වර්ථමාන කළුතර දිස්ත්‍රික්කයේ ලංදේසි සමයේ පැවති සුවිශාල පලාතක් වූවේ පානදුර තොටුමුණයි. එය පානදුරාගඟේ (බොල්ගොඩ) සිට දකුණින් කාල නදිය (කළු ගඟ) දක්වා ව්‍යාප්තවී තිබිණ. පානදුර තොටුමුණ පලාතේ දකුණු සීමාවේ පැවතියේ වාද්දු වස්කඩු දෙ බද්ද පත්තුවයි. ක්‍රිස්තුවර්ශයෙන් දාහත්වන සියවස වන විට එහි බලවත්ව සිටි අයෙකු පිළිබඳ ජනප්‍රවාදයේ සඳහන් වේ. ඔහු මෙහි නින්දගමේ අධිපතියා වශයෙන් කටයුතු කර තිබේ. වස්කඩුවේ ශ්‍රී සුභූති හිමි සදහන් කරන්නේ එම පුද්ගලයා පෙරිය ධර්මසේන වාසල මුදියන්සේ නමින.වෙනත් මූලාශ්‍ර සහ තෝම්බුපත්‍ර වල සටහන් වන්නේ ඔහුගේ නාමය යකුන්දූවේ හිටිරාළලාගේ දොන් ගිමාර පෙරේරා ධර්මසේන ලෙසින. කෝට්ටේ රජකාලයේ තම පරිවාරයට ලද නින්දගම ඔහු පරිබෝජනය කළ බවත් පානදුර තොටුමුණ පලාතේ පළමු උළු සෙවිලි කළ නිවස සෑදූ බවත් ජනප්‍රවාදයේ තවදුරටත් සඳහන් වේ. ලන්දේසි ආණ්ඩුවෙන් ඔහුට පොතුපිටිය සිට දකුණු දෙසට පිහිටි ප්‍රදේශයේ මහ විදානේ තනතුරක් පිරිනැමූ බව වර්ෂඛණ්ඩරාෂ්ඨ්‍ර ග්‍රන්ථයේ සඳහන් වේ. තවද ජනප්‍රවාදයට අනුව පෙරිය මුදියන්සේ සාදන ලද්දා වූ නිවාසය අවට පට්ටි(හින්න කුලයේ පට්ටි උපකුලය) පිරිස් විසූ බැවින් එම නිවස පට්ටිකාරවාසල යනුවෙන් හඳුන්වා තිබෙයි.

බොහෝ පෙර අතීතය සංස්කරණය

ජනප්‍රවාදයට අනුව මෙම පළාතේ ධර්මසේන පරිවාරයේ ආරම්භය සිදුවී ඇත්තේ සීතාවක රජ වාසලට ජාතකවයි. සීතාවක පළමුවන රාජසිංහ රජු නොහොත් ටිකිරිරජ්ජෝරු බණ්ඩාර කුමාරයාට ධර්ම බණ්ඩාර නමින් පුතෙකු විය . රජවාසලට ඥාති සම්බවයක් පැවති තම්මිට නම් වන්නි ආධිපාදවරයාගේ දියණිය වූ තම්මිට පෙරුමාල් නම් කුමරිය ධර්ම බණ්ඩාර කුමරු සමඟ ආදර සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබේ. ඔවුන් දෙදෙනාම ලාබාල වියේ පසු වූවන් වූ අතර කුමරිය ගැබ්ගෙන කෙටි කාලයකින්ම ධර්ම බණඩාර කුමරු හදිසියේ මියගියේය . ධර්ම බණ්ඩාර කුමරු මියයන විටත් කුමරියට සොලොස් විය ඉක්මවා නොතිබිණ.ධර්ම බණ්ඩාර කුමරුත් සොලොස් විය ඉක්මවූවා පමණකි. ගැබ්බර වූ කුමරිය ගේ අනාගත අභිවුර්ධිය පතා ඥාතීන් එක්ව කුමරිය කෝට්ටේ රාජෝත්තම දොන් ජුවන් කුමරුගේ අන්තඃපුරයට යැවූ බව කියවෙයි(මතයක් පමණි).වස්කඩු බද්ද විවරණය ග්‍රන්ථයේ සඳහන් වන්නේ ධර්ම බණ්ඩාර කුමරුගේ නැන්දනිය තම්මිට කුමරිය වෙත ඈඳාගත් රයිගම් නුවර යකුන්දූව ග්‍රාමය පිරිනැමූ බවය. එහි ඉතා කටුක දිවියක් ගතකිරීමට සිදුවූ බැවින් ඇය තම අපහසුතා ප්‍රතිගාල් කළුතර කපිතාන් වෙත ලියා යැවූ පසුව ඇයට වස්කඩු බද්ද නින්දගම ලැබ තිබේ. තම්මිට පෙරුමාල් දේවිය තම කුමරුට නම් තැබුවේ යකුන්දූවේ ධර්මසේන යනුවෙනි.එයට හේතු වූවේ යකුන්දූවේ දී කුමරු උප්පත්තිය ලැබීමයි. වස්කඩුවේ නින්දගම ලද ප්‍රදේශයට පැමිණි දේවිය තම පුතුව කළුතර කපිතාන් දොන් දොමින්ගූ සමීපයට යවා ඇත. එහිදී බෞතීස්ම ලැබූ ඔහු අනතුරුව හඳුන්වනු ලබුවේ යකුන්දූවේ දොන් ධර්මසේන කුලවර්ධන පෙරුමාල් යනුවෙනි. කපිතාන් ඔහුගේ දියණිය වූ දෝන විලාඩස් මැග්ඩලීන් පෙරේරා නම් තරුණිය ධර්මසේන කුමරු වෙත විවාහපත් කර දී තිබේ . කුමරු වෙත එවක ප්‍රතිගාල් ආණ්ඩුවෙන් ආරච්චි තානාන්තරයක් ලබා දී තිබේ. කුමරු වෙතට කොස්ගොඩ දොන් විජේසේකර නම් මුදියන්සේ විසින් සලාගම හේවාපන්න පවුල් සියයක් පමණ ලබා දුන් බව සඳහන් වේ.(වර්ෂඛණ්ඩරාෂ්ඨ්‍ර යේ සඳහන් වන්නේ ධර්මසේන කුමරු ප්‍රතිගාලුන්ට විරුද්ද ලෙසින් හොරරහසේ කටයුතු කළ බවය). මාදම්පාගම සහ කොස්ගොඩ ප්‍රදේශවලින් මෙසේ පැමිණි සලාගම හේවායන්ගෙන් වස්කඩුවේ ජනයා සම්බවය වූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. නින්දගමේ එක් දින රාත්‍රිය නම් විරිත මෙකළ ජනප්‍රියව පැවත තිබේ. කුමරු දාව දරුවන් සිය ගනනාවක් බිහිවූ බව වර්ෂඛණ්ඩරාෂ්ඨ්‍ර ග්‍රන්ථයේ සඳහන් වේ. එනමුදු විලාදාස් දේවියට දරු ගැබක් පිහිටා නැත්තේය. දරු ගැබක් පිහිටන ලෙස බාරහාර වී ඇයගේ පියා දොන් දොමින්ගෝ විසින් වස්කඩු බද්දේ දොමින්ගෝ රෝමානු කතෝලික දෙව් මැදුර (වර්ථනාමයේ එම දේවස්ථානය විනාශ වී ඇති අතර එම දේවස්ථානය පිහිටි ස්ථානයේ කළුතර ප්‍රාදේශීය සභා පොදු ආදාහනාගාරය පිහිටා තිබේ. දේවස්ථානයේ සුසාන භූමිය තවමත් නිරුපද්‍රිතව දක්නට ලැබේ.)තැනවූ බව සඳහන් වේ. වර්ෂඛණ්ඩරාෂ්ඨ්‍ර ග්‍රන්ථයේ සඳහන් ලෙසට ක්‍රිස්තු වර්ශයෙන් 1596 වසරේ දී එම දෙව්මැදුර ආශිර්වාදගන්වා තිබේ. දෙව් මැදුර ඉදිකළ පසු වස්කඩු බද්ද ප්‍රදේශයේ එකඳු අන්‍යාගමිකයෙකු නොවූ බව එමා කෲතියේම සඳහන් වේ. කිසියම් අයෙකු විසින් හදිසියේ කුමරුව ඝාතනය කරවා තිබේ.ඇතැම් මූලාශ්‍රවල දැක්වෙන්නේ ඒ අගම්පොඩි නම් හේවායෙකු බවය. කුමරු තම දරූත්වයේ තබා සිටියා වූ පුතුන් බියපත් වී පලා ගිය බව සඳහන් වේ.ඒ අතරින් තම්මිට කුමරිය (මිත්තණිය) සමඟ පලාගිය කුමරෙකු නැවත යකුන්දූවේ නින්දගම වෙතට ලඟා විය.වැඩිමහල් වූ කළ එම කුමරු හැඳින්වූවේ යකුන්දූවේ ධර්මසේන හිටිරාළ ලෙසින. ඉතා කෲර පුද්ගලයෙකු වූ බව ජනප්‍රවාදයේ සඳහන් වන ඔහු නින්දගම් වරප්‍රසාද රීති යළි රීති ගත කරමින් නින්දගමේ එක්දින රාත්‍රිය භුක්ති වින්දේය. එම හිටිරාළගේ එක් පුත්‍රයෙකු වස්කඩුවේ ඉපැරැණි මුත්තණුවන්ගේ නින්දගම වෙත පැමිණියේ තුඩුගල රාජ කුමරියක් විවාහ කරගනිමිනි. ඔහු දොන් ගිමාර මුදියන්සේයි. ඇය දෝන ලුසියා පෙරුමාල් ය. (යකුන්දූවේ හිටිරාළලාගේ දොන් ගිමාර පෙරේරා ධර්මසේන+තෙන්නකෝන් මුදියන්සෙලාගේ දෝන ලුසියා පෙරුමාල් තුඩුගලේ).දොමින්ගෝ දෙව්මැදුර පෙනෙනාමානයේ අක්කර පණහක් ලබාගත් ඔහු එහි පට්ටිකාරවාසල තනවා තිබේ. වර්ෂඛණ්ඩරාෂ්ඨ්‍ර ග්‍රන්ථයේ සඳහන් වන්නේ ධර්මසේන කුමරුවානන්ගේ ශොහොන් භූමිය දොමින්ගූ දෙව්මැදුරේ ද්වාරයේ පිහිටා තිබූ බවත් එය ගිමාර පෙරේරා විසින් ඉදිකළ බවත් ය .

දෙවැනි පරම්පරාව සංස්කරණය

දොන් පෙරිය සප්තපෙරුමාල්

පෙරිය ධර්මසේන මුදියන්සේගේ (දොන් ගිමාර පෙරේරාගේ ) එක්පුත්‍රයෙකු ලෙස සඳහන් වන්නේ මොහු පිළිබඳවයි. අනෙක් පුතුන් පිළිබඳ තොරතුරු නැත්තේය. ලන්දේසි හමුදාවේ සේවය කළ අතරම මොහුට අතපත්තුවේ ආරච්චිල තානාන්තරයක් ද ලැබී ඇත්තේය. වර්ෂඛණ්ඩරාෂ්ඨ්‍ර ග්‍රන්ථයේ සඳහන් වන්නේ "රණාභි රණශූර" දොන් පෙරිය සප්ත පෙරුමාල් වශයෙනි. රෝමානු කතෝලික දහම අතහැර රෙපරමාදු දහම වැළඳගෙන තිබෙන ඔහු පොතුපිටියේ රෙපරමාදු දේවස්ථානය නිර්මාණය කරවන ලදී.(මෙම දේවස්ථානය 1860 දි පමණ බෞද්ධ පුනර්ජීවන සමයේ දී කඩා විනාශ කරවන විටත් වසර එකසිය පණහක් පමණ ආයුශ වින්දනය කර තිබිණ. එහි පැවතියා වූ රෙපරමාදු පාසැල වෙනුවට පසුව එම භූමියේ ගම්වාසීන් එක්ව පොතුපිටියේ බෞද්ධ මිශ්‍ර පාඨශාලාව සාදා තිබේ.එය වර්ථනාමයේ පොතුපිටියේ මහා විද්‍යාලයයි.) වර්ථනාමයේ බොදු විහාරයක් වන වස්කඩුවේ ධර්මරාජ විහාරය පවතින ස්ථානයේ පිහිටියා වූ රෙපරමාදු දේවස්ථානය ඉදිකරවූයේද මෙතුමා විසින. දේවස්ථානය මෑතක් වන තුරුම විහාරයේ ධර්මශාලාව ලෙසින් පැවති අතර වර්ථමානයේ අභාවයට පත්ව තිබේ.

යකුන්දූවේ හිටිරාළලාගේ දොන් පෙරිය සප්ත පෙරුමාල් පෙරේරා ධර්මසේන
උපත1725 දී පමණ වස්කඩු බද්ද ලන්දේසි ලංකාව
මියගිය දිනය1770 දී පමණ වස්කඩු බද්ද පට්ටිකාරවාසල ලන්දේසි ලංකාව
සතපවන ලද තැනදොමින්ගූ දෙව් මැදුරු භූමිය හෙවත් කුඩා වස්කඩුවේ පොදු සුසාන භූමිය
රැකියාවඅතපත්තුවේ ආරච්චි
කලත්‍රයා(යන්)නීළමුණි තැචරින් ද ආබෲ විජයවිමලසේකර/කරුණාමුණි මාගරීටා
දරුවන්‌ යකුන්දූවේ ධර්මසේන හිටිරාළලාගේ දොන් රිචඩ් පෙරුමාල් පෙරේරා විජයවිමලසේකර (ධර්මසේන රාළලාගේ දොන් රිචඩ් පෙරේරා විජයවිමලසේකර)
දෙමව්පියන්(s)පෙරිය ධර්මසේන මුදියන්සේ/ තුඩුගල මුඩිත්ත තෙන්නකෝන් මුදියන්සේලාගේ දෝන ලුසියා පෙරුමාල්
ආගමරෝමානු කතෝලික පසුව රෙපරමාදු

තුන් වෙනි පරම්පරාව සංස්කරණය

දොන් රිචඩ්

ආණ්ඩුවේ කිසිඳු තානාන්තරයක් බලාපොරොත්තු නොවූ මෙතුමා බුදු දහමේ අභිවුර්දිය පතා කටයුකු කළේය.එහෙත් ගරු තානාන්තරයක් ලද බව කියැවෙයි. පානදුර තොටුමුණ පුරා කිසිඳු තෙරණමක් සොයා ගත නොහැකි වූ මෙසමයේ කිසිඳු බොදු විහාරයක් ද නොතිබුණි. කිසිඳු මුදලි වරයෙකු තම බල ප්‍රදේශයේ පන්සලක් සෑදීමට බිය විය. සුසෙව්හේවාගේ දොන් කොරනේලිස් පිලිප්ස් පෙරේරා අප්පුහාමි නම් අයෙකු වත්මන් පොතුපිටිය වාලුකාරාමය සමීපයේ භාවනායෝගීව විසුවේ මෙසමයේය. ගම්වසියන් ඔහුව හඳුන්වන ලද්දේ නන්දසිරි ගණින්නාන්සේ යනුවෙනි. ගම්වාසීනගේ අනුග්‍රහයෙන් නොබියව තම බලප්‍රදේශයේ පන්සලක් සෑදීම සඳහා අවසර ලබා දෙන ලද්දේ මෙතුමා විසින. අනතුරුව නන්දසිරි ගණින්නාන්සේ යටතේ තම වැඩිමහලු පුතුන් දහතුන් දෙනා පැවිදිකරවන ලද්දේය. පසුව ගම්වාසීන්ගේද උදව් ඇතිව වර්ෂ 1801 දී පොතුපිටිය පූජාරාමය නම් විහාරය තන්වන ලදී. පැවිදි දහතුන් නම මෙහි පදින්චි කරවූ බව කියැවෙයි. වස්කඩුබද්ද පුරා ව්‍යාප්ත වූ උණ සන්නිපාත රෝගයක් වැළඳී ක්‍රිස්තු වර්ෂයෙන් 1820 දී පමණ මෙතුමා ස්වර්ගස්ථ වී තිබේ. නාරි සංදේශය තුල බොහෝ වර්ණනාවට ලක්කරවා ඇත්තේ මෙතුමා පිළිබඳවයි. මොල්ලිගොඩ වලිමුණි වලව්වේ විසූ වනිගමුණි විමලරත්නගේ ලුසියා දියෙස් මැතිණියගේ සහ වලිමුණි මුදියන්සේ ගේ දියණිය වූ වලිමුණිගේ දෝන ඉල්ලේනා රශෙල් ද සිල්වා ජයසිංහ මෙතුමාගේ බිරිඳ විය. රිචඩ් මැතිතුමාගේ ශාසන සංවර්ධන වැඩසටහන් ඉදිරියට පවත්වාගෙන යන ලද්දේ එතුමිය විසින. වර්ෂඛණ්ඩරාෂ්ඨ්‍ර කෲතියේ සඳහන් වන්නේ වස්කඩුවේ පස් පොලක ආරාම සෑදුවේ මැතිණියගේ උවමනාවට බවය. එනම් අරඹවත්ත විහාරය, කන්දේ විහාරය , ධර්මරාජ විහාරය , නාගස්විහාරය , තාලවිහාරයයි.

ධර්මසේන රාළලාගේ දොන් රිචඩ් පෙරුමාල් පෙරේරා විජයවිමලසේකර
උපත1756 දී පමණ වස්කඩුබද්දේ පට්ටිකාරවාසල ලන්දේසි ලංකාව
මියගිය දිනය1820 දී වස්කඩුබද්දේ පට්ටිකාරවාසල අළුත් වලව්වේ බ්‍රිතාන්‍ය ලංකාව
සතපවන ලද තැනදොමින්ගූ දෙව්මැදුරු භූමිය හෙවත් කුඩා වස්කඩුවේ පොදු සුසාන භූමිය
රැකියාවගම්පති
කලත්‍රයා(යන්)රන්පන්හිඳ වළිමුණිගේ දෝන ඉල්ලේනා රශෙල් ද සිල්වා ජයසිංහ
දරුවන්‌භික්ශූන් 13 නමක්/ දොන් ඩේවිඩ්/ දෝන මාරියා

වාඩියමංකඩ

වස්කඩුබද්දේ පිහිටි ප්‍රකටම ස්ථානයකි. මෙහි නාමය බිහි වීම ධර්මසේන පෙලපත සමඟ සම්බන්ද වූවකි. අතීතයේ වස්කඩුබද්දේ රදල පවුල් එක්ව පවත්වන ලද්දා වූ වරිග සබාව හඳුන්වන ලද්දේ වාඩිය ලෙසින. වසර සියගනනක් පුරාවට පවත්වා තිබෙන මෙම වාඩිය අවසාන වරට පවත්වා ඇත්තේ 1824 වර්ශයේ දීය. එහි ඒවන විට මුල්පුටු හොබ්වා අත්තේ ද ධර්මසේන ලමතැනී වූ දෝන ඉල්ලේනා මැතිණිය විසිණ. එහි සිදුවූ විවාහයක් පිළිබඳ බහින්බස් වීමක් දුරදිගයාමෙන් මෙම සබාව විනාශ වී ගොස් තිබේ. මංකඩයනුවෙන් හඳුන්වන ලද මෙම ස්ථානයේ පවත්වන ලද වාඩියේ අදහසින් වාඩියමංකඩ යන නාමය පමණක් තවමත් ජනවහරේ පවතියි.

හතරවෙනි පරම්පරාව සංස්කරණය

භික්ෂූන් දහතුන් නම

දොන් රිචඩ් මැතිතුමා විසින් පැවිදි කරවන ලද දරුවන් අතරින් වැඩිමලා වූවේ ධර්මසේන රාළලාගේ දොන් ෆ්‍රැන්සිස්කු පෙරුමාල් පෙරේරා නම් තැනැත්තයි. ඔහුව පැවිදි දිවියේ හඳුන්වන ලද්දේ පොතුපිටියේ ධර්මරාජ හිමි නමිනි. සාහිත්‍යය බාශාව කලාව සහ පද්‍ය නිර්මාණය ආදී බොහෝ විශයන් කෙරෙහි උන්වහන්සේ පෑ දක්ශතාව නිසාවෙන් ඉතා ඉක්මනින්ම රට පුරා ප්‍රචලිත අයෙකු බවට පත් විය. සෙත් කවි මෙන්ම වස්කවි කීමේ හැකියවෙන්ද අනූන වූ උන්වහන්සේ විසින් රචිත අපූරවතම පැදි පෙළ නාරි සංදේශය නම්විය. ජනප්‍රවද්‍යට අනුව රුක් දෙවියෙකු වාසය කළා වූ පොතුපිටියේ පිහිටි සල රුකක් කපා හල බැවින් ශාපයකට පත්ව වැළඳුණු උණසන්නිපාත රෝගයට පිළියමක් ලෙසින් මෙම සඳේශය ලියවන ලද්දේය. පූජාරාමයේ 1835ක්වූ නවම් මාසයේ සාදා නිමකරවන ලද්දා වූ අභිනව විහාරමන්දිරය ධර්මරාජ ස්වාමීනට ගෞරව පතා ධර්මරාජ ප්‍රතිමාලය වශයෙන් නම් තබන ලද්දේය. නන්දසේන, මහාසේන, ගුණසේන, විමලසේන ,ධම්ම්සේන, සීලානන්ද,ගුණානන්ද.විමලානන්ද, ධර්මානන්ද,සුමනානන්ද, ධ්‍යානානන්ද සහ සිරිනන්ද අනෙක් තෙරුණ්නාන්සේලා වූහ. මේ අතරින් ධම්මසේන හිමියන් වස්කඩුවේ ශ්‍රී සුභූති හිමියන්ට පවා ගුරුහරුකම් පෑ ස්වාමීන් වහන්සේ නමක් වීය.ධර්මරාජ හිමියෝ කිසිකළක උපසපුව ලබා නොගත්තේය. එයට හේතුව වූවේ තම ගුරු භික්ශුව වූ නන්දසිරි ගගණින්නාන්සේ වෙත මල්වතු නිකාය උපසපුව ලබාදීම ප්‍රතික්ෂේප කළ නිසාවෙනි. පූජාරාමයේ පළමු උපසපන් භික්ශුව වූවේ ධම්මසේන හිමියෝය. වාද්දුව සංඝ පරපුරේ ආරම්භක සාමාජිකයෙකු වූ උන් වහන්සේ තල්පිටිය ධළදාවත්ත විහාරයේ ද මොල්ලිගොඩ සුමනාරාම විහාරයේද කළක් වාසය කරමින් ධර්මප්‍රචාරණය කළේය.

දොන් ඩේවිඩ්

දොන් රිචඩ් මැතිතුමාගේ දාහතරවන පුතු දොන් ඩේවිඩ් වූවේය. ගෞරව තානාන්තරයක් වශයෙන් ආරච්චි තානාන්තරයකට අමතරව මුදලි තනතුරක්ද හිමිවීය.

රන්පන්හිඳ පට්ටියකාර වාසල වලව්වේ ධර්මසේන රාළලාගේ දොන් ඩේවිඩ් පෙරුමාල් පෙරේරා විජයවිම්ලසේකර
උපත1805 දී පට්ටිකාරවාසල බ්‍රිතාන්‍ය ලංකාව
මියගිය දිනය1859දී පට්ටිකාරවාසල අලුත් වලව්වේදී බ්‍රිතාන්‍ය ලංකාව
සතපවන ලද තැනදොමින්ගූ දෙව් මැදුරු භූමිය හෙවත් කුඩා වස්කඩුවේ පොදු සුසාන භූමිය
රැකියාවආරච්චි/ මුදලි(නිල නොලත් ගෞරව)
කලත්‍රයා(යන්)දෝන සේසා රැන්ඩිමාල්
දරුවන්‌ දෝන සේලෝ ලීඩියා/දෝන ලොරීන් ඉසඩෝරා/දෝන ගචෝ ඉසබෙල් වැලන්ටීනා/ දෝන ග්‍රේස් සිල්වියා/ දෝන බෙට්සි එයිලීන්
දෙමව්පියන්(s)ධර්මසේන රාළලාගේ දොන් රිචඩ් පෙරුමාල් පෙරේරා විජයවිමලසේකර/ රන්පන්හිඳ වළිමුණිගේ දෝන ඉල්ලේනා රශෙල් ද සිල්වා ජයසිංහ

පරම්පරාවෙන් ලද්දා වූ ආරච්චි (ගෞරව) තානාන්තරයට අමතරව පසුව මුදලි තනතුරකින් පවා පිදුම් ලැබුවේය . ආරච්චි වසම භුක්ති විදින සමයේ දී ප්‍රදේශ වාසීන් රැකියානොමැතිව විඳිනා දුක් පිළිබඳව බොහෝ වේදනාවට පත් මෙතුමානෝ වැලිතර විසූ මිත්‍රයෙකු මාර්ගයෙන් පොල්ලෙලි කර්මාන්තයට පුහුණුව ලද්දා වූ කාර්මිකයන් ගෙන්වා සාර්ථක කොහු මෝලක් අරඹවන ලදී. වස්කඩුබද්දේ වැල්ලබඩ ප්‍රදේශවල ඉඩම් අක්කරසියගනනක ලෙලිවල් සියයක් සෑදූ බව කියැවෙයි. වර්ශ 1836 දී ආරම්භ කරවන ලද කොහුමෝලේ ප්‍රගතිය නිසාවෙන් දහසකට පමණ රැකියා හිමිවීය . බොහෝ කලක් යාමට මත්තෙන් ආණ්ඩුවට පවා කඹ වෙලඳාම් කිරීම ඇරඹීය. කිත්තං යනුවෙන් හඳුන්වන ලද්දා වූ කඹ ලක්ශයක් බ්‍රිතාන්‍ය ආණ්ඩුවට ප්‍රධානයක් වශයෙන් ලබාදුන් බව කියැවෙයි.ඩේවිඩ් මැතිතුමාගේ ධනවත් බව කෙසේද කියතොත් ආණ්ඩුවේ ඒජන්තතුමා මුදලි වලව්ව හඳුන්වා ඇත්තේ පුංචි කච්චේරියයනුවෙනි.වර්ථමාන දුම්‍ රිය නැවතුම් පොළ නොම්මර 1 සමීපයේ එකල පිහිටි තේච්චිතොට නම් වරායෙන් ඉන්දියාවට කොහු අපනයනය කර තිබේ. සුවිශාල දානපතියෙකු වූ ඩේවිඩ් මැතිතුමා වුල්ෆන්ඩාල් වීදියේ කොහු කර්මාන්තය සඳහාම 1845දී වෙළඳ සංකීර්ණයක් අරඹන ලදී. එය හඳුන්වන ලද්දේ දොන් ධර්මසේන සමාගම යනුවෙනි. බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් ලබා දුන්නා වූ නැව් බඳින කඹ පිළීබඳ සතුටට පත් වී ඒ වෙනුවෙන් මුදලි තානාන්තරයක් සහ රුපියල් දහසක ත්‍යාගයක් ලබා දුන් බව සඳහන් වේ. එම තෑගී පත්‍රයේ සඳහන් වන්නේ “දොන් ඩේවිඩ් මුදලි වලව්වට ලබා දෙන තෑගි පත්‍රය නම් පාන්දුර තොටුණ පළාතේ කළුතර වස්කඩු බද්දේ පොතුපිටියේ පට්ටිකාර වාසල වෙසෙන මුදලිඳු ඉංග්‍රීසි ආණ්ඩුවට නැව් බඳින කිත්තම් ලක්ෂයක් පිරිනැමීම වෙනුවෙන් ඒ වෙනුවෙන් කෲතගුණ සල්කණු වස් එම පළාතේ ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්සේ විසින් ව්‍යවහාරික මුදලින් රුපියල් දහසක් ඇතුළුව එම වලව්වේ ප්‍රාකාරය කරවීම වෙනුවෙන් සියළු භාණ්ඩත් සේවකයනුත් පවරා දුන්නේ 1855ක් වූ ජනවාරි මස පළවෙනදායි”යනුවෙනි. කළුතර ඒජන්තතුමාගේ ඉල්ලීම පරිදි මුදලිතුමා එංගලන්තසබාවට බැඳී තම දියණියන් සතර දෙනෙකු පවා කළුතර සෙන් බ්‍රියට්ස් කන්‍යාරාමයට බාර දී තිබේ. එම දියණියන් එංගලන්ත සභාවේ ධර්මප්‍රචාරණය සඳහා විදේශගතවූ අතර 1870දී මිලාගිරියේ දී ග්‍රේස් සිල්වියා සොයුරිය ස්වර්ගස්ථවිය.


දෝන මාරියා

දොන් රිචඩ් මැතිතුමාගේ එකම දියණිය වූවේ ඇයයි. කුඩා කාලයේ සිටම ඉතා ධාර්මික දිවියක් ඇය විසින් ගතකරන ලදී. ඉහල විවාහ පවා ප්‍රිය නොකළ ඇය පොලිස් විදානේ තානාන්තරයක් හොබවන ලද මොල්ලිගොඩ වලව්වේ (වර්ථමාන මොල්ලිගොඩ සුමනාරාමය) විසුවා වූ සුසෙව්හේවාගේ දොන් ෆර්නැන්ඩෝ හාමියෙල් පෙරේරා අප්පුහාමි සමඟ විවාහ විය. තම පරිවාරයෙන් ලද බොහෝ දේපල ශාසනය වෙනුවෙන් පූජාකළේය. 1840 දී පමණ පොතුපිටිය පූජාරාමය භූමියේ පිහිටි ධර්මරාජ ප්‍රතිමාලයේ මග නැවතී තිබූ සංවර්ධන කටයුතු අවසන් කරවන ලද්දේය. වසර හතලිහක් පමණ පොතුපිටියේ මිශ්‍රණාරී පාසැලට දිවා ආහාරය සපයා දෙන ලද්දේය.තම කාළාත්‍රයාගේ වලව්ව පොතුපිටිය වාලුකාරාමය වෙත පරිත්‍යාග කරවන ලද්දේය.

රන්පන්හිඳ පට්ටියකාරවාසල වලව්වේ ධර්මසේන රාළලාගේ දෝන මාරියා පෙරේරා විජයවිමලසේකර
උපත1806 වස්කඩුබද්දේ පට්ටිකාරවාසල බ්‍රිතාන්‍ය ලංකාව
මියගිය දිනය1899 වස්කඩුබද්දේ පුංචි කච්චේරිය බ්‍රිතාන්‍ය ලංකාව
සතපවන ලද තැනදොමින්ගූ දෙව් මැදුරු භූමිය හෙවත් කුඩා වස්කඩුව පොදුසුසාන භූමිය
කලත්‍රයා(යන්)සුසෙව්හේවාගේ දොන් ෆර්නැන්ඩෝ හාමියෙල් පෙරේරා අප්පුහාමි
දරුවන්‌ සුසෙව්හේවාහේ ගිරිගෝරිස් අප්පුහාමි
දෙමව්පියන්(s)ධර්මසේන රාළලාගේ දොන් රිචඩ් පෙරුමාල් පෙරේරා විජයවිමලසේකර/ රන්පන්හිඳ වළිමුණිගේ දෝන ඉල්ලේනා රශෙල් ද සිල්වා ජයසිංහ

තම සොයුරා මෙන් එංගලන්ත සබාව වැලඳ නොගත් ඇය ලාබ අපේක්ශාවන්ට වඩා ශාසනික දිවිය කෙරෙහි යොමුවිය. මව පියා නොමැති අනාත දරුවන් හදාවඩා ගත් අතරම බොහෝ එවන් දරුවන් ශාසනයට යොමුකළේය. එනිසාම ඇයව හඳුන්වන ලද්දේ “පන්සලේ ළමාතැනී” ලෙසින. පොතුපිටියේ සීලරතන නමින් ශාසනයට ඇතුලත් වී එක්දාස් නවසිය හතලිහ දශකය දක්වා පූජාරාමයේ නායක ස්වාමීන්ව විසුවේ ළමාතැනී පැවිදි කළා වූ දරුවෙකි. කුල පීඩනය හමුවේ පැවිදිව මල්වතු උපසපුව ලබාගැනීමට නොහැකි වූ භික්ෂූන් වෙනුවෙන් අමරපුර නිකායික භික්ෂූන් ගේ මගපෙන්වීමෙන් පොතුපිටිය කොරොස්දූව ගඟමත සීමාමාලකයක් තනවා නව උපසම්පදා කර්මයක් පවත්වන ලදී. එසේ අරඹන ලද්දා වූ නිකාය පසු කළකදී මිශ්‍ර වී ගොස් ඇති අතර වර්ථනාමයේ දක්නට නොමැත්තේය.වසර එකසිය දොළහක් ආයු වළඳා 1920දශකයේ දී පොතුපිටිය වාලුකාරාමයේ අනුනායකව වැඩ වෙසෙමින් සිටි අතරතුර අපවත්වී වදාල කොරොස්දූවේ ගුණානන්ද හිමියන් එම නිකායේ නායක දූරය හොබවමින් සිටි හිමිනමකි.

පස් වන පරම්පරාව සංස්කරණය

දෝන ගචෝ

දොන් ඩේවිඩ් මුදලිතුමාගේ තුන්වන දියණියයි. කන්‍යාරාමයට සම්බන්ද නොවූ දියණිය කිවහොත් නිවැරදිය. වස්කඩුවේ ශ්‍රී සුභූති හිමියන් සමඟ කුඩාකාලයේ අධ්‍යාපනය හදාරා තිබේ. එනිසාම කුඩාකාලයේ ඉතා හොඳ මිතුරන් වූවා සේම වැඩිමහලු වූ කළ සුභූති හිමියන්ගේ ශාසනික කාර්‍යන් වෙතට නොමසුරුව උපකාර කරන ලදී.

රන්පන්හිඳ පට්ටිකාර වාසල වලව්වේ ධර්මසේන රාළලාගේ දෝන ගචෝ ඉසබෙල් වැලන්ටිනා පෙරේරා විජය විමලාසේකර
උපත1836 දී පට්ටිකාරවාසල අලුත් වලව්වේ බ්‍රිතාන්‍ය ලංකාව
මියගිය දිනය1905 දී පට්ටිකාරවාසල අලුත් වලව්වේ බ්‍රිතාන්‍ය ලංකාව
සතපවන ලද තැනදොමින්ගූ දෙව් මැදුරු භූමිය හෙවත් කුඩා වස්කඩුව පොදු සුසාන භූමිය
කලත්‍රයා(යන්)සුසෙව්හේවාගේ ගිරිගෝරිස් අප්පුහාමි
දරුවන්‌ සුසෙව්හේවගේ සීමන් ධර්මසේන වීරසිංහ
දෙමව්පියන්(s)රන්පන්හිඳ පට්ටියකාර වාසල වලව්වේ ධර්මසේන රාළලාගේ දොන් ඩේවිඩ් පෙරුමාල් පෙරේරා විජයවිම්ලසේකර/ දෝන සේසා රැන්ඩිමාල්

ගචෝ ලමාතැනිය විවාහ ප්‍රාප්ත වූවේ 1869 වසරේ දීය. ඇයගේ විවාහය පියා විසින් දින පහක් පුරා පැවැත්වූ බව කියැවෙයි. එවක විසූ ආණ්ඩුකාර තැන පවා විවාහයට පැමිණ තිබෙයි. කාන්තාවකට ලබා දුන් සුවිශාලතම දෑවැද්දක් වශයෙන් ඇයට ලැබුනා වූ දෑවැද්ද ජනවහරට එක්විය. ඇයගේ දෑවැද්දට ඇතුලත් වූ දේවල් මෙසේය. අක්කර සියගනනක් වූ වලව්වත්ත ගල්කැටියාගොඩවත්ත වලපල වත්ත සහ වස්කඩුවේ කොබෝදූව වත්ත, අලිදත්,දොන්කරෝලිස් අල්මාරි පෙට්ටගම් වියැඳන්, බක්කි කරත්ත බරකරත්ත අත්කරත්ත,දසපට්ටම් මේස ගෝන් අංමේස සහ ඇඳිපුටු, බුජ කළුගල් වංගෙඩි සහ හොඳ කරුවල මෝල්ගස් ,පිත්තල කුකුලාපහන් ඉලත්තට්ටු පඩික්කම් කිල්ලෝට මල්පෝච්චි තාච්චි පාත්තර, රත්තරං අගස්තිමාල මෝරුමාල දම්වැල්මාල කාසිමාල කරාබු කුච්චි කොන්ඩකූරූ , මවු රත්තරං හවඩි පෙට්ටි නැමිපනා , හොඳකම්බා පටකම්බා පලේකාට්කම්බා කාස්මීර කම්බා පටගවුන් හොඳසායා හොඳහැට්ට හොඳතනපොට හොඳචෝලී , රතුහාල් සුදුහාල් රටපරිප්පු කුළුබඩු මිටි සියයබැගින්, රදා දාසියෝ, කරත්තකාරයෝ, සහ වතුපල්ලෝ පහ බැගින් ලෙසින. එවක සිරිතක්ව පැවතියේ විවාහය සිදුවන දින දෑවැද්ද හඬනගා කීමයි.(පොතුපිටිය පූජාරාමයේ සුමන හිමියන්ගේ මතක සටහන් පොතෙන් උපුටාගන්නා ලදී) වර්ශ 1875 දී වස්කඩුවේ ශ්‍රී සුභූති හිමියෝ වර්ෂඛණ්ඩරාෂ්ඨ්‍ර නම් ග්‍රන්ථය රචනා කරන සමයේ ගචෝ ලමාතැනී විසින් රුපියල් පන්සියක් තරම් සුවිශාල මුදලක් පරිත්‍යාග කරවා තිබෙයි. වර්ශ 1886 එනම් බුද්ධ වර්ශ 2430 දී පොතුපිටියේ පූජාරාමයට ධර්ම ශාලාව සාදා අවසන් කරවන විට එහි සුවිශාල දායකත්වයක් දාරා සිටියේ ගචෝ ලමාතැනී විසින. තම පරම්පරාවේ පරවේනියට ලද්දා වූ දාතූන් වහන්සේ දෙනම පොතුපිටියේ වාලුකාරාමයට සහ පූජාරාමයට පූජා කරවන ලදී. 1925 වසරේ දී වාලුකාරාම විහාරයේ දාගැබ ඉදිකරවන ලද්දේ එම ධාතු නිදන් කරවමිනි.


ගිරිගෝරිස් රාළහාමි

දෝන මාරියා ළමාතැනීගේ එකම දරුවා වූවේ මෙතුමායි. කුඩා කාලයේ සිටම සමාජ හින්සන අකටයුතුකම් සඳහා හඬනගනු ලැබූ මෙතුමා පානදුර පළාතේ බෞද්ධ පුනර්ජීවන සමයේ එම ව්‍යාපාර සඳහා සහයෝගය දක්වන ලදී.

සුසෙව්හේවගේ ගිරිගෝරිස් පෙරේරා අප්පුහාමි
උපත1835 පෙබරවාරි 10 මොල්ලිගොඩමහගෙදර බ්‍රිතාන්‍ය ලංකාව
මියගිය දිනය1906 නොවැම්බර් 20 පට්ටිකාරවාසල අලුත් වලවේ බ්‍රිතාන්‍ය ලංකාව
සතපවන ලද තැනදොමින්ගූ දෙව්මැදුරු භූමිය හෙවත් කුඩා වස්කඩුව පොදු සුසාන භූමිය
වෙනත් නම්කබර විදානේ
රැකියාවපොලිස් විදානේ
කලත්‍රයා(යන්)රන්පන්හිඳ පට්ටියකාර වාසල වලව්වේ ධර්මසේන රාළලාගේ දෝන ගචෝ ඉසබෙල් වැලන්ටිනා පෙරේරා විජය විමලාසේකර/සුසෙව්හේවාගේ ලොරීනා ෆනෑන්ඩූ /සුසෙව්හේවාගේ කැරොලයින් ෆනෑන්ඩූ/ වරුසහැන්නැදිගේ යොන්දිමාල් රෙයිසෝ ෆනෑන්ඩූ
දරුවන්‌ සුසෙව්හේවගේ සීමන් ධර්මසේන වීරසිංහ/සුසෙව්හේවගේ ධර්මදාස ෆනෑන්ඩූ/ සුසෙව්හේවගේ ආරියරත්න ෆනෑන්ඩූ/ සුසෙව්හේවගේ බිලිස් ෆනෑන්ඩූ/ සුසෙව්හේවගේ රෝමන් ෆනැන්ඩූ සුසෙව්හේවගේ ඇලන් ෆනෑන්ඩූ ඇතුලු දරුවන් විසි අටක්
දෙමව්පියන්(s)රන්පන්හිඳ පට්ටියකාර වාසල වලව්වේ ධර්මසේන රාළලාගේ දෝන මාරියා පෙරේරා විජයවිමලසේකර/ සුසෙව්හේවාගේ දොන් ෆර්නැන්ඩෝ හාමියෙල් පෙරේරා අප්පුහාමි

මෙම සමය වන විට පහත් කුලවල බොහෝ දෙනාට ඉහල කුල විසින් බොහෝ අඩම්තේට්ටම් කරනු දක්නට ලැබින. ස්ත්‍රියකට ශරීරයේ ඉහලට හැට්ටයක් තනපොටක් හැඳ සිටීමට අවසර ලැබුනේ විවාහ පත්වන දවසේ පමණි. පුරුශයන්ට දණහිසින් පහලට සරම හැඳ සිටීම තහනම් විය. රදල කුලයක අයෙකු පැමිණෙන කළ අසල අගලකට බැසගත යුත්තේය. නියතවම රදල නිවසක අවමංගල දිනකට මුතුකුඩ ඉහලීම සඳහා සහබාගී වීම අනිවාර්‍ය විරිතක්ම විය. මෙවන් විරිත් නොපිළිපදින පහත් කුලීනයන්ව ප්‍රසිද්ධ ස්ථනයකට ගෙන්වා පහර දෙන ලදී. මෙවන් නොමනා විරිත් වෙනස් කරවන ලද්දේ ගිරිගෝරිස් මුදියන්සේ විසිනි. ගිරිගෝරිස් මැතිනිඳු දේවත්වයෙහිලා ඔවුන් විසින් සලකන ලදී. බෞද්ධ පුනරුදවාදීයැයි පවසමින් ඇතැම් අන්තවාදී පිරිසක් විසින් 1860 වසරේ වත්මන් පොතුපිටිය මහා විද්‍යාලය භූමියේ පැවති රෙපරමාදු දේවස්ථානය වනසා දමන ලදී. එහි ප්‍රධාන සැකකරුවෙකු ලෙස සලකා තරුණ වියෙහිදිම මැතිනිඳු බොහෝ අකරතැබ්බයට පත් වීය. පසුව එම වැරදි වැටහීමෙන් මිදී පැමිණී මෙතුමාට හිරබත් කෑ සමයේ ලද අත්දැකීම් පදනම් කර ගනිමින් සුවිසල් නායකයෙකු විය හැකිවිය.

හයවෙනි පරම්පරාව සංස්කරණය

සීමන් ධර්මසේන

සුවිශාල සමාජ සේවයක් සැලසූ මැතිසඳකි.

සුසෙව්හේවාගේ සීමන් ධර්මසේන වීරසිංහ
උපත1870 පට්ටිකාරවාසල අලුත් වලව්ව බ්‍රිතාන්‍ය ලංකාව
මියගිය දිනය1934 පට්ටිකාරවාසල අලුත් වලව්ව බ්‍රිතාන්‍ය ලංකාව
සතපවන ලද තැනදොමින්ගූ දෙව් මැදුරු භූමිය හෙවත් කුඩා වස්කඩුවේ පොදු සුසාන භූමිය
රැකියාවපොලිස් විදානේ
කලත්‍රයා(යන්)සුසෙව්හේවාගේ දෝන එංගල්තිනා/ සුසෙව්හේවාගේ දෝන නෝසෝ
දරුවන්‌ සුසෙහේවාගේ තැලීනා ප්‍රැන්සින් ධම්සේන වීරසිංහ / සුසෙව්හේවාගේ ජෝර්ජ් සැම්සන් ධර්මසේන වීරසිංහ/ සුසෙව්හේවාගේ ලිලී ධර්මසේන/ සුසෙව්හේවාගේ නැස්ලීන් ධර්මසේන/ සුසෙව්හේවාහේ අල්ලිස් ධර්මසේන/ සුසෙව්හේවාගේ මයිකල් ධර්මසේන/ සුසෙව්හේවාගේ විජේපාල ධර්මසේන
දෙමව්පියන්(s)සුසෙව්හේවාගේ ගිරිගෝරිස් පෙරේරා අප්පුහාමි/ රන්පන්හිඳ පට්ටිකාර වාසල වලව්වේ ධර්මසේන රාළලාගේ දෝන ගචෝ ඉසබෙල් වැලන්ටිනා පෙරේරා විජයවිමලසේකර

සීමන් ධර්මසේන මැතිතුමාව බොහෝ දෙනෙකු හඳුනන්නේ පොතුපිටියේ මුදියන්සේ යනුවෙනි. පියාගෙන් පසුව පොතුපිටිය 708 පොලිස් විදානේ තනතුර හිමිවිය . ඒ 1894 දීය. සමාජ සේවා කටයුතු සඳහා අවතීර්ණ වන ලද්දේ මෙසමයේ බව කිවතොත් නිවැරදිය. මෙතුමාගේ පියා විසින් බුදු දහමට අවතීර්ණව කටයුතු කළද නිසැකවම බුදු දහම වැළඳගෙන නොතිබුණි. ඒවන විටත් රෙපරමාදු ආගම ලෙසින් උප්පැන්නයේ සඳහන් වී තිබුණි. බුදු දහමට අනුව කටයුතු කළත් මෙම ප්‍රදේශයේ බොහෝ දෙනෙකුගේ උත්පැන්නයේ ඒ වන විටත් සඳහන් වූවේ රෝමානු කතෝලික හෝ රෙපරමාදු බවය. මෙතුමා විසින් බොදු නෙත් මහා සමිතිය නමින් අරඹන ලද සභාව මගින් පලමුව මෙම ගැටළුව සඳහා පිළියම් සෙවූයේය. ඒ අනුව 1899 වසරේ සිට සියලුම ප්‍රදේශවාසීන් පාහේ තම පවුල් වල අලුතින් උපදින දරුවන්ගේ උප්පැන්න සඳහා ආගම වශයෙන් තබන ලද්දේ බුද්ධාගමය. වස්කඩුබද්ද පත්තුවේ මේ වන විටත් කිසිඳු චිත්‍ර සහිත වූ විහාර මන්ධිරයක් නොවීය. බොදු නෙත් මහා සමිතිය විසින් සිදුකළ අනෙක් පුන්‍යකර්මය වූවේ බුදු දහම නෙතට දැකීම වෙනුවෙන් පූජාරාමයේ පවතින බුදු මැදුරේ සිතුවම් නිර්මාණයයි. ඒ සඳහා එවක ප්‍රකට සාර්ලිස් ද සිල්වා නම් ශිල්පියා සම්බන්ධ කරගත්තේය. සිතුවම් නිමවා අවසාන වන විට සම්පූර්ණ වියදම රුපියල් සතලිස් දහසක් පමණ විය. එදාවේල ගැටගසා ගන්නා ලද ගැමියන්ගෙන් මෙම කටයුත්ත සඳහා ලද්දා වූ උපකාරයක් නොමැති තරමය. වියදම පියවා ගැනීමට සීමන් මැතිතුමා වුල්ෆන්ඩාල් වීදියේ එනම් වත්මන් කොළඹ කොටුවේ තම ප්‍රවේණියෙන් ලද්දා වූ සුවිශාල ඉඩමක් විකුණා ලද මුදලින් මේ සඳහා මුදල් ලබාගන්නා ලදී. වස්කඩුවේ ශ්‍රී සුභූති හිමි වැඩ විසූ අභිනවාරාම විහාරයේ ධාතුන් වහන්සේලා විසීමට එවක තනවන ලද්දා වූ කුටීය සඳහා ද නොමසුරු ආධාර කළේය. මොල්ලිගොඩ පිරිවෙන් විහාරයේ උලු සෙවිලි නොකරන ලද සියළු වහල් සඳහා උලු තබා උපකාර කරවන ලද්දේය. පානදුර තොටුමුණ පලාතේ විනාශයට පත්ව පැවති විහාර සඳහා පුස්ථකාල පොත් පරිථ්‍යාග කරවීමේ ව්‍යාපාරය අරඹන ලද්දේ 1910 දී පමණය. දොන් ධර්මසේන සමාගමට අනුබද්දව සත්‍යාර්ථ නමින් මුද්‍රණාලයක් අරඹන ලද්දේය. පුන්‍ය පුස්ථක බෙදාහැරීම් කටයුතු සඳහා තම වැඩිමහලු දියණිය පුහුණුකළේය. මුද්‍රණාලයේ මුද්‍රණය වූ පුස්තක වර්ග දහසක් පමණය. මුද්‍රණාලයෙන් ලද ආදායම නවීකරනය වන බෞද්ධ සිද්ධස්ථාන සඳහාම වෙන්වීය. හතලිස් වසරක් පුරා නොවරදවා පොතුපිටියේ වාලුකාරාමයේත් පූජාරාමයේත් කඨින පූජාව සිදුකරවා තිබේ. පොතුපිටියේ බෞද්ධ මිශ්‍ර පාඨශාලාවේ දවාලේ ආහාර වේල 1900-1934 දක්වා ලබා දෙන ලදී. මෙතුමා සන්තෝශයට පත් වන ලද්දේ පුණ්‍යකටයුතු වලින් පමණක්ම විය. එතුමා ජීවිතයේ සැඳෑ සමයට පත්වන කළ සන්ථක වූ කිසිඳු වස්තුවක් නැත. එතුමානෝ තම දරුවන්ට ඉතිරි කරවන ලද්දේ ඔවුනට ලබා දුන් හොඳ අධ්‍යාපනය පමණකි. මෙතුමානෝ සමාජයට සිදුකළ සේවය ඇගයීම පිණිස ඉංග්‍රිසි ආණ්ඩුව විසින් “වීරසිංහ” නමින් ගරු තානාන්තරයක් ලබා දෙන ලදී.1934වසරේ ප්‍රදේශයක් හඬවා අභාවප්‍රාප්ත වූ මෙතුමාගේ අවසාන සංස්කාර කටයුතු බොදු පිළිවෙතට අනුව සිදුවිය. එයට හේතුව ඒ වන විටත් කතෝලික මානයන් මත වළදැමීම පමණක් සිදුවූ බැවින. ගම් වාසීන් බොදු ආදාහන කර්මයෙන් මෙතුමාගේ අවසාන සංස්කාර සිදුකරවා භශ්මාවශේශ දාගැබක් සාදා තැම්පත් කරවන ලදී.

හත්වෙනි පරම්පරාව සංස්කරණය

ජෝර්ජ් සැම්සන් ධර්මසේන

සීමන් ධර්මසේන මැතිඳුගේ වැඩිමහලු පුතුය.

සුසෙව්හේවාගේ ජෝර්ජ් සැම්සන් ධර්මසේන වීරසිංහ
උපත1893 දී පට්ටිකාරවාසල අලුත් වලව්වේබ්‍රිතාන්‍ය ලංකාව
මියගිය දිනය1923දී පට්ටිකාරවාසල අලුත් වලව්වේ බ්‍රිතාන්‍ය ලංකාව
සතපවන ලද තැනකුඩා වස්කඩුව පොදු සුසාන භූමිය
රැකියාවබැරිස්ටර්
දෙමව්පියන්(s)සුසෙව්හේවාගේ සීමන් ධර්මසේන වීරසිංහ/ සුසෙව්හේවාගේ දෝන එංගල්තිනා

විසිපස්වන වියේදී එංගලන්තයේ බැරිස්ටර් විභාගය සමත්ව ලංකාවට පැමිණි මෙතුමා කළුතර අධිකරනයේ නීතීඥයෙකු ලබාගත නොහැකිව අසරණ වූ පුද්ගලයන් වෙතට සහය දැක්වීය. නොමිලේ සේවය සැලසුවේය. ඉංග්‍රීසි භාෂා ඥානය වර්ධනය කරවීම පිණිස වස්කඩුවේ කන්දේ විහාරයේ ඉංග්‍රිසි දහම් පාසැලක් අරඹන ලද්දේය.

මයිකල් ධර්මසේන

කුඩාකාලයේ සිට සංගීතය සහ ක්‍රීඩා වලට බොහෝ දක්ශතා පෙන්වා තිබෙයි. එනිසාම පියා විසින් ඔහුව කොලඹ කේරි විද්‍යාලයට ඇතුලත් කරවන ලදී. ඉතා හොඳින් ක්‍රීඩා කටයුතු වල නිරත වූ ඔහු 1940 දී කොලඹ මිලස් සමාගමේ පාපන්දු කණ්ඩායමට එක්විය. එම දශකයේම චිත්‍රාගාර සංස්ථාවට බාහිර තබ්ලා වාදකයෙකු ලෙස ඇතුලත් වූ අතර එහිදී ලැබුවා වූ පන්නරය මත 1960 දශකයේ දී ලංකාවේ සිටි චිත්‍රපටශාලා මැනේජර් වරුන් අට දෙනා අතරට එක්විය හැකි විය. සිංහල අංගම්මල්ලව සෙල්ලම් සඳහා මහත් රුචිකත්වයක් පෑවේය. 1950 දී අග්‍රාණ්ඩුකාරයන් අතින් පදක්කම් ලැබීමට තරම් භාග්‍ය විය.

සුසෙව්හේවාගේ මයිකල් ධර්මසේන
උපත1921 දී පට්ටිකාරවාසල අලුත් වලව්වේබ්‍රිතාන්‍ය ලංකාව
මියගිය දිනය1985 නොවැම්බර් 24දී පට්ටිකාරවාසල අලුත් වලව්වේ ශ්‍රී ලංකාව
සතපවන ලද තැනපූජාරාම භූමියේ ආදාහනය සිදුකරන ලදී.
කලත්‍රයා(යන්)සෝමා ධර්මසේන
දරුවන්‌ සුසෙව්හේවාගේ ක්ලේරා බ්‍රියටිස් ධර්මසේන/ සුසෙව්හේවාගේ උමාදි එවන්තිකා ධර්මසේන/ සුසෙව්හේවාගේ සුදත් මිලින්ද ධර්මසේන
දෙමව්පියන්(s)සුසෙව්හේවාගේ සීමන් ධර්මසේන වීරසිංහ/ සුසෙව්හේවාගේ දෝන නෝසෝ


විජේපාල ධර්මසේන

1960-70 දශක වල පොතුපිටිය ආසනය මෙහෙයවමින් කළුතර ගම් සභාවට නිතරඟයෙන් තේරීපත් වූ සාමාජිකයා වේ. ප්‍රදේශයේ පානීය ජල ගැටළුව නිරාකරනය කරවීම සඳහා පුද්ගලික ධනය යොදවා කැපවන ලද්දේය.තම නිවසේ ලිඳපවා ජනයා වෙනුවෙන් පරිත්‍යාග කළේය. පොතුපිටියේ පවුල් සියයක් පමණ වාසය කරනු ලැබූ කහටගහවත්ත සහ ගොරකගහවත්ත ප්‍රදේශ වලට ලඟා වීමට නීත්‍යානුකූල මාර්ගයක් නොවීය . සුසාන භූමියමතින් මාර්ගයක් ලබාදුන් අතරම තම මුදලින් තවත් මාර්ගයක් සකසන ලද්දේය.පොතුපිටිය ප්‍රදේශයට විදුලිය ලබා ගැනීමට සියළු පිරිවැය පුද්ගලිකව දරණ ලද අතරම විදුලි කණු සැකසීම වෙනුවෙන් පොල්ගස් දෙදහසක් පරිත්‍යාග කරන ලද්දේය. පොතුපිටියේ ධර්මරාජ හිමි අනුස්මරණ කරමින් ඝඨාකාර හැඩයෙන් ඉදිකළ ස්ථූපය සඳහා පූර්ණ අනුග්‍රහය දක්වන ලදී.

මූලාශ්‍ර සංස්කරණය

නාරි සංදේශය/නාරි සංදේශයට අරුත් සැපයීම 1914/නාරි සඳේශයට අරුත් සැපයීම 1925(ඩබ්ලිව්.ඒ.එෆ්.ධර්මවර්ධන)/වර්ෂඛණ්ඩරාෂ්‍ට්‍ර ග්‍රන්ථය-1875(වස්කඩුවේ ශ්‍රී සුභූති හිමි)/පොතුපිටිය රජමහ වෙහෙර-1998(බද්දේගම සුමන හිමි)

"https://si.wikipedia.org/w/index.php?title=ධර්මසේන&oldid=500569" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි