ගොතටුව නව නගරය
ගොතටුව නව නගරය (ව්‍යවහාරික - අයි.ඩී.එච්) යනු කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නගරයකි. මෙම නගරය මුල්ලේරියාව, කොළොන්නාව, රාජගිරිය, කොටිකාවත්ත යන නගර වටකොට පිහිටා ඇත. කලින් අයි. ඩී. එච්. නමින් හැඳින්වුනු මෙය එසේ හැඳින්වුයේ එහි බෝවන රෝගීන් සඳහා වූ රජයේ රෝහල (වසංගත රෝග විද්‍යායතනය) පිහිටි නිසා ය.
ගොතටුව නව නගරය අයි.ඩී.එච් / ගොතටුව | |
---|---|
Skyline of ගොතටුව නව නගරය | |
country | ශ්‍රී ලංකාව |
පළාත | බස්නාහිර පළාත |
දිස්ත්‍රික්කය | කොළඹ දිස්ත්‍රික්කය |
වේලා කලාප | +5.30 |
ගමනාගමනයෙන් මාර්ග අංක 152 බස්රථ මෙම නගරයේ සිට ආරම්භ වේ. පිටකොටුව දක්වා එම බස්රථ ගමන් කෙරේ. කොහිලවත්ත සිට කොල්ලුපිටිය තෙක් ගමන්ගන්නා 175 බස්රථ මෙම නගරය හරහා ගමන්ගනී.
පිහිටීම
සංස්කරණයරාජගිරියේ සිට බුත්ගමුව පාර B469 මාර්ගයෙන්ද, කොළොන්නාව සිට අයි.ඩී.එච්. පාර B469 මාර්ගයෙන්ද, අංගොඩ හා වල්පොළ සිට B231 මාර්ගයෙන්ද මෙම නගරයට ළගා විය හැකියි. නගරයේ මුළු ජනගහනය 4524ක් පමණ වේ (නගරයේ හා ගොතටුව අනු ප්‍රදේශයේ). කොළඹ නගරයේ වාර්ෂික වර්ෂාපතනය සේම මිලිලීටර 2200ක් පවති. කොළොන්නාව මැතිවරණ ආසනයට හා කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට මෙම ප්‍රදේශය අයත් වේ.
ආගමික ස්ථාන
සංස්කරණයබෞද්ධ
සංස්කරණය- පාරමිතා ශ්‍රී මහා බෝධිමළු විහාරය
- ගොතටුව කන්දේ පුරාණ මහා විහාරය
- ඇල්හේන රතනසාර විහාරය
- ඥානවිමලාරාමය
- ගොතටුව චන්දන විහාරය
- මිහිදු විහාරය
- සාම විහාරය
ඉස්ලාම්
සංස්කරණයකතෝලික
සංස්කරණයවිද්යාල
සංස්කරණයවිශේෂ ස්ථාන
සංස්කරණය- වසංගත රෝග විද්‍යා ආයතනය හා මූලික රෝහල (අයි.ඩී.එච්)
- සුවනෙත සිංහ අක්ෂි රෝහල
- වීරසිංහ මල්ලිමාරච්චි ක්‍රීඩාංගණය - මාදින්නාගොඩ
- හෝක්ස් ක්‍රීඩාපිටිය - කජුගහවත්ත
- කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශිය සභා ප්‍රධාන කාර්යාලය