ක්‍රිපූ 18 වන සියවස
(ක්‍රිපූ 1800 වෙතින් යළි-යොමු කරන ලදි)
ක්‍රිපූ 18 වන සියවස යනු, ක්‍රිපූ 1800 සිට ක්‍රිපූ 1701 දක්වා පැවැති සියවසකි.
සිද්ධි
සංස්කරණය- ක්‍රිපූ 1800: ඉන්දියාවේ යකඩ යුගය [1]
- ක්‍රිපූ 1800: ඔස්කා මොන්ටෙලියස් විසින් සම්පාදිත යුග ක්‍රමය පරිදි නෝර්ඩික ලෝකඩ යුගයේ ආරම්භය.
- ක්‍රිපූ 1800 – ක්‍රිපූ 1300: සයවන ට්‍රෝයි නගරයේ සමෘද්ධිය.
- ක්‍රිපූ 1800 පමණ: මධ්‍ය ඇමරිකාවේ තිරවැසි මායා ජන කොටස්.
- ක්‍රිපූ 1800 පමණ: හික්සෝස් ජනයා නයිල් ඩෙල්ටාවෙහි පදිංචි වීම ඇරඹූහ. ඔවුන්ගේ අගනගරය පිහිටියේ ඊසාන දිග නයිල් ඩෙල්ටාවෙහි ආවාරිස් නම් ස්ථානයෙහිය.
- ක්‍රිපූ 1792 – ක්‍රිපූ 1750 : (මධ්‍යම කාලානුක්‍රමය) – බැබිලෝනියාව පාලනය කල හමුරාබි හට, මරී පෙදෙස හා සමග ගනුදෙනු කිරීමට ඔහුට සිදුවූ අතර, ඔහුගේ පාලන යුගයෙහි පසු කලෙක එම ප්‍රදේශය ඔහු විිසින් යටත් කර ගන්නා ලදි.