දියා ඕර් බාති හම්
දියා ඕර් බාති හම් (සිංහල: පහන ඔබයි තිරය මමයි) යනුවෙන් හැඳින්වෙන්නේ 2011දී ඉන්දියාවේ ස්ටාර් ප්ලස් නාළිකාව ඔස්සේ විකාශය වූ රූපවාහිනී සෝප් ඔපෙරාවකි. 2011 අගෝස්තු 29 දින විකාශය ඇරඹි මෙම කතාමාලාව සඳුදා සිට ඉරිදා දක්වා ප.ව. 9 (ඉන්දියා සම්මත වේලාව - IST) ට විකාශය විණි. මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන ලද්දේ අනාස් රෂිඩ් සහ දීපිකා සිං විසිනි. මෙහි අවසන් කථාංගය 2016 සැප්තැම්බර් 10 දින විකාශය විය.
දියා ඕර් බාති හම් | |
---|---|
ප්‍රභේදය | |
තැනුවේ | ශෂි සුමීත් නිෂ්පාදන |
රචනය කලේ |
|
අධ්‍යක්ෂණය කලේ |
|
රඟපෑම | |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | හින්දි ඉංග්‍රීසි |
කථාවාර සංඛ්‍යාව | 1 |
කථාංග ගණන | 1487 (මිනිත්තු 21 කථාංග) |
නිෂ්පාදනය | |
සංස්කාරක(යන්) |
|
ස්ථානය(න්) |
|
නිෂ්පාදන සමාගම | ශෂි සුමීත් නිෂ්පාදන[1] |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | ස්ටාර් ප්ලස් |
මුල් ධාවනය | 29 අගෝස්තු 2011 | – 10 සැප්තැම්බර් 2016
බාහිර සබැඳි | |
නිල වෙබ්අඩවිය |
කථා සාරාංශය
සංස්කරණයමෙම කතාමාලාව මගින් සිය සිහිනය ඉටු කරගැනීමට වෙහෙසෙන නූතන තරුණ යුවතියකගේ දිවි ගමන නිරූපණය වේ. ඇයට අනපේක්ෂිත අයුරින් වෙනස් නොවන සහකරුවකු හමුවේ. ඇය සිය සම්ප්‍රදායික සැමියා සහ ඔහුගේ පවුලේ ආධාර ඇතිව සිය සිහිනය ඉටුකරගැනීමට බලාපොරොත්තු වේ.
කතාව දිව යන්නේ කොලීජියේ අධ්‍යාපනය ලබන සන්ධ්‍යා (දීපිකා සිං) නැමැති තරුණියක වටා ය. ඇගේ දෙමව්පිය්නගේ මරණින් පසුව ඇයට විවාහ වීමට බලකෙරේ. සම්ප්‍රදායික රාජස්ථානි පවුලකට ඇතුළත් වන ඇය එහි පිළිගැනීම ලබාගැනීමට වෙහෙසෙයි. ඇගේ සිහිනය වන්නේ IPS නිලධාරිනියක වීමටයි. එම අරමුණ කරා යාමේ දී ඇයට නොයෙකුත් බාධා සහ අභියෝගවලට මුහුණ දීමට සිදුවේ. ඇයට නිරතුරුවම සහාය වන්නේ ඇගේ සැමියා වන සූරාජ් රාති (අනාස් රෂිඩ්) ය. ඔහුට සිය පවුලෙන් වෙන්වී යාමේ තර්ජනයන් ඇතිවුවද, ඔහු ඇයට උපකාර කරයි. ඔහු සිය මව වූ සන්තෝශ් රාති (නීලු වඝේලා) ගේ ප්‍රියතම දරුවා ද වේ. නමුත් සිය මව වැරදි දෙයක් කරන විට ඇයට එරෙහිව නැගී සිටීමට ඔහු පෙළඹේ. එලෙසම සන්තෝශ් හෙවත් භභාඕ සිය ලේලියනට එතරම් කාරුණිකව කථා නොකරන බව සැවොම දන්නා දෙයකි. කතාමාලාවේ ආරම්භයේ දී, සන්ධ්‍යාගේ ප්‍රධාන ප්‍රතිවාදිනිය වන්නේ භභාඕ ය. නමුත් වසර කිහිපයක දී ඇය සන්ධ්‍යාගේ ප්‍රබලම ආධාරකාරිය වන්නී ය. රාජ්කුමාර් සන්ධ්‍යාගෙන් පලිගැනීමේ අදහසින් යළි පැමිණෙයි. ඔහු සූරාජ් සහ භභාඕට හානි කිරීමට ත්‍රස්තවාදී ප්‍රහාරයන් සැලසුම් කරයි. නමුත් අවසානයේ සන්ධ්‍යා ඔවුන්ව බේරා ගනියි. නමුත් භභාඕට වෙඩි වැදෙයි. ඇයව රෝහලට ගෙනයන අතර පසුව සුවය ලබයි. සන්ධ්‍යාට නිවුන් දරුවන් දෙදෙනකු ලැබේ. නමුත් ඉන් එක් දරුවකු ඇගේ සොහොයුරා සහ නෑනණ්ඩියට ලබාදීමට සිදුවේ.
- වසර 5කට පසු
සන්ධ්‍යා සහ සූරාජ්ගේ පුත්‍රයා වන වේද් වැඩී සිටියි. තමන්ට ඔහු සෙනෙහස නොදක්වාවි යැයි බිවයන සූරාජ් සිය සැබෑ අනන්‍යතාව වේද්ගෙන් සඟවා තබයි. පසුව ඔහු කබඩි අභියෝගයක් භාර ගැනීමට තීරණය කරයි. එම දර්ශනයෙන් පසුව සන්ධ්‍යාට නව මෙහෙයුමක් භාර වේ. ඇයට ත්‍රස්තවාදීන් පිරිසක් ලුහුබැඳ අල්ලා ගැනීමට පැවරේ. මේ නිසා ඇයට සිය පවුල අතහැර යාමට සිදුවේ. ඇය දුම්රියක ගමන් ගන්නා අතර එහි බෝම්බයක් පුපුරා යයි. සැමදෙනාම සිතා සිටින්නේ සන්ධ්‍යා මියගොස් ඇති බවයි.
- මාස 3කට පසු
භභාඕට සන්ධ්‍යා පිළිබඳ අමතක වී ගොස් ඇති අතර, ඇය සන්ධ්‍යා කෙරෙහි කෝපයෙන් පසුවන්නේ ඇගේ රැකියාව නිසාත්, ඇය සූරාජ්ව අත්හැර යාමත් නිසායි. සන්ධ්‍යා ජීවත්ව සිටින අතර, ඇයට නව මෙහෙයුමක් ලෙස ත්‍රස්තවාදියකු වැළැක්වීමට භාර වේ. සූරාජ්ව ලාලිමා නැමැත්තියකට විවාහ කරදීමට සැරසේ. මේ බව අසා, සන්ධ්‍යා කම්පාවට පත්වන අතර, සිය මෙහෙයුම අවසන් වූ විගස ඇය රාති නිවස වෙත දිව යයි. සන්ධ්‍යා සහ සූරාජ් යළි එක්වේ. මෝහිත් එමිලිහට දොස් පවරන අතර, ඇය සහ සාකිර් අතර සම්බන්ධතාව පිළිබඳ සැක කරයි. පසුව ඔහු ලාලිමාට හිංසා කිරීමට තැත් කිරීමේ දී වෙඩිවැදී මියයයි. පොලීසිය ලාලිමාගේ සැමියාව සැකකරන අතර, පසුව සූරාජ්ව අත්අඩංගුවට ගැනෙයි. අවසානයේ භභාඕ පාපොච්චාරණය රක්නනේ ඇය සිය පුතුට වෙඩිතැබූ බවයි. ඇයව සිරභාරයට ගැනේ. නමුත් පසුව සන්ධ්‍යා ඇයට ඇප ලබා දෙයි.
කතාමාලාව කාලය දිගේ ඉදිරියට දිවෙන අතර, වර්තමානයේ එය රාති පවුලේ පසුකාලීන කාලය වෙත දිවෙයි. පවුලේ හදාගත් පුත්‍රයා වන චෝටු හෙවත් ආර්යන් (කුනාල් ඛෝස්ලා) ආර්සූ (ප්‍රාචි තෙහ්ලාන්) සමග විවාහ වෙයි. ආර්සූ ත්‍රස්තවාදිනියක දැයි සන්ධ්‍යාට සැකපහළ වේ. නමුත් පසුව ඇයට වෙඩි තැබීමෙන් පසු ඇයව මානසික රෝහලක් වෙත යැවෙයි. පසුව ඇය ආර්සූව බේරාගැනීමට පැමිණෙන අතර, ඇය සාර්ථක වේ. අනුතරුව කථාව දිවයන්නේ සන්ධ්‍යාගේ නව මෙහෙයුම වෙතයි. එහිදී ඇයට වේද්ව රෝගයකින් බේරා ගැනීමට සිදුවේ. අනෙක් අතින් මාසා සහ භභාඕගේ විරෝධය නොතකා ඕම් එමිලි හා විවාහ වෙයි. සන්ධ්‍යා ගැබිනියක බව රාති පවුල දැනගනියි. ඇය දියණියක උපත ලබාදෙන අතර, ඇයව කනක් ලෙස නම් කෙරේ. නැවත පොලීසියට සම්බන්ධ වන ලෙස සන්ධ්‍යාට කොමසාරිස්වරයාගෙන් යෝජනාවක් ලැබේ. නැවත පොලීසියට සම්බන්ධ වීමට තීරණය කරන ඇය, IPS අර්පිතා ඛන්නාව හමුවෙයි. අර්පිතා සන්ධ්‍යාව දකින්නේ සිය ප්‍රධාන එදිරිවාදිනිය ලෙසයි. මේ අතර නව පැමිණිල්ලක් ලැබේ. සිය අතුරුදන් වූ දියණිය වන මාන්සිව සොයාදෙන මෙන් දෙමාපිය යුවළක් සන්ධ්‍යාගෙන් ඉල්ලා සිටියි. සන්ධ්‍යා සහ අර්පිතා මාන්සිව සොයා යන අතර, ඇය දෙමව්පියන්ගෙන් සැඟවී පිරිමි දරුවකු ලෙස වෙස්වලාගෙන ගරාජයක මේවය කරන බව ඔවුන් දැන ගනියි. මාන්සිව සොයාගැනීමෙන් පසු සන්ධ්‍යා ඇයව දෙමව්පියන්ට භාර කරයි. මේ වනවිට, මීනාට ශිල්පිව හමුවේ. සන්ධ්‍යා සියලුම දැරියන් ශිල්පිගේ ග්‍රහණයෙන් මුදවා ගනියි. මේ අතර ත්‍රස්තවාදීන් සිව්දෙනකු සන්ධ්‍යා සහ ඇගේ පවුලෙන් පලිගැනීමට පැමිණෙයි. සන්ධ්‍යා සහ සූරාජ් සිය පවුල සහ ත්‍රස්තවාදීන් සිව්දෙනා විසින් ප්‍රාණඇපයට ගත් ගම්වාසීන් මුදවා ගනියි. නමුත් සිය දියණිය වූ කනක්ව බේරාගැනීමට ඔවුන් දෙදෙනාට ත්‍රස්ත නායකයා ලබාදෙන පෙති විශේෂයක් ආහාරයට ගැනීමට සිදුවේ. පෙති ආහාරයට ගැනීමෙන් පසුව, අර්පිතා, පොලීසිය සහ හමුදාව විසින් ත්‍රස්ත නායකයාව අත්අඩංගුවට ගනියි. එම පෙති සිය සිරුරෙන් ඉවත් කළ නොහැකි බවත්, ඒවා තවත් මිනිත්තු 30කින් පුපුරා යන බෝම්බ බවත් සුරාජ් සහ ස්වප්නාට දැනගන්නට ලැබේ. සූරාජ් සහ ස්වප්නා සිය පවුලෙන් සමුගෙන, ගඟට පනිති. සූරාජ් සහ ස්වප්නා සිය ආදරය ප්‍රකාශ කරති. ඔවුන්ගේ පවුල ඒ දෙසට දිව ආව ද, මිනිත්තු කිහිපයකට පසු ඔවුන් දෙදෙනා පුපුරා යයි. සූරාජ් සහ සන්ධ්‍යා මරණින් මතු යළි හමුවන අතර, සන්ධ්‍යාගේ මංගලසූත්‍රය සහ සූරාජ්ගේ මාලය එකට පැටලී බැසයන හිරු ඉදිරියේ ජලයේ තැන්පත් වේ. කතාව අවසන් වන්නේ මරණින් පවා ඔවුන්ව වෙන් කළ නොහැකි බව පෙන්වා දෙමිනි.
චරිත නිරූපණය
සංස්කරණය- දීපිකා සිං, IPS සන්ධ්‍යා සූරාජ් රාති ලෙස (2011–16)
- අනාස් රෂිඩ්, සූරාජ් රාති ලෙස (2011–16)
- නීලු වඝේලා, සන්තෝශ් අරුණ් රාති (භභාඕ) ලෙස (2011–16)
- අශෝක් ලෝඛාන්ඩේ, අරුණ් රාති (බබාසා) ලෙස (2011–16)
- දේව්යංශ් තාපුරියා, වේද් සූරාජ් රාති ලෙස (2015–16)
- ප්‍රාචි තෙහ්ලන්, අර්සූ ආර්යන් රාති ලෙස (2016)
- රන්දීප් රායි/කුනාල් ඛෝස්ලා, ආර්යන් රාති ලෙස (2015, 2016)
- ආර්යන් ෂර්මා, හිටපු චෝටු ලෙස (2011–15)
- ගෞතම් ගුලාති/කරන් ගොද්වානි, වික්‍රම් අරුණ් රාති ලෙස (2011–16)
- කනිකා මහේෂ්වරි, මීනාක්ෂි වික්‍රම් රාති ලෙස (2011–16)
- රීම් ෂෙයික්, මිෂ්රි වික්‍රම් රාති ලෙස (2015–16)
- පූජා සිං, එමිලි මෝහිත්/ඕම් රාති ලෙස (2013–16)
- වරුන් ජායින්, මෝහිත් අරුණ් රාති ලෙස (2011–15)
- අභිනව් ශුක්ලා, ඕම් රාති ලෙස (2016)
- ධෘෂා කල්‍යාණි, පාරි මෝහිත් රාති ලෙස (2015–16)
- සෙහ්රිෂ් අලි, ඡාවි අරුණ් රාති ලෙස (2011–16)
- නොහඳුනනඅ යකු, දිලිප් ලෙස (2014–2015)
- රාගිනි ෂා, මා සා ලෙස (2012, 2013, 2016)
- දීපක් ඝීවාලා, දාදෝ සා ලෙස (2012, 2013)
- රශ්මි පිත්රේ, චතුරි ලෙස (2011–14, 2016)
- වරුන් ඛන්ඩේල්වාල්, අංකුර් අර්වින්ද් කෝතාරි ලෙස (2011–16)
- උර්මිලා නිම්බල්කාර්/ශුභා උප්ලොප්වාර් (2011–15)
- රිකී පටෙල්, වංශ් අංකුර් කෝතාරි (නංශ් සූරාජ් රාති) ලෙස (2015–16)
- ශිවශක්ති සච්දේව්, බුල්බුල් අංකුර් කෝතාරි ලෙස (2015)
- රාකේශ් කුක්රේති, අර්වින්ද් කෝතාරි ලෙස (2011)
- සුර්භි තිවාරි, කාංචන් අර්වින්ද් කෝතාරි ලෙස (2011)
- නුපුර් අලංකාර්, කිස්නා ලෙස (2011)
- කිරාන් භාර්ගව, මාල්ති අගර්වාල් ලෙස (2012)
- නොහඳුනන අයකු, සුධා ලෙස (2012–14)
- පල්ලවි රාඕ, කජ්රි ලෙස (2013)
- අයිජාස් ඛාන්, අභිමන්යු සිං ලෙස (2013)
- ප්‍රීති චෞධරි, කවිතා ෂර්මා ලෙස (2013–14)
- චාරු අසෝපා, රෝමා රෙඩ්ඩි ලෙස (2014)
- ඇලන් කපූර්, IPS රාහුල් කපූර් ලෙස (2014)
- කීත් සෙකෙයිරා, නිලධාරී රෝයි ලෙස (2014)
- ගෞරව් ෂර්මා, රාජ්කුමාර් ලෙස (2012, 2014)
- වින්ධ්‍යා තිවාරි, ප්‍රේමා ලෙස (2014)
- ජ්‍යෝති ෂර්මා, දිශා ලෙස (2014)
- ගුර්දීප් කොහ්ලි, මායා/බායිජී ලෙස (2014)
- අර්ජුන් පුංජ්, IPS අර්ජුන් චෞධරි ලෙස (2014)
- සෝනම් ලම්බා, පැහැරගත් ගුවන්යානයේ මගියකු ලෙස (2014)
- මානිනි මිෂ්රා, අග්රිමා සිං නිලධාරිණිය ලෙස (2014–15)
- නීල් භාට්, IPS සාකිර් සිද්දිකි ලෙස (2014–15)
- ඍතුරාජ් සිං, මහේන්ද්‍ර සිං ලෙස (2015)
- ජිග්නේශ් මෙහ්තා, අවිනාශ් ලෙස (2015)
- විකි අරෝරා, රතන් ලෙස (2015)
- බන්ටි චොප්රා, ලඛාන් ලෙස (2015)
- සංදීප් නහාර්, බබ්බාන් ලෙස (2015)
- අරුණ් සිං රානා, ප්‍රේම් ලෙස (2015)
- ආදේශ් චෞධරි, චන්ද්රෂේඛර් ලෙස (2015)
- අමිත් දෝලාවත්, හිමාංෂු දුබේ ලෙස (2015)
- ඒක්තා තිවාරි, දේවි නාරායනි ලෙස (2015)
- වෛශාලි තක්කාර්, මංජරි ලෙස (2015)
- ශාලිනි අරෝරා, යශෝධා ලෙස (2015)
- ෂෙෆාලි ෂර්මා, ලාලිමා අගර්වාල් ලෙස (2015-16)
- අක්ෂව් බට්චු, ලෝකේශ් අගර්වාල් ලෙස (2015-16)
- සර්වාර් අහුජා, IPS සත්‍යදේව් ත්‍රිපති ලෙස (2015–16)
- ජොයෝශ්රී අරෝරා, රේෂම් ලෙස (2016)
- රුඛ්සාර් රෙහ්මාන්, මේහක් ලෙස (2016)
- දීප්රාජ් රානා, ගුල් මොහම්මද් ලෙස (2016)
- පූජා ෂර්මා, පූර්වි ඕම් රාති ලෙස (2016)
- රිෂිනා කන්ධාරි, අර්පිතා ඛන්නා ලෙස (2016)
ආරාධිත තරු
සංස්කරණය- දේවොලීනා භට්ටාචාර්ජී නර්තන දර්ශනයක් වෙනුවෙන්: – සාත් නිභානා සාතියාහි ගෝපි ලෙස (2016)
- ගුර්මීත් චෞධරි සහ දෙබිනා බොනර්ජී නර්තන දර්ශනයක් වෙනුවෙන් (2016)
- රාගිනි ඛන්නා, ඇය ලෙසම (2014)
- ආමිර් ඛාන්, සිය සත්යමේව් ජායතේ වැඩසටහන ප්‍රවර්ධනය කරමින්[2] (2012)
- සල්මන් ඛාන් සහ සොනාක්ෂි සිංහා, සල්මන්ගේ දබාන්ග් 2 චිත්‍රපටය ප්‍රවර්ධනය කරමින් (2012)
- ෂාරුක් ඛාන්, චෙන්නායි එක්ස්ප්‍රස් ප්‍රවර්ධනය කරමින් (2013)
විකාශය සහ ප්‍රතිනිර්මාණ
සංස්කරණයජාතික සහ අන්තර්ජාතික විකාශය
සංස්කරණයතෙලිඟු බසින් හඬකැවුණු මෙම කතාමාලාව MAA TV නාළිකාව ඔස්සේ ඊතරම් ඉලලු යන තේමාව ඔස්සේ විකාශය විය. දෙමළ බසින් හඬකැවුණු මෙම කතාමාලාව என் கணவன் என் தோழன் (එන් කණවන් එන් තෝළන්) යන තේමාව ඔස්සේ ස්ටාර් විජේ නාළිකාවෙන් විකාශය විය. අන්තර්ජාතික වශයෙන් ගත්කල එය ශ්‍රී ලංකාව තුළ සිංහල බසින් හඬකවා ස්වප්නා යන තේමාව ඔස්සේ සිරස ටීවී නාළිකාවෙන් විකාශය කෙරිණි. වියට්නාමය තුළ දී, වියට්නාම බසින් Vợ tôi là cảnh sát නම් වූ මෙය VTVCab 5 Echannel නාළිකාව ඔස්සේ විකාශය විය. නමුත් එහි අවසානය තරමක් වෙනස් කෙරිණි.[3][4]
ප්‍රතිනිර්මාණ
සංස්කරණයඉන්දියාව තුළ වෙනත් භාෂාවලින් මෙම කතාමාලාව ප්‍රතිනිර්මාණය කෙරිණි. මෙහි මරාථි ප්‍රතිනිර්මාණය මන්සිචා චිත්‍රකාර් තෝ ලෙස ස්ටාර් ප්‍රවාහ් නාළිකාව ඔස්සේත්, මලයාලම් ප්‍රතිනිර්මාණය පරස්පරම් ලෙස ඒෂියානෙට් නාළිකාව ඔස්සේත් විකාශය විය. එසේම බෙංගාලි ප්‍රතිනිමැවුම තොමේ අමේ මිලේ ලෙස ස්ටාර් ජල්ෂා නාළිකාවෙනුත්, කන්නඩ බසින් ආකාශදීප ලෙස ඒෂියානෙට් සුවර්ණා නාළිකාවෙනුත් විකාශය විය. කෙසේනමුත් කන්නඩ සහ මරාථි භාෂා ප්‍රතිනිර්මාණ කථාංග කිහිපයකින් පසු නවතා සැමිණි. නමුත් මලයාලම් ප්‍රභේදය කථාංග 1000 සම්පූර්ණ කරමින් තවමත් ඒෂියානෙට් නාළිකාවෙන් විකාශය වේ.
කථාවාරය 2
සංස්කරණයකතාමාලාවේ නිෂ්පාදකයින් දියා ඕර් බාති හම් හි 2වන කතාවාරයක් නිර්මාණය කිරීමට සැලසුම් කොට ඇත. නමුත් ප්‍රධාන චරිත වන අනාස් රෂිඩ් සහ දීපිකා සිං ඊට සහභාගී නොවේ.[5]
මූලාශ්‍ර
සංස්කරණය- ^ "ශෂි සුමීත්". ශෂි සුමීත්. ශෂි සුමීත් නිෂ්පාදන සී.ස. පෞද්ගලික සමාගම. සම්ප්‍රවේශය 26 අගෝස්තු 2016.
- ^ "Aamir Khan to feature on Diya Aur Baati Hum". DailyBhaskar.com. DB Corp ltd. 30 අප්‍රේල් 2012. සම්ප්‍රවේශය 26 අගෝස්තු 2016.
- ^ Deepika Singh – Swapna Interview in Sri Lanka (with English subtitles). 14 දෙසැම්බර් 2014 – via යූටියුබ්.
- ^ "Cô dâu 8 tuổi và phim ngoại ồ ạt lên truyền hình Việt". Tuổi Trẻ Online. 7 ජනවාරි 2016.
- ^ http://timesofindia.indiatimes.com/tv/news/hindi/Diya-Aur-Baati-Hum-to-return-with-season-2/articleshow/53303419.cms
බාහිර සබැඳි
සංස්කරණය- පැරණි කථාංග නරඹන්න සංරක්ෂණය කළ පිටපත 2017-10-25 at the Wayback Machine - හොට්ස්ටාර් ඔස්සේ
- නිල වෙබ්අඩවිය