නන්දි දේවාලය, ඛජුරාහෝ

(නන්දි දේවාලය, ඛජුරාහෝ ඉන්දියාව වෙතින් යළි-යොමු කරන ලදි)

නන්දි දේවාලය යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ඛජුරාහෝ නගරයේ පිහිටි හින්දු දේවාලයකි. මෙම දේවාලය පුද කොට ඇත්තේ හින්දු පුරාණෝක්තිවේදය අනුව ශිව දෙවියන්ගේ වාහනය යැයි විශ්වාස කෙරෙන නන්දි ගවයා වෙනුවෙනි. සාමාන්‍යයෙන් පොදු ගෘහනිර්මාණ ලක්ෂණයක් ලෙස ශිව දෙවියන්ට (සහ පාර්වතී දේවියට) පිදූ දේවාලවල ශිව දෙසට මුහුණලා හිඳගෙන සිටින ශෛලමය නන්දි ගව රූප දක්නට ලැබේ. මෙම ලක්ෂණය අනුගමනය කරමින් මෙම දේවාලය ද ශිව දෙවියන්ට පුද කළ ඛජුරාහෝවේ විශ්වනාථ දේවාලයට මුහුණලා ඉදි කොට ඇත.[1] මෙම දේවාලය චන්දේල රාජ්පුත් රාජවංශ සමයේ ඉදිවූවකි.[2]

නන්දි දේවාලය
ඛජුරාහෝවේ නන්දි දේවාලය
ඛජුරාහෝවේ නන්දි දේවාලය
නන්දි දේවාලය, ඛජුරාහෝ is located in මධ්‍ය ප්‍රදේශ්
නන්දි දේවාලය, ඛජුරාහෝ
මධ්‍ය ප්‍රදේශය තුළ පිහිටීම
මූලික තොරතුරු
පිහිටීමඛජුරාහෝ[1]
භූගෝලීය ඛණ්ඩාංක24°51′11.9″N 79°55′21.7″E / 24.853306°N 79.922694°E / 24.853306; 79.922694ඛණ්ඩාංක: 24°51′11.9″N 79°55′21.7″E / 24.853306°N 79.922694°E / 24.853306; 79.922694
අනුබැඳියාවහින්දු ආගම
දිස්ත්‍රික්කයඡතර්පූර්, ඛජුරාහෝ[1]
ජනපදයමධ්‍ය ප්‍රදේශ්
රටඉන්දියාව
ගෘහනිර්මාණ විස්තර
නිර්මාපකචන්දේල පාලකයින්

මෙම ගොඩනැගිල්ල ඉන්දියාවේ ලෝක උරුම අඩවියක් ලෙස සැලකෙන ඛජුරාහෝ ස්මාරක සමූහය අතුරින් එක් ස්මාරකයක් ද වේ.[3]

පිහිටීම සංස්කරණය

මෙම දේවාල‍ය පිහිටා ඇත්තේ ඛජුරාහෝ දේවාල සංකීර්ණයේ බටහිර දේවාල සමූහය තුළ ය. දේවාල සංකීර්ණය ඇතුළත මෙහි පිහිටීම සැලකූ විට, මෙම දේවාලය ඛජුරාහෝවේ විශ්වනාථ දේවාලයට මුහුණලා ඉදි කොට ඇත.[1]

ඛජුරාහෝ යනු ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඡතර්පූර් දිස්ත්‍රික්කයේ පිහිටි කුඩා ගම්මානයකි.

ගෘහනිර්මාණ ශිල්පය සංස්කරණය

මෙම දේවාලය ගොඩනගා ඇත්තේ ඍජුකෝණාස්‍රාකාර හැඩැති පීඨිකාවක් (චබුතාරා) මත ය. ප්‍රධාන ගොඩනැගිල්ලේ බිම් සැලැස්ම සතරැස් කුරුසියක (කුරුසයක සහ ඍජුකෝණාස්‍රයක සංයුක්තයක් වැනි) හැඩයකින් යුක්ත ය. එහි ඍජුකෝණාස්‍රාකාර කොටස මගින් දේවාලයේ ගර්භගෘහය සෑදෙන අතර, කුරුසියේ අන්ත‍ මගින් සෑම පැත්තකම සඳලුතල හතරක් නිර්මාණය කොට ඇත.[4] ‍දේවාලයේ බිත්ති ද සඳලුතල බිත්තිවල ස්වරූපයෙන් යුතු අතර, එමගින් ගර්භගෘහය සම්පූර්ණයෙන්ම ආවරණය නොවේ.[4] පියස්ස පිහිටුවා ඇත්තේ කුළුණු මත ය. මෙම කුළුණු සෑම අන්තයකම ස්ථාපනය කොට තිබෙනු දැකගත හැකි ය.[4]

මායිමේ පිහිටි කැටයම් හස්තීන් (හිස, සොඬය සහ පාද දෙකක් ප්‍රදර්ශනය වන අයුරින් ඉදිරි පෙනුම දක්වා ඇත) නිරූපිත මෝස්තරවලින් අලංකාර කොට ඇත.[4] හස්තීන්ගේ රූ දෙපස මිනිස් රූප ද කැටයම් කොට ඇත.[4]

පිටත පියස්සෙහි පෙම් යුවළවල් නිරූපිත ශෘංගාරාත්මක ප්‍රතිමා ද දැකගත හැකි ය.[4]

මීට අමතරව පිටත පියස්සෙහි සහ බිත්තියේ මායිම් කැටයම් මෝස්තර සමග ශිව දෙවියන්ගේ ප්‍රතිමාවක් ද දැකගත හැක. මෙම ප්‍රතිමාවෙහි ශිව දෙවියන් සිය දකුණු උරහිසෙහි ත්‍රිශූලයක් දරා සිටින අතර, වම් උරහිසෙහි නාගයකුගේ රුවක් කැටයම් කොට ඇත.[4]

නන්දි ප්‍රතිමාව සංස්කරණය

මෙම දේවාලයේ ගර්භගෘහයේ පිහිටුවා ඇති දැවැන්ත ශෛලමය නන්දි ගවයාගේ ප්‍රතිමාව මීටර 2.2ක් දිගින් යුක්ත ය. එහි උස මීටර 1.8ක් පමණ වේ. (පහළ රූපය බලන්න)[1]

ගැලරිය සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. 1.0 1.1 1.2 1.3 1.4 "Archaeological Survey of India (ASI) - Nandi Temple". Archaeological Survey of India (ASI). සම්ප්‍රවේශය 21 March 2012. {{cite web}}: |first= missing |last= (help)
  2. Gopal, Madan (1990). K.S. Gautam (ed.). India through the ages. Publication Division, Ministry of Information and Broadcasting, Government of India. p. 179.
  3. "World Heritage Day: Five must-visit sites in India".
  4. 4.0 4.1 4.2 4.3 4.4 4.5 4.6 Image:Nandi Temple Structure

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=නන්දි_දේවාලය,_ඛජුරාහෝ&oldid=414266" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි