ජූනි යුද්ධය, 1967 අරාබි–ඊශ්‍රායෙල යුද්ධය, හෝ තුන්වන අරාබි–ඊශ්‍රායෙල යුද්ධය ලෙසින්ද හැඳින්වෙන, දින-හයේ යුද්ධය (හෙබ්‍රෙව්: מלחמת ששת הימים, මිල්හමිට් ෂෙෂෙට් හ යමිම්; අරාබි: النكسة, අන්-නක්ෂා, "පසුබැස්ම" හෝ حرب ۱۹٦۷, හැර්බ් 1967, "1967 වසරෙහි යුද්ධය"), ඊශ්‍රායෙලය සහ අසල්වැසි ඊජිප්තුව (එකල හැඳින්වුනේ එක්සත් අරාබි ජනරජය ලෙසිනි), ජෝර්දානය, සහ සිරියාව යන අසල්වැසි රාජ්‍යයන් අතර 1967 ජූනි 5 සහ 10 දින අතරදී සටන් වැදුනි.

දින-හයේ යුද්ධය
අරාබි–ඊශ්‍රායෙල ගැටුම හි කොටසකි

දින හයේ යුද්ධයට පෙරදී හා පසුව ඊශ්‍රායෙල පාලනයට නතුව තුබූ භූමිප්‍රදේශ. උතුරින් ආකබා බොක්ක වෙතින් සහ දකුණින් රතු මුහුද වෙතින් ටිරාන් සමුද්‍රසන්ධිය වට කෙරිණි.
දිනයජූනි 5–10, 1967 (දින 6)
පිහිටුම
ප්‍රතිඵලය තීරණාත්මක ඊශ්‍රායෙල ජයග්‍රහණය
භුමිප්‍රදේශාත්මක
වෙනස්වීම්
ඊශ්‍රායෙලය විසින්, ඊජිප්තුව වෙතින් ගාසා තීරය සහ සීනායි අර්ධද්වීපයද, ජෝර්දානය වෙතින් බටහිර ඉවුරද ( නැගෙනහිර ජෙරුසලෙමද ඇතුළුව), සහ සිරියාව වෙතින් ගෝලාන් කඳුකරයද අල්ලා ගන්නා ලදි
යුද්ධාවතීරයන්
 ඊශ්‍රායෙලය ඊජිප්තුව
 සිරියාව
 ජෝර්දානය
ඉරාකය[1]
සහය දැක්වූවන්:

1948 අරාබි–ඊශ්‍රායෙල යුද්ධයෙන් අනතුරුව ඊශ්‍රායෙලය සහ එහි අසල්වැසියන් අතර සම්බන්ධතා කිසිවිටෙක සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් නොවිණි. 1967 ජූනි මස දක්වා පැවති කාලසීමාවෙහිදී , අවිනිශ්චිතභාවයන් අන්තරාකාරී ලෙසින් උත්සන්න විය. සීනායි අර්ධද්වීපයෙහි ඊශ්‍රායෙල මායිම ඔස්සේ ඊජිප්තියානු හමුදාවන් පෙළ ගැස්වීමට ප්‍රතිචාර වශයෙන් ඊජිප්තියානු ගුවන් තොටුපොළවල් වෙත පූර්වක‍්‍රීය ලෙසින් ගුවනින් පහරදීම් මාලාවක් ඊශ්‍රායෙලය විසින් දියත් කෙරිණි. ඊජිප්තියානුවන් කිසිසේත් බලාපොරොත්තු නොවූවක් වූ මෙය විසින් ඊශ්‍රායෙල හානි ස්වල්පයක් සහිතව සම්පූර්ණ ඊජිප්තියානු ගුවන් හමුදාවම පාහේ විනාශ වෙමින් ඊශ්‍රායෙල ගුවන් ශ්‍රේෂ්ඨත්වය ලඟාකර දුන්නේය.


මූලාශ්‍ර සංස්කරණය

  1. ක්‍රෝත්හැමර් 2007.
  2. ඔරෙන්, පී. 237
"https://si.wikipedia.org/w/index.php?title=දින_හයේ_යුද්ධය&oldid=427101" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි