තෙවන චාල්ස් රජ
තෙවන චාල්ස් රජ,(චාර්ල්ස් ෆිලිප් ආතර් ජෝර්ජ්, උපත 1948 නොවැම්බර් 14) යනු එක්සත් රාජධානියේ සහ තවත් පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය 14ක රජු වේ. බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිනගේ හා ෆිලිප් කුමාරයාගේ පළමු දරුවා වේ. 1972 වසරේදී ලංකාව ජනරජයක් බවට පත්ව ලංකාවේ රජ පදවිය අහෝසිවනතුරු ලංකාවේ අවසන් ඔටුන්න හිමි කුමරුව සිටියේය. 1952 සිට ඔටුන්න හිමි කුමරු ලෙස සේවය කරන ඔහු බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දිගුම කාලයක් එම තනතුරේ රැඳී සිටි පුද්ගලයාය.
තෙවන චාල්ස් රජ | |||||
---|---|---|---|---|---|
පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා | |||||
![]() තුන්වන චාල්ස් රජ (එවකට වේල්සයෙහි කුමරු), 2017දී | |||||
එක්සත් රාජධානියේ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයන්හී රජ | |||||
රාජ්‍ය සමය | 8 සැප්තැම්බර් 2022 – වර්තමානය | ||||
පූර්වප්‍රාප්තිකයා | දෙවන එලිසබෙත් රැජිණ | ||||
උත්තරාධිකාරි | විලියම් කුමරු, වේල්සයෙහි කුමරු | ||||
උපත | 14 නොවැම්බර් 1948 බකිංහැම් මාලිගය, ලන්ඩනය, එක්සත් රාජධානිය | ||||
වල්ලභයා | ඩයනා, වේල්සයෙහි කුමරිය (වි. 1981, දික්. 1996) කැමිලා, කෝන්වෝල්හී ආදිපාදවරිය (වි. 2005) | ||||
දරුවන් | විලියම් කුමරු, වේල්සයෙහි කුමරු හැරී කුමරු, සසෙක්හී ආදිපාදවරයා | ||||
| |||||
වංශය | වින්ඩ්සර් රාජවංශය | ||||
පියා | ෆිලිප් කුමරු, එඩින්බරෝහී ආදිපාදවරයා | ||||
මව | දෙවන එලිසබෙත් රැජින | ||||
ආගම | එංගලන්ත සභාව |
1981 වසරේ ඩයනා ස්පෙන්සර් ආර්යාව සමග විවාහ වූ ඔහු එම විවාහයෙන් විලියම් කුමරු, වේල්සයෙහි කුමරු හා වේල්සයෙහි හැරී කුමරු යන දරුවන් ලැබිය. 1996 දී ඔවුන් දික්කසාද වූ අතර ඩයනා කුමරිය 1997 දී ප්‍රංශයේ පැරිස් නුවරදී වාහන අනතුරකින් ජීවිතක්ෂයට පත් වූවාය. 2005 දී ඔහු කැමිලා පාර්කර් සමග විවාහ වූ අතර ඈ දැන් රජ මෙහෙසිය නමින් හදුන්වයි.
තෙවන චාල්ස් රජ වින්ඩ්සර් රාජ වංශය ඔල්ඩන්බර්ග් රාජ වංශයේහී උප වංශයකි උපත: 14 නොවැම්බර් 1948
| ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා දෙවන එලිසබෙත් රැජිණ එක්සත් රාජධානියේ රැජිණ ලෙස |
එක්සත් රාජධානියේ රජ 8 සැප්තැම්බර් 2022 – |
වත්මන් උරුමකරු විලියම් කුමරු වේල්සයෙහි කුමරු ලෙස |