීස් අතින් කෙසේවනු ඇත්දැයි එක් පූර්වදර්ශනයක් පැවැත්විණි. 1953 ප්‍රභේදය සමග සැසඳීමේ දී පෙරදසුනෙන් යෝජනා වූයේ ආධුනික අධ්‍යක්ෂක සර්කාර්ට චිත්‍රපට-නිර්මාණකරණය පිළිබඳ අත්දැකීම් නොතිබීම, ලලිතා චරිතය නිසි පරිදි නිරූපණයට කෝඩුකාර නිළි බාලන්ට නොහැකි වනු ඇතැයි වූ අදහස, අද්‍යතන නළුවන් සහ සංගීතඥයන් විසින් 1960 දශකය නිරූපණය කිරීමේ සුදුසු බව, ශාන්තනු මොයිත්‍රා එතෙක් නිර්මාණය කොට තිබූ සිත් නොගන්නා ධ්වනිපථ හේතුවෙන් මෙය සාර්ථක අනුවර්තනයක් වීමට බාධාවනු ඇති බවයි.[20]

පශ්චාත්-නිකුතුවේ දී එම විචාරකයාම පැවසූයේ "එම නමම ඇති පැරණි සම්භාව්‍ය නවකථාවේ ප්‍රතිනිර්මාණයක් වන විධූ විනෝද් චොප්රාගේ "පරිණීතා"...යොවුන් පරම්පරාව විසින් මනාව වැළඳගත් ප්‍රේම කථා පුවතකින් යුක්ත විය. එය වසරේ දැවැන්තම ජනමෝදකය බවට පත් විය."[21] මෙය සමස්තයක් ලෙස විචාරකයන් විසින් ද මනාව ග්‍රහණය කරගන්නා ලදී.[22] ඉන් එක් විචාරකයකු මෙම චිත්‍රපටය පිළිබඳ පවසා තිබුණේ "...අලංකාර කථා පුවතක්, අලංකාර ලෙස ඉදිරිපත් කොට ඇත. එය අප බොහෝදෙනකු අපේක්ෂා කරන මට්ටමට වෙත ළඟා වී ඇති අතර, අපගේ සිනමා අත්දැකීම් කෙරෙහි වූ අපේක්ෂා ඉහළ නංවයි."[23] About.com හි විචාරයක සඳහන් වූයේ එය "මානව හැඟීම්වලින් පිරි සිත්ඇදගන්නා සර්වකාලීන කථාපුවතක් සහ විශ්වීය නාට්‍යයක්... සමකාලීනව නැවත ඉදිරිපත් කිරීමකි". චිත්‍රපට නිර්මාණකරණයේ බොහෝ සියුම් වෙනස්කම් අගය කරන විචාරකයා පවසන්නේ මෙය "විශිෂ්ට සංගීත ස්වර මාලාවකින් රසගැන්වී ඇති බවත්, සංජේ දත්, සයිෆ් අලි ඛාන්, රායිමා සේන්, දියා මීර්සා සහ ලලිතා ලෙස රඟන කෝඩුකාර නිළි විද්‍යා බාලන්ගේ රංගනයෙන් එය ඔප් නැංවී ඇති බවයි".[24] චිත්‍රපටය මුදාහැර සති කිහිපයක් ඇතුළත නවකථාවේ ද පියපත් 3000ක් අලෙවි වූයේ චිත්‍රපටය ලද යහපත් පිළිගැනීම නිසායි.[25]

වැරයි‍ටි සඟරාවේ ඩෙරෙක් එලී පැවසූයේ "ගැළපෙන නිරූපණයන්ගෙන් යුත් චරිතවලින් පිරි නෙතට රසඳුනක් බඳු "පරිණීතා" උච්චාන්ත බොලිවුඩ් නිර්මාණයකි". එසේම ඔහු තවදුරටත් පැවසූයේ, "මෙහි උච්චතම අවස්ථාව හැඟීම් අතින් බලවත් වුවත්, එය අධික ලෙස පිසූවක් ලෙස පෙනේ."[26] මිඩ්-ඩේහි මිශ්‍රිත විචාරක දැක්වෙන්නේ "ප්‍රදීප් සර්කාර් මෙම කථාව, විශේෂයෙන්ම එහි පළුම අර්ධය මායාවක් ලෙස ගෙත්තම් කරයි... එය සවිස්තර බවින් විශිෂ්ට ය... කොල්කතාවේ මාර්ග සහ යතාරූපී වස්ත්‍ර චිත්‍රපටයේ විශිෂ්ට පෙනුමට ඉවහල් වී ඇත". කෙසේනමුත්, මෙම විචාරය තුළ චිත්‍රපටයේ උච්චතම අවස්ථාව විවේචනය කොට ඇත්තේ එය ආධුනික බව පවසමිනි. එම නිසා සමස්ත චිත්‍රපටයේ බලපෑම තරමක් බාල වන බැව් එහි සඳහන් වේ.[27] එවැනිම විචාරයක් ද හින්දු පුවත්පතේ සඳහන් වන අතර, එය ඇරඹෙන්නේ "සරල ප්‍රමාණවත් කථාවක් පුවත්, ශේඛර් සහ ලලිතා සිටින අනර්ඝ ජවනිකා කිහිපයකින් යුතුව සර්කාර් එය මනාව ඉදිරිපත් කරයි" යනුවෙනි. මෙම විචාරයෙහි තවදුරටත් සඳහන් වන්නේ "අවසානය හැර... එය දරාගැනීමට අපහසු ය."[28]

චිත්‍රපට වෙළඳපොලේ අඳුරු පසුබිම නිරාවරණය කරමින් ද ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත්පතේ ලිපියක් ප්‍රකාශයට පත්වීමත් සමග චෞරත්ව මතභේදයක් ද ඇති විය. චිත්‍රපටය මුදාහැර සති කිහිපයකින් කලාතුරකින් CD තැටි රු. 40ක පමණ අඩු මිලකට අලෙවි වී ඇත.[29] තවත් මතභේදයක් වූයේ සර්කාර්ගේ සමීප මිතුරකු සහ රචකයකු වූ සෞමිත්‍ර දාස්ගුප්තා විසින් චිත්‍රපටයේ කථාව මෙම නොවෙලාවෙන් තමන් ගොඩනැගූ කෘතියට සමානත්වයක් දක්වන බව පවසමින් චෝදනා නැගීමයි.[30]

තිරගත වීම් සංස්කරණය

2005දී, පරිණීතාහි නළු කැළ රතු පලසක් මතින් ඇවිද ගියේ එය ඇම්ස්ටර්ඩෑම්හි අන්තර්ජාතික ඉන්දියානු චිත්‍රපට සම්මාන (IIFA) උළෙලේ සතිඅන්තයේ "ලෝක මංගල දර්ශන චිත්‍රපටය" වූ හෙයිනි.[31] මෙම යුරෝපානු මංගල දර්ශනයේ දී, සර්කාර් පැවසූයේ මෙම චිත්‍රපටය ඇමරිකානු සහ ඉංග්‍රීසි බොක්ස්-ඔෆීස් තුළ විශිෂ්ට ආරම්භයක් ලද බවයි.[31] අනුයාත සති හතරක් පුරා මෙය එක්සත් රාජධානි මුල් චිත්‍රපට දහය අතර පැවතිණි.[32]

2006 බර්ලින් චිත්‍රපට උළෙලේ ආධුනික නිර්මාණ 15 අතරට මෙය තේරිණි.[33][34] ප්‍රේක්ෂකයන් වෙතින් මෙය ඉමහත් පිළිගැනීමක් ලැබුවේ චොප්රාව විමතියට පත් කරමිනි. බටහිර ජාතිකයින් 100කින් පමණ සමන්විත ප්‍රේක්ෂක පිරිසක් අපේක්ෂා කළ විචාරකයෙක්, සිනමාශාලාව ප්‍රේක්ෂකයන්ගෙන් පිරී පියගැටපෙළේ පවා අසුන් ගැනීමට පොරකමින් සිටින ප්‍රේක්ෂක පිරිස දැක විමතියට පත්වූයේ ය.[35]

2006 අප්‍රේල් මස පැවති 24වන වාර්ෂික මිනියපොලිස්-ශාන්ත පෝල් අන්තර්ජාතික චිත්‍රපට උළෙල තුළ රටවල් 40කින් ඉදිරිපත් වූ චිත්‍රපට 135 අතුරින් එකම ඉන්දියානු මුඛ්‍යප්‍රවාහ සිනමා නිර්මාණය වූයේ පරිණීතා ය.[36]

2006දී, චිත්‍රපටය පාම් ස්ප්‍රිංස් අන්තර්ජාතික චිත්‍රපට උළෙල,[37] 24වන සැන් ෆ්‍රැන්සිස්කෝ අන්තර්ජාතික ආසියානු ඇමරිකානු චිත්‍රපට උළෙල,[38] ලොස් ඇන්ජලීස් ඉන්දියානු චිත්‍රපට උළෙල,[39] හෙල්සින්කි චිත්‍රපට උළෙල[40] සහ මැරකෙච්හි අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ[41] දී ප්‍රදර්ශනය කෙරිණි.

සම්මාන සංස්කරණය

හොඳම ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂකවරයා සඳහා ජාතික සම්මානය දිනාගැනීම හැරුණු විට,[42] පරිණීතා ෆිල්ම්ෆෙයාර් සම්මාන පහක් දිනාගත්තේ ය. එහි දී කේෂ්තෝ මොන්දල්, තනුශ්‍රී සර්කාර් සහ ප්‍රදීප් සර්කාර්හට හොඳම කලා අධ්‍යක්ෂණය සඳහාත්, හොඳම නර්තන රචනය සඳහා හොවාර්ඩ් රෝස්මයර්ටත්, හොඳම ප්‍රවිෂ්ඨය සඳහා විද්‍යා බාලන්ටත්, හාන්තනු මොයිත්‍රාට ආර්.ඩී. බර්මන් සම්මානය සහ ‍හොඳම ශබ්ද පටිගතකරණය සඳහා බිශ්වදීප් චැටර්ජීටත් සම්මාන හිමි විය. එසේම එය හොඳම චිත්‍රපටය සහ හොඳම අධ්‍යක්ෂක යන ප්‍රවර්ග සඳහාත්, ලලිතා, ශේඛර් සහ ගිරිෂ් චරිත නිරූපණය කළ නළු නිළියන් තිදෙනාත්, ධ්වනිපථය සඳහා නිර්දේශ හතරක් ද වශයෙන් ‍තවත් සම්මාන නවයක් සඳහා නිර්දේශ විය.

මෙම චිත්‍රපටය ලද අනෙක් වැදගත් සම්මාන අතර ස්ටාර් ස්ක්‍රීන් සම්මාන දෙකක් සහ සී සිනේ සම්මාන තුනක් ද වේ.

2006 ෆිල්ම්ෆෙයාර් සම්මාන

  • හොඳම කෝඩුකාර නිළිය – විද්‍යා බාලන්
  • හොඳම නර්තන රචනය – හොවාර්ඩ් රෝස්මයර්
  • හොඳම ධ්වනිය – බිශ්වදීප් චැටර්ජී
  • හොඳම කලා අධ්‍යක්ෂක – ප්‍රදීප් සර්කාර්, තනුශ්‍රී සර්කාර්
  • ආර්. ඩී. බර්මන් සම්මානය – ශාන්තනු මොයිත්‍රා

2006 සී සිනේ සම්මාන

  • හොඳම දෙබස් – රේඛා නිගම්, විධූ විනෝද් චොප්රා
  • හොඳම වස්ත්‍ර නිර්මාණය – සුබර්ණා රායි චාධුරි

2006 ස්ක්‍රීන් සම්මාන

  • හොඳම පිළිවැයුම් ගායිකාව – ශ්‍රේයා ඝෝෂාල්
  • හොඳම කෝඩුකාර නිළිය – විද්‍යා බාලන්

2006 අයිෆා සම්මාන

  • හොඳම තිරරචනය – විධූ විනෝද් චොප්රා සහ ප්‍රදීප් සර්කාර්
  • හොඳම කලා අධ්‍යක්ෂණය – ප්‍රදීප් සර්කාර්, තනුශ්‍රී සර්කාර්
  • හොඳම ශබ්ද පටිගතකරණය – බිශ්වදීප් චැටර්ජී
  • හොඳම වස්ත්‍ර නිර්මාණකරණය – සුබර්ණා රායි ‍චාධුරි
  • හොඳම අංගරචනය – විද්‍යාධර් භාට්ටේ

DVD සංස්කරණය

පරිණීතා චිත්‍රපටයේ DVD ප්‍රභේදයේ පළමු ප්‍රභේදය 2006 ඔක්තෝබර් 30 දින යූටීවී මෝෂන් පික්චර්ස් වෙතින් මුදාහරින ලදී, එහි ඉංග්‍රීසි, අරාබි, ස්පාඤ්ඤ, ජර්මන්, ඉතාලි, මලයානු සහ ප්‍රංශ භාෂාවලින් උපසිරැසි විකල්ප ඇතුළත් විය. නළුවන් සමග ස්මමුඛ සාකච්ඡා සහ චිත්‍රපටය නිෂ්පාදනයේ තිරය පිටුපස සිදුවීම් ඇතළත් අමතර තැටියක් ද ඇත. එය 16:9 විරූපික පුළුල්තිර, ‍ඩොල්බි ඩිජිටල් 5.1 සරවුන්ඩ්, ප්‍රගම්‍ය 24 FPS, පුළුල්තිර සහ NTSC ආකෘතිවලින් ලබාගත හැකි විය.[43][44]

ධ්වනිපථය සංස්කරණය

පරිණීතාහි ධ්වනිපථය 2005 අප්‍රේල් මස ටිප්ස් මියුසික් විසින් නිකුත් කළ අතර, එය යහපත් විචාරක ප්‍රතිචාර ලබාගත්තේ ය.[45]

අංකය. ගීතයගායක(යින්) කාලය
1. "පියු බොලේ"  සෝනු නිගම්, ශ්‍රේයා ඝෝෂාල් 4:21
2. "කස්තෝ මසා"  සෝනු නිගම්, ශ්‍රේයා ඝෝෂාල් 4:43
3. "සූනා මන් කා ආන්ගන්"  සෝනු නිගම්, ශ්‍රේයා ඝෝෂාල් 4:20
4. "කේසි පහේලි සින්දගානි"  සුනිධි චෞහාන් 4:03
5. "රාත් හමාරි තෝ"  චිත්‍රා, ස්වානන්ද් කිර්කිරේ 5:19
6. "ධිනක් ධිනක් ධා"  රීටා ගංගුලි 3:53
7. "හුයි මේන් පරිනීතා"  සෝනු නිගම්, ශ්‍රේයා ඝෝෂාල් 2:23

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. 1.0 1.1 1.2 1.3 1.4 1.5 1.6 1.7 ""Small people with big egos, not for me!" – Vidhu Vinod Chopra". Indiainfo.com. 11 January 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 20 October 2007. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  2. "Pradeep Sarkar profile". movietalkies.com. 9 December 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 October 2007. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  3. 3.0 3.1 Kumar, Anuj (18 August 2007). "A debut at 52!". The Hindu. Chennai, India. 4 November 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 20 October 2007.
  4. 4.0 4.1 Nanda, Tanmaya Kumar. "Judge me by the highest standards". Rediff.com. 5 September 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 October 2007. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  5. 5.0 5.1 Kumar, Anuj. "A maverick, period!". The Hindu. 27 November 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 October 2007. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  6. 6.0 6.1 6.2 "Saif Ali Khan spills Parineeta secrets!". Indiainfo.com. 18 August 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 October 2007. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  7. 7.0 7.1 7.2 Kulkarni, Ronjita. "How it began for Vidya?". Rediff.com. 9 November 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 October 2007. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  8. Kulkarni, Ronjita. "Meet the new girl in Saif's life!". Rediff.com. 17 September 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 October 2007. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  9. 9.0 9.1 9.2 "Interview – Diya Mirza and Raima sen". Indiainfo.com. 16 August 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 October 2007. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  10. Bhandari, Rohini. "Interview – Pradeep Sarkar". Businessofcinema.com. 12 October 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 24 October 2007.
  11. "Archived copy". 9 August 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2011-09-22. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)CS1 maint: archived copy as title (link)
  12. Tuteja, Joginder. "Music Review: Parineeta". Indiafm.com. 7 November 2006 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 October 2007. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  13. Gangadhar, V. "An entertainer par excellence". Business Line. 27 June 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 October 2007. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  14. Gupta, Pratim D. (10 June 2005). "Parineeta breathes Bengal among the tulips". 29 June 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 August 2011. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  15. "Something new, something old". Chennai, India. 12 March 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  16. "Saif rides Sharmila's train!". Rediff.com. 23 December 2004. 25 May 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 August 2011. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  17. N, Patcy. "The different faces of Parineeta". 12 August 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 24 October 2007.
  18. "International Business Overview Standard". ibosnetwork.com. 26 January 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 August 2011. {{cite news}}: Unknown parameter |dead-url= ignored (|url-status= suggested) (help)
  19. "BoxOfficeIndia.com – Overseas". 16 October 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 October 2007.
  20. Jha, Subhash K. "Parineeta could rekindle soft, nostalgic feelings..." 8 August 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 October 2007.
  21. Indo-Asian News Service, Arpana. "Why is Bollywood obsessed with remakes". 5 January 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 October 2007. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  22. Kumar, Alok. "Film Review – Parineeta". 17 October 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 October 2007. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  23. Raheja, Dinesh. "Parineeta is a must watch". 2 November 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 October 2007. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  24. Das, Subhamoy. "Parineeta, The Married Woman". 15 January 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 October 2007. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  25. Ghosh, Avijit (30 June 2005). "'Parineeta': the hot new bestseller". The Times of India. 18 October 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 October 2007.
  26. Elley, Derek (7 February 2006). "Parineeta: Film Review". Variety. සම්ප්‍රවේශය 27 October 2007.
  27. Tanvar, Sarita. "Film Review: Parineeta". 24 October 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 October 2007. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  28. Muthalaly, Susan. "Parineeta: Sensuous and crisp". 7 November 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 October 2007.
  29. "National awards: Big B, Sarika win top honours". 14 October 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 October 2007. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  30. Dubey, Bhaarati K. (15 October 2005). "Writer claims credit for Parineeta". The Times of India. 18 October 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 October 2007.
  31. 31.0 31.1 Muthalaly, Susan (26 June 2005). "Bollywood's mark on the tulip fields". The Hindu. Chennai, India. 4 November 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 October 2007.
  32. Rangaraj, R. "IIFA to showcase South films in Dubai". 14 June 2006 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 October 2007. {{cite news}}: Unknown parameter |dead-url= ignored (|url-status= suggested) (help)
  33. "Parineeta chosen for Berlin Film Festival". සම්ප්‍රවේශය 26 October 2007.
  34. "Press Release – 20 January 2006". 8 February 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 October 2007. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  35. John, Preeti. "Parineeta chosen for Berlin Film Festival". සම්ප්‍රවේශය 26 October 2007. [භින්න වූ සබැඳිය]
  36. "24th Annual Minneapolis-St. Paul International Film Festival". 30 June 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 October 2007. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  37. Hayes, Therese. "2006 Palm Springs International Film Festival". 28 May 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 October 2007. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  38. "24th San Francisco International Asian American Film Festival" (PDF). සම්ප්‍රවේශය 26 October 2007.[permanent dead link]
  39. "2006 Indian Film Festival of Los Angeles". 21 June 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 October 2007.
  40. "2006 Helsinki Film Festival". 7 November 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 October 2007.
  41. "6th International Film Festival of Marrakech". 11 December 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 October 2007. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  42. "National awards: Big B, Sarika win top honours". The Times of India. 8 August 2007. 11 August 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 7 December 2007.
  43. "Parineeta DVD - Nehaflix.com". 3 November 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 20 October 2007. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  44. "Parineeta DVD – Amazon.co.uk". සම්ප්‍රවේශය 20 October 2007.
  45. "Music Review – Parineeta". 9 October 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 20 October 2007. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=පරිණීතා_(2005_චිත්‍රපටය)&oldid=613355" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි