දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ
ශුද්ධවූ දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ (ලතින්: Ioannes Paulus II), උපතින් කැරොල් යූසෆ් වොයිතව්වා; 18 මැයි 1920 – 2 අප්‍රේල් 2005), යනු 16 ඔක්තොම්බර් 1978 සිට 2005 වසරේදී එතුමාගේ මරණය දක්වා පාප්වහන්සේ විය. . එතුමා, නූතන ඉතිහාසයෙහි දෙවන වැඩිම කාලයක් -තනතුර දැරූ පාප්වහන්සේ වූ අතර, පෝලන්ත ජාතිකයෙක් වශයෙන්, 1523 වසරෙහිදී මිය ගිය, හයවන ඒඩ්රියන් පාප්වහන්සේගෙන් පසුව පළමු ඉතාලි ජාතික නොවන පාප්වහන්සේ විය.
ශුද්ධවර පාප්වහන්සේ දෙවන ජුවාම් පාවුඵ පාප්වහන්සේ | |
---|---|
පාප්වහන්සේ (රෝමයේ රදගුරුතුමා ආදිය.) | |
ස්වදේශික නම | |
සභාව | රෝමානු කතෝලික සභාව |
සංස්ථාපනය | 16 ඔක්තොම්බර් 1978 |
Term ended | 2 අප්‍රේල් 2005 |
පූර්වප්‍රාප්තිකයා | පළමුවන ජුවාම් පාවුළු පාප්වහන්සේ |
අනුප්‍රාප්තිකයා | දහසයවන බෙනඩික්ට් පාප්වහන්සේ |
වෙනත් තනතුරු |
|
ධූර තොරතුරු | |
ප්‍රව‍්‍රජ්‍යාව | 1 නොවැම්බර් 1946 ආදම් ස්ටෙෆාන් සපියහා විසින් |
අභිෂේකය | 28 සැප්තැම්බර් 1958 එව්ගැනියුෂ් බැෂියක් විසින් |
කාදිනල් ධූරයට පත් කරනු ලැබුවේ | 26 ජූනි 1967 by හයවන පාවුළු පාප්වහන්සේ |
පුද්ගලික විස්තර | |
උපන් නම | කැරොල් යූසෆ් වොයිතව්වා |
උපත | 18 මැයි 1920 වැඩොවිසා, පෝලන්ත ජනරජය |
විපත | 2 April 2005 අපෝස්තලික මාළිගය, වතිකානු පුරය | (වයස 84)
ජාතිය | පෝලන්ත (වතිකානු පුරවැසිභාවය හාසමගින්) |
සභාව | කතෝලික |
Motto | [Totus Tuus] Error: {{Lang}}: text has italic markup (help) (මුළුමනින්ම ඔබගේ) |
Signature | |
Coat of arms | |
සාන්තුවරභාවය | |
Feast day | 22 ඔක්තොම්බර් |
Beatified | 1 මැයි 2011 ශාන්ත පීතර චතුරස්‍රය, වතිකානු පුරය by දහසයවන බෙනඩික්ට් පාප්වහන්සේ |
Canonized | 27 අප්‍රේල් 2014 ශාන්ත පීතර චතුරස්‍රය, වතිකානු පුරය by ෆ්‍රැන්සිස් පාප්වහන්සේ |
Patronage | ජගත් තරුණ දවස (පොදු-අනුශාසකයා), Kraków, Poland |
Other popes named ජුවාම් පාවුළු |
දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ, 20 වන සියවසෙහි අතිමහත් බලපෑම් ඇති කල නායකයන් අතුරින් එක් අයෙකි. එතුමාගේ ස්වදේශීය පෝලන්තයේද අත්‍යන්තයේ සමස්ත යුරෝපයේද කොමියුනිස්ට් පාලනය අවසන් කිරීමට උපකාරීවූ ලෙසින් එතුමා සැලකෙයි. [1] ජුදා ආගම, ඉස්ලාම් ආගම, නැගෙනහිර ඕර්තඩොක්ස් සභාව සහ, ඇංග්ලිකානු සංසදය සමග කතෝලික සභාවෙහි සම්බන්ධතා දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ විසින් සැලකිය යුතු තරමින් වැඩි දියුණු කෙරිණි.
සටහන්
සංස්කරණය- ^ ලෙන්චෝස්කි, ජෝන්. "පබ්ලික් ඩිප්ලොමසි ඇන්ඩ් ද ලෙසන්ස් ඔෆ් ද සෝවියට් කලැප්ස්", 2002