කරබොටුවාව යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කය තුල පිහිටා තිබෙන ගමකි. එය කොළඹ සිට කිලෝමීටර 55 ක හා, කොටදෙනියාව සිට කිලෝමීටර 2 ක දුරින් පිහිටා තිබේ. 52ඒ/කැලෑගෙදර ග්‍රාම නිලධාරී වසමට අයත් අතර දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල පිහිටා ඇත.

කරබොටුවාව
Karabotuwawa
ගම
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත, ශ්‍රී ලංකාව

කොරල ක්‍රමය අනුව හාපිටිගම කෝරලයේ යටිගහ පත්තුවට අයත් ගම්මානයක් ලෙසද හැදන්විය හැකිය. එක් පසෙක "කුඩාඔය" නම් ඔයකින්ද, අනෙක් පස රජයට අයත් විශාල පොල්වතු දෙකකින්ද වටවූ කුඩා ගම්මානයක් ලෙස කරබොටුවාව හදුනාගත හැකිය. වර්තමානයේ පවුල් 37ක් පමණ මෙහි ජීවත් වන අතර, පුද්ගල අවශ්‍යතා සදහා අවශ්‍ය බොහෝ පහසුකම් ප්‍රමාණවත් පරිදී පවතී.

ඉතිහාසය සංස්කරණය

පෘතුගීසීන් විසින් සම්පාදනය කරන ලද, "සිංහල රජවරුන්ගේ ලේකම් මිටි" පදනම් කරගත්, ලියාපදිංචි ලේඛන හෙවත් තෝම්බු සටහන් අනුව කරටබොටුවාව ගම්මානයේ අතීතයේ, ගාර්දිහුනුවලගේ, හකුරුගේ සහ කාන්ගර පතිරගේ යන වාසගම් සහිත පිරිසක් ජීවත්ව සිට ඇත.

වත්මන් තත්වය සංස්කරණය

කරබොටුවවෙ ගම්මානය තුල ගම්වාසීන්ගේ භාවිතය අනුව, පාළුවත්ත, නාගහවත්ත, බුළුගහලන්ද සහ පෙතංගය ලෙස කොටස් හතරකට වෙන්කරගේන දක්වයි. අතීතයේ ඉඩම් බෙදා දීම අනුව මෙසේ නම් කර ඇති බවට පිලිගැනෙයි. පවුල් 37ක් තුල 140ක පමණ පිරිසක් ගම්මානය තුල ජීවත් වෙයි.

බාහිර සබැඳි සංස්කරණය

තෝම්බු දර්ශකය (රාජ්‍ය ලේඛණාරක්ෂක දෙපාර්තමෙන්තුව)

ඛණ්ඩාංක: 7°14′29″N 80°7′57″E / 7.24139°N 80.13250°E / 7.24139; 80.13250

"https://si.wikipedia.org/w/index.php?title=කරබොටුවාව&oldid=395688" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි