නැගෙනහිර ඇහැමඩ්පූර්

පකිස්ථානයේ පංජාබ් හි පිහිටි නගරය

නැගෙනහිර ඇහැමඩ්පූර් (සරයිකී, උර්දු: احمد پُور شرقیہ‎) යනු, පකිස්තානයෙහි පන්ජාබයෙහි පිහිටා අති නගරයක් වන අතර, පකිස්තානයෙහි, පන්ජාබයෙහි බහවල්පූර් දිස්ත්‍රික්කයෙහි නැගෙනහිර ඇහැමඩ්පූර් ටෙසිල්හී අගනගරයද වෙයි.

නැගෙනහිර ඇහැමඩ්පූර්
احمدپور شرقیہ
ඇහැමඩ්පූර් ෂර්කියා
නගරය
නැගෙනහිර ඇහැමඩ්පූර් is located in පන්ජාබය, පකිස්තානය
නැගෙනහිර ඇහැමඩ්පූර්
නැගෙනහිර ඇහැමඩ්පූර්
නැගෙනහිර ඇහැමඩ්පූර් is located in පකිස්තානය
නැගෙනහිර ඇහැමඩ්පූර්
නැගෙනහිර ඇහැමඩ්පූර්
නැගෙනහිර ඇහැමඩ්පූර් හී පිහිටීම
ඛණ්ඩාංක: 29°8′38″N 71°15′33″E / 29.14389°N 71.25917°E / 29.14389; 71.25917ඛණ්ඩාංක: 29°8′38″N 71°15′33″E / 29.14389°N 71.25917°E / 29.14389; 71.25917
රටපකිස්තානය
පළාතපන්ජාබය
දිස්ත්‍රික්කයබහවල්පූර් දිස්ත්‍රික්කය
සාංගමික සභා සංඛ්‍යාව32
වේලා කලාපපීඑස්ටී (UTC+5)
 • ගිම්හානය (DST)+6 (UTC)
තැපැල් කේත වර්ගය63350
දුරකථන කේතය(න්)06222
වෙබ් අඩවියhttp://www.ahmedpureast.com

සෞඛ්‍යමය යටිතල ව්‍යූහය සංස්කරණය

පකිස්තානයෙහි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාර, ඔහු විසින් තැනීමට අදහස් කර ඇති රෝහල් 46 අතරින්, එක් රෝහලක් නැගෙනහිර ඇහැමඩ්පූර් තුල ඉදිකෙරෙනු ඇත. නැගෙනහිර ඇහැමඩ්පූර් සිට කිලෝමීටර් 4 ක් පමණ ඈතින් පිහිටි Moza Abbas Arbi හී ඉඩම් කොටසක් මෙය සඳහා වෙන් කොට ඇත. මෙම රෝහල තැනීම සඳහා අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදන, තුර්කි රජය විසින් සපයනු ඇත.

නැගෙනහිර ඇහැමඩ්පූර් න්‍යෂ්ටික බලශක්ති සංකීර්ණය සංස්කරණය

වෝල් ස්ට්‍රීට් ජර්නල් සඟරාව අනුව, පකිස්තාන න්‍යෂ්ටික කොමිසම (පීඒඊසී) විසින් නැගෙනහිර ඇහැමඩ්පූර් හී චීන න්‍යෂ්ටික බලාගාර තුනක් ප්‍රතිෂ්ඨාපනය කිරීමට සැලසුම් කර ඇති අතර මේ වන විට භූමිභාගය සකස් කරමින් පවතියි. [1]නැගෙනහිර ඇහැමඩ්පූර් න්‍යෂ්ටික බලශක්ති සංකීර්ණය සඳහා මෙගාවොට් 1100 න්‍යෂ්ටික බලාගාරයක් හිමි වනු ඇත.[2]

2017 ට්‍රක් රථ ගින්න ඛේදවාචකය සංස්කරණය

2017 වසරෙහිදී නැගෙනහිර ඇහැමඩ්පූර් හී මහා ඛේදවාචකයක් සිදුවූ අතර, පෙරලී ගිය ට්‍රක් රථයකින් ඉන්ධන සොරා ගනිමින් සිටි 150 කට වැඩි සංඛ්‍යාවක් ගම්වාසීන් පිරිසක් හදිසියේ සිදුවූ පිපිරීමකින් මිය ගියහ.

  1. පකිස්තාන් ඉන් ටෝක්ස් ටු ඇක්වයර් 3 නියුක්ලියර් ප්ලාන්ට්ස් ෆ්‍රොම් චයිනා
  2. පකිස්තාන් ටු බිල්ඩ් නිව් නියුක්ලියර් පවර් ප්ලාන්ට්ස්
"https://si.wikipedia.org/w/index.php?title=නැගෙනහිර_ඇහැමඩ්පූර්&oldid=439726" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි