දර්ශන් ධර්මරාජ් (දෙමළ: தர்ஷன் தர்மராஜ், ඉංග්‍රීසි: Darshan Dharmaraj; 2 මාර්තු 1981 – 2 ඔක්තෝබර් 2022), යනු ශ්‍රී ලංකා සිනමාවේ, සහ රූපවාහිනියේ රංගන ශිල්පියෙකි.[1] ඔහු රූපවාහිනියට පළමුවෙන් පිවිසියේ සිඩ්නි චන්ද්‍රසේකරගේ "ඒ-නයින්" ටෙලි නාට්‍යය හරහාය.[2] අශෝක හඳගම ගේ "ඉනි අවන්" (2012) චිත්‍රපටයේ හිටපු එල්ටීටීඊ සේවකයෙකු ලෙස ඔහු නිරූපණය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ චිත්‍රපට උළෙල කිහිපයකදී හොඳම නළුවා සම්මානයෙන් පිදුම් ලැබීය.

දර්ශන් ධර්මරාජ්
தர்ஷன் தர்மராஜ்
උපත2 මාර්තු 1981(1981-03-02)
මියගිය දිනය2 ඔක්තෝම්බර් 2022 (වයස 41)
කොළඹ, ශ්‍රී ලංකාව
අධ්‍යාපනයශාන්ත ජෝන් දෙමළ විද්‍යාලය, රක්වාන
රැකියාවරංගන වෘත්තිය
සක්‍රීය වසර2008–2022 (වසර 14)
කලත්‍රයා(යන්)සුභාෂිනී
දරුවන්1
සම්මාන2012 හොඳම චිත්‍රපට නළුවා

පෞද්ගලික ජීවිතය සංස්කරණය

ධර්මරාජ් උපත ලැබුවේ රක්වාන නගරයේය. ඔහු ශාන්ත ජෝන් දෙමළ විද්‍යාලයෙන් අධ්‍යාපනය සම්පූර්ණ කළේය.[3]

වෘත්තීය ජීවිතය සංස්කරණය

2008 දී, ධර්මරාජ් සිංහල පිටපත සඳහා තෝරාගනු ලැබුවේ සිඩ්නි චන්ද්‍රසේකරගේ රූපවාහිනී කතාමාලාවක් වන ඒ-නයින් විසිනි. ඔහු ඒ මොහොතේ සිංහල භාෂාව හසුරවා නොතිබුණද මාස තුනක් ඇතුළත සිංහල භාෂාව ඉගෙන ගත්තේය.[4] ඔහු සිය සිනමා ජීවිතය ආරම්භ කළේ 2008 ප්‍රභාකරන් චිත්‍රපටියෙනි.[5]

මරණය සංස්කරණය

ධර්මරාජ් හෘදයාබාධයකින් කොළඹ ජාතික රෝහලේ 2022 ඔක්තෝබර් 2 වන දින වයස අවුරුදු 41 දී මිය ගියේය.[6]

චිත්‍රපටකරණය සංස්කරණය

වසර චිත්‍රපටිය භූමිකාව භාෂාව Notes
2008 ප්‍රභාකරන් කොටි නායකයා සිංහල
2008 මචං සුරේෂ් සිංහල
2009 ඉර හඳ යට කොටි සෙබළා සිංහල
2012 ඉනි අවන් අවන් දෙමළ
  • හොඳම නළුවා - දෙරණ ලක්ස් සිනමා සම්මාන (2013)[7]
  • හොඳම නළුවා - හිරු රන් සිනමා සම්මාන (2014)[8]
2012 මාතා යෝග සිංහල
2015 නෝ ඇඩ්‍රෙස් ගුබ්බයාමේ ගෝරිං Sinhala
2015 ස්පන්දන දර්ශන් සිංහල
2016 උලත් එකයි පිලත් එකයි කරාපිටියේ දර්ශන් සිංහල
2017 ආලෝකෝ උදපාදි දාඨිය සිංහල
2018 කෝමාලි කිංග්ස් මෝහන් දෙමළ
2018 පෝරිසාදයා කළු මහත්තයා සිංහල
2018 දැවෙන විහඟුන් සත්ව ඝාතනයා සිංහල
2020 සුනාමි සෙල්වම් සිංහල [9]
2020 සුපර්ණා ආයෝ 433 සිංහල
2021 කවුරුත් දන්නේ නෑ සිංහලa [10]
TBD ආකර්ෂා රඝු සිංහල [11]
TBD බාඳුරා සිංහල [12]
TBD ඇඩ්වෙන්චර්ස් ඔෆ් රිකී ඩීන් රියදුරු සිංහල
TBD මොනර විලක් සිංහල [13]
TBD ජීවා සිංහල [14]
TBD පාස්පෝට් [15]
TBD හවුස් ඔෆ් මයි ෆාදර්ස් බහුභාෂා [16]
TBD මරියා සිංහල [17]
TBD නඩු අංක 447 සිංහල [18]

References සංස්කරණය

  1. "Darshan Dharmaraj". National Film Corporation Of Sri Lanka. සම්ප්‍රවේශය 26 February 2017.
  2. Kodagoda, Anuradha (6 January 2013). "Ini Avan heralds a new era for Lankan Tamil cinema". Sunday Observer (Sri Lanka). සම්ප්‍රවේශය 26 February 2017.
  3. "I am not bad". Sarasaviya. සම්ප්‍රවේශය 1 November 2017.
  4. "Talk with Darshan". Sarasaviya. සම්ප්‍රවේශය 1 November 2017.
  5. "Actor Darshan Dharmaraj". Sinhala Cinema Database. සම්ප්‍රවේශය 17 February 2018.
  6. Nilar, Amani (2 October 2022). "Veteran actor Dharshan Dharmaraj passes away". News First (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2 October 2022.
  7. "'Ini Avan' creates history". The Sunday Times (Sri Lanka). 6 October 2013. සම්ප්‍රවේශය 26 February 2017.
  8. "Hiru golden film awards which took srilankan cinema to global stage concludes successfully massive response from public". Hiru News. 26 October 2014. 19 August 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 February 2017.
  9. "Dr. Somaratne Dissanayake new film". Sarasaviya. සම්ප්‍රවේශය 1 November 2018.
  10. "Kawuruwath Danne Nehe". Daily Mirror. සම්ප්‍රවේශය 18 August 2019.
  11. "අතීතය වසාගත් සොඳුරු කතාවක්". Sarasaviya. සම්ප්‍රවේශය 20 October 2017.
  12. "අප අතර සිටිමින් අප බිලි ගන්නා බාඳුරා". Sarasaviya. සම්ප්‍රවේශය 11 August 2018.
  13. "Malini with Sanath after 14 years". Sarasaviya. සම්ප්‍රවේශය 22 August 2019.
  14. "Jeewan turns director". Sunday Observer. සම්ප්‍රවේශය 11 September 2019.
  15. "Passport' flies to India and Europe". Daily News. Sri Lanka. 22 October 2019. සම්ප්‍රවේශය 29 August 2020.
  16. Mayorga, Emilio (5 August 2018). "Locarno: Suba Sivakumaran's 'House of My Fathers' Sells to Hong Kong's Asian Shadows (EXCLUSIVE)". Variety. සම්ප්‍රවේශය 29 August 2020.
  17. "A film without an actress by Aruna Jayawardena". Sarasaviya. සම්ප්‍රවේශය 5 March 2021.
  18. "Case number 447 opens". Sarasaviya. සම්ප්‍රවේශය 18 March 2021.

External links සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=දර්ශන්_ධර්මරාජ්&oldid=523763" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි