දීපනාත් චන්න පෙරේරා (උපත 1965 අගෝස්තු 16), යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙක් මෙන්ම චිත්‍රපට නිෂ්පාදකයෙක් සහ තිර රචකයෙකි.[2][3]

චන්න පෙරේරා
Channa Perera
උපත
දීපනාත් චන්න පෙරේරා

16 අගෝස්තු 1965 (1965-08-16) (වයස 58)
ජාතිකත්වයශ්‍රී ලාංකික
අධ්‍යාපනයශ්‍රී සුමංගල විද්‍යාලය
කොළඹ රාජකීය විද්‍යාලය
රැකියාවනළුවා, අධ්‍යක්ෂක, නිෂ්පාදක, තිර රචක
සක්‍රීය වසර1992–වර්තමාන
කලත්‍රයා(යන්)ගයාත්‍රි ඩයස්[1]
දරුවන්2
දෙමව්පියන්
  • පියසේන පෙරේරා (පියා)
  • විනීතා පියසේන (මව)
සම්මානහොඳම අධ්‍යක්ෂණය
ජනප්‍රිය නළුවා

පෞද්ගලික ජීවිතය සංස්කරණය

පෙරේරා 1965 අගෝස්තු 16 වන දින පුතුන් හතර දෙනෙකුගෙන් යුත් වැඩිමහල් දරුවා ලෙස උපත ලැබීය. ඔහුගේ පියා පියසේන පෙරේරා ශ්‍රී ලංකාවේ විශේෂ අධ්‍යාපන භාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකි. ඔහුගේ මව විනීතා පියසේන ගුරු උපදේශකවරියකි.[4] පෙරේරා අධ්‍යාපනය ලැබුවේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයයෙන් සහ පසුව කොළඹ රාජකීය විද්‍යාලයෙනි. උසස් පෙළට ජීව විද්‍යා අංශයෙන් ඉගෙනුම ලැබූ ඔහු ඊට පසු බැංකු රැකියාවක් බාර ගත්තේය.[5]

ඔහු විවාහ වී සිටින්නේ ජනප්‍රිය නිළි ගයාත්‍රි ඩයස් සමඟයි. ඔහුට ගයාත්‍රි මුණගැසෙන්නේ ‘‘මකර විජිතය’’ ටෙලිනාට්‍යයේදීය. ඔවුන් විවාහ වූයේ 1996 සැප්තැම්බර් 26 වැනිදාය.[5] මෙම යුවළට දියණියන් දෙදෙනෙක් සිටී - මල්ෂා පරින්ධ්‍යා සහ දුආෂා ආදිත්‍ය. වැඩිමහල් දියණිය මලීෂා මියුසියස් විද්‍යාලයයෙන් අධ්‍යාපනය සම්පූර්ණ කළාය. දුආෂා දැනට Royal Institute හි ඉගෙනුම ලබයි.[5][6]

වෘත්තීය ජීවිතය සංස්කරණය

ඔහුගේ මංගල සිනමා අත්දැකීම 1994 දයා විමලවීර විසින් අධ්‍යක්ෂණය කරන ලද සුජාතා චිත්‍රපටය හරහා සිදුවිය.[7] එතැන් සිට ඔහු බොහෝ නාට්‍යමය ටෙලිනාට්‍යවල විශේෂයෙන් ආදර සහාය චරිතවල රඟපෑවේය. ඔහු "ගොළු හදවත", "සත්පුර වැසියෝ", "සෙනෙහේවන්තයෝ", "සත් මහල", "සක්වළ ලිහිණියෝ", "සූරිය දරුවෝ" ඇතුළු ජනප්‍රිය කතාමාලා රැසක රඟපා ඇත.[6]

ඔහු 2006දී ආදායම් වාර්තා තැබූ අංජලිකා චිත්‍රපටය සමඟින් චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසියේය. මෙම චිත්‍රපටය දේශීය චිත්‍රපට උළෙලවලදී සම්මාන රැසක් දිනා ගත්තේය. ඔහු "අංජලිකා" හි ප්‍රධාන චරිතය සමඟ කොලිවුඩ් නිළි පූජා උමාශංකර් ශ්‍රී ලාංකේය චිත්‍රපට කර්මාන්තයට හඳුන්වා දුන්නේය. ඔහු සිය ප්‍රථම රූපවාහිනී කතාමාලාව ලෙස අධ්‍යක්ෂණය කළ "පුංචි වීරයෝ" ටෙලිනාට්‍ය ශ්‍රී ලාංකේය රූපවාහිනියේ සංධිස්ථානයක් බවට පත් විය.[6] ඔහුගේ මීළඟ අධ්‍යක්ෂණය වන ඉන්දීය-ශ්‍රී ලංකා ඒකාබද්ධ නිෂ්පාදනයක් වන සඳ දිය සළු NFC හා රිද්ම පරිපථ සිනමාහල්වල සිනමාහල් 30කට ආසන්න සංඛ්‍යාවකට, දෙමළ සහ තෙළිඟු පිටපත් දහයක් සඳහා නිකුත් කිරීමට සැලසුම් කර තිබුණි.[8] නමුත් බොහෝ ආරවුල් නිසා තිරගත වීම කල් යන ලදි.

රංගනයන් සංස්කරණය

රිදී තිරය සංස්කරණය

වසර චිත්‍රපටිය අධ්‍යක්ෂණය
1992 සුජාතා
1993 උණ්ඩය
1997 චණ්ඩියගෙ පුතා
1999 තීර්ථ යාත්‍රා වසන්ත ඔබේසේකර
2002 සීතල ගිනි කඳු
2004 මිල්ලෙ සොයා
2006 අංජලිකා චන්න පෙරේරා
2010 හදවත මල් යායයි
2011 කල්පාන්තේ සිහිනයක් චන්න පෙරේරා
2012 සෙනසුරු මාරුව
2013 මායාවී

අධ්‍යක්ෂණය කල ටෙලිනාට්‍ය සංස්කරණය

  • පුංචි වීරයෝ 1 හා 2
  • වස්සානේ හිරු ඇවිදින්
  • සඳ දිය අරණ
  • ටිකිරි හපන්නු 1 හා 2

සම්මාන සංස්කරණය

ඔහු රංගනය සහ අධ්‍යක්ෂණය යන දෙඅංශයෙන්ම දේශීය සිනමා උළෙලවල් සහ රූපවාහිනී උත්සවවලදී සම්මාන දිනා ඇත.[2][9]

සරසවිය සම්මාන උළෙල සංස්කරණය

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2006 අංජලිකා ජනප්‍රියම නළුවා දිනාගති

සුමති සම්මාන සංස්කරණය

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
1998 තිමිර පවුව කුසලතා සම්මාන දිනාගති
2001 පුංචි වීරයෝ හොඳම නිර්මාණ අධ්‍යක්ෂක දිනාගති
2001 ජනතා ඡන්දය ජනප්‍රියම නළුවා දිනාගති
2002 ජනතා ඡන්දය ජනප්‍රියම නළුවා දිනාගති
2003 ජනතා ඡන්දය ජනප්‍රියම නළුවා දිනාගති
2004 නන්නාදුනන්නී හොඳම සහය නළුවා නිර්දේශිත
2016 රතු අහස ජූරි සම්මාන[10] දිනාගති

සිග්නිස් OCIC සම්මාන සංස්කරණය

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2009 අංජලිකා හොඳම අධ්‍යක්ෂණය දිනාගති

දෙරණ සංගීත රූපරචනා සම්මාන සංස්කරණය

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2008 අංජලිකා හොඳම දෘශ්‍ය චිත්‍රපට ගීතය දිනාගති

ස්ලිම් නීල්සන් ජනතා සම්මාන සංස්කරණය

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2008 අංජලිකා ජනප්‍රියම චිත්‍රපටිය දිනාගති

හිරු රන් සිනමා සම්මාන සංස්කරණය

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2014 සෙනසුරු මාරුව හොඳම නළුවා නිර්දේශිත

දෙරණ සිනමා සම්මාන සංස්කරණය

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2014 සෙනසුරු මාරුව හොඳම නළුවා නිර්දේශිත

ආශ්‍රිත සංස්කරණය

  1. "We live happily - ChannaGayathri". Sarasaviya. සම්ප්‍රවේශය 17 November 2017.[භින්න වූ සබැඳිය]
  2. 2.0 2.1 "Actors in Sri Lankan cinema - Channa Perera". National Film Corporation Of Sri Lanka. සම්ප්‍රවේශය 23 September 2019.
  3. "Channa Perera films". IMDb. සම්ප්‍රවේශය 23 September 2019.
  4. "School life of Channa Perera". gossipman. සම්ප්‍රවේශය 23 September 2019.[භින්න වූ සබැඳිය]
  5. 5.0 5.1 5.2 "Patience and tolerance - Two remedies for marital problems". Sunday Observer. සම්ප්‍රවේශය 9 August 2018.
  6. 6.0 6.1 6.2 "Heartthrob of the small screen". infolanka. සම්ප්‍රවේශය 9 August 2018.
  7. "Channa Perera - චන්න පෙරේරා filmography". Sinhala Cinema Database. සම්ප්‍රවේශය 23 September 2019.
  8. "Channa's 'Sanda Diya Salu', a Sri Lanka -India joint venture". Sunday Times. සම්ප්‍රවේශය 15 August 2019.
  9. "Hero of the celluloid worlda". Sunday Observer. සම්ප්‍රවේශය 18 September 2019.
  10. "Sumathi Awards". sumathiawards.lk.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=චන්න_පෙරේරා&oldid=591981" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි