කරන්වීර් බෝහ්රා

ඉන්දියානු නළුවා

කරන්වීර් බෝහ්රා (උපත මනෝජ් බෝහ්රා, 30 අගෝස්තු 1982) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු නළුවකු, නිෂ්පාදකයකු සහ මෝස්තර නිර්මාණ ශිල්පියෙකි. ඔහු කසෞතී සින්දගී කේ, දිල් සේ දි දුවා... සෞභාග්‍යවතී භාවා?, කුබූල් හේ සහ නාගින් 2 වැනි රූපවාහිනී කතාමාලාවල ප්‍රධාන චරිත නිරූපණය කොට ඇත. එසේ ම කිස්මත් කොනෙක්ෂන් සහ මුම්බායි 125 KM යන චිත්‍රපට සඳහා රංගන දායකත්වය සපයා ඇත. ඔහු ජලක් දිඛ්ලා ජා 6, ඛාත්‍රොන් කේ ඛිලාඩි දාර් කා බ්ලොක්බස්ටර් වැනි රියැලිටි වැඩසටහන් සඳහා ද සහභාගී වී තිබේ. මීට අමතරව බෝහ්රාහට පෙගාසස් නැමැති පිරිමි ඇඳුම් ව්‍යාපාරයක් ද වේ.

කරන්වීර් බෝහ්රා
බෝහ්රා නිකිතින් ධීර්ගේ විවාහ මංගල පිළිගැනීමේ උත්සවයේ දී
උපත
මනෝජ් බෝහ්රා

28 අගෝස්තු 1982 (1982-08-28) (වයස 41)[1]
රැකියාවනළුවකු, නිෂ්පාදකයකු,[3] නිර්මාණ ශිල්පියකු[4]
සක්‍රීය වසර1998-වර්තමානය
කලත්‍රයා(යන්)තීජේ සිධු (වි. 2006)[5][6][7]
දරුවන්2
ඥාතීන්බලන්න බෝහ්රා පවුල

දිවිය සහ පවුල සංස්කරණය

බෝහ්රා උපත ලැබූයේ 1982 අගෝස්තු 28 දින ඉන්දියාවේ ජෝධ්පූර්හි මාර්වාරි පවුලක ය.[1][8] ඔහු චිත්‍රපට නිෂ්පාදක මහේන්ද්‍ර බෝහ්රාගේ පුත්‍රයා වන අතර, නළුවකු සහ නිෂ්පාදකයකු වූ රාම්කුමාර් බෝහ්රාගේ මුණුපුරා ද වේ.[9][10] නිෂ්පාදක සුනිල් බෝහ්රා ඔහුගේ ඥාති සොහොයුරා වේ.[11] ඔහුට මීනාක්ෂි නැමැති සොයුරියක ද සිටියි.[12] ඔහු කෆ් පැරඩ්හි ජී. ඩී. සෝමානි අනුස්මරණ පාඨශාලාවට ඇතුළත් විය.[13] ඔහු චර්ච්ගේට්හි සිඩ්න්හැම් විද්‍යාලයේ ද සිසුවකු වේ.[14] බෝහ්රා, පණ්ඩිත් වීරු ක්‍රිෂ්ණන් යටතේ වසර දෙකක් කථක් නර්තන ශෛලිය හදාරා ඇත.[15][16]

2006දී බෙංගලූරුහි ශ්‍රී ශ්‍රී රවිෂංකර් ආශ්‍රමයේ දී[17][18] බෝහ්රා නිරූපිකාවක වූ තීජේ සිධු සමග විවාහ විය. ඇය ඔහුට වඩා වසර තුන හමාරක් පමණ වැඩිමහල් තැනැත්තියකි.[19] 2007දී, බෝහ්රා සිය නාමය මනෝජ් සිට කරන්වීර් ලෙස වෙනස් කළේ ය.[20] මුල්කාලීනව බෝහ්රා සහ ඔහුගේ බිරිඳ මුම්බායේ ආන්ධේරිහි ලෝඛාන්ඩ්වාලාහි වාසය කළහ.[21] 2014දී ඔහු මුම්බායි නගරබද දිස්ත්‍රික්කයේ පිහිටි ගොරේගාඔන් ප්‍රදේශය වෙත සංක්‍රමණය විය.[22] බෝහ්රා පරිසිදුකරීමේ සහ භාවනා වැඩසටහන් සඳහා දායක වී ඇත.[23][24]

2016 ජූනි මස බෝහ්රා සහ සිධු නිවේදනය කළේ තමන් සිය පළමු දරුවා අපේක්ෂාවෙන් සිටින බවයි.[25] 2016 ඔක්තෝබර් 19 දින, බෝහ්රා සහ සිධු නිවුන් දියණියන් දෙපළකගේ මව්පියන් බවට පත්වූහ.[26]

වෘත්තිය සංස්කරණය

බෝහ්රාගේ පළමු රංගන දායකත්වය වූයේ තෙජා (1990) චිත්‍රපටයේ නිරූපණය කළ ළමා චරිතයයි.[27] ඩීජේ’ස් ක්‍රියේටිව් යුනිට්හි නිර්මාණයක් වන ජස්ට් මොහබ්බත් කතාමාලාවේ කබීර්ගේ චරිතය ද නිරූපණය කළේ ඔහු විසිනි.[13][28] පසුව ඔහු බී. පී. සිංගේ සහාය අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කරමින් රහස් පරීක්ෂක කතාමාලාවක් වූ C.I.D සඳහාත්, පසුව අචනක් 37 සාල් බාඩ් සඳහාත් සිය දායකත්වය සැපයී ය.[13] ඔහුගේ පළමු ප්‍රධාන චරිත නිරූපණය වූයේ රොනී ස්කෘවාලා‍‍ගේ ෂරාරත් කතාමාලාවයි.[29] මෙහි දී ඔහු විසින් ධෲව් නම් චරිතය නිරූපණය කරන ලදී.[29] මීට අමතරව බෝහ්රා ක්‍යුන්කි සාස් භි කභි බාහු ති (2007) සහ කුසුම් (2008) යන කතාමාලාවල සුළු චරිත නිරූපණය කොට ඇත.[30] 2003දී, බෝහ්රා ‍කසෞතී සින්දගී කේ කතාමාලාවේ ප්‍රධාන චරිත නිරූපණයට එකතු විය.[31] එහි දී ඔහු විසින් ප්‍රේම් බජාජ් නැමැති කිපෙනසුලු තරුණයාගේ චරිතය නිරූපණය කරන ලදී.[32] පසුව ඔහු සිය බොලිවුඩ් වෘත්තියෙන් ඉවත් විය.[33][34] 2008දී, බෝහ්රා විසින් ඒක් සේ බාධ්කාර් ඒත් වැඩසටහන මෙහෙයවන ලද්දේ ටීනා පරේඛ් සමගයි.[35] එම වර්ෂයේදී ම, බෝහ්රා සිය බිරිය වූ තීජේ සිධු සමග නාච් බාලියේ 4[36] වැඩසටහනටත්, සිය බිරිය හා ටීනා පරේඛ් සමග කභි කභී ප්‍යාර් කභි කභී යාර් වැනි රියැලිටි වැඩසටහන් සඳහාත් සහභාගී විය.[37]

2009දී, බෝහ්රා අසිස් මිර්සාගේ චිත්‍රපටයක් වූ කිස්මත් කොනෙක්ෂන්හි පසුබිම් චරිතයක් නිරූපණය කළේ ය. මෙහි දී ඔහු නිරූපණය කළේ දේව් කටාරියා නැමැති කෝපවනසුලු ව්‍යාපාරිකයකුගේ චරිතයකි.[38] බොලිවුඩ් හුංගාමා රසවින්දන ද්වාරයේ තරන් ආදර්ශ් ඔහුගේ රංගන ප්‍රතිභාව අගය කරමින් ලියා ඇත්තේ "බෝහ්රා හොඳින් රංගනයේ යෙදෙයි" යනුවෙනි.[39] 2011දී, බෝහ්රා රූපවාහිනී ක්ෂේත්‍රය වෙත සිය නැවත ආගමනය සනිටුහන් කරමින් දිල් සේ දි දුවා... සෞභාග්‍යවතී භාවා?[40] කතාමාලාවේ විරාජ් දොබ්‍රියාල් නැමැති මනෝව්‍යාධික පෙම්වතකුගේ චරිතය නිරූපණය කළේ ය.[41][42] මේ සඳහා ඔහු ඍණාත්මක චරිතයක හොඳම නළුවා සඳහා ඉන්දියානු ටෙල්ලි සම්මානය[43] සහ ඍණාත්මක චරිතයක හොඳස නළුවා සඳහා ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මානය ඇතුළු සම්මාන කිහිපයක්ම හිමි කරගත්තේ ය.[44] මෙම කතාමාලාව 2013 ජනවාරි 18 දින අවසන් විය.[45] දිල් සේ දි දුවා... සෞභාග්‍යවතී භාවා? සමග සම්බන්ධව සිටි කාලයේම ඔහු, තරගකරුවකු ලෙස වෙල්කම් – බාසි මෙහ්මාන් නවාසි කි[46][47] නැමැති සූපවේදී රියැලිටි වැඩසටහන සහ ජලක් දිඛ්ලා ජා 6[48] නැමැති නර්තන රියැලිටි වැඩසටහන සඳහා සහභාගී විය. කෙසේනමුත්, ඔහු ජලක් දිඛ්ලා ජා තරගාවලියෙන් ඉවත් විය.[49]

සෞභාග්‍යවතී කතාමාලාව හා සම්බන්ධව සිටි කාලයේම බෝහ්රා සිය ප්‍රථම ප්‍රාදේශික පන්ජාබි චිත්‍රපටය වූ ලව් යූ සෝනියේ තුළ පෙනී සිටියේ සිය බිරිඳ වූ තීජේ සිධු සමගයි.[50] බෝහ්රා සහ සිධු යන දෙදෙනා විසින්ම මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන ලදී.[51] 2013දී, ඔහු තෙලිඟු අධ්‍යක්ෂක හේමන්ත් මධුකාර්ගේ මුම්බායි 125 KM චිත්‍රපටයට රංගනයෙන් දායක වූයේ, වීණා මලික් සහ වේදිතා ප්‍රතාප් සිං සමගයි.[52] මෙම චිත්‍රපටය දේශීයව ඉන්දියානු රුපියල් කෝටි 1.65ක (ඇ.ඩො.260,000) ආදායමක් හිමි කරගත්තේ ය.[53] 2012 ජූනි මස, මෝස්තර නිර්මාණ ශිල්පී ඇමී බිල්මෝරියා සමග සහයෝගයෙන් පෙගාසස් නැමැති තමන්ගේම පිරිමි ඇඳුම් ව්‍යාපාරයක් ආරම්භ කළේ ය.[54] 2014 මාර්තු මස බෝහ්රා සහ ඔහුගේ බිරිඳ කාතොන් කේ ඛිලාඩි දාර් කා බ්ලොක්බස්ටර් සඳහා තරගකරුවන් ලෙස සහභාගී වූහ.[55][56][57] කෙසේනමුත්, මෙම රියැලිටි වැඩසටහනේ අවසානය තෙක් රැඳී සිටීමට ඔහු අසමත් විය.[58][59] 2014දී, බාලාජි ටෙලිෆිල්ම්ස්හි වාර්තා වැඩසටහනක් වූ ගුම්රා: එන්ඩ් ඔෆ් ඉනසන්ස් 4 වාරයේ දී නිවේදකයා ලෙසින් අභේ දියොල් විස්ථාපනය කරමින් බෝහ්රා සම්බන්ධ විය.[60][61] කෙසේනමුත්, 2015 මැයි මස බෝහ්රා මෙම වැඩසටහනෙන් ඉවත් වූයේ නිෂ්පාදකයින් විසින් වැඩසටහනේ වියදම් අඩු කිරීම සඳහා ඔහුගේ ගාස්තුව අඩු කරන්නට තීරණය ක‍ළ නිසායි.[62]

2014 අප්‍රේල් මස, බෝහ්රා සී ටීවී නාළිකාවේ කුබූල් හේ කතාමාලාවට දායක විය.[63][64] මෙහි දී ඔහු නිරූපණය කළේ ආහිල් රාසා ඊබ්‍රහිම් නැමැති උඩඟු, චංචල, පෙරළිකාර යතුරුපැදි ධාවකයකුගේ චරිතයකි.[65] 2015 මාර්තු මස, ඔහු කතාමාලාවෙන් ඉවත් වීමට තීරණය කළේ මෙම චරිතය දිගට ඇදී යන බව පවසමිනි.[66] නමුත්, පසුව ඔහු කතාමාලාවට යළි එක් වීමට තීරණය කළේ ය.[67] 2015 සී ස්වර්ණ සම්මාන උළෙලේ දී බෝහ්රා සහ සූර්බි ජ්‍යෝති හට තිරයේ හොඳම යුවළ සම්මානය පිරිනැමිණි.[68] පසුව 2015 ජූලි මස බෝහ්රාට කතාමාලාවෙන් ඉවත් වීමට සිදුවූයේ නිෂ්පාදන නිවස විසින් වසර 20ක් ඉදිරියට කථාපුවත නිරූපණයට තීරණය කළ නිසායි.[69] 2016 ජනවාරියේ දී කුබූල් හේ කතාමාලාව ද අවසන් විය.[70]

2016දී, ඔහු හමේ තුම්සේ ප්‍යාර් කිත්නා චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා දායක විය. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන ලද්දේ ඔහු සමග ප්‍රියා බැනර්ජී සහ සමීර් කොඡාර් විසිනි. ලලිත් මෝහන් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙය නිෂ්පාදනය කළේ ඔහුගේ පියා වූ මහේන්ද්‍ර බෝහ්රා විසිනි.[71] 2016 ඔක්තෝබර් මස ඔහු නාගින් රූපවාහිනී කතාමාලාවේ රොකී නිකුංජ් චරිතය නිරූපණය කළේ ය. මෙහි ඔහු සමග සෙසු ප්‍රධාන චරිත නිරූපණය කළේ මෞනි‍ රෝයි සහ අදා ඛාන් ය.[72]

නිර්මාණ දායකත්වය සංස්කරණය

චිත්‍රපට සංස්කරණය

සුචිය
  මගින් මෙතෙක් මුදාහැර නොමැති චිත්‍රපට නිරූපණය වේ.
වර්ෂය තේමාව චරිතය ආශ්‍රේ.
1990 තෙජා තෙජා [27]
2008 කිස්මත් කොනෙක්ෂන් දේව් කතාරියා [73]
2013 ලව් යූ සෝනියේ කරන්වීර් සිං ගිල් [74]
2014 මුම්බායි 125 KM ප්‍රේම් [75]
2016 හමේ තුම්සේ ප්‍යාර් කිත්නා   TBA [76]

රූපවාහිනිය සංස්කරණය

ප්‍රබන්ධ වැඩසටහන් සංස්කරණය

සුචිය
  මගින් මෙතෙක් විකාශය නොවූ රූපවාහිනී වැඩසටහන් සංකේතවත් කෙරේ.
වර්ෂය තේමාව චරිතය ආශ්‍රේ.
1999–2000 ජස්ට් මොහබ්බත් කබීර් [77]
2000 C.I.D. සහකාර අධ්‍යක්ෂ [28]
2000 අචනක් 37 දාල් බාඩ් සහකාර අධ්‍යක්ෂක [28]
2001 ක්‍යුන්කි සාස් භි කභි බාහු ති තුෂාර් රාකේශ් මෙහ්තා [28]
2004-2006 ෂරාරත් ධෲව් [78]
2004-2007 කසෞතී සින්දගී කේ ප්‍රේම් බාසු/යුදි [79]
2006-2007 කුසුම් නකුල් ඔබරෝයි [28]
2006 පියා කේ ඝාර් ජානා හේ අල්තාෆ් [30]
2011-2013 දිල් සේ දි දුවා... සෞභාග්‍යවතී භාවා? විරාජ් දොබ්‍රියාල් [80]
2014 යේ හේ ආෂිකි (කථාංගය - 30 'උමාර්ගේ දැනීම') රොහාන් [81]
2014-2015 කුබූල් හේ අහිල් රාසා ඊබ්‍රහීම් [82]
2016-වර්තමානය නාගින් 2 රොකී නිකුංජ් [72]

ප්‍රබන්ධ-නොවන වැඩසටහන් සංස්කරණය

වර්ෂය තේමාව චරිතය/දායකත්වය ආශ්‍රේ.
2006 ඒක් සේ බාඩ්කාර් ඒක් නිවේදක [35]
2008 නාච් බාලියේ 4 තරගකරු [36]
2008 Mr. & Ms. TV තරගකරු [83]
2008 කභි කභී ප්‍යාර් කභි කභී යාර් තරගකරු [37]
2013 ජලක් දිඛ්ලා ජා 6 තරගකරු [84]
2013 වෙල්කම් – බාසි මෙහ්මාන් නවාසි කි තරගකරු [85]
2014 ඛාත්‍රොන් කා ඛිලාඩි දාර් කා බ්ලොක්බස්ටර් තරගකරු [86]
2014 ගුම්රා: එන්ඩ් ඔෆ් ඉනසන්ස් 4 නිවේදක [87]
2015 නාච් බාලියේ 7 ආරාධිත තරගකරු [88]
2016 බිග් බොස් 10 ඔහු ලෙසම

සම්මාන සහ නිර්දේශ සංස්කරණය

වර්ෂය සම්මානය ප්‍රවර්ගය කෘතිය ප්‍රතිඵලය ආශ්‍රේය(යන්)
2006 ඉන්දියානු ටෙල්ලි සම්මාන ඍණාත්මක චරිතයක‍ හොඳම නළුවා කසෞතී සින්දගී කේ නිර්දේශිත [89]
2012 ඍණාත්මක චරිතයක‍ හොඳම නළුවා දිල් සේ දි දුවා... සෞභාග්‍යවතී භාවා? දිනාගති [90]
ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන ඍණාත්මක චරිතයක‍ හොඳම නළුවා [91]
2015 සී ස්වර්ණ සම්මාන හොඳම තිරයේ යුවළ (සූර්භි ජ්‍යෝති සමග) කුබූල් හේ දිනාගති [68]

ආශ්‍රේයයන් සංස්කරණය

  1. 1.0 1.1 "Karishma Tanna, Siddharth Shukla at Karanvir Bohra's birthday bash". 29 August 2015. සම්ප්‍රවේශය 30 June 2016.
  2. Shukla, Richa (19 August 2014). "Karanvir Bohra in Jodhpur for a family function". The Times Of India. සම්ප්‍රවේශය 10 July 2015.
  3. Times News Network (15 November 2011). "Karanvir Bohra turns producer". The Times Of India. සම්ප්‍රවේශය 10 July 2015.
  4. Times News Network (18 June 2012). "Karanvir Bohra turns designer!". The Times Of India. සම්ප්‍රවේශය 10 July 2015.
  5. Times News Network (12 June 2014). "Married yet popular TV actors". The Times Of India. සම්ප්‍රවේශය 10 July 2015.
  6. Sharma, Garima (21 November 2014). "Students impress Karanvir Bohra and Teejay Sidhu at the Clean and Clear Bombay Times Fresh Face 2014 contest". The Times Of India.
  7. Kaur, Jaspreet (26 April 2014). "Karanvir Bohra and Teejay planning a baby". The Times Of India. සම්ප්‍රවේශය 10 July 2015.
  8. Shukla, Richa (25 January 2014). "Karanvir to celebrate his wife Teejay's birthday in Jodhpur". The Times Of India. සම්ප්‍රවේශය 10 July 2015.
  9. Neha, Maheshwri (23 September 2014). "Karanvir Bohra saves the same choreographer his father had saved 20 years ago". The Times Of India. සම්ප්‍රවේශය 10 July 2015.
  10. Nijher, Jaspreet (5 October 2012). "Insanely, I'm the most loved person:Karanvir". The Times Of India. සම්ප්‍රවේශය 10 July 2015.
  11. Bakshi, Dibyojyoti (18 November 2011). "Sahib Biwi Aur Gangster co-produced by Karanveer?". Hindustan Times. 23 July 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 July 2015.
  12. Unnikrishnan, Chaya (29 August 2015). "Take inspiration from TV stars on gift ideas this Raksha Bandhan". Daily News and Analysis. සම්ප්‍රවේශය 5 September 2015.
  13. 13.0 13.1 13.2 Graphiti (7 December 2014). "Serial winner". The Telegraph India. සම්ප්‍රවේශය 10 July 2015. {{cite news}}: line feed character in |title= at position 7 (help)
  14. "Welcome To Sydenham College". Sydenham.edu. 20 July 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 August 2011.
  15. Coutinho, Natasha (10 June 2013). "'I am a trained Kathak dancer': Karanvir Bohra". Deccan Chronicle. සම්ප්‍රවේශය 10 July 2015.[permanent dead link]
  16. Mulchandani, Amrita (4 August 2012). "I'd love to relocate to Ahmedabad: Karanvir Bohra". The Times Of India. සම්ප්‍රවේශය 10 July 2015.
  17. Patel, Ano (16 April 2012). "I think it's sweet that girls swoon over Karanvir: Teejay Sidhu". The Times Of India. 3 January 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 July 2015.
  18. Tarannum, Asira (8 February 2015). "Bollywood and TV couples reveal how they popped the question". Mid-Day. සම්ප්‍රවේශය 10 July 2015.
  19. Chaya Unnikrishnan (14 February 2014). "What's age got to do with it". Daily News and Analysis. සම්ප්‍රවේශය 12 March 2016.
  20. Dastur, Nicole (3 July 2014). "'The name's Vir, Karn Vir'". The Times Of India. සම්ප්‍රවේශය 10 July 2015.
  21. "GR8! TV Magazine - Heavenly Haven!". gr8mag.com.
  22. The Centrestage team (24 December 2014). "Karanvir Bohra, Teejay Sidhu throw a Christmas bash at new home". Mid-Day. සම්ප්‍රවේශය 10 July 2015.
  23. Mantri, Upasana (24 August 2012). "It's important to keep our city clean: Karanvir". The Times Of India. සම්ප්‍රවේශය 12 July 2015.
  24. "Meditation matters to Karanvir Bohra". The Times of India.
  25. "I carry Teejay's purse for her, says dad-to-be Karanvir Bohra - Times of India". සම්ප්‍රවේශය 30 June 2016.
  26. "Naagin 2' actor Karanvir Bohra becomes a father of twin daughters - Times of India". සම්ප්‍රවේශය 23 October 2016.
  27. 27.0 27.1 "Glossary: Leap of fate". intoday.in.
  28. 28.0 28.1 28.2 28.3 28.4 Lalwani, Vickey (27 January 2004). "Ditto for Kkusum!". Indiantelivision.org. සම්ප්‍රවේශය 10 July 2015.
  29. 29.0 29.1 "The Tribune, Chandigarh, India - The Tribune Lifestyle". tribuneindia.com.
  30. 30.0 30.1 George, Nina (9 January 2011). "Acting is all I know:Karanvir". Deccan Herald. සම්ප්‍රවේශය 10 July 2015.
  31. "Karn and teejay are living it out". The Times Of India.
  32. "The Telegraph - Calcutta : Metro". telegraphindia.com.
  33. "No TV serials for Karanvir Bohra". The Times Of India.
  34. Desai, Purva (11 September 2012). "Not desperate for Bollywood: Karanvir Bohra". The Times Of India. සම්ප්‍රවේශය 10 July 2015.
  35. 35.0 35.1 Indiantelevision.com team (29 December 2006). "Star One's 'Idea Ek Se Badhkar Ek' to premiere on 30 December". Indiantelivision.org. සම්ප්‍රවේශය 10 July 2015.
  36. 36.0 36.1 Dutta, Medhashrree (4 October 2013). "Reality shows are blessings in disguise: Karanvir Bohra". The Times Of India. සම්ප්‍රවේශය 10 July 2015.
  37. 37.0 37.1 Indiantelevision.com (3 July 2008). "Sony to launch dance-based reality show on 9 July". Indiantelivision.org. සම්ප්‍රවේශය 10 July 2015.
  38. Priyanka Pereira. "Kasauti's Prem steps into Bollywood - Financial Express". The Financial Express.
  39. "Kismat Konnection". Bollywood Hungama. 18 July 2008. සම්ප්‍රවේශය 10 July 2015.
  40. "The Tribune, Chandigarh, India - The Tribune Lifestyle". tribuneindia.com.
  41. "Karanvir Bohra didn't want to be inspired". Hindustan Times.
  42. "The Tribune, Chandigarh, India - The Tribune Lifestyle". tribuneindia.com.
  43. "Indian Telly Awards 2012: Winners". media247.co.uk.
  44. "Gods of the small screen". The Hindu.
  45. "'Saubhagyavati Bhava' to go off air January 18". The Times Of India.
  46. "No season 2 for Saubhagyavati Bhava". The Times of India.
  47. "GR8! TV Magazine - Life OK launches one-of-a-kind reality TV series, Welcome - Baazi Mehmaan Nawaazi Ki..." gr8mag.com.
  48. "GR8! TV Magazine - Karanvir Bohra and Suresh Menon in Jhalak." gr8mag.com.
  49. CNN-IBN team (11 August 2013). "Karanvir Bohra evicted from 'Jhalak Dikhhla Jaa 6'". CNN-IBN. සම්ප්‍රවේශය 10 July 2015. {{cite web}}: |last= has generic name (help)
  50. "Karanvir Bohra's Punjabi outing". Hindustan Times.
  51. "Karanvir Bohra and Teejay Sidhu pose with guests". mid-day.
  52. Parag Maniar (17 October 2014). "Mumbai 125 Km: A horror film shot over 80 nights". The Times Of India. සම්ප්‍රවේශය 17 October 2015.
  53. Bollywood Hungama. "Mumbai 125 KM". bollywoodhungama.com.
  54. "Karanvir Bohra's fashion mantra!". The Times of India.
  55. "Karanvir Bohra-Teejay Sidhu in 'Khatron Ke Khiladi'". Daily News and Analysis. 11 February 2014.
  56. "'Fear Factor: Khatron Ke Khiladi' Season 5: Karanvir, Teejay Wild Card Entries; Contestants to do Underwater Stunt". International Business Times, India Edition. 5 April 2014.
  57. "Khatron Ke Khiladi 5: Karanvir And Teejay Wild Card Entries; Gauhar To Face Cockroaches". www.filmibeat.com.
  58. "Disappointed for not making it to 'Khatron Ke Khiladi' finale: Karanvir Bohra". IBNLive.
  59. "Need to be mentally strong to perform stunts: Karanvir Bohra". The Indian Express. 20 March 2014.
  60. "'Gumrah' Season 5: 'Yeh Hai Mohabbatein' Actor Karan Patel Replaces Karanvir Bohra as New Host". International Business Times, India Edition. 13 March 2015.
  61. "TV actor Karanvir Bohra quits back to back two shows - IndiaTV News". India TV News.
  62. "Revealed: Reason Behind Karanvir Bohra's Exit from 'Gumrah' Season 5". International Business Times, India Edition. 14 March 2015.
  63. Jambhekar, Shruti (2 April 2014). "Karanvir Bohra to enter 'Qubool Hai'?". The Times Of India. සම්ප්‍රවේශය 10 July 2015.
  64. Narayan, Girija (4 April 2014). "Qubool Hai: Karanvir Bohra Playing Lead Role Post Leap!". Oneindia.in. සම්ප්‍රවේශය 10 July 2015.
  65. Jambhekar, Shruti (21 April 2014). "Female audiences love bad guys: Karanvir Bohra". The Times Of India. සම්ප්‍රවේශය 10 July 2015.
  66. "Why Did Karanvir Bohra Quit Zee TV's 'Qubool Hai'?". India West.
  67. "When TV stars made crucial decisions for fans' sake". mid-day. සම්ප්‍රවේශය 20 January 2016.
  68. 68.0 68.1 Goswami, Parismita (5 June 2015). "Zee Gold Awards 2015: Divyanka Tripathi, Karan Patel, Gautam Gulati Bag Awards; Winners' List". International Business Times. සම්ප්‍රවේශය 17 June 2015.
  69. Arielle (29 July 2015). "'Qubool Hai' Takes 20-Year Leap; Karanvir Bohra Quits". India West. 6 January 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 July 2015.
  70. "'Qubool Hai' to go off air on January 25". The Times of India. සම්ප්‍රවේශය 20 January 2016.
  71. "Hume Tumse Pyaar Kitna (2016)". Bollywood Hungama. සම්ප්‍රවේශය 11 May 2016.
  72. 72.0 72.1 "Karanvir Bohra: I was approached for 'Naagin' season 1 - Times of India". සම්ප්‍රවේශය 18 October 2016.
  73. Times News Network (26 November 2014). "Karanvir Bohra returns to big screen". The Times Of India. සම්ප්‍රවේශය 10 July 2015.
  74. "Karanvir Bohra to turn grey for the big screen". The Asian Age. සම්ප්‍රවේශය 8 December 2015.
  75. "Celebs at music launch of 'Mumbai 125km'". mid-day. 2 September 2014.
  76. "Priya Banerjee and Karanvir Bohra in 'Humein Tumse Pyar Kitna'". The Times of India. 18 May 2016. සම්ප්‍රවේශය 25 May 2016.
  77. Mahtani, Kashish (15 July 2015). "My name is Karan". The Telegraph India. සම්ප්‍රවේශය 19 July 2015.
  78. Indo-Asian News Service (13 February 2014). "Always break an image that I have created: Karanvir Bohra". The Times Of India. සම්ප්‍රවේශය 10 July 2015.
  79. Salvadore, Sarah (13 November 2010). "Karanvir Bohra from the show Kasauti Zindagi Kay will be flying to LA tonight to audition for the film, "The Million Dollar Arm"". The Times Of India. සම්ප්‍රවේශය 10 July 2015.
  80. Press Trust Of India (22 July 2013). "Karanvir Bohra to return for 'Saubhagyavati Bhava' season 2". CNN-IBN. සම්ප්‍රවේශය 10 July 2015.
  81. Indiaimes (15 February 2014). "Shilpa Sakhlani, Karanvir Bohra Sizzle On Yeh Hai Aashiqui". Indiatimes. සම්ප්‍රවේශය 10 July 2015.
  82. Times News Network (3 April 2014). "Now, Karanvir Bohra to play the lead in Qubool Hai". The Times Of India. සම්ප්‍රවේශය 10 July 2015.
  83. Navabharat Times (2 March 2008). "Karanvir Bohra Mr. & Ms. TV". Navbharat Times. සම්ප්‍රවේශය 10 July 2015.
  84. Times News Network (7 May 2013). "Karanvir Bohra the Warrior Prince in Jhalak." The Times Of India. සම්ප්‍රවේශය 10 July 2015.
  85. Dipti Nagpaul D'souza. "Dining with the stars". The Financial Express.
  86. Indo-Asian News Service (11 February 2014). "Want to overcome my fears: Karanvir on 'Khatron Ke...'". The Times Of India. සම්ප්‍රවේශය 10 July 2015.
  87. Balaji Telefilms (August 2014). "Gumrah Season 4-Documentary(Reality)". Balaji Telefilms. සම්ප්‍රවේශය 10 July 2015.
  88. Abraham, Letty (11 June 2015). "Nach Baliye 7: Kunwar Amar, Karanvir Bohra, Salman Yusuff Khan to join as Teen Ka Tadka". Daily News and Analysis. සම්ප්‍රවේශය 10 July 2015.
  89. "Nominees-Indian Telly Awards". Indian television.com. 2016-03-03 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-11-13.
  90. "Winners-Indian Telly Awards". Indian television.com. 2012-07-02 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-11-13.
  91. "The Indian Television Academy Awards, 2012". The Indian Television Academy. 2013-10-21 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-11-13.

බාහිර සබැඳි සංස්කරණය

 
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:

සැකිල්ල:Fear Factor: Khatron Ke Khiladi

"https://si.wikipedia.org/w/index.php?title=කරන්වීර්_බෝහ්රා&oldid=591648" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි