එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක
සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක (1899 ජනවාරි 8 – 1959 සැප්තැම්බර් 26) යනු ශ්‍රි ලංකාවේ සිව්වන අග්‍රාමාත්‍යවරයාය. ඔහු 1956 සිට 1959 දී බෞද්ධ භික්ෂු වේෂධාරියෙකු විසින් ඝාතනය කරන තෙක් අග්‍රාමාත්‍ය ධූරයේ සේවය කළේය.[1][2][3]
එස්.ඩබලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක | |
---|---|
எஸ்.டபிள்யூ.ஆர்.டி. பண்டாரநாயக்க S.W.R.D. Bandaranaike | |
![]() | |
ලංකාවෙහි 4වන අග්‍රාමාත්‍යවරයා | |
තනතුර දරමින් 12 අප්‍රේල් 1956 – 26 සැප්තැම්බර් 1959 | |
රාජ්‍ය නායකයා | දෙවන එලිසබෙත් මහරැජිණ |
අග්‍රාණ්ඩුකාර | හර්වල්ඩ් රැම්ස්බොටම් ඔලිවර් ගුණතිලක |
පූර්වප්‍රාප්තිකයා | ජෝන් කොතලාවල |
අනුප්‍රාප්තිකයා | විජයානන්ද දහනායක |
2 වන විපක්ෂ නායක | |
තනතුර දරමින් 9 ජූනි 1952 – 18 පෙබරවාරි 1956 | |
අග්‍රාමාත්‍යවරයා | ඩඩ්ලි සේනානායක |
පූර්වප්‍රාප්තිකයා | එන්. එම්. පෙරේරා |
අනුප්‍රාප්තිකයා | එන්. එම්. පෙරේරා |
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා | |
තනතුර දරමින් 2 සැප්තැම්බර් 1951 – 26 සැප්තැම්බර් 1959 | |
පූර්වප්‍රාප්තිකයා | නව තනතුර |
අනුප්‍රාප්තිකයා | සී.පී. ද සිල්වා |
සෞඛ්‍ය හා පළාත් පාලන අමාත්‍ය | |
තනතුර දරමින් 26 සැප්තැම්බර් 1947 – 12 ජූලි 1951 | |
අග්‍රාමාත්‍යවරයා | ඩී.එස්. සේනානායක |
පූර්වප්‍රාප්තිකයා | නව තනතුර |
අනුප්‍රාප්තිකයා | ඩඩ්ලි සේනානායක |
සභානායක | |
තනතුර දරමින් 26 සැප්තැම්බර් 1947 – 12 ජූලි 1951d | |
අග්‍රාමාත්‍යවරයා | ඩී.එස්. සේනානායක |
පූර්වප්‍රාප්තිකයා | ඩී.එස්. සේනානායක |
අනුප්‍රාප්තිකයා | ජෝන් කොතලාවල |
අත්තනගල්ල සඳහා නියෝජිත මන්ත්‍රී මණ්ඩල මන්ත්‍රී | |
තනතුර දරමින් 14 ඔක්තෝබර් 1947 – 26 සැප්තැම්බර් 1959 | |
පූර්වප්‍රාප්තිකයා | නව ආසනය |
අනුප්‍රාප්තිකයා | ජේම්ස් ඔබේසේකර |
පුද්ගලික තොරතුරු | |
උපත | 8 ජනවාරි 1899 කොළඹ, බස්නාහිර පළාත, බ්‍රිතාන්‍ය ලංකාව (දැන් ශ්‍රී ලංකාව) |
විපත | 26 සැප්තැම්බර් 1959 (වයස 60) කොළඹ, ලංකා ඩොමීනියන් රාජ්‍යය (දැන් ශ්‍රී ලංකාව) |
හේතුව of death | ඝාතනය |
ජාතිකත්වය | ලාංකික |
දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (1951–1959) එක්සත් ජාතික පක්ෂය (1946–1951) |
කලත්‍රයා | සිරිමාවෝ බණ්ඩාරනායක |
ළමයි | සුනේත්‍රා බණ්ඩාරනායක චන්ද්‍රිකා බණ්ඩාරනායක අනුර බණ්ඩාරනායක |
උගත් ශාස්ත්‍රාලය |
|
රැකියාව | දේශපාලනඥ |
වෘත්තිය | අධිනීතීඥ |
වෙබ් අඩවිය | නිල වෙබ් අඩවිය |
මුල් දිවිය
සංස්කරණයබණ්ඩාරනායක කොළඹ සිංහල ක්‍රිස්තියානි පවුලක උපන්නෙකි. ඔහුගේ පියා වුයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සමයේ මුදලි තනතුරකින් පිදුම් ලද සර් සොලමන් ඩයස් බණ්ඩාරනායකය. සොලමන් බණ්ඩාරනායක පසු කලෙක දේශපාලනයට පිවිසීමේ අරමුණ ඇතිව බෞද්ධයකු බවට පත්වුයේ ය. ද්ව්තියික අධ්‍යාපනය ශාන්ත තෝමස් විදුහලෙන් ලබාගත් ඔහු වැඩිදුර අධ්‍යාපනය ලැබුවේ එංගලන්තයේ කෙම්බ්‍රිජ් සරසවියෙනි 1915 කෙම්බ්‍රිජ් සීනියර් විභාගය ඉහලින් සමත් වූ මෙතුමා 1919 දී ඔක්ස්ෆර්ඞ් සරසවියට ඇතුලත් විය
දේශපාලන දිවිය
සංස්කරණයඔහු ලාංකීක දේශපාලන ක්ෂේත‍්‍රයට පිවිසුණේ 1926 දීය. ඒ එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂයකු ලෙස කොළඹ නගර සභාවට තරඟ වදිමිනි. 1951 දී එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකත්වයෙන් ඉවත්ව ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂය පිහිටුවා ගත්තේය. 1956 පැවති මහ මැතිවරණයෙන් ජයග‍්‍රහණය කරන ලද බණ්ඩාරනායක ශ්‍රි ලංකාවේ අග‍්‍රාමාත්‍ය පදවියට පත්වුයේය.
සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරනු ලැබුවේ ඉන් අනතුරුවය. 1950 වකවානුවේ සිංහල සහ දෙමල යන භාෂා දෙකම රාජ්‍ය භෂාවන් ලෙස භාවිතා කිරීමේ කතිකාවන් පැවතුණද පසුව මැතිවරණ ජයග‍්‍රහණය උදෙසා එය ‘ සිංහල පමණක් ’ යන්න දක්වා වෙනස් කරනු ලැබීය.
විදේශ ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් ඔහු දැක්වු උදාසීන බව හමුවේ ශ්‍රි ලංකාවට ආර්ථික අර්බුද රැසකටද මුහුණ දීමට සිදු විය.
ඝාතනය
සංස්කරණය1959 දී තල්දුවේ සෝමරාම නම් චීවරධාරියකු අතින් සොලමන් බණ්ඩාරනායක ඝාතනයට ලක්වු අතර ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ බිරිඳ සිරිමාවෝ බණ්ඩාරනායක ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂ නායකත්වයට පත්වුවාය.
මෙය ද බලන්න
සංස්කරණයf
මූලාශ‍්‍ර
සංස්කරණය- ^ "S.W.R.D.Bandaranaike,or Solomon West Ridgeway Dias Bandaranaike (Prime Minister of Sri Lanka)". Britannica Online.
- ^ "Bandaranaike, Solomon West Ridgeway Dias". History.Com.
- ^ "Solomon West Ridgeway Dias Bandaranaike". Encarta.MSN.