කණ්ඩුකොණ්ඩේන් කණ්ඩුකොණ්ඩේන්

2000 රාජීව් මේනන්ගේ චිත්‍රපටය

කණ්ඩුකොණ්ඩේන් කණ්ඩුකොණ්ඩේන් (පරිවර්තනය: මා දැක ඇත්තෙමි, දැක ඇත්තෙමි) යනුවෙන් හැඳින්වෙන්නේ 2000 ඉන්දියානු දෙමළ-භාෂා ප්‍රේම වෘත්තාන්ත නාට්‍ය චිත්‍රපටයකි. ජේන් ඔස්ටින්ගේ 1811 නවකථාවක් වන සෙන්ස් ඇන්ඩ් සෙන්සිබිලිටි පාදක කරගනිමින් නිර්මාණය වූ මෙය අධ්‍යක්ෂණය කොට සම-රචනය සිදුකරන ලද්දේ රාජීව් මේනන් විසිනි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ මම්මූට්ටි, අජිත් කුමාර්, තබූ, ඓශ්වර්යා රායි සහ අබ්බාස් විසිනි. කෘතහස්ත රංගන ශිල්පීන් වන ශ්‍රීවිද්‍යා, රඝුවරන් සහ මණිවණ්ණන් මෙහි සහාය චරිත නිරූපණය කරති.[1][2] චිත්‍රපටයේ ධ්වනිපථය නිර්මාණය කරන ලද්දේ ඒ. ආර්. ‍රහ්මාන් විසින් වන අතර සිනෙමාරූපකයා වන්නේ රවී කේ. චන්ද්‍රන් ය.[3][4]

කණ්ඩුකොණ්ඩේන් කණ්ඩුකොණ්ඩේන්
පෝස්ටරයක්
අධ්‍යක්‍ෂණයරාජීව් මේනන්
තිර රචනයරාජීව් මේනන්
සුජාතා රංගරාජන් (දෙබස්)
පාදක වූයේ
නිශ්පාදනයකලෛපුලි එස්. තනූ
රංගන ශිල්පීන්
සිනෙමාරූපණයරවී කේ. චන්ද්‍රන්
සංස්කරණයසුරේශ් උර්ස්
සංගීතයඒ. ආර්. ‍රහ්මාන්
Production
company
වී ක්‍රියේෂන්ස්
බෙදාහැරීමවී ක්‍රියේෂන්ස්
නිකුත්වූ දිනය
  • 5 මැයි 2000 (2000-05-05)
තිර කාලය
158 මිනිත්තු
රටඉන්දියාව
භාෂාවදෙමළ

කිහිපවරක්ම ප්‍රමාද වීමෙන් පසුව, 2000 මැයි 5 දින කණ්ඩුකොණ්ඩේන් කණ්ඩුකොණ්ඩේන් ඉන්දීය ප්‍රේක්ෂකයාට විවෘත විය. මෙම චිත්‍රපටය තෙලිඟු බසින් ද හඬකවා ප්‍රියුරාලු පිලිචිණ්ඩි යන නාමය යටතේ ප්‍රදර්ශනය කෙරිණි.[2][5] මෙම චිත්‍රපටය ජාතික චිත්‍රපට සම්මානයක් සහ ෆිල්ම්ෆෙයාර් අවෝඩ්ස් සවුත් සම්මාන ද්විත්වයක් හිමිකරගෙන තිබේ.

චරිත නිරූපණය සංස්කරණය

ආරම්භක සහ අවසන් නම් පෙළ අනුව ය:[6]

ආරාධිත රංගනයන්

ධ්වනිපථය සංස්කරණය

කණ්ඩුකොණ්ඩේන් කණ්ඩුකොණ්ඩේන්
 
ධ්වනිපථ ඇල්බමය , විසිනි
මුදාහැරුණේ15 මාර්තු 2000
පටිගත කෙරුණේපංචාතන් ‍රෙකෝඩ් ඉන්
ගණයචිත්‍රපට ධ්වනිපථය
ලේබලයස රෙ ග ම
ස්ටාර් මියුසික්
නිෂ්පාදකඒ. ආර්. ‍රහ්මාන්
ඒ. ආර්. රහ්මාන් කාලානුක්‍රමය
අලෛපායුතේ
(2000)
කණ්ඩුකොණ්ඩේන් කණ්ඩුකොණ්ඩේන්
(2000)
ෆිසා
(2000)

කණ්ඩුකොණ්ඩේන් කණ්ඩුකොණ්ඩේන් හි ගීතවල සංගීත අධ්‍යක්ෂණය සිදුකරන ලද්දේ ඒ. ආර්. ‍රහ්මාන් විසිනි. එකල ධ්වනිපථ ඇල්බමයේ අයිතිය එකල වටිනාකමින් ඉන්දියාන නු රුපියල් කෝටි 2.2කට සරෙගම ආයතනය විසින් මිලට ගන්නා ලදී.[3] ධ්වනිපථයෙහි ගීත අටක් ඇතුළත් අතර, ඉන් එකක් සුබ්‍රමණියා භාරතීගේ පද්‍යයක් ඇසුරෙන් නිර්මාණය වී ඇත.[10]

මෙහි එන "කණ්නාමූචී" ගීතය කර්ණාටක රාගයක් වන නට්ටකුරින්ජි රාගය ආශ්‍රයෙන් නිර්මාණය වී ඇත.[11] මම රාගයෙහි රසිකයකු වූ රාජීව් මේනන්, රහ්මාන් හට "කවලෛයෛ තීර්පතු නාට්ටිය කාලෛයේ" නැමැති සිවකවි (1943) චිත්‍රපටයේ එන ගීතයක් ලබා දී එම රාගය ඇසුරෙන් එක් ගීතයක් හෝ නිර්මාණය කරදෙන මෙන් ඉල්ලා ඇත.[12][13][14] "කණ්ඩුකොණ්ඩේන් කණ්ඩුකොණ්ඩේන්" නැමැති ගීතය නලීනකාන්ති රාග ඇසුරෙන් ද, "ස්මායියෛ" ගීතය ජෑස් සංගීතය ඇසුරෙන් ද, සහ "එන්න සොල්ල පෝගිරෛ" ගීතය ජන සංගීතය ඇසුරෙන් ද නිර්මාණය වූ ගීත වේ.[15] මේනන් පෞද්ගලිකව ශංකර් මහාදේවන් හට "එන්න සොල්ල පෝගිරෛ" ගීතය ගයන්නට ආරාධනා කොට තිබේ.[14]

දෙමළ ගීත ලැයිස්තුව
අංකය. ගීතයගායක(යන්) කාලය
1. "එන්න සොල්ල පෝගිරෛ"  ශංකර් මහාදේවන් 6:00
2. "කණ්ඩුකොණ්ඩේන් කණ්ඩුකොණ්ඩේන්"  හරිහරන්, මහාලක්ෂ්මී අයියර් 5:22
3. "කණ්ණාමූචී යෙනඩා"  කේ. එස්. චිත්‍රා 4:49
4. "සුට්ටුම් විලි"  හරිහරන් 2:21
5. "කොන්ජම් මෛනක්කලේ"  සාධනා සර්ගම් 4:43
6. "කණ්ණාමූචී යෙනඩා" (යුග)කේ. එස්. චිත්‍රා, කේ. ජේ. යේසුදාස් 3:30
7. "‍යෙංගේ එනතු කවිතෛ"  කේ. එස්. චිත්‍රා, ශ්‍රීනිවාස් 5:15
8. "ස්මායියෛ"  දේවන් ඒකාම්බරම්, ක්ලින්ටන් සෙරීජෝ, ඩොමිනික් සේඊජෝ 5:09

සියලු පද රචනා සිදුකරන ලද්දේ ඒ. එම්. ‍රත්නම් සහ සිවා ගනේශ්. 

තෙලිඟු (හඬකැවූ) ගීත ලැයිස්තුව[16]
අංකය. ගීතයගායක(යෝ) කාලය
1. "යෙමි චෙයිටමන්ඩුවේ"  ශංකර් මහාදේවන් 6:00
2. "තොංගි චූස්"  හරිහරන්, මහාලක්ෂ්මී අයියර් 5:21
3. "දෝබුචූලටේලාරා"  කේ. එස්. චිත්‍රා 4:49
4. "පාලිකේ කොරින්කා"  සාධනා සර්ගම් 4:41
5. "යෙමයේ නා කවිතා"  කේ. එස්. චිත්‍රා, ශ්‍රීනිවාස් 5:15
6. "ස්මායි ආයී ආයී"  දේවන් ඒකාම්බරම්, ක්ලින්ටන් සෙරීජෝ, ඩොමිනික් සෙරීජෝ 5:08

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Kamath, Sudhish (9 November 2000). "West End success story". The Hindu. 11 November 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 3 January 2011.
  2. 2.0 2.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Talk නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. 3.0 3.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; kkmuisc නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  4. McHodgkins, Angelique Melitta (2005). Indian Filmmakers and the Nineteenth-Century Novel: Rewriting the English Canon through Film. University of Miami. 6 May 2020 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.{{cite book}}: CS1 maint: location missing publisher (link)
  5. Kamath, Sudhish (22 October 2000). "Cinema beyond a formula theme". The Hindu. 7 April 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 5 April 2020.
  6. Menon, Rajiv (Director) (5 May 2000). Kandukondain Kandukondain (Motion picture).
  7. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; N නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  8. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; hindu20 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  9. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; dhanu නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  10. Nathan, Archana (12 December 2018). "Audio master: Every AR Rahman song in 'Kandukondain Kandukondain' reflects the film's many moods". Scroll.in. 15 February 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 7 April 2020.
  11. "Rajiv Menon reveals how he conceived Kannamoochi Yenada". The Times of India. 1 November 2019. 4 April 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 5 April 2020.
  12. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Sify නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  13. Srinivasan, Meera (8 December 2010). "Concerts cine artists love to listen to". The Hindu. 2 May 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 5 April 2020.
  14. 14.0 14.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; hindutamil නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  15. Padmanabhan, Savitha (3 April 2000). "Chords & Notes". The Hindu. 25 January 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 August 2012.
  16. Saregama South (31 December 2013). "Priyuraalu Pilichindhi | Telugu Movie Audio Jukebox (Full Songs)". YouTube. සම්ප්‍රවේශය 14 May 2020.

බාහිර සබැඳි සංස්කරණය