2017 බහවල්පූර් පිපිරීම


2017 ජූනි 25 දිනදී, පකිස්තානයෙහි බහවල්පූර් දිස්ත්‍රික්කයෙහි, නැගෙනහිර ඇහැමඩ්පූර් අසබඩදී ටැංකි ට්‍රක් රථයක් පුපුරායෑමෙන් අවම වශයෙන් පුද්ගලයින් 170 ක් මියගොස් තවත් පුද්ගලයින් 130 කට වඩා තුවාල ලදහ. එන්-5 ජාතික මහාමාර්ගයෙහිදී ට්‍රක් රථයෙහි රියැදුරු විසින් තියුණු වංගුවක් ඔස්සේ රථය පැදවීමෙහිදී එය පෙරලී ඇත. රිය අනතුර පිළිබඳ පුවත අසබඩ ගම්මාන තුල පැතිර යත්ම, ගම්වැසියන් සිය ගණනින් සිද්ධිය වූ ස්ථානයට රොක්වී ඇත්තේ ට්‍රක් රථය වෙතින් එහි ප්‍රවාහනය කෙරුණු ඉන්ධන සොරා ගැනීමටය. එවිට ට්‍රක් රථය පුපුරාගොස් ඇත; මුල් වාර්තා තුලින් කියැවුනේ පිපිරීමට හේතුකාරක වූයේ කිසියම් අයෙකු විසින් සිගරට්ටුවක් දැල්වීම නිසා බවයි.

2017 බහවල්පූර් පිපිරීම
නැගෙනහිර ඇහැමඩ්පූර් is located in පන්ජාබය, පකිස්තානය
නැගෙනහිර ඇහැමඩ්පූර්
නැගෙනහිර ඇහැමඩ්පූර්
නැගෙනහිර ඇහැමඩ්පූර් (පන්ජාබය, පකිස්තානය)
නැගෙනහිර ඇහැමඩ්පූර් is located in පකිස්තානය
නැගෙනහිර ඇහැමඩ්පූර්
නැගෙනහිර ඇහැමඩ්පූර්
නැගෙනහිර ඇහැමඩ්පූර් (පකිස්තානය)
වේලාව06:30 PKT (01:00 GMT)
දිනය25 ජූනි 2017
පිහිටුමනැගෙනහිර ඇහැමඩ්පූර්, පන්ජාබය, පකිස්තානය
මරණ170
මරණීය-නොවන තුවාල130+ (50 දරුණු ලෙසින්)
"https://si.wikipedia.org/w/index.php?title=2017_බහවල්පූර්_පිපිරීම&oldid=400854" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි