චාලක ශක්තිය
චාලක 🍄ශක්තිය යනු යම් වස්තුවක් තම5 චලිතය හේතු කොට ගෙන සතු කර ගන්නා ශක්තියයි.[1] යම් වස්තුවක් නිශ්චලතාවයේ සිට එම වස්තුව පවතින ප්‍රවේගය දක්වා ත්වරණය කිරීමේදී සිදු කැරෙන කාර්යය ලෙස චාලක ශක්තිය අර්ථ දැක්වේ. එබඳු ත්වරණයකදී ලැබෙන මෙම චාලක ශක්තිය වස්තුවේ වේගය වෙනස් නොවන තාක් කල් නොවෙනස් ව පවතී. වස්තුව පවතින ප්‍රවේගයේ සිට නිශ්චලතාවයට පත් කිරීමට සමාන ප්‍රමාණයක කාර්යයක් කළ යුතු වේ.
යම් වස්තුවක වේගය ද, එනයින් එහි චාලක ශක්තිය ද වස්තුව පවතින අවස්ථිතික රාමුවට සාපේක්ෂ වේ. සුදුසු අවස්ථිතික රාමුවක් තෝරා ගැනීමෙන් ඍණ නොවන ඕනෑම අගයක චාලක ශක්තියක් යම් වස්තුවකට ඇති බව පෙන්‍විය හැක. උදාහරණයක් ලෙස, යම් නිරීක්ෂකයෙකු පසු කර යන වාහනයකට එම නිරීක්ෂකයාගේ දෘෂ්ටි කෝණය අනුව ශූන්‍ය නොවන චාලක ශක්තියක් ඇත. නමුත් වාහනය තුල සිටින (නොහොත් වාහනයේ ප්‍රවේගයෙන් ම ගමන් කරන) නිරීක්ෂකයෙකුට අනුව වාහනයේ චාලක ශක්තිය ශූන්‍ය වේ.[2]
සම්භාව්‍ය යාන්ත්‍ර විද්‍යාවේ දී, භ්‍රමණය නොවන m ස්කන්ධයක් සහ v වේගයක් ඇති වස්තුවක චාලක ශක්තිය mv2/2 ලෙස ගණනය කැරේ. එහෙත් විශේෂ සාපේක්ෂතාවාදය අනුව මෙය ආලෝකයේ වේගයට වඩා ඉතා කුඩා වේගයන් ඇති වස්තූන් සඳහා හොඳ ආසන්න අගයක් පමණි.
මූලාශ්‍ර
සංස්කරණය- ^ Jain, Mahesh C. (2009). Textbook of Engineering Physics (Part I). PHI Learning Pvt. Ltd. p. 9. ISBN 8-120-33862-6., Chapter 1, p. 9
- ^ Sears, Francis Weston; Brehme, Robert W. (1968). Introduction to the theory of relativity. Addison-Wesley. p. 127., Snippet view of page 127