පොතුපිටියේ ධර්මරාජ හිමි
පානදුර තොටුමුණ පළාතේ වස්කඩුබද්ද යනුවෙන් එකල හඳුන්වනු ලැබුවා වූ ප්‍රදේශයේ දහඅටවන සියවසේ අගබාගයේ දී පහල වූ පසිඳු ස්වාමීන් වහන්සේ නමකි.
පොතුපිටියේ සීලරතන ධර්මරාජ හිමි | |
---|---|
උපත | 1780 දී පමණ රන්පන්හිඳ ධර්මසේන රාළලාගේ දොන් ෆ්‍රැන්සිස්කු පෙරුමාල් පෙරේරා විජයවිමලසේකර වස්කඩු බද්දේපට්ටිකාරවාසල ලන්දේසි ලංකාව |
මියගිය දිනය | 1847දී පොතුපිටිය පූජාරාමය බ්‍රිතාන්‍ය ලංකාව |
දෙමව්පියන්(s) | ධර්මසේන රාළලාගේ දොන් රිචඩ් පෙරුමාල් පෙරේරා විජයවිමලසේකර/ රන්පන්හිඳ වළිමුණිගේ දෝන ඉල්ලේනා රශෙල් ද සිල්වා ජයසිංහ |
වස්කඩුබද්ද ප්‍රදේශයේ බෞද්ධ පුනර්ජීවන කරවීම් සඳහා මූලිකත්වය ගත්තා වූවේ ධර්මසේන රාළලාගේ දොන් රිචඩ් පෙරුමාල් පෙරේරා විජයවිමලසේකර නොහොත් ධර්මරාජ හිමියන්ගේ පියාණන් ය. ඔහු විසින් ධර්මරාජ ඇතුලු තම පුතුන් දහතුනක් පැවිදිකරවන ලදී. එසේම පරිත්‍යාගදාරීන්ගේද සහය ලබාගෙන පොතුපිටිය පූජාරාමය තනවන ලදී. දොන් රිචඩ් මැතිතුමා විසින් පැවිදි කරවන ලද දරුවන් අතරින් වැඩිමලා වූවේ ධර්මසේන රාළලාගේ දොන් ෆ්‍රැන්සිස්කු පෙරුමාල් පෙරේරා නම් තැනැත්තයි. ඔහුව පැවිදි දිවියේ හඳුන්වන ලද්දේ පොතුපිටියේ ධර්මරාජ නමිනි. අබිනවයෙන් ඉදිවූ පූජාරාම විහාරයේ පළමු විහාරාදිපති වූහ.සාහිත්‍යය බාශාව කලාව සහ පද්‍ය නිර්මාණය ආදී බොහෝ විශයන් කෙරෙහි උන්වහන්සේ පෑ දක්ශතාව නිසාවෙන් ඉතා ඉක්මනින්ම රට පුරා ප්‍රචලිත අයෙකු බවට පත් විය. සෙත් කවි මෙන්ම වස්කවි කීමේ හැකියවෙන්ද අනූන වූ උන්වහන්සේ විසින් රචිත අපූරවතම පැදි පෙළ නාරි සංදේශය නම්විය. ජනප්‍රවද්‍යට අනුව රුක් දෙවියෙකු වාසය කළා වූ පොතුපිටියේ පිහිටි සල රුකක් කපා හල බැවින් ශාපයකට පත්ව වැළඳුණු උණසන්නිපාත රෝගයට පිළියමක් ලෙසින් මෙම සඳේශය ලියවන ලද්දේය.සංදේශය ලියවා සතියක් තුල වසංගතය අවසන් වී ගිය බව ජනප්‍රවාදයේ සඳහන් වේ. පූජාරාමයේ 1835ක්වූ නවම් මාසයේ සාදා නිමකරවන ලද්දා වූ අභිනව විහාරමන්දිරය ධර්මරාජ ස්වාමීනට ගෞරව පතා ධර්මරාජ ප්‍රතිමාලය වශයෙන් නම් තබන ලද්දේය. ඒවන විටත් මෙම ප්‍රදේශ වල උපසපුව හිඟවූ බැවින් මෙම තෙරුන්වහන්සේ සිල්වත් තැනක් ලෙසිම දිවිමඬලෙන් අපවත්වී වදාලහ. ජන මතයට අනුව අපවත් වී වදාල එම හිමියන් පොතුපිටිය පූජාරාමය විහාරයේ බෝධි රුකට අධිපතිව රුක් දෙවියෙකු ලෙසින් වසන්නේය. එබැවින් මේ වන විට සීලරතන දේවං යනුවෙන් එහිමියෝ ප්‍රාදේශීය දේවත්වයට පත්ව ඇත්තේය.
මූලාශ්‍ර
සංස්කරණයවස්කඩුවේ ශ්‍රී සුභූති හිමිගේ වර්ෂඛණ්ඪරාෂ්ට්‍රය ග්‍රන්ථය 1875/බද්දේගම සුමන හිමිගේ පොතුපිටිය රජමහ වෙහෙර 1998