- ඊජිප්තු පාර්ලිමේන්තුවෙහි උත්තර මණ්ඩල ගොඩනැගිල්ල අති මහත් ගින්නක් හේතුවෙන් විනාශ වෙයි.(රොයිටර්ස්)
- උතුරු කොරියාව විසින්ස්වීඩනය ඇයගේ සතුරෙක් බවට ප්‍රකාශ කොට එය එක්සත් ජනපදයේ යුද්ධ රූකවයක් බවට හඳුන්වයි. (ස්වීඩන ආරක්ෂක හමුදාව) (ද ලෝකල්)
- ඇල්ජියර්ස් නගරයෙන් කි.මී. 60 නැගෙනහිර දෙසට පිහිටි ඉසර්ස් නගරයේ පොලිස් අතුරුහමුදා පුහුණු පීඨයක පුපුරා ගිය බෝම්බයක් හේතුවෙන් අවම වශයෙන් 43 දෙනෙකු මිය ගොස් තවත් 38 දෙනෙකු තුවාල ලබා ඇත. (බීබීසී)
- ප්‍රංශ හමුදාවන්, ඇෆ්ගනිස්තානයේ කාබුල් නගරයට කිලෝමීටර 50 ක් නැගෙනහිර දෙසින්, ත ලෙයිබාන් ත්රස්තවාදීන් හා දරුණු සටන්වල නියැලෙමින් සිටිමින් ප්‍රංශ සොල්දාදුවන් 10 දෙනෙකු අහිමි කර ගනිති. (ගූගල් නිවුස් හරහා ඒඑෆ්පී ), (බීබීසී)
- 2008 දකුණු ඔසේටියා යුද්ධය:
- ජෝර්ජියාව පිලිබඳ ඇයගේ ක්‍රියාකලාපය අරභයා, රුසියාව අමතමින්, නේටෝ සංවිධානය විසින් අද දින ඇතුලත "දැඩි පණිවුඩයක්" නිකුත් කරන මුත් - බොහෝ සාමාජිකයන් හට රිසි දඬුවම් ලබා දීමේ ක්‍රියා පිලිවෙතකින් වැලකෙනු ඇත (ස්කයි නිවුස්), (බීබීසී), (සීඑන්එන්).
- රුසියානු හා ජෝර්ජියානු හමුදා යුද්ධ සිරකරුවන් හුවමාරු කර ගනිති (රොයිටර්ස් ඇලර්ට්නෙට්).
- ඉරිදා දින ගෝරි නගරයට ඇතුළු වූ එක්සත් ජාතීන්ගේ ආධාර රථ පෙළක් වාර්තා කර ඇත්තේ මහා පරිමාණ කොල්ලකෑම් පිලිබඳ සාක්ෂි තිබෙන බවයි. "ගොඩනැගිලි වලට මහත් හානි සිදුවී නොමැති බවක් පෙනෙන මුත්, වෙළෙඳ සැල් හා පෞද්ගලික නිවහන් අති විශාල කොල්ලකෑම් වලට ලක්වී ඇති බව පැහැදිලි සාක්ෂි ඇත"යි, එජා සරණාගතයන් පිලිබඳ මහ කොමසාරිස් කාර්යාලය පැවසීය. (ද වැන්කූවර් සන්).
- දකුණු ඔසේටියාවේ හා උතුරු ජෝර්ජියාවේ රුසියානු පාලනය යටතේ පවතින කොටසේ, කොල්ලකෑමට හෝ ගිනිතැබීමට ලක්වූ ගම්මාන වලට බටහිර ජනමාධ්‍යවේදීන් හට ඇතුළුවීම වැලැක්වීමට හෝ සීමා කිරීමට රුසියානු බලධාරින් ගත් පියවර නිසා, ප්‍රචණ්ඩත්වයෙහි විපාක පිලිබඳ පූර්ණ ගවේෂණයක් සිදු කිරීම කල නොහැක්කක් බවට පත් වී ඇත (එන්වයි ටයිම්ස්).
- රුසියාව, තමන් ලබා දුන් ප්‍රතිඥාව පසෙක ලමින්,ජෝර්ජියාවේ තවද භූමි ප්‍රදේශ අල්ලාගනියි(කැන්සාස් සිටි).
- ජෝර්ජියාවෙන් ඉවත් වීමේ කිසිදු ඉඟියක් මොස්කව් නොපෙන්වීම අභිමුඛයේ, එජ රාජ්‍ය ලේකම්, කොන්ඩලීසා රයිස්, තරයේ ප්‍රකාශ කොට ඇත්තේ, නැගෙනහිර යුරෝපය වටා නව අයස්තිරයක් ස්ථාපනය කිරීමට රුසියාවට කිසිසේත් ඉඩ නොතබන බවය (ටෙලිග්රාෆ්).
|