කාශී රාජධානිය

පුරාතන ඉන්දියාවේ ජනපදය

කාශී රාජධානිය යනුවෙන් හැඳින්වෙන්නේ වාරාණසී අගනුවර කරගනිමින් පැවති පුරාතන ඉන්දියානු රාජධානියකි. වාරාණසී මායිම් වූයේ උතුරින් සහ දකුණින් වරුණ සහ අසී ගංගාවලිනි. මෙය ක්‍රි.පූ. 6වන සියවස ආරම්භයේ උතුරු ඉන්දියාවේ පැවති සොළොස් මහාජනපදවලින් එකක් ද වේ. මෙම රාජධානියේ උතුරු සීමාව වූ සොන් ගඟ, මගධයේ බටහිර සීමාව විය. වර්තමානයෙහි එයට අයත් භූමිය භෝජ්පූර්, රෝහ්තාස්, කයිමූර් සහ බුක්සර් දිස්ත්‍රික්කවලට අයත් ය.

කාශී රාජධානිය
පසුකාලීන වෛදික යුගයේ පැවති කාශී සහ අනෙකුත් රාජධානි.
පසුකාලීන වෛදික යුගයේ පැවති කාශී සහ අනෙකුත් රාජධානි.
පශ්චාත් වෛදික යුගයේ කාශී ඇතුළු සොළොස් මහාජනපද.
පශ්චාත් වෛදික යුගයේ කාශී ඇතුළු සොළොස් මහාජනපද.
අගනුවරවාරාණසී
ආගම
හින්දු ආගම
බුද්ධාගම
ජෛන ආගම
රජයරාජාණ්ඩුව
Succeeded by
කෝසල

චානක්‍ය සමය වන විට, කාශිය වෛදික අධ්‍යාපනයෙහි මූලස්ථානයක් ලෙස පැවතිණි. එසේම එය සතුව ශක්තිමත් ‍යුද්ධ හමුදාවක් පැවතිණි. වාරාණසිය බෞද්ධ බලපෑමට යටත් වුවද, ශහාබාදය තවදුරටත් ශෛවාගමික බලපෑම යටතේ පැවතියේ ය.

ජාතක කථාවල සඳහන් වන ආකාරයට වාරාණසී ඉන්දියාවේ පැවති ධනවත්ම නගර අතුරින් එකකි.[1] එම කථා පුවත් අනුව පෙනීයන්නේ කාශිය සහ යාබද කෝසලය අතර නිරතුරුව ගැටුම් පැවති බවයි. ඇතැම් අවස්ථාවල දී අංග සහ මගධය සමග ද ගැටුම් ඇතිකරගත්තේ ය.[1] කාශී රාජ්‍යයේ බෘහද්රථ රජු විසින් කෝසලය ආක්‍රමණය කළ ද, බුදුන් වහන්සේගේ සමයෙහි එය කෝසලයෙහි යටත් රාජ්‍යයක් ලෙස පැවතියේ ය්.[2]

ආශ්‍රේයයන් සංස්කරණය

  1. 1.0 1.1 Singh, Upinder (2008). A history of ancient and early medieval India: from the Stone Age to the 12th century. Pearson Education. pp. 258–262. ISBN 9788131711200.
  2. https://sreenivasaraos.com/tag/history-of-kashi/


සැකිල්ල:India-hist-stub

"https://si.wikipedia.org/w/index.php?title=කාශී_රාජධානිය&oldid=606729" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි