ජවාරි දේවාලය, ඛජුරාහෝ
ඉන්දියාවේ ඛජුරාහෝවේ ජවාරි දේවාලය යනු හින්දු දේවාලයක් වන අතර, එය යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන ඛජුරාහෝ ස්මාරක සමූහයේ කොටසකි. ක්‍රි.ව. 975 සහ 1100 පමණ කාලය අතරතුර මෙය නිර්මාණය වන්නට ඇත.[1]
ජවාරි දේවාලය | |
---|---|
මූලික තොරතුරු | |
පිහිටීම | ඛජුරාහෝ[1] |
අනුබැඳියාව | හින්දු ආගම |
දිස්ත්‍රික්කය | ඡතර්පූර්[1] |
ජනපදය | මධ්‍ය ප්‍රදේශ් |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
නිර්මාපක | චන්දේල පාලකයින් |
මෙම දේවාලය හින්දු දෙවියකු වන විෂ්ණු වෙනුවෙන් පුදකොට ඇත.[1] දේවාලයේ පිහිටි ප්‍රධාන දේව ප්‍රතිමාව කැඩීගොස් ඇති අතර, එහි හිස දක්නට නොලැබේ. (රූපය බලන්න).[2]
පිහිටීම
සංස්කරණයමෙම දේවාලය ඛජුරාහෝවේ නැගෙනහිර පෙදෙසේ පිහිටා ඇත.[1] වාමන දේවාලයේ සිට මීටර 200ක් පමණ දකුණින් පිහිටි මෙය එම දේවාලයේ සිට මැනවින් දර්ශනය වේ.[1]
ගෘහනිර්මාණ ශිල්පය
සංස්කරණයමෙය මනා-සමානුපාතික ගෘහ නිර්මාණ ලක්ෂණවලින් යුතු ය. මෙහි ගර්භගෘහයක්,[1] අන්තරාලයක්,[1] මණ්ඩපයක්[1] සහ ද්වාරමණ්ඩපයක්[1] දක්නට ලැබෙන මුත්, ප්‍රදක්ෂිණාපථයක් දක්නට නැත. මෙහි අලංකාර මකර තොරණක්[1] සහ ශිඛරයක් (මුදුනේ) පිහිටා ඇත. පිටත බිත්තිය කැටයම් තීරු තුනකින් සමන්විත ය. මෙම දේවාලය ඛජුරාහෝවේ චතුර්භූජ් දේවාලයට[1] සමානත්වයක් පෙන්වයි.
ප්‍රධාන දේව ප්‍රතිමාව
සංස්කරණයදේවාලයේ ප්‍රධාන දේව ප්‍රතිමාවේ (විෂ්ණුගේ[1]) හිස දක්නට නොමැති ඇති අතර, එයට හානි වී ඇත.[2]
මකර තොරණ
සංස්කරණයදේවාලයේ ප්‍රවේශ ද්වාරමණ්ඩපයේ අලංකාර මකර තොරණක්[1] දැකගත හැක. (රූපය බලන්න)
ගර්භගෘහයේ පිවිසුම
සංස්කරණයගර්භගෘහයේ ප්‍රවේශ ද්වාරය මුදුනේ නව-ග්‍රහයන් නිරූපිත කැටයම් දැකගත හැක. නව-ග්‍රහ ප්‍රතිමාවලට අමතරව බ්‍රහ්ම, විෂ්ණු සහ ශිව යන හින්දු දෙවිවරුන්ගේ රූ ද දැකගත හැක.
ප්‍රතිමා
සංස්කරණයදේවාලයේ පිටත බිත්තියේ ප්‍රතිමා තීරු දෙකක් දක්නට ලැබේ. (පින්තූරය බලන්න)[3]
ගැලරිය
සංස්කරණය-
ප්‍රධාන දේව ප්‍රතිමාව
-
මකර තොරණ
-
දේවාලයේ පියස්ස
ආශ්‍රේයයන්
සංස්කරණයබාහිර සබැඳි
සංස්කරණය- ම.ප්‍ර. සංචාරක වෙබ්අඩවිය, මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත සංචාරක සංස්ථාවේ නිල වෙබ්අඩවිය, ඛජුරාහෝ
- ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දොපර්තමේන්තුව, භෝපාල් කොට්ඨාසය, ඛජුරාහෝ නාමාවලි පිටුව - ඡතර්පූර්
- ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව, භෝපාල් කොට්ඨාසය, ජවාරි දේවාලය, ඛජුරාහෝ