අනාස් රෂිඩ් යනුවෙන් හඳුන්වන්නේ ඉන්දියානු සෝප් ඔපෙරා ක්ෂේත්‍රයේ සක්‍රීයව නියැළෙන ඉන්දියානු රූපවාහිනී නළුවෙකි. මලෙර්කෝට්ලා ප්‍රදේශයේ ඉපිද හැදී වැඩුණු ඔහු, මොහම්මද් නසිම් සහ ඒතර් හබිබ් යන රූපවාහිනී නලුවන්ගේ පළමු මස්සිනා වේ. රෂිඩ් සිං රංගන වෘත්තිය ඇරඹූයේ ස්ටාර් ප්ලස් නාළිකාවේ ශෝකාන්ත ‍ප්‍රේම වෘත්තාන්තයක් වූ කහීන් තෝ හෝගා (2006–2007) කතාමාලාවේ සහාය චරිතයක් නිරූපණය කරමිනි. ඔහු ජනප්‍රියත්වයට පත්වූයේ අතිශයින් සාර්ථක ඓතිහාසික කතාමාලාවක් වූ ධාර්ති කතා වීර් යෝධ පෘථිවිරාජ් චෞහාන් (2006–2009) නාට්‍යයේ පෘථිවිරාජ් චෞහාන් චරිතය නිරූපණය ‍කිරීම නිසා ය. මේ නිසා ඔහු විචාරක පැසසුමට ලක්වූ අතර, සම්මාන කිහිබයක් ද හිමි කරගැනීමට ද සමත් විය. 2011 සි‍‍ට 2016 දක්වා කාලය තුළ රෂිඩ් විසින් දියා ඕර් බාති හම් කතාමාලාවේ සුරාජ් රාතිගේ චරිතය නිරූපණය කරන ලදී. මෙහි ඔහු නිරූපණය කළේ හොඳින් උගත් තරුණියක සමග විවාහ වී ඇයට ISP නිලධාරිනියක වීමට උපකාර කරන නූගත් වෙළඳසැල්හිමි තරුණයකුගේ චරිතයකි. මෙම දියා ඕර් බාති හම් කතාමාලාව ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිකරගත් ඉන්දියානු රූපවාහිනී කතාමාලාවක් ලෙස සැලකේ.[1][2][3]

අනාස් රෂිඩ්
රෂිඩ් 2012 දියා ඕර් බාති හම් දර්ශන තලයේ
උපත31 අගෝස්තු 1980
රැකියාවනළුවකු
සක්‍රීය වසර2006–වර්තමානය
ඥාතීන්මොහම්මද් නසිම් (ඥාති සොයුරා)

වෘත්තිය සංස්කරණය

රෂිඩ් පුංචි තිරය වෙත සිය ආගමනය සනිටුහන් කළේ ස්ටාර් ප්ලස් නාළිකාවේ නාට්‍යයක් වූ කහීන් තෝ හෝගා රූපවාහිනී කතාමාලාවේ කාර්තික් අලුවාලියාගේ චරිතය නිරූපණය කරමිනි. එසේම ඔහු ඒසේ කරෝ නා විඩා කතාමාලාවේ සහාය චරිත නිරූපණයෙන් ද දායක විය. කෙසේනමුත්, ඔහුගේ විශිෂ්ට චරිතයක් ලෙස සැලකෙන්නේ ස්ටාර් ප්ලස් නාළිකාවෙන්ම විකාශය වූ ධාර්ති කා වී යෝධ පෘථිවිරාජ් චෞහාන් නැමැති ඓතිහාසික රූපවාහිනී කතාමාලාවේ පෘථිවිරාජ් චෞහාන් චරිතය නිරූපණය කිරීම හේතුවෙනි. මෙම චරිතය නිරූපණය කිරීම හේතුවෙන් ඔහු ඉන්දියාවේ ජනයා අතර නාමයක් හිමි කරගැනීමට සමත් විය. 2011 සිට 2016 දක්වා වූ කාලය තුළ ඔහු දියා ඕර් බාති හම් නැමැති කතාමාලාවේ ප්‍රධාන පිරිමි චරිතයවන සූරාජ් රාතිගේ චරිතය නිරූපණය කළේ ය. ‍එම කථාව අනුව නූගත් රසකැවිලි වෙළෙන්දකු වන සූරාජ් මනාව උගත් තරුණියක වන සන්ධ්‍යා (දීපිකා සිං) සමග විවාහ වෙයි. රෂිඩ් සිය ගාවන හැකියාව ද ප්‍රදර්ශනය කරමින් මෙම කතාමාලාවේ එන ගීතයක් ද ගායනා කොට තිබේ. දියා ඕර් බාති හම් ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිකරගත් ඉන්දියානු රූපවාහිනී කතාමාලාවන්ගෙන් එකක් ද වේ. මෙම රූපවාහිනී කතාමාලාව තුළ ඔහු ප්‍රදර්ශනය කළ රංගන ප්‍රතිභාව හේතුවෙන් ඔහු ජනප්‍රියත්වයට පත්වූ අතර, සම්මාන කිහිපයක් දිනා ගන්නට ද සමත් විය.[4][5]

රූපවාහිනී දායකත්වය සංස්කරණය

වර්ෂ(ය) කෘතිය චරිතය නාළිකාව සටහන්
2006–07 කහීන් තෝ හෝගා කාර්තික් අලුවාලියා ස්ටාර් ප්ලස් සහාය චරිතයකි.
2006–07 ක්‍යා හෝගා නිම්මෝ කා කරන් සේගාල් ස්ටාර් වන් සහාය චරිතයකි.
2006–09 ධාර්ති කා වීර් යෝධ පෘථිවිරාජ් චෞහාන් පෘථිවිරාජ් චෞහාන් ස්ටාර් ප්ලස් ප්‍රධාන චරිතයකි.
2010 ඒසේ කරෝ නා විඩා යෂ්වර්ධන් කුමරු කලර්ස් ටීවී ප්‍රධාන චරිතයකි.
2011–2016 දියා ඕර් බාති හම් සූරාජ් රාති ස්ටාර් ප්ලස් ප්‍රධාන චරිතයකි.

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Party all night for the team of Diya Aur Baati Hum!
  2. Shashi Sumeet's Diya AUr Baati Hum completes three glorious years
  3. "Aamir Khan visits Sandhya and Suraj on the show Diya Aur Baati Hum". 1 May 2012. Apunkachoice. 3 July 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 December 2012. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  4. "Anas Rashid turns singer on TV show". 1 October 2015.
  5. "'Diya Aur Baati Hum': Deepika Singh and Anas Rashid Bury the Hatchet". 12 March 2015.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=අනාස්_රෂිඩ්&oldid=659220" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි