ටී.බී. සුබසිංහ
සුබසිංහ මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩා සුබසිංහ (14 අගෝස්තු 1913 - 1995) යනු ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ 7වන කථානායකවරයා සහ සෝවියට් සංගමය වෙත ශ්‍රී ලාංකික තානාපතිවරයා විය. [1][2] විදේශ සේවා සහ ආරක්ෂක අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු ලේකම් සහ කර්මාන්ත සහ විද්‍යාත්මක කටයුතු අමාත්‍යාවරයා ලෙසින්ද සේවය කර ඇත.[3]
ටිකිරි බණ්ඩා සුබසිංහ | |
---|---|
කර්මාන්ත සහ විද්‍යාත්මක කටයුතු අමාත්‍යවරයා | |
තනතුර දරමින් මැයි 1970 – 1 මාර්තු 1977 | |
අග්‍රාමාත්‍යවරයා | සිරිමාවෝ බණ්ඩාරනායක |
අනුප්‍රාප්තිකයා | සිරිල් මැතිව් |
2වන සෝවියට් සංගමය වෙත ශ්‍රී ලාංකික තානපතිවරයා | |
තනතුර දරමින් 1961–1965 | |
අග්‍රාමාත්‍යවරයා | සිරිමාවෝ බණ්ඩාරනායක |
පූර්වප්‍රාප්තිකයා | ගුණපාල පියසේන මලලසේකර |
අනුප්‍රාප්තිකයා | බී. එෆ්. පෙරේරා |
7වන ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ කථානායක | |
තනතුර දරමින් 30 මාර්තු 1960 – 23 අප්‍රේල් 1960 | |
අග්‍රාමාත්‍යවරයා | ඩඩ්ලි සේනානායක |
පූර්වප්‍රාප්තිකයා | හමීඩ් හුසේන් ෂීක් ඉස්මයිල් |
අනුප්‍රාප්තිකයා | ආර්. එස්. පැල්පොල |
විදේශ කටයුතු සහ ආරක්ෂක අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු ලේකම් | |
තනතුර දරමින් 1956–1959 | |
අග්‍රාමාත්‍යවරයා | එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක |
Member of the ලාංකික Parliament බිංගිරිය සඳහා | |
තනතුර දරමින් 1947–? | |
පුද්ගලික තොරතුරු | |
උපත | 14 අගෝස්තු 1913 බ්‍රිතාන්‍ය ලංකාව |
විපත | 1995 |
දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (1965-1977) |
වෙනත් දේශපාලන සම්බන්ධකම් | ලංකා සම සමාජ පක්ෂය (-1955) ස්වාධීන සමාජවාදී පක්ෂය (1955-1959) එක්සත් ජාතික පක්ෂය (1959) ස්වාධීන (1960-1965) |
කලත්‍රයා | ලොලිටා සුබසිංහ |
සුබසිංහ මහතා, ලංකා සම සමාජ පක්ෂයේ (ලසසප) සමාරම්භක සාමාජිකයෙක් වන අතර, 1947 පාර්ලිමේන්තු මහා මැතිවරණයේදී බිංගිරිය ආසනය සඳහා තරගවැදී පාර්ලිමේන්තුවට තේරී පත් විය. 1956 මහා මැතිවරණයෙන් පසුව ඔහුව, එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක කැබිනට් මණ්ඩලයෙහි විදේශ කටයුතු සහ ආරක්ෂක අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු ලේකම් ලෙසින් පත්විය. [3][1] වසර 1960 දී, එජාප නායකත්වය ලද කෙටි ආයුෂ සභාග රජයෙහි ඔහු පාර්ලිමේන්තු කථානායකවරයා ලෙසින් නිතරගයෙන් තේරී පත් විය.
රටෙහි මාක්ස්වාදී හා අධිරාජ්‍ය-විරෝධී ව්‍යාපාරයන් සඳහා තෝතැන්නක් වූ සූරිය-මල් ව්‍යාපාරයෙහි සුබසිංහ මහතා කැපී පෙනෙන චරිතයක් විය. ඔහු හට, වින්සන්ට් නමැති වැඩිමහළු සොහොයුරෙක් සිටියේය.[1]
ආශ්‍රිත
සංස්කරණය- ^ a b c "ටී.බී. සුබසිංහස් කමෙමරේෂන්". Dailynews.lk. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2013.
- ^ රූපසිංහ, වින්ස්ටන්. "රිවිසිටිං අවර් රෂියන් ෆ්‍රෙන්ඩ්ස්". Sundayobserver.lk. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2013.
- ^ a b "සුබසිංහ, ටිකිරි බණ්ඩා (1913-1995), රිසර්ච් පේපර්ස් ඔන්". AIM25. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2013.
බාහිර සබැඳි
සංස්කරණයදේශපාලන පදවි | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා හමීඩ් හුසේන් ෂීක් ඉස්මයිල් |
පාර්ලිමේන්තුවේ කථානායක 1960 |
අනුප්‍රාප්තිකයා ආර්. එස්. පැල්පොල |
තානාපති තනතුරු | ||
පූර්වප්‍රාප්තිකයා ගුණපාල පියසේන මලලසේකර |
සෝවියට් සංගමය වෙත ශ්‍රී ලාංකික තානපතිවරයා 1961–1965 |
අනුප්‍රාප්තිකයා බී. එෆ්. පෙරේරා |