මාඕ සේතුං (1893 දෙසැම්බර් 26 – 1976 සැප්තැම්බර් 9) මහජන චීන සමූහාණ්ඩුවේ පළමු නායකයා හෙවත් සභාපති විය. එමෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භක සාමාජිකයකු විය. 1949 ඔක්තෝබර 1 වනදා සිට සිය මරණය තෙක් මහජන චීනයේ සභාපති ලෙස කටයුතු කළේ ය.

සභාපති
මාඕ සේතුං
මැතිතුමා
毛泽东
Mao Tse-tung - panoramio.jpg
චීන කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ,චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව
පදවිය දැරීම
ජූනි 19, 1945 – සැප්තැම්බර් 9, 1976
පූර්වප්‍රාප්තිකයාඔහුම (මධ්‍යම දේශපාලන මණ්ඩලයේ සභාපති වශයෙන්)
අනුප්‍රාප්තිකයාහුආ ගුඕෆෙං
චීන කොමියුනිස්ට් පක්ෂයේ සභාපති , මධ්‍යම දේශපාලන මණ්ඩලය , චීන කොමුනිස්ට් පක්ෂය
පදවිය දැරීම
මාර්තු 20, 1943 – සැප්තැම්බර් 28, 1956
පූර්වප්‍රාප්තිකයාසං වෙන්තියන් (මහලේකම්, මධ්‍යම කාරක සභාව )
අනුප්‍රාප්තිකයාඔහුම (සභාපති, මධ්‍යම කාරක සභාව)
සභාපති, මධ්‍යම ආණ්ඩුව
පදවිය දැරීම
ඔක්තෝබර් 1, 1949 – සැප්තැම්බර් 27, 1954
Premierචවු එන්ලායි
පූර්වප්‍රාප්තිකයාතනතුර පිහිටුවා ඇත
අනුප්‍රාප්තිකයාජනාධිපති, චීන මහජන සමූහාණ්ඩුව
පළමු ජනාධිපති,
චීන මහජන සමූහාණ්ඩුව
පදවිය දැරීම
සැප්තැම්බර් 27, 1954 – අප්‍රේල් 27, 1959
Premierචවු එන්ලායි
Deputyචූ ඩි
පූර්වප්‍රාප්තිකයාසභාපති, මධ්‍යම ආණ්ඩුව
අනුප්‍රාප්තිකයාලියු ෂාඕකායි
පුද්ගලික තොරතුරු
උපතදෙසැම්බර් 26, 1893(1893-12-26)
ෂාඕෂාන්, හුනාන්, කුයින්ග් අධිරාජ්‍ය
මරණයSeptember 9, 1976(1976-09-09) (වයස 82)
බෙයිජිං, චීනය
තැන්පත් කල ස්ථානයසභාපති මාඕ සැමරුම් ශාලාව, බෙයිජිං, චීන මහජන සමූහාණ්ඩුව
දේශපාලන පක්ෂයචීන කොමුනිස්ට් පක්ෂය
අනෙකුත් දේශපාලන
අනුබද්ධ
ගුවොමින්ඩාං (1925–1926)
කලත්‍රයා(යන්)ලුවෝ යික්සු (1907–1910)
යැන්ග් කයිහුයි (1920–1930)
හේ සයිශෙන් (1930–1937)
ජියැන් කුයින්ග් (1939–1976)
දරුවන්10, ඇතුලත්ව:
මාඕ අන්යින්ග්
මාඕ අන්කුයින්ග්
මාඕ අන්ලොන්ග්
යැන්ග් යුහුවා
ලී මින්
ලී නා
දෙමව්පියන්මාඕ යිචෑන්ග්
වෙන් කුයිමෙයි
උගත් ශාස්ත්‍රාලයහුනාන් ෆර්ස්ට් නොර්මල් විශ්වවිද්‍යාලය
අත්සන

1893 දෙසැම්බර් 26 වනදා චීනයේ හුනාන් පළාතේ ෂඕෂාන් (Shaoshan) හි උපන් මාඕ සේතුංගේ පියා මාඕ යිචෑන්ග් (Mao Yichang) නම් විය. ඔහු ධනවත් ගොවියකු වූ අතර තරුණ කළ එතරම් වත් පොහොසත්කමින් යුතු නොවූවකු වූ බව සඳහන් ය. මාඕ සේතුංගේ මව වෙන් කිමෙයි බෞද්ධ කාන්තාවක වූවාය.

තරුණ කළ පටන්ම මාඕ පොත පත කියවීමට හුරු විය. ඔහු අධ්‍යාපන කටයුතු සඳහා චාංග්‍ෂා නගරයට ගිය අතර 1911 දී ෂින්හායි විප්ලවය සිදුවන අවස්ථාවේ ඔහු සිටියේ එහි ය. ඔහු සමූහාණ්ඩුවාදී පක්ෂයට සහය දුන්නේය.

ගුරුවරයකු වීමට උගත් මාඕ 1917 දී බීජිං විශ්වවිද්‍යාලයේ සහය පුස්තකාලාධිපතිවරයකු ලෙස පත්වීමක් ලබා ගත්තේය. මෙකළ චීනයේ විවිධාකාර දේශපාලන ගැටුම් සහ විප්ලවකාරී ව්‍යාපාර ගහණ සමයකි. චීන කොමියුනිස්ට් පක්ෂය 1921 ජූලි 1 වනදා බිහි වන්නේ ද එම පසුබිමෙහිදී ය.

චීන ජාතිකවාදී විප්ලවයේ නායකයා වූ සුන් යත් සෙන් 1925 දී මියගිය අතර ඉන්පසු එම ව්‍යාපාරයේ නායකයා වූයේ චියැං කායි ෂෙක් ය. කොමියුනිස්ට් පක්ෂය, චීනයේ ජාතිකවාදී පක්ෂය (ගුවොමින්ඩාං පක්ෂය – Kuomingtan) සමඟ සන් ධානයකට එක් විය.

කෙසේ වෙතත් 1927 අප්‍රේල් මාසයේදී චියැං කායි ෂෙක් එකවරම කොමියුනිස්ට්වාදීන්ට පහර දුන්නේය. මෙම “ධවල භීෂණය” සමයේ කොමියුනිස්ට්වාදීන් 15,000 ක් පමණ මිය ගිය බව සැළකේ.

ගොවි විප්ලවයසංස්කරණය

සිය ගම් පළාත වූ හුනාන් පළාතේ ගොවි ජනයාගේ ප්‍රශ්න පිළිබඳ අධ්‍යයනයක් කළ මාඕ එම වාර්තාව පළ කළේ මෙම ධවල භීෂණයට මාසයකට කළින් ය. සාම්ප්‍රදායික මාක්ස්වාදී චින්තනය අනුව යමින් කම්කරු පන්තියට පමණක් චීනයේ විප්ලවයේ ගාමක බලය වීමට නොහැකිය යන අදහස ඔහුගේ සිතෙහි පැළපදියම් වූයේ මෙකළ ය. ධවල භීෂණයත් සමඟ චීනයේ නාගරික ප්‍රදේශවල කොමියුනිස්ට් පාක්ෂිකයන් බොහෝ දෙනකු ඝාතනය වීමත් සමඟ මාඕගේ ස්ථාවරය තවත් ශක්තිමත් විය.

මාඕ ජතිකවාදීන්ට එරෙහිව සටන් වැදීමට උත්සාහ කළ ද ඉන් පරාජය වූ පසු ජියැන්ක්සි සහ හුනාන් ප්‍රාන්ත සීමා ආශ්‍රිත ජිංග්ගෑංග් කඳු දෙසට පසු බැස්සේය.

1930 දශකය මුල් කාළයේ ජියැන්ක්සි පළාතේ චීන සෝවියට් සමූහාණ් ඩුව පිහිටවූ අතර ජාතිකවාදී හමුදා කිහිප විටකම එය වටලා පහර දුන් හ. ප්‍රහාරයන් කිහිපයකට ම මුහුණ දුන් නමුත් දිගින් දිගටම එල්ලවන ප්‍රහාර හමුවේ එම ප්‍රදේශය හැර යාමට කොමියුනිස්ට්වාදීහු තීරණය කළහ.

කිලෝමීටර 9,000 ක් පසු කර යනාන් වෙත ළඟා වූ “මහා පා ගමන” ඇරඹුණේ එලෙසිනි. එම පාගමන අවසන් වන විට කොමියුනිස්ට් පක්ෂය තුළ මාඕගේ බලය සැළකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් තිබුණි.

1937 සිට 1945 දක්වා ජාතිකවාදීන් සහ කොමියුනිස්ට්වාදීන් අතර සාමය පැවති අතර දෙපක්ෂය ම ජපානයට එරෙහිව සටන් වැදී සිටිය හ. නමුත් 1945 දී ජපානය දෙවන ලෝක යුද්ධයෙන් පරාජය වී ටික කළකට පසු දෙපක්ෂය අතර යළි සටන් ඇති විය. එය අවසන් වූයේ 1949 දී කොමියුනිස්ට්වාදීන් චීනයේ බලය අල්ලාගැනීමෙනි. චියැං කායි ෂෙක් තායිවානයට පළා ගියේය.

රතු චීනයසංස්කරණය

1949 බලයට පැමිණි පසු මාඕ ඉඩම් ප්‍රතිසංස්කරණය සහ ප්‍රතිවිප්ලවකාරීන් මර්ධනය ක්‍රියාවට නැගීය. මේ යටතේ ඉඩම් හිමියන් මෙන්ම ප්‍රතිවාදීන් යයි සැක් සිතුණු සිය දහස් ගණන් මරා දමන ලදී.

1950 දී චීන හමුදා කොරියානු යුද්ධය සඳහා යෙදවීමට මාඕ තීරණය කළේය. ඔක්තෝබරයේදී චීන හමුදා සටන් බිමට එන විට උතුරු කොරියානු හමුදා වේගයෙන් පසු බසිමින් සිටියෝය. චීන හමුදා පැමිණීම කොරියානු යුද්ධයේ ගමන වෙනස් කළේය.

1958 දී මාඕ “දැවැන්ත ඉදිරි පිම්ම” ක්‍රියාවට නැගීය. එහි අරමුණ වූයේ චීන කොමියුනිස්ට් ක්‍රමයක් ස්ථාපිත කිරීමය. ගොවීන් විශාල සමූහවලට ගොනු කරන ලදී. මේ අතර ගොවි නිෂ්පාදනවලින් විශාල කොටසක් රජය භාරයට ගන්නා ලද්දේ නගරවලට සහ පිටරටවලට යැවීමට ය. මෙහි ප්‍රතිඵලය වශයෙන් ගොවි ජනතාව දරුණු ආහාර හිඟයකට මුහුණ දුන්නෝය. චීන ජනයා මිලියන 30 ක් පමණ 1958 – 62 සමයේ සාගතයෙන් මිය ගිය බව සළකනු ලැබේ.

ඇතැම් විචාරකයින් සිතන පරිදි මාඕ මෙම විනාශයේ තරම දැන සිටින්නට නැත. පක්ෂය සහ රජය විවේචනය කිරීමට අකැමැති වූ නිලධාරීන් සත්‍යය තත්ත්වය ඔහුගෙන් සැඟවී යයි සමහර විචාරකයෝ විශ්වාස කරති.

1966 දී මාඕගේ කොමියුනිස්ට් පක්ෂය සිය පක්ෂය තුළම වන විරුද්ධවාදීන් මර්ධනය සඳහා “සංස්කෘතික විප්ලවය” දියත් කළේය.

1970 දශකය මුල දී මහජන චීනය ඇමරිකාව සමඟ නව සබඳතා ගොඩ නැගූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාව විසින් මහජන චීනය නිල වශයෙන් පිළි ගන්නා ලදී.

මාඕ 1976 සැප්තැම්බර් 9 වනදා මිය ගියේ කළක් තිස්සේ රෝගාතුරව සිටි පසු ය. ඔහුගේ අවසන් කාළයේ චීනය පාලනය කළේ ඔහුගේ බිරිඳ වූ චියෑං චින් ඇතුලු කිහිප දෙනෙකු විසින් බව කියනු ලැබේ.

"https://si.wikipedia.org/w/index.php?title=මාඕ_සේතුං&oldid=443576" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි