කීර්තිමත් සමාජ සේවිකාවක් වූ සෝමා අත්කම් නිර්මාණයට උපන්හපන් හැකියාවකින් යුත්තෙක් ද විය. එම හැකියාව තම ප්‍රදේශවාසීන් සමඟ හුවමාරු කරගත් ඇය බොහෝ කාන්තාවන් පිරිසකට රැකියා නිර්මාණය කරවා දීමටද සමත් වීය.

හාරඹගේ සෝමාවතී ප්‍රනාන්දු (විවාහයෙන් පසු ධර්මසේන)
උපත1925 අගෝස්තු 17 පොතුපිටිය බ්‍රිතාන්‍ය ලංකාව
මියගිය දිනය2021 ජූලි 21 පොතුපිටිය ශ්‍රී ලංකාව
කලත්‍රයා(යන්)සුසෙව්හේවාගේ මයිකල් ධර්මසේන
දරුවන්‌ සුසෙව්හේවාගේ ක්ලේරා බ්‍රියටිස් ධර්මසේන/ සුසෙව්හේවාගේ උමාදි එවන්තිකා ධර්මසේන/ සුසෙව්හේවාගේ සුදත් මිලින්ද ධර්මසේන
දෙමව්පියන්(s)හාරඹගේ සියනේරිස් ප්‍රනාන්දු/ සුසෙව්හේවාගේ දෝන රෙසිනා

මුල් දිවිය

සංස්කරණය

සෝමවතී 1925 දී පොතුපිටියේ නාරංගහවත්තේ ගෙදර දී උපන්නේ සොයුරන් සය දෙනෙකුට පසුව පවුලේ එකම ගැහැණු දරුවා වශෙයෙනි. ඇගේ පියා පයාගල මහකරාව වාසල නම් නිවසේ සිට පැමිණ බින්න බැසගත් ප්‍රකට පාරු හිමි වෙළෙන්දෙකු වූ අතර මව ඉඩම් හිමි වැවිලි කාරියක් සේම රේන්ද හිමි කාන්තාවක වූවාය. ඇය කුඩා කල සිටම විවීමේ ගෙතීමේ ආදී අත්කම් කර්මාන්ත සඳහා දක්ෂ වූවාය. එම ශිල්ප ක්‍රම බොහෝමයක් ඇය හදාරන ලද්දේ ඇගේ මිත්තණිය වූ සුසෙව්හේවාගේ දෝන සීච්චෝ හාමිනේගේ ඇසුරිණි. 1931 වසරේ දී එවක එම පළාතේ පැවති එකම පාසැල වූ පොතුපිටියේ බෞද්ධ මිශ්‍ර පාඨශාලාවට ඇතුලත් වූ ඇය උසස් අධ්‍යාපනය දක්වා එහි ඉගෙනුම ලැබුවේය. පාසැල් කාලයේ සිට ආගමික සහ සමාජ කටයුතු වලදී මූලිකත්වය ගෙන කටයුතු කළේය. පාලි සංස්කෲත ආදී බෞද්ධ ධර්ම ඉගෙනීම සිදුකරන ලද්දේ තම මාමා වූත් එවක පොතුපිටිය පූජාරාමයේ විහාරාධිපතිව සිටිය වූ පොතුපිටියේ සීලරත්නාභිධාන නායක ස්වාමීන් සහ සුධීරානන්දාභිදාන ස්වාමීන් ඇසුරිනි.

සමාජ සේවා කටයුතු

සංස්කරණය

බීරළු විවීමේ කර්මාන්තය සඳහා කුඩා වියෙහිදීම යොමුවූ ඇය 1942 පමණ වන විට බීරළු විවීමේ ගුරුවරයෙකු ලෙසින් රැකියා අහිමි කාන්තාවන් වෙනුවෙන් සේවය කළේය. 1943 වසරේ දී පොතුපිටිය බොදු නෙත් මහා සමිතියේ සබාපති දූරයට පත්වූ ඇය එම සමිතියට අනුබද්දව කාන්තාවන් සඳහා පොතුපිටිය මහිලා සමිතිය පිහිටවා ගත්තේය. පොල්ලෙලි තැලීම ජීවන වෲතිය කරගත්තා වූ පොතුපිටියේ බොහෝ කාන්තාවන් හරිහැටි ආදායමක් නොමැතිව නිරාදුක් වින්දේය. මහිලා සමිතිය යටතේ පොතුපිටියේ පේශ කාර්මික පාසැලක් ආරම්භ කරවන ලද්දේ ඔවුන්ට පිහිටක් වීමේ බලාපොරොත්තුවෙනි. 1945 වසරේ දී පමණ ඇති වූ යුදමය වාතාවරණයේ දී ලංකාවට රෙදි ආනයනය බ්‍රිතාන්‍ය ආණ්ඩුව මගින් කප්පාදු කළ සමයේ මෙම පේශ කම්හල සුවිශාල සංවර්ධනයක් ලැබුවේය. කර්මාන්ත ශිල්පීන් පන්සියයක් පමණ සේවය කරමින් සිට ඇත. එනමුදු 1947 වසරේ දී බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් බදු නොගෙවන ආයතනයක් බවට පවසා මෙම සමාගම සීල් තබා වසා දමන ලදී. නැවත කාන්තාවන් ඒකරාශී කරගත් සෝමවතී 1949 වසරේ දී වැටකෙය්‍යා පන් ශිල්ප සමාගමක් ආරම්භ කරවන ලදී. නිදහස් ලංකාවේ පැවති එක්සත් ජාතික පක්ශ ආණ්ඩුව මගින් 1950 වසරේ දී මෙම සමාගම රජයට පවරා ගත් අතර බොහෝ කාන්තාවන් සඳහා රැකියා අවස්ථා ලබා දෙන ලදී. මෙම ශිල්පීය කර්මාන්ත වලට අමතරව පොතුපිටියේ මහිලා සමිතියේ සබාපතිව සිටි සමයේ දී තොග බාණ්ඩ සිල්ලර කරවා විකුණන ව්‍යාපාරයක්ද කරවාගෙන ගියේය. එහි ආදායම සමිතියේ ක්‍රියාවලීන් ශක්තිමත් කරවීම පිණිස භාවිත කළේය. පොතුපිටිය බොදු නෙත් මහා සමිතිය මගින් ඇය පොතුපිටියේ ධම්මසිරි සහ පිලානන්ද යන හිමිවරුන් විසින් අභිනවයෙන් ඉදිකරමින් පැවති පොතුපිටිය ධම්මතිලකාරාම විහාරයේ බොහෝ සංවර්ධන කටායුතු සඳහා ද අතහිත දුන්නේය.

විවාහය

සංස්කරණය

ඇය 1953 ඔක්තෝඹර් 24 දින පොතුපිටිය ධර්මසේන වලව්වේ පොඩිරාළහාමි නොහොත් මයිකල් ධර්මසේන සමඟ විවාහා වූවේය. ඇගේ පුන්‍ය කටයුතු බොහෝමයක් ආරම්භ වූවේ විවාහා දිවිය තුලයි. 1953-1970 දක්වා වසර විස්සකට ආසන්න කාලයක් ප්‍රදේශයේ විශාලතම කඨින පූජාව හෙවත් පූජාරාමයේ කඨින පූජා සඳහා පූර්ණ වියදම දැරුවේය. එසේම නැවතත් පූජාරාම මහා සමිතියේ භාණ්ඩාගාරික දූරය හොබවමින් 1980 දක්වා සංවර්ධන කරයුතු රාශියක් සඳහා සහය දක්වන ලදී.

මියයාම

සංස්කරණය

වසර අනූහයක් පරමායුශ වින්දනය කළ ඇය 2021 ක්වූ ජූලී මස 21 දා සිහියෙන් පරලෝ සැපත් විය.

"https://si.wikipedia.org/w/index.php?title=සෝමා_ධර්මසේන&oldid=496606" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි