එව්රිතිං ටේස්ට්ස් බෙටර් විත් බේකන්

එව්රිතිං ටේස්ට්ස් බෙටර් විත් බේකන් (බේකන් සමග හැම දේම වඩා රසවත් : දවසේ ඕනෑම කෑම වේලකට විශ්මය ජනක වට්ටෝරු 70 ක් ) යන පොත සාරා පෙරි විසින් බේකන් යෙදාගෙන ඉවුම්පිහුම් ගැන ලියන ලද පොතකි. ඇය ලේඛිකාවක් , අහාර පිළිබද විස්තර ලියන්නියක් සහ ද ඔරිගොනිඅන් පුවත්පතෙහි තීරු ලේඛිකාවකි. පොත ඇමරිකා එක්සත් රාජධානියේදී ක්‍රෝනිකල් බුක්ස් ප්‍රකාශකයන් විසින් 2002 මැයි 1 දින සහ ප්‍රංශ භාෂාවේ සංස්කරණය මොන්ට්‍රෙඅල් හිදී ලෙස් එඩිෂන් ඩි ල හොමේ විසින් 2004 එළිදක්වන ලදී. එහි පෙරි ඇයගේ සීනි සහ බේකන් සංයෝග කිරීමේ ආහාර වට්ටෝරු වල මූලික සංකල්ප විස්තර කරයි. බේකන් රසැති ආහාර සහ අතුරුපස සදහා වට්ටෝරු ඇයගේ පොතෙහි අඩංගු වේ.

එව්රිතිං ටේස්ට්ස් බෙටර් විත් බේකන්
A double bacon, lettuce and tomato sandwich on a plate. Overlaid text reads: Everything Tastes Better with Bacon
ඉදිරි කවරය
කර්තෘසාරා පෙරි
රටඑක්සත් ජනපදය
භාෂාවඉංග්‍රීසි
විෂයයපිසීම
ප්‍රකාශිතමැයි 1, 2002 (ක්‍රොනිකල් බුක්ස්)
පිටු132
අයිඑස්බීඑන්0-8118-3239-2
ඕසීඑල්සී47100742
LC Class2001037240

පොත ප්‍රධාන වශෙයෙන් ධනාත්මක විචාර ලබාගෙන ඇති අතර එහි වට්ටෝරු 2003-2004 ඇමරිකානු හොදම වට්ටෝරු සදහා තෝරා ගෙන ඇත. ශාන්ත පිටෙර්ස්බර්ග් ටයිම් පුවත්පතෙහි මෙම පොත ප්‍රකාශිත වඩා සිත්ගන්නා සහ අනන්‍ය ඉවුම් පොත් අතර වර්ග කර ඇති අතර පිට්ස්බර්ග් පොස්ට්-ගැසෙටි සගරාව විසින් මෙය "2002 වර්ෂයට ප්‍රියතම ඉවුම් පොත් "ලිපියට සහ ද දෙන්වෙර් පොස්ට් පුවත් පත 2002 වර්ෂයේ හොදම ඉවුම් පොත් ලැයිස්තුවට එකතු කර ඇත. විචාරයකදී ටොරොන්ටෝ ස්ටාර්' පුවත් පත මගින් පෙරිගේ වට්ටෝරු තෝරා ගැනීමේ අඩුපාඩු ගැන විවේචනය කර ඇත.පවතින වට්ටෝරු අදාළ ඉවුම් පොත් වල විශේෂණය වී ඇත.

පසුබිම සංස්කරණය

සාරා පෙරි පෝලන්තයේ ඔරිගන් වල පදිංචිකාරියක් වන අතර, ද ඔරිගොනිඅන් පුවත්පතෙහි තීරු ලේකිකාවක්,[1][2] සහ ඉවුම් පොත් ලේකිකවකි. එව්රිතිං ටේස්ට්ස් බෙටර් විත් බේකන් පොතට පෙර ඇය විසින් පොත් 4 ක් රචනා කර ඇත: ඒවා නම් ද නිව් කොම්ප්ලිට් කොෆි බූක්, ද නිව් ටී බූක්, ක්‍රිස්මස්ටයිම් ත්‍රිට් සහ වීකෙන්ඩ් විත් ද කිඩ්ස්.[3] ක්‍රෝනිකල් බුක්ස්හි ඇයගේ කතෘ විසින් බේකන් ඉවුම්පිහුම් විෂයක් ලෙස යෝජනා කරන ලදී. බේකන් වල ජනප්‍රියතාවය හා භාවිතය වැඩි විය, නමුත් වට්ටෝරු වල අඩුකම නිසා පොත් ලිවිම අපහසු බව පෙරි විශ්වාස කරා. ඇය සිහිපත් කර ඇයගේ හනි බෙක්ඩ් හම් වලට තිබුණු කැමැත්ත, ඇය බේකන් සමග සීනි මිශ්‍ර කර කෑම සැදුවා.[4]පෙරි තේරුම් ගත්තා බේකන් කෑම රසවත් කිරීමට කුළුබඩුවක් ලෙස භාවිත කර හැකි බව, සලාද සහ පැස්ටා යන අහාර වර්ග ඇතුලත්ව.[5] ඇය දැන ගත්තා බේකන් සමග කෑම වල පැණි රස සහ ලුණු රස වැඩිවන බව.[6]2002 මැයි 01 දින ක්‍රෝනිකල් බූක්ස් ප්‍රකාශකයන් විසින් එව්රිතිං ටේස්ට්ස් බෙටර් විත් බේකන් පොත ඉංග්‍රීසි මාධ්‍යයෙන් පේපර්බැක් ආකාරයෙන් ප්‍රකාශිත කරන ලදී.[7][8] පොතෙහි මුල් ප්‍රකාශන ඇමරිකානු ඩොරල් 18.95 ක සිල්ලර මිලකට විකුණන ලදී.[9][10]2004 දී ප්‍රංශ පේපර්බැක් ආකාරයෙන් ප්‍රකාශනය එලි දැක් වුවා.[11][12]

සාරාංශයේ අන්තර්ගතය සංස්කරණය

 
Sara Perry in 2009

බේකන් පොතෙහි හැදින්වීමේදී පෙරි ඇයගේ හැගීම විස්තර කරමින්, අහාර පිසීමේදී එන සුවද ඇයගේ දවසේ ආරම්භයට උපකාර වන බව සහ ඇයට සැනසුමක් ගෙන දෙන බව සදහන් කර ඇත.[13] පොතෙහි ආරම්භයේදී "බ්‍රිගින් හොමේ ද බේකන්",යන වාක්‍ය කාණ්ඩයෙන් පසුබිම විස්තර කරමින් පාඨකයාට බේකන් වර්ග සහ ගබඩා කල හැකි ආකාර පිළිබද අවබෝදයක් ලබා දී ඇත.[14] මෙම පොත බේකන් රසැති වට්ටෝරු 70 සමන්විත අතර,[15][16] උදැසන අහාරය, කොල සහිත එළවලු, පැස්ටා වට්ටෝරු, අතිරේක අහාර, උත්සව අහාර වට්ටෝරු, අතුරුපස and අපටයිසේර් යන මාතෘකා යටතේ පරිජ්චේද 9 මගින් විස්තර කර ඇත.[17][18][19] අනිකුත් රසකාරක සමග බේකන් සැන්විච්,[20] පොඩියට කුඩු කරගත් බේකන් ආලේපයක් සහිත අයිස් ක්‍රීම්,[21] පළතුරු කෑලි උඩට ගාන ලද බේකන් මිශ්‍රණය,[16] පී කෘස්ට් සහිත බේකන් යන වට්ටෝරු අන්තර් ගත වේ.[22] බේකන් ස්ටෝවිටොප්හි ඉවීම, අවනයෙහි ඉවීම සහ දැලක් යට ඉවීම බේකන්හි රස වැඩි කරන බව පොතෙහි සදහන්වේ.[19][23][24] මෙම පොත ෂෙරී ගිබ්ලින්ගේ ජායාරූප වලින් සමන්විතවේ.[25]

පිළිගැන්ම සංස්කරණය

බේකන් සමග හැම දේම වඩා රසවත් පොත ග්‍රන්ථ විචාරකයන්ගෙන් සහ අහාර විචාරකයන්ගෙන් ධනාත්මක විචාර ලබා ඇත.පළමු මාසය තුල මෙම පොත් පිටපත් 30,000  විකිණි ඇති බව චිකාගෝ ට්‍රිබියුන් පුවත්පත මගින් වාර්තා කර ඇත.[22] ශාන්ත පිටෙර්ස්බර්ග් ටයිම් පුවත්පතෙහි ජැනට් ෆ. කීල්නේර් විසින් පොතෙහි මාතෘකා පිළිබද ධනාත්මක විචාර පළකර ඇත.[26] ඇය දැන ගත්තා මෙම විෂය සම්බන්ද ලිපිගොනුවලට වට්ටෝරු එකතු කරේ අහාර විචාරකයන් විසින් බව.[26] ද බෙස්ට් ඇමරිකන් රෙසපිස් 2003-2004 හි කතෘ ෆ්රෑන් මැක්කොලගි සමග කීල්නේර්ගේ සම්මුක පරීක්ෂණයේදී බේකන් භාවිතය වැඩි කිරීමට උදව් කර ආකාරය විස්තර කරමින් ඒවා ඇට්කින්ස් කෑම (කබෝහයිඩ්ද්‍රට් අඩු කිරීමට මාංශ පරිබෝජනය අඩු කිරීමෙන් හැකි බව අවධාරණය කර ඇත[27]) වේලක් බව සදහන්වේ.[26] ඇය මෙම පොත වඩාත් රසවත් සහ අත්විතීය ඉවුම්පොතක් ලෙස වර්ග කරන ලදී.[28] ගිබ්ලින්ගේ ජායාරූප ද කැන්සාස් සිටි ස්ටාර්හි සිඩ්නි හොඑඩෙල්ගේ පැසසුමට ලක්ව ඇත.[25] සාහිත්‍ය විචාරකයෙක් වන ද නිව් යෝර්ක් ටිම්ස්හි ඩ්විග්ට් ගනර් මෙම කෘතිය මෑතකදී නිකුත්වූ සුපවේදී කෘති අතරින් තමන්ගේ ප්‍රියතම පොත පොත බව සදහන් කර ඇත.[29] කතෘගේ අතුරුපස වට්ටෝරු ගැන විවේචන ඉදිරිපත් වුවත් සමස්තයක් ලෙස බේකන් භාවිතය වැඩි කිරීමට ඇයගේ තර්කය සමග එකගවී ඇත.[29]

ද ඇරිසෝනා ඩෙයිලි ස්ටාර් පුවත්පතෙහි ඔවුන්ගේ "හොට් රිද්ස්" යන තේමාව යටතේ මෙම පොත විශේෂ කර ඇත.[30] ද ඩලාස් මොර්නින්ග් නිව්ස් පුවත්පතෙහි සහකාර සංස්කාරක වන ලවුරා එච්. එහ්ර්ට් විසින් මෙම පොත බේකන් භාවිතය අවබෝධ කරවන බව ලියන ලදී.[31]මෙම පොත තමන්ගේ බේකන් සහිත අහාර වලට තිබුණු රුචිය වැඩි කල බව මාර්ටි මෙයිටුස්‌ විසින් රොකි මවුන්ටන් නිව්ස් පුවත්පතට ලිපියක් මගින් දැනුම් දී ඇත.[32] මෙයිටුස්‌ අතුරුපස වට්ටෝරු සදහා හසේල්නට්-බේකන් කැන්ඩි ක්‍රන්ච්, පිනට් බටර් කුකිස්‌ විත් බේකන් බ්‍රිටිල්, පෙයර්-ඇපල් ක්‍රිස්ප් විත් බ්‍රවුන් ෂුගර්-බේකන් ටොපින්ග් සහ රුබි රයිසින් මින්සිමෙන්ට් ටාට් නිර්දේශ කර ඇත.[32] ඩේව්නේර් නගරයේ පිහිටි දිෂොන් ඩවුන්ටවුන් ග්‍රිල්හි විධායක සුපවේදී ස්ටීව් ස්මිත් මහතා විසින් පෙරිගේ "මාප්ල් සුන්දේ" වට්ටෝරුවෙන් ලැබූ ආශ්වාදය සමග මකදැමිය-බේකන් ක්‍රන්ච් අයිස් ක්‍රීම් අතුපස සාදන ලදී.[33]

මර්ලානේ පාරිශ් විසින් පිටෙර්ස්බර්ග්-ගසටේපුවත්පත සදහා ලියු වාර්තාවේ 2002 ප්‍රියතම ඉවුම් පොත ලෙස ඇතුලත් කර සුවිශේෂී කොට දක්වමින් එයට වටිනාකමක් එක්කර ඇත.[34] පොතෙහි අන්තර්ගත කෑම වර්ග සෑදීමෙන් ඇය තෘප්තියක් ලැබූ බව පවසා ඇත.[34] ඇට්කින්ස් කෑම වල නිර්මාතෘ වන රොබෙට් ඇට්කින්ස් විසින් ගොර්ගොන්සාලා චිස්බර්ග්ස් විත් බේකන් යන කෑම වර්ගයට කැමැත්තක් දක්වයි යනුවෙන් පාරිශ් තව දුරටත් ප්‍රකාශ කර ඇත.[34]ද දෙන්වෙර් පොස්ට් පුවත්පත 2002 දී විශිෂ්ට සුපවේදී කෘති ලැයිස්තුවට මෙම කෘතිය ඇතුලත් කර ඇත.[35] එම පුවත්පතෙහිම තව වාර්තාවකින් ස්පැගටි අල්ලා කර්බෝනර සහ කොබ් සලාද, ඇපල් ක්‍රිස්ප් විත් බ්‍රවුන් ෂුගර්-බේකන් ටොපින්ග් සහ බේකන් බ්‍රිටිල් කෑම වට්ටෝරු විශේෂ කර ඇත.[36] ටොරොන්ටෝ ස්ටාර් පුවත්පත මගින් පෙරිගේ ආහාර වට්ටෝරු නිර්මාණයේ ඇති දුර්වලතාවයන් පිළිබද විවේචනය කර ඇත.[37] මෙම කෘතිය මෙම කාරණය යටතේ ලියවී ඇති අනිකුත් කෘති වලට සාපේක්‍ෂව හොද බවත් එය සරලව අඩු වට්ටෝරු ගණනකින් සමන්විත බවත් පෙන්වා දෙමින් විචාරය අවසන් කර ඇත.[37] ද ප්‍රෙස් දෙමොක්රට් පුවත්පතෙහි මිචෙල් ඇනා ජෝඩාන් පෙරිගේ ක්‍රියාව අගය කොට ඇති අතර කතෘගේ මෙම විෂය සදහා පවතින අති උනන්දුව පිලිබදව සදහන් කර ඇත.[38]

බලපෑම සංස්කරණය

චිකාගෝ සන්-ටයිම්ස් සහ ද ශාන්ත පිටෙර්ස්බර්ග් ටයිම් යන පුවත්පත් වලට අනුකුලව සුපවේදී කෘති විශේෂයට අදාල සාර්ථක පොතක් ලෙස මෙය හැදින්විය හැක.[18][28] බේකන් වලට රෙනෛසන්ස් කාල පරිජ්චේදයක් තිබුණු බව පෙරී ප්‍රකාශ කර ඇත.[10] 2003 දී ක්රිස්තියන් සයන්ස් මොනිටර් පුවත්පතෙහි වර්තාවකින් පෝෂණවේදීන්ගේ විවේචනයන් නොසලකා අහාර සදහා බේකන් භාවිතය වැඩි වෙමින් පවතින බව සදහන් කොට ඇත.[10] මෙම කෘතියේ තියෙන වට්ටෝරු 2003–2004 ද බෙස්ට් ඇමරිකන් රෙසපීස් වලට ඇතුලත් කර ඇත: වසරේ හොදම වට්ටෝරු තෝරා ගත්තේ පොත්,සගරා,පුවත්පත් සහ අන්තර්ජාලයෙනි.[39][40] සක්ලෙන්ට් බේකන්-රැප්ඩ් ශ්‍රිම්ප් පෙරිගේ වට්ටෝරුව සදහා 2003 වසරේ ස්මොක්‌ ඇන්ඩ් ස්පයිසි පොත උපකාරී විය: දුම සමග ඉවීම බාබකිව් සදහා නිවැරදි මගකි.[41]ද බෙස්ට් ඇමරිකන් රෙසපීස්හි කතුවරයා වන ෆ්රන් මැක්කොලිග් මෙම පොත මෙම ක්‍ෂේත්‍රය මවිත කරවන සංකලනයක් බව පේනවා ඇත.[26] මෙම පොත මුද්‍රණය කර වසර 3 කට පසුව බේකන්, චොකලට් සහ ඔලිව් ඔඉල් තරමටම ජනප්‍රියවී ඇති බව ද අට්ලන්ටික් සගරාව ප්‍රකාශ කර ඇත.[42] 2006 දී ලෙහි එ. සෙල්දෙස් චිකාගෝ සන්-ටයිම්ස් පුවත්පතට ලිපියක් ලියමින් ප්‍රකාශ කර ඇත්තේ බේකන් වට්ටෝරු යොදා ගත හැකි ආකාරයි.[18] පෙර වසර වල සිට බේකන් සමග පොත් සම්බන්ද වීම මැතිව් අම්ස්ටර්-බ්රුටන් 2009 දී හන්ග්‍රී මන්කි පොතෙ මගින් විස්තර කර ඇති අතර,එයට තොරතුරු ද බේකන් කූක්‌බූක් සහ සේදුඩ් බයි බේකන් පොත් වලින් ලබාගෙන ඇත.[43] බ්‍රිතාන්‍ය ද ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත්හි 2013 වාර්තාවකින් මෙම කෘතිය ඌරු මස් සදහා තිබෙන රුචිය වැඩිකිරීමක් ලෙස සදහන් කර ඇත.[44]

ආශ්‍රිත ලිපි සංස්කරණය

සටහන් සංස්කරණය

  1. Julian 2002, පිටු අංකය: 33.
  2. Browning-Blas 2002, පිටු අංකය: M7.
  3. Perry 2003, පිටු අංකය: 121.
  4. Keeler 2002, පිටු අංකය: 1C.
  5. The Sacramento Bee staff 2002, පිටු අංකය: F1.
  6. Smith 2002, පිටු අංකය: D1.
  7. WorldCat 2011a.
  8. Perry 2002, පිටු අංකය: 4.
  9. Fabricant 2002.
  10. 10.0 10.1 10.2 Paulson 2003, පිටු අංකය: 16.
  11. WorldCat 2011b.
  12. Perry 2004.
  13. Crooks 2002, පිටු අංකය: D1.
  14. Saunders 2002, පිටු අංකය: C4.
  15. English 2002.
  16. 16.0 16.1 McCarthy 2002, පිටු අංකය: A1.
  17. Perry 2002, පිටු අංකය: 7.
  18. 18.0 18.1 18.2 Zeldes 2006, පිටු අංකය: S1.
  19. 19.0 19.1 Lawson 2003, පිටු අංකය: 12D.
  20. Meitus 2003b, පිටු අංකය: 3D.
  21. Longino 2002.
  22. 22.0 22.1 Eddy 2002, පිටු අංකය: 1.
  23. Mahoney 2003, පිටු අංකය: D1.
  24. Cichy 2003, පිටු අංකය: 4E.
  25. 25.0 25.1 Hoedel 2002, පිටු අංකය: E2.
  26. 26.0 26.1 26.2 26.3 Keeler 2003, පිටු අංකය: 1D.
  27. Aldana 2005, පිටු අංකය: 215.
  28. 28.0 28.1 Keeler 2008, පිටු අංකය: 5E.
  29. 29.0 29.1 Garner 2002, පිටු අංකය: 54.
  30. Burch 2002, පිටු අංකය: F1.
  31. Ehret 2002, පිටු අංකය: 6F.
  32. 32.0 32.1 Meitus 2003a, පිටු අංකය: 5D.
  33. Browning-Blas 2003, පිටු අංකය: F01.
  34. 34.0 34.1 34.2 Parrish 2002, පිටු අංකය: F1.
  35. Husted 2002, පිටු අංකය: FF9.
  36. Browning-Blas 2002, පිටු අංකය: M-07.
  37. 37.0 37.1 The Toronto Star staff 2002, පිටු අංකය: D05.
  38. Jordan 2002, පිටු අංකය: D1.
  39. McCullough 2003, පිටු අංක: 84–85, 280, 284.
  40. Bonwich 2004, පිටු අංකය: 1.
  41. Jamison 2003, පිටු අංකය: 340.
  42. Kummer 2005.
  43. Amster-Burton 2009, පිටු අංකය: 63.
  44. Muston 2013, පිටු අංක: 44–45.

ප්‍රඥප්තිය සංස්කරණය

වැඩිදුර කියවීමට සංස්කරණය

බාහිර පිටු සංස්කරණය

Lua දෝෂය in Module:Wd at line 2604: The function "Everything Tastes Better with Bacon" does not exist.

සැකිල්ල:Bacon