ජයි ශ්‍රී ක්‍රිෂ්ණා

ජයි ශ්‍රී ක්‍රිෂ්ණා (සිංහල: ජය ශ්‍රී ක්‍රිෂ්ණා) යනු සාගර් පික්චර්ස් වෙතින් නිෂ්පාදිත ඉන්දියානු රූපවාහිනී කතාමාලාවකි. මෙය 2008 ජූලි 21 සිට 2009 සැප්තැම්බර් 15 දක්වා කලර්ස් නාළිකාවෙන් හින්දි බසින් විකාශය විය. මෙහි දෙමළ හඬකැවූ ප්‍රභේදය රාජ් ටීවී ඔස්සේ 2009 අප්‍රේල් 20 සිට 2010 ජූනි 14 තෙක් විකාශය විය.

ජයි ශ්‍රී ක්‍රිෂ්ණා
ජයි ශ්‍රී ක්‍රිෂ්ණා තේමා පාඨය
තැනුවේසාගර් පික්චර්ස්
රඟපෑමමේඝන් ජාදව්
ඇරඹුම් තේමාවජයි ශ්‍රී ක්‍රිෂ්ණා ජයි ශ්‍රී...
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)හින්දි
දෙමළ
කථාවාර සංඛ්‍යාව01
කථාංග ගණන285
නිෂ්පාදනය
ධාවන කාලයමිනිත්තු 20
ප්‍රචාරණය
මුල් නාලිකාවකලර්ස් ටීවී, රාජ් ටීවී, රිෂ්තේ ටීවී, ඒඑන්ටීවී
රූප ආකෘතිය720i (SDTV)
1080i (HDTV)
මුල් ධාවනය21 ජූලි 2008 (2008-07-21) – 15 සැප්තැම්බර් 2009 (2009-09-15)
බාහිර සබැඳි
නිල වෙබ්අඩවිය

නළු මේඝන් ජාදව් මෙහි ක්‍රිෂ්ණාගේ චරිතය නිරූපණය කරයි. මෙය රාමනන්ද් සාගර්ගේ සාර්ථක වැඩසටහනක් වූ ශ්‍රී ක්‍රිෂ්ණාහි ප්‍රතිනිර්මාණයකි. මෙය මෙහෙයවන ලද්දේ සාගර් පික්චර්ස්හි මෝති සාගර් විසිනි. මේ සඳහා මහාභාරතය, හරිවංස, භගවත පුරාණය සහ විෂ්ණු පුරාණය පාදක කොටගෙන ඇත. රිෂ්තේ නාළිකාව මගින් මෙය එක්ස්ත රාජධානියේ ද විකාශය කරන ලදී. ශ්‍රී ලංකාව තුළ මෙහි දෙමළ හඬකැවූ ප්‍රභේදය සිංහල උපසිරැසි සමගින් ශක්ති ටීවී නාළිකාව ඔස්සේ විකාශය විය.

කථා පුවත සංස්කරණය

ජයි ශ්‍රී ක්‍රිෂ්ණා මගින් විෂ්ණු දෙවියන්ගේ ක්‍රිෂ්ණ අවතාරය පිළිබඳ නිරූපණය වේ. මෙමගින් ඉන්දියාවේ ගෝඛුල්, මථුරා, හස්තිනාපුර සහ ද්වාරකා යන නගර පසුබිම් වී ඇත. ක්‍රිෂ්ණාගේ උපතේ සිට ඔහුගේ ළමා විය, යොවුන් විය වැනි අවස්ථාවන්හි කථාපුවත් හෙවත් ලීලාවන් ද, මථුරාවේ සහ ද්වාරකාවේ කුමරුන් ලෙස සිටි අවධි ද නිරූපණය කෙරේ.

මඛාන් චෝර් (මෝරු සොරා) ලෙස ප්‍රචගිත ක්‍රිෂ්ණා සහ සුදාම අතර සදාකාලික මිත්‍රත්වයක් පැවතිණි. තවද, ක්‍රිෂ්ණා විසින් පුතානා රාක්ෂ රැජින සහ විෂ සහිත කාලිය නාගයා දමනය කළේ ය. තවත් රසවත් කථා පුවතක් වන්නේ ක්‍රිෂ්ණා කුඩා දරුවකුව සිටි කාලයේ ඔහුගේ හදාගත් මව වූ යශෝධා ඔහු‍ගේ මුඛය තුළින් සම්පූර්ණ විශ්වයම දැක තිබීමයි.

නව යොවුන් වියේ දී ඔහු සහ රාධා අතර දිව්‍යමය සම්බන්ධතාවයක් පැවතිණි. වෘන්දාවනයේ ගෝපිකාවන් සමග ඔහු සිදුකළ නර්තනය රාස ලීලා ලෙස ප්‍රකට විය. පසුව, ඔහු වැඩුණු මිනිසකු බවට පත්වීමත් සමග මෙම කතාමාලාව තුළින් ඔහු සිය දුෂ්ට මාමණ්ඩිය වූ කංස විනාශ කළ අයුරු නිරූපණය වේ. (නමුත් පුරාවෘත්තවල සඳහන් වන්නේ ක්‍රිෂ්ණා සිය මාමණ්ඩියව මරාදමන විට ඔහු වයස අවුරුදු 12ක පමණ ලාබාල දරුවකු බවයි)

කුමරකු බවට පත්වීමත් සමග, ක්‍රිෂ්ණා රුක්මිණී, සත්‍යභාමා සහ ජම්බාවතී සමග විවාහ වේ. එසේම ක්‍රිෂ්ණා විසින් නරකාසුර නම් රාක්ෂයාගේ සිරභාරයේ සිටි තරුණියන් 16,100 දෙනකුව ද විවාහ කර ගනු ලබයි. ඔහු මෙය සිදු කරන්නේ ඔවුන්ගේ ගෞරවය රැක ගැනීමටයි. ක්‍රිෂ්ණාගේ භාර්යාවන් විෂ්ණු දෙවියන්ගේ බිසව වන ලක්ෂ්මී දේවියගේ විවිධ ස්වරූපයන් යැයි විශ්වාස කෙරේ.

එසේම කතාමාලාව මගින් ක්‍රිෂ්ණා විසින් පාණ්ඩවයන්ගේ මස්සිනා වූ අයුරුත්, අර්ජුනගේ හොඳම මිතුරා වූ අයුරුත් නිරූපිත ය. ද්‍රෞපදීට සොහොයුරකු බඳුවූ ඔහු, මහා දූ කෙළියේ දී අසාධාරණ ලෙසින් පාණ්ඩවයන්ගේ දේපළ සමග ඇයව දිනාගත් කෞරවයන්ගේ අඩන්තේට්ටම්වලින් ඇයව මුදා ගනියි. කුරුක්ෂේත්‍ර මහා යුද්ධයට පෙර ඔහු භගවද් ගීතාවේ ඥානය අර්ජුනට ලබා දෙයි.

කතාමාලාව මගින් තවදුරටත් ක්‍රිෂ්ණා පරිපූර්ණ පුත්‍රයකු, ස්වාමි පුරුෂයකු, සොහොයුරකු, මිතුරකු, රජකු සහ පෙම්වතකු ලෙස නිරූපණය කොට ඇත. මෙමගින් ක්‍රිෂ්ණාගේ යෞවන විය තෙක් සිදුවීම් දක්නට ලැබේ.

චරිත නිරූපණය සංස්කරණය

නළුවා/නිළිය චරිතය
මේඝන් ජාදව් ක්‍රිෂ්ණා
ධෘති භාටියා ක්‍රිෂ්ණා (ළමා)
පිංකි රාජ්පුත් ක්‍රිෂ්ණා (ළමා)
විර්ති වඝානි රාධා (ළමා)
කුණාල් ගෞඩ් ක්‍රිෂ්ණා (ලාබාල)
ආදිති සජ්වාන් යශෝධා / නන්ද්‍රාණිජී
සේබ් ඛාන් නන්ද / නන්ද්‍ර /නන්ද්‍රයිජී
රීමා දේබ්නාත් පාර්වතී දේවිය
සෞරභ් රාජ් ජයින් විෂ්ණු දෙවියන්
කෘතිකා ෂර්මා රාධා රාණි
නිතින් ප්‍රාභාත් බල්රාම්
රාජ් ප්‍රේමි කංස / කොංෂෝ (බෙංගාලි)
යෝගේෂ් මහාජාන් මරාඨි වසුදේව ජී
ප්‍රාචී පථක් කේෂණී (කංසගේ භාර්යාව)
ෂහාබ් ඛාන් මහාඍෂි ගර්ග

නිෂ්පාදක කණ්ඩායම සංස්කරණය

කාර්යය නම
නිෂ්පාදක/අධ්‍යක්ෂක අම්රිත් සාගර්, මෝති සාගර්
කථාව, තිරරචනය සහ පර්යේෂණය මීනාක්ෂි සාගර් රිසර්ච් ටීම්
සංගීතය මිථිලේෂ් ෂර්මා
පද ක්‍රිෂ්ණා භාරද්වාජ්
සංස්කාරක විකාශ් ජා
වස්ත්‍ර ශිලා සාගර්
රංගන අධ්‍යක්ෂක ශිව්ගෝපාල් ක්‍රිෂ්ණා
සිනෙමාරූපණය නිඛිල් සිංහා
කලා අධ්‍යක්ෂණය චොක්කස් භාරද්වාජ්
"https://si.wikipedia.org/w/index.php?title=ජයි_ශ්‍රී_ක්‍රිෂ්ණා&oldid=406555" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි