ජෝර්ජ්ටවුන්, කෙන්ටාකි

ජෝර්ජ්ටවුන් යනු ස්කොට් කෝරළය, කෙන්ටාකි, එක්සත් ජනපදයෙහි පිහිටි ස්වපාලන-වර්ගයෙහි නගරයකි[7]. 2020 සංගණනය පරිදී එහි ජනගහණය 37,086 විය.[5] එය කෙන්ටාකි එ.ජ. ජනපදයෙහි ජනගහණය අනුව 6වන විශාලතම නගරය වෙයි. එය කෝරළයෙහි පරිපාලන කේන්ද්‍රය වෙයි. පූජ්‍ය ඉලයිජා ක්‍රේග් විසින් මුලදී සංස්ථාපනය කරද්දී ලෙබනන් ලෙසින් නම් කෙරුණු එය, 1790 වසරෙහිදී ජනාධිපති ජෝර්ජ් වොෂිංටන් වෙත ගරු කරනු වස් යළි නම් කෙරිණි. [8] ඓතිහාසික වශයෙන්, ජානපදිකයන් ජෝර්ජ්ටවුන් නගරය වෙත ආකර්ෂණය වී ඇත්තේ එහි පිහිටි රෝයල් ස්ප්‍රිං හේතුවෙනි. [9]

ජෝර්ජ්ටවුන්, කෙන්ටාකි
නගරය
අපනාමය(න්): ජී-ටවුන්
ස්කොට් කෝරළය, කෙන්ටාකිහී ජෝර්ජ්ටවුන්හී පිහිටුම.
ස්කොට් කෝරළය, කෙන්ටාකිහී ජෝර්ජ්ටවුන්හී පිහිටුම.
ඛණ්ඩාංක: 38°12′35″N 84°33′36″W / 38.20972°N 84.56000°W / 38.20972; -84.56000ඛණ්ඩාංක: 38°12′35″N 84°33′36″W / 38.20972°N 84.56000°W / 38.20972; -84.56000
රටඑක්සත් ජනපදය
ජනපදයකෙන්ටාකි
කෝරළයස්කොට්
සංස්ථාපනය කෙරිණි1784[1]
රජය
 • පුරපතිබර්නි ජෙන්කින්ස් [2]
සරිය[3]
 • නගරය17.15 සතරැස් සැත (44.41 කිමී2)
 • භූමිය16.98 සතරැස් සැත (43.99 කිමී2)
 • ජලය0.17 සතරැස් සැත (0.43 කිමී2)
උන්නතාංශය[4]883 ft (269 m)
ජනගහණය(2020)[5]
 • නගරය37,086
 • ඇස්තමේන්තුව (2022)[6]38,780
 • අනුස්ථිතියUS: 1054වන
KY: 6වන
 • ඝණත්වය2,183.6/වර්ග සැත (843.09/කිමී2)
 • පුරවර517,846 (US: 109වන)
 • ජාති නාමයජෝර්ජ්ටෝනියානු
වේලා කලාපනැගෙනහිර (UTC−5)
 • ගිම්හානය (DST)EDT (UTC−4)
ZIP කේතය40324
දුරකථන කේතය(න්)502
FIPS කේතය021209
GNIS ලක්ෂණය ID2403689[4]
වෙබ් අඩවියgeorgetownky.gov


පෞද්ගලික ලිබරල් කලාව පිළිබඳ ශාස්ත්‍රාලයක් වන ජෝර්ජ්ටවුන් ශාස්ත්‍රාලය එහි පිහිටා ඇත. ජෝර්ජ්ටවුන්, ලෙක්සින්ටන්-ෆෙයේට්, කේවයි මෙට්‍රොපොලිටන් සංගණන ප්‍රදේශයෙහි කොටසක් වෙයි. NFLහී සින්සිනෑටි බෙන්ගෝල්ස් සඳහා පුහුණු කඳවුර නිවස්න වශයෙන් කලෙක මෙම නගරය ක්‍රියාත්මක විය.

නගරයෙහි වර්ධනය ඇරඹුනේ 1980ගණන් වල මැද භාගයෙහිදී, ටොයොටා සමාගම විසින් පූර්ණ වශයෙන් එක්සත් ජනපද අයිති එහි පළමුවන කර්මාන්තශාලාව වූ ටොයොටා මෝටර් මැනුෆැක්චරිං කෙන්ටාකි, ජෝර්ජ්ටවුන් නගරයෙහි තැනීමත් සමගය. මෙම කර්මාන්තශාලාව 1988 වසරෙහිදී විවෘත විය; එය තනනු ලබන්නේ කැම්රි, කැම්රි හයිබ්‍රිඩ්, ඇවලෝන්, ලෙක්සස් ඊඑස්, සහ ආර්ඒවී4 හයිබ්‍රිඩ් මෝටර්රථ වෙති. [10] [11]

ඉතිහාසය සංස්කරණය

 
වෝඩ් හෝල්, ග්‍රීක පුනර්ජීවනය ඉම් සලකුණක්

වර්තමානයෙහි ස්කොට් කෝරළය වන ප්‍රදේශයෙහි එල්ක්හෝන් කුඩා කලපුවෙහි ඉවුර ඔස්සේ අවම වශයෙන් වසර 15,000 මුළුල්ලේ ස්වදේශීය ජනයා ජීවත්ව සිට ඇත. [8] යුරෝපියානු සමාසදය සිදුවන විට, ඓතිහාසික ෂානි ජනයා මෙම ප්‍රදේශයෙහි ජීවත්වූහ.[උපහරණ ඇවැසිය]

ඉංග්‍රීසි-ඇමරිකානු ගවේෂණය, පශ්ච යටත්විජිත සමයට සහ 1774 වසරෙහි ජූනි මාසයෙහිදී ෆින්කැසල් කෝරළය, වර්ජීනියා සිට කර්නල් ජෝන් ෆ්ලොයිඩ්ගේ නායකත්වය යටතේ සිදුවූ සමීක්ෂණ ගවේෂණයකට දින නියම කළ හැකිය. ඔහුගේ හමුදාමය සේවය වෙනුවෙන්, ඔහුට මෙම ප්‍රදේශයෙන් අක්කර 1000 (4 වර්ග කිමී) ඉඩම් ප්‍රමාණයක් වර්ජීනියා ජනපදය විසින් ප්‍රදානය කෙරිණි. ඔහු විසින් එයට රෝයල් ස්ප්‍රිං ලෙස නම් තබන ලද නමුදු එහි පදිංචි වූයේ නැත. [12] මෙම ප්‍රදේශයෙහි පදිංචි වූ පළමුවන ඉංග්‍රීසි ජානපදිකයා වූයේ ජෝන් මැක්ලෙලන් වූ අතර ඔහු විසින් 1775 වසරෙහිදී මැක්ලෙලන්ගේ කඳවුර ස්ථාපනය කල මුත්, 1776 දෙසැම්බර් 29 දිනදී සිදුවූ ඉන්දියානු ප්‍රහාරයක් හේතුවෙන් සංකීර්ණය අත්හැර දමන ලදි. [13]

1782 වසරෙහිදී, බැප්ටිස්ට් දේශක ඉලයිජා ක්‍රේග් විසින් ඔහුගේ සභාවෙහි සමූහනය වර්ජීනියාවෙහි ඔරෙන්ජ් කෝරළයෙහි ප්‍රදේශයකට කැඳවාගෙන එන ලද, ඔහු විසින් ලෙබනන් ලෙසින් හැඳින්වුනු නව ජනාවාසයක් පිහිටුවන ලදි. වර්ජීනියා ව්‍යවස්ථාදායකය විසින් 1784 වසරෙහිදී එය ව්‍යවස්ථාගත කරන ලදි. මෙම කාල සීමාවෙහිදී, එහි යටත්විජිත ප්‍රඥප්තිය යටතේ වර්ජීනියාව විසින් මෙම භූමි ප්‍රදේශය සඳහා හිමිකම් කියන ලදි. [12] මෙම පෙදෙසෙහි පළමුවෙන් පිහිටුවුනු ඇඹරුම් කම්හල් කිහිපයක් ක්‍රේග් විසින් ඇපලේචියන් කඳු වලින් බටහිර පෙදෙසෙහි රෝයල් ස්ප්‍රිං කොටසෙහි පිහිටුවන ලද අතර, එහිදී ඔහු රෙදි සහ කඩදාසිද නිෂ්පාදනය කලේය.[8] ඔහු විසින් 1789 වසරෙහිදී ඉස්කාගාරයක් සහ රිට්න්හවුස් ඇකඩමි ලෙසින් හැඳින්වුනු පාසැලක්ද ආරම්භ කරන ලදි. මෙය අත්‍යන්තයෙහිදී ජෝර්ජ්ටවුන් කොලෙජ් බවට ප්‍රවර්ධනය විය.[14]

1790 වසරෙහිදී නගරයෙහි නම ජෝර්ජ් ටවුන් බවට වෙනස් කෙරුණේ ජනාධිපති ජෝර්ජ් වොෂිංටන් හට ගරුකිරීමක් සඳහාය. 1792 වසරෙහිදී කෙන්ටාකි 15වන එ.ජ. ජනපදය බවට පත්වී, ස්කොට් කෝරළය තැනූ විට, එහි කෝරළ පරිපාලන කේන්ද්‍රය බවට ජෝර්ජ් ටවුන් පත්විය. 1846 වසරෙහිදී එහි නම ජෝර්ජ්ටවුන් බවට විධිමත් ලෙසින් වෙනස් කෙරිණි.[12]

සාරවත් බ්ලූග්‍රාස් ප්‍රදේශයෙහි කොටසක් වූ බැවින්, කෝරළය කෘෂිකාර්මික ආර්ථිකයක් ප්‍රවර්ධනය කලේය. වැවිලිකරුවෝ දුම්කොළ සහ කාර්මික හණ වගා කල අතර, ආජානීය ජවාශ්වයන්, ගවයන් සහ බැටළුවන් ඇතුළු අචලතාපී පශුසම්පත ඇති කලහ. සිවිල් යුද්ධයෙහිදී, කෙන්ටාකි විසින් යූනියන් පාර්ශවය සමග සිටින ලදි. පළමුව 1862 වසරෙහි ජූලි 15 දිනදී සහ දෙවනුව 1864 වසරෙහි ජූලි 10 දිනදී වශයෙන් දෙවතාවක් තුලදී සන්ධාන ජෙනරාල් ජෝන් හන්ට් මෝර්ගන් විසින් ජෝර්ජ්ටවුන් ආක්‍රමණය කරන ලදි.[12]

යුද්ධයෙන් අනතුරුව, නගරය දුම්රිය මාර්ග සන්ධිස්ථානයක් වූ අතර, සින්සිනෑටි දකුණ, ලුවිවිල් දකුණ, සහ ෆ්‍රැන්ක්ෆර්ට් සහ සින්සිනෑටි එයට සම්බන්ධ වුණි. අවසානයට සඳහන් වුණු දුම්රිය මාර්ගය "විස්කි මාර්ගය" ලෙසින් සැලකුණු අතර, ප්‍රදේශයෙහි බර්බන් වලින් බොහෝමයක් ඕහයියෝ ගංගාව අසබඩ වෙළෙඳපොළ වලට ගෙන යෑමට ඉවහල් විය.[12]

කතෝලික බැහැදැකීම කන්‍යාසොහොයුරියන් විසින් 1896 වසරෙහිදී බාලිකාවන් සඳහා පාසැලක් විවෘත කෙරිණි. මෙම පාසැල 1987 වසරෙහිදී වසා දැමුණු අතර, කාඩොම් මධ්‍යස්ථානය ලෙසින් භාවිතා කෙරිණි. එය පෙරදී ජෝර්ජ්ටවුන් නගරය සඳහා ප්‍රජා කේන්ද්‍රයක් ලෙසින් භාවිතා කෙරුණු මුත්, 2019 වසරෙහිදී ලෙක්සින්ටන් කතෝලික රදගුරු වසම විසින් මිලදී ගන්නා ලදි. [15] [16]

ආශ්‍රිත සංස්කරණය

  1. ජෝර්ජ්ටවුන්, කෙන්ටාකි සංරක්ෂණය කළ පිටපත 2013-08-23 at archive.today කේනටාකි රාජ්‍ය ලේකම්: ඉඩම් කාර්යාලය. සම්ප්‍රවේශය අගෝස්තු 23, 2013.
  2. "මේයර්ස් ඔෆිස්". ජෝර්ජ්ටවුන්, කෙන්ටාකි. සම්ප්‍රවේශය ජූලි 12, 2023.
  3. "2020 ්‍යූ.එස්. ගැසටියර් ෆයිල්ස්". එක්සත් ජනපද සංගණන කාර්යාංශය. සම්ප්‍රවේශය මාර්තු 18, 2022.
  4. 4.0 4.1 U.S. Geological Survey Geographic Names Information System: ජෝර්ජ්ටවුන්, කෙන්ටාකි
  5. 5.0 5.1 "එක්ස්ප්ලෝර් සෙන්සස් ඩේටා". එක්ස්ප්ලෝර් සෙන්සස් ඩේටා. එක්සත් ජනපද සංගණන කාර්යාංශය. සම්ප්‍රවේශය ජූලි 5, 2022.
  6. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; USCensusEst2022 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  7. "සමරි ඇන්ඩ් රෙෆරන්ස් ගයිඩ් ටු හවුස් බිල්331 සිටි ක්ලැසිෆිකේෂන් රිෆෝම්" (PDF). කෙන්ටාකි ලීග් ඔෆ් සිටීස්. සම්ප්‍රවේශය ‍30 දෙසැම්බර්, 2014. {{cite web}}: Check date values in: |access-date= (help)
  8. 8.0 8.1 8.2 "හිස්ට්‍රි ඔෆ් ජෝර්ජ්ටවුන්/ස්කොට් කවුන්ටි". ජෝර්ජ්ටවුන්/ස්කොට් කවුන්ටි සංචාරක ප්‍රවර්ධන ආයතනය. සම්ප්‍රවේශය දෙසැම්බර් 14, 2018.
  9. ඕඩෙල්, ගැරී ඒ. (2023). බ්ලූග්‍රාස් පැරඩයිස්: රෝයල් ස්ප්‍රිං ඇන්ඩ් ද බර්ත් ඔෆ් ජෝර්ජ්ටවුන්, කෙන්ටාකි (ඉංග්‍රීසි බසින්). කෙන්ටාකි විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. doi:10.5810/kentucky/9780813196718.001.0001. ISBN 978-0-8131-9708-1.
  10. "ජෝර්ජ්ටවුන් ටොයොටා ප්ලාන්ට් ඩෙබියුට්ස් නිවු ලෙක්සස් ලයින් විත් 3,000 එම්ප්ලෝයීස්, කෙන්ටාකි ඔෆීෂියල්ස්". ලෙක්සිංටන් හෙරල්ඩ්-ලීඩර්. http://www.kentucky.com/2015/10/19/4095118_georgetown-toyota-plant-debuts.html?rh=1. 
  11. "ආර්ඒවී4 හයිබ්‍රිඩ් ප්‍රොඩක්ෂන් බිගිංස්". ජෝර්ජ්ටවුන් නිවුස්-ග්‍රැෆික්. සම්ප්‍රවේශය ජනවාරි 9, 2020.
  12. 12.0 12.1 12.2 12.3 12.4 කෙන්ටාකි එන්සයික්ලොෆීඩියා, p. 371. "ජෝර්ජ්ටවුන්". කෙන්ටාකි විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය (ලෙක්සිංටන්), 1992. සම්ප්‍රවේශය ජූලි 26, 2013.
  13. "ජෝර්ජ්ටවුන්, කෙන්ටාකි". ඇඩ්විසරි කවුන්සිල් ඔෆ් හිස්ටරික් ප්‍රොටෙක්ෂන්. සම්ප්‍රවේශය 26 ජූනි 2023.
  14. ජෝර්ජ්ටවුන් කොලෙජ්. "ඉතිහාසය".
  15. කාඩොම් සෙන්ටර්. "About Us සංරක්ෂණය කළ පිටපත 2023-03-28 at the Wayback Machine".
  16. "කාඩොම් ඔෆීෂියලි සෝල්ඩ්". නොවැම්බර් 28, 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය දෙසැම්බර් 1, 2020.
"https://si.wikipedia.org/w/index.php?title=ජෝර්ජ්ටවුන්,_කෙන්ටාකි&oldid=616437" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි