නයිල් ගඟ
නයිල් ගඟ උතුරු අප්‍රිකාවේ උතුරට ගලන ප්‍රධාන ගංගාවක් වන අතර එය ලොව දිගම ගඟ ලෙස ද සැළකෙයි[3]. එහි දිග කිලෝමීටර් 6,650කි. එය විශාල ඩෙල්ටාවකින් අවසන් වන අතර ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාව අසලින් මධ්‍යධරණී මුහුදට වැටෙයි.
නයිල් | |
ගඟ | |
The Nile's watershed
| |
රටවල් | ඉතියෝපියාව, Sudan, ඊජිප්තුව, Uganda, Democratic Republic of the Congo, Kenya, Tanzania, Rwanda, Burundi, South Sudan |
---|---|
Cities | Jinja, Juba, Khartoum, කයිරෝ |
Primary source | White Nile |
- elevation | |
- coordinates | 02°16′56″S 029°19′53″E / 2.28222°S 29.33139°E |
Secondary source | Blue Nile |
- coordinates | 12°02′09″N 037°15′53″E / 12.03583°N 37.26472°E |
Source confluence | near Khartoum |
Mouth | |
- elevation | |
- coordinates | 30°10′N 031°06′E / 30.167°N 31.100°E [1] |
Length | 6,650 km (4,132 mi) |
Width | 2.8 km (2 mi) |
Basin | 3,400,000 km2 (1,312,747 සතරැස් සැත) |
Discharge | |
- average | සැකිල්ල:Unit discharge |
[2] |


නයිල් ගඟ සෑදෙන්නේ සුදු නයිල් සහ නිල් නයිල් නමැති ප්‍රධාන අතු ගංගා දෙකකිනි. උගන්ඩාවේ වික්ටෝරියා වැවෙන් ආරම්භ වන සුදු නයිල් ගඟ සූඩානය හරහා කාර්ටූම් වෙත ගලන අතර, එහිදී නිල් නයිල් ගඟ මුණ ගැසී ඉන් පසුව ඊජිප්තුව හරහා ගලා යයි. නිල් නයිල් ගඟ ගලා එන්නේ ඉතියෝපියාව හරහා ය. දිනකට ඝන මීටර මිලියන 300ක් පමණ ජලය නයිල් ගඟෙන් මුහුදට වැටෙයි.
පැරණි ඊජිප්තු ශිෂ්ඨාචාරය නයිල් ගඟ දෙපස ගොඩ නැඟුණි. ඊජිප්තු පිරමිඩ පිහිටා ඇත්තේ ද නයිල් ගඟ ආසන්නයේය. ඊජිප්තුවේ භූමිය වැඩි වශෙයන් කාන්තාරවලින් සමන්විත වන නිසා එහි භෝග වගාවට අවශ්‍ය ජලය සම්පූර්ණයෙන්ම පාහේ ලබාගන්නේ නයිල් ගඟෙනි. ලෝක ප්‍රසිද්ධ අස්වාන් වේල්ල බැඳ ඇත්තේ නයිල් ගඟ හරහා ඊජිප්තුවේ අස්වාන් නගරයේදී ය.
මූලාශ්‍ර සංස්කරණය
- ↑ Nile River at GEOnet Names Server
- ↑ "The Nile River". Nile Basin Initiative. 2011. සම්ප්‍රවේශය 1 February 2011.
- ↑ "Nile River". Nile River. Encyclopedia Britannica. http://www.britannica.com/EBchecked/topic/415347/Nile-River.