එල්විස් ප්‍රෙස්ලි
එල්විස් ආරොන් ප්‍රෙස්ලි (1935 ජනවාරි 8 - 1977 අගෝස්තු 16) ඇමෙරිකානු සංගීතඥයෙකු සහ නළුවෙකු වේ. "රොක් ඇන්ඩ් රෝල් රජු" හෝ සරලව "the King" ලෙස නිතර හඳුන්වනු ලබන ඔහුව 20 වන සියවසේ ඉතා වැදගත් සංස්කෘතික සලකුණක් ලෙස සළකනු ලබයි.
Elvis Presley | |
---|---|
උපත | Elvis Aron Presley ජනවාරි 8, 1935 Tupelo, Mississippi, U.S. |
මියගිය දිනය | August 16, 1977 Memphis, Tennessee, U.S. | (වයස 42)
සතපවන ලද තැන | Graceland, Memphis, Tennessee 35°2′46″N 90°1′23″W / 35.04611°N 90.02306°W |
උගත් ශාස්ත්‍රාලය | Humes High School |
රැකියාව | Singer, musician, actor |
උපන් නගරය | Memphis, Tennessee |
කලත්‍රයා(යන්) | Priscilla Presley (වි. 1967; දි. 1973) |
දරුවන් | Lisa Marie Presley |
ඥාතීන් | Danielle Riley Keough (granddaughter) |
Military career | |
පක්ෂපාතීත්වය | United States of America |
සේවාව/ශාඛාව | එක්සත් ජනපද Army |
සේවා කාලය | 1958–1960 |
නිලය | Sergeant |
ඒකකය | Company A, 1st Medium Tank Battalion, 32nd Armor Regiment, 3rd Armored Division |
සංගීත වෘත්තිය | |
ප්‍රභේද | |
වාද්‍ය භාණ්ඩ | Vocals, guitar, piano |
සක්‍රීය වර්ෂ | 1953–1977 |
ලේබල | Sun, RCA (Victor), HMV |
සම්බන්ධිත රඟපෑම් | The Blue Moon Boys, The Jordanaires, The Imperials, Million Dollar Quartet |
වෙබ් අඩවිය | elvis.com |
අත්සන | |
ආගම | Pentecostal |
ප්‍රෙස්ලි ටුපෙලෝ, මිසිසිපි හි දී උපත ලැබීය. ඔහුට වයස අවුරුදු 13ක් ව තිබියදී ඔහුගේ පවුල ටෙනිස් හි මෙම්ෆිස් වෙත පදිංචියට ගියහ. ඔහුගේ සංගීත වෘත්තීය ආරම්භ වූයේ එහි දී ය. ඒ 1954 දී ඔහු Sun Records හි නිෂ්පාදක සෑම් ෆිලිප්ස් සමඟ ගීතයක් පටිගත කිරීමෙනි. ප්‍රෙස්ලි ගේ පළමු RCA ගීතය වූ "Heartbreak Hotel" 1956 ජනවාරි මාසයේ දී නිකුත් වූ අතර එය එක්සත් ජනපදයේ අංක එකේ ජනප්‍රිය ගීතයක් බවට පත් විය. රූපවාහිනී වැඩසටහන් ගණනාවක පෙනී සිටීම් සහ ගීත දර්ශක වල පළමු ස්ථාන වාර්තා නිසා රොක් ඇන්ඩ් රෝල් කලාවේ ප්‍රමුඛ පුද්ගලයා වශයෙන් ඔහු සැලකුම් ලැබීය. සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ පිබිදීමත් සමඟම ඇති වූ සුවිශේෂී ප්‍රබල බලපෑම් සමඟ එකතුව, ඔහුගේ ජවයෙන් පිරි ගීත ඉදිරිපත් කිරීම් සහ ලිංගික පෙලඹවීමක් ඇති කරන සුළු ඉදිරිපත් කිරීමේ කලාව, ඔහුව අති මහත් ජනප්‍රියත්වයකට පත් කරන ලදී.