චීන කොමියුනිස්ට් පක්ෂයෙහි උප සභාපතිවරයා

චීන කොමියුනිස්ට් පක්ෂයෙහි මධ්‍යම කාරක සභාවෙහි උප සභාපතිවරයා (සරල චීන: 中国共产党中央委员会副主席; සම්ප්‍රදායික චීන: 中國共產黨中央委員會副主席; පින්යින්: Zhōngguó Gòngchǎndǎng Zhōngyāng Wěiyuánhuì Fù Zhǔxí) යනු, 1956 සිට 1982 අතරතුර කාලය තුලදී, චීන කොමියුනිස්ට් පක්ෂය (CPC) තුල, පක්ෂ සභාපතිවරයා යටතෙහි පැවති ඉහළතම නිලය විය. 1982 වසරෙන් පසු මෙම තනතුර ක්‍රමයෙන් ඉවත් කරනු ලැබුවේ, මියගිය මාඕ වෙනුවෙන් පමණක් භාවිතා වූ "සභාපති" යන තනතුර රජයෙහි සියළු තනතුරු වලින් ඉවත් කරනු සඳහා විය.

සියළු උප සභාපතිවරු චීකොප දේශපාලන මණ්ඩලයෙහි ස්ථාවර කමිටුවෙහි සාමාජිකයෝ වූහ.

තනතුරු කාලසීමාව රූපය නම තනතුරුධාරී කාලය සභපෙතිවරයා සටහන
තනතුරුධාරී කාලය ඇරඹුම තනකුරුධාරී කාලය කෙළවර
8වන චීකොප මධ්‍යම කාරක සභාව ලියු සවුචී සැප්තැම්බර් 1956 අගෝස්තු 1966
මාඕ සේතුං
එකොලොස්වන පූර්ණ සැසිවාරය තෙක් නිලය දැරීය
චෞ එන්ලායි සැප්තැම්බර් 1956 අගෝස්තු 1966
චූ ද සැප්තැම්බර් 1956 අගෝස්තු 1966
චෙන් යුං සැප්තැම්බර් 1956 අගෝස්තු 1966
ලිං පියාඕ මැයි 1958 අප්‍රේල් 1969 පස්වන පූර්ණ සැසිවාරයෙහිදී තෝරා පත් කර ගැණිනි