එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2018–19
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2018–19 | |||||
එංගලන්තය | ශ්‍රී ලංකාව | ||||
දින වකවානුව | 2018 ඔක්තෝම්බර් 05 – 2018 නොවැම්බර් 27 | ||||
නායකයන් | ජෝ රූට් (ටෙස්ට්) ඉයන් මෝගන් (එදිජා/වි20) |
දිනේෂ් චන්දිමාල් (ටෙස්ට්/එදිජා) තිසර පෙරේරා (වි20) | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 3–0 ලෙසින් එංගලන්තය ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | බෙන් ෆෝක්ස් (277) | දිමුත් කරුණාරත්න (256) | |||
වැඩිම කඩුළු | ජැක් ලීච් (18/385) මොයින් අලී (18/441) |
දිල්රුවන් පෙරේරා (22/527) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | බෙන් ෆෝක්ස් | ||||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 5 කින් යුතු තරග මාලාව 3–1 ලෙසින් එංගලන්තය ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | ඉයන් මෝගන් (195) | නිරෝෂන් දික්වැල්ල (192) | |||
වැඩිම කඩුළු | ටොම් කරන් (6/138) | අකිල ධනංජය (9/173) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | ඉයන් මෝගන් | ||||
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 1 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් එංගලන්තය ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | ජේසන් රෝයි (69) | තිසර පෙරේරා (57) | |||
වැඩිම කඩුළු | ජෝ ඩෙන්ලි (4/19) | අමිල අපොන්සු (2/29) ලසිත් මාලිංග (2/30) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | එක් තරගයක් පමණක් පවත්වන ලදී |
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2018–19
සංස්කරණයඑංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම 2018 ඔක්තෝම්බර් හා නොවැම්බර් මාස තුලදී ශ්‍රී ලංකාව තුල සංචාරයෙහි යෙදෙන්නේ, එක් දින ජාත්‍යන්තරයන් (එදිජා) පහක් විස්සයි20 ජාත්‍යන්තරයන් (වි20ජා) තරගයක් සහ ටෙස්ට් තරග තුනක් සදහා තරග වැදීම සඳහාය.[1][2][3] මෙම සංචාරයට 2012 වසරෙන් පසු එංගලන්තය ශ්‍රී ලංකාවේ පැවැත්වූ පළමු ටෙස්ට් තරඟය ඇතුළත් විය.[4]
2018 සැප්තැම්බර් මාසයේදී ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට දිනේෂ් චන්දිමාල් එක්දින කණ්ඩායමේ නායකයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් නම් කරන ලදී.[5] දින කිහිපයකට පසු, ශාරීරික යෝග්‍යතාවය හේතුවෙන් මැතිව්ස් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමෙන් ඉවත් කරන ලදී.[6] කෙසේ වෙතත්, එක්දින සංචිතය සමඟම නම් කරන ලද ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ මැතිව්ස් නම් කරන ලදී.[7]
පළමු තරඟය ප්‍රතිඵලයක් නොමැතිව අවසන් වීමෙන් පසුව එංගලන්තය එක්දින තරඟමාලාව 3-1 ක් ලෙස ජය ගන්නා ලදී.[8] එක්දින තරඟ පහම වර්ෂාවෙන් පීඩාවට පත් වුවද, එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය (ඊසීබී), ශ්‍රී ලංකාවේ මෝසම් කාලයේදී මෙම තරඟමාලාව ක්‍රීඩා කිරීමේ තීරණය ආරක්ෂා කරමින් කියා සිටියේ, දිනයන් සම්බන්ධයෙන් ඔවුන්ට ඇත්තේ "ඉතා සුළු ගැටළුවක්" පමණක් බවයි.[9] පන්දුවාර වි20 තරගයෙන් එංගලන්තය ලකුණු 30 ක ජයක් ලැබීය.[10]
2018 ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ පන්දුයවන ක්‍රීඩක රංගන හේරත් ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්නා බව නිවේදනය කළේය.[11] එම තරඟයේ පළමු ඉනිමේදී ඔහු එංගලන්ත නායක ජෝ රූට්ව දවා ගන්නා විට එක ක්‍රීඩාංගණයක ටෙස්ට් කඩුලු 100 ක් ලබා ගත් තුන්වන පන්දු යවන්නා බවට පත්විය.[12] තරගයෙන් පසු හේරත් පැවසුවේ වමත් දඟ පන්දු යවන්නෙකුට වැඩිම ටෙස්ට් කඩුලු 433 ක් ලබා තම ක්‍රීඩා ජීවිතය නිමා කර "විශ්‍රාම යාමට හොඳම කාලය මෙය" බවයි.[13] පළමු ටෙස්ට් තරඟයේදී ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් ඉතිරි තරගමාලාවෙන් ඉවත් වූ අතර ඉතිරි ටෙස්ට් තරඟ දෙක සඳහා නායකයා ලෙස සුරංග ලක්මාල් නම් කර තිබේ.[14]
එංගලන්තය පළමු ටෙස්ට් තරඟ දෙක ජයග්‍රහණය කළ අතර එය 2001 වසරෙන් පසු ශ්‍රී ලංකාවේදී ඔවුන් ලැබූ පළමු ජයග්‍රහණයයි.[15] එංගලන්තය තුන්වන ටෙස්ට් තරඟය ලකුණු 42 කින් ජයග්‍රහණය කළ අතර එම නිසා තරගාවලිය 3-0 ලෙස ජයග්‍රහණය කළේය.[16] එංගලන්තය තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගමාලාවක් ශ්‍රී ලංකාවේදී ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙය විය.[17] 1963 නවසීලන්තය පරාජය කිරීමෙන් පසු එංගලන්තය විසින් ටෙස්ට් තරග තුනක් හෝ ඊට වැඩි ගණනක් තම රටින් පිට පැවැත්වූ තරගමාලාවක්ව ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙය විය.[18] ටෙස්ට් තරගාවලිය කඩුලු 100 ක් දඟ පන්දු යැවීමෙන් වාර්තා කළ අතර එය තරග තුනකින් සමන්විත තරගාවලියක වාර්තාවකි.[19]
සංචිත
සංස්කරණයටෙස්ට් | එදිජා | වි20 | |||
---|---|---|---|---|---|
ශ්‍රී ලංකාව[20] | එංගලන්තය[21] | ශ්‍රී ලංකාව[22] | එංගලන්තය[23] | ශ්‍රී ලංකාව[24] | එංගලන්තය[25] |
|
|
|
|
|
|
පුහුණු තරග (පන්දු වාර 50)
සංස්කරණයපළමු තරගය
සංස්කරණයදෙවන තරගය
සංස්කරණයඑක්දින තරග
සංස්කරණයපළමු තරගය
සංස්කරණයඑ
|
||
- කාසියෙහි වාසිය ලැබූ ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීම තෝරා ගන්නා ලදී
- ඔලී ස්ටෝන් ඔහුගේ එදිජා මංගලාවතරණය ලැබීය.
දෙවන තරගය
සංස්කරණයතෙවන තරගය
සංස්කරණයඑ
|
||
- කාසියෙහි වාසිය ලැබූ එංගලන්තය පළමුව පන්දු රැකීම තෝරා ගන්නා ලදී
සිව්වන තරගය
සංස්කරණයපස්වන තරගය
සංස්කරණය 2018 ඔක්තෝබර් 23
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියෙහි වාසිය ලැබූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීම තෝරා ගන්නා ලදී
- ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාව
- ආර්.ප්‍රේමදාස පිටියේ ඕනෑම කණ්ඩායමක් ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාව
විස්සයි 20 තරගය
සංස්කරණය 2018 ඔක්තෝබර් 27
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියෙහි වාසිය ලැබූ ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීම තෝරා ගන්නා ලදී
- වර්ෂාවෙන් එංගලන්ත ඉනිම අතරතුර බාධා ඇති වුවත් නියමිත පන්දුවාර සියල්ල යවන ලදී
- කමිදු මෙන්ඩිස් ගේ වි20 මංගලාවතරණය
පුහුණු තරග (දෙදින)
සංස්කරණයපළමු තරගය
සංස්කරණය 2018 ඔක්තෝබර් 30-31
ලකුණු පුවරුව |
එ
|
||
- ශ්‍රී ලංකා සභාපතිගේ පිළ කාසියේ වාසිය දිනා පලමුව පන්දුවට පහර දීමට තීරණය කළා
- එංගලන්තය 16 (පිතිකරු 11, පන්දු රැකිම 11) ශ්‍රී ලංකා සභාපති 15 (පිතිකරු 11, පන්දු රැකිම 11)
දෙවන තරගය
සංස්කරණය 2018 නොවැම්බර් 01-02
ලකුණු පුවරුව |
එ
|
||
- එංගලන්තය කාසියේ වාසිය දිනා පලමුව පන්දුවට පහර දීමට තීරණය කළා
- වර්ෂාව නිසා පලමු දින තරගය නොපැවැත්වුනි
- එංගලන්තය 16 (පිතිකරු 11, පන්දු රැකිම 11) ශ්‍රී ලංකා සභාපති 14 (පිතිකරු 11, පන්දු රැකිම 11)
ටෙස්ට් තරග
සංස්කරණයපලවන තරගය
සංස්කරණය2018 නොවැම්බර් 06-09
ලකුණුපත |
එ
|
||
- කාසියේ වාසිය ලැබූ එංගලන්තය පන්දුවට පහර දීමට තීරණය කළේය.
- රෝරි බර්න්ස් හා බෙන් ෆෝක්ස් ගේ ටෙස්ට් මංගලාවතරණය
දෙවන තරගය
සංස්කරණයතෙවන තරගය
සංස්කරණයක්රීඩක දක්ෂතා
සංස්කරණයපිතිකරු | තරග | ඉනිම | නොදැවීම් | ලකුණු | හොදම |
---|---|---|---|---|---|
බෙන් ෆෝක්ස් | 3 | 6 | 2 | 277 | 107 |
නිරෝෂන් දික්වැල්ල | 3 | 6 | 0 | 256 | 83 |
ජෝස් බට්ලර් | 3 | 6 | 0 | 250 | 64 |
කේටන් ජීනින්ග්ස් | 3 | 6 | 1 | 233 | 146* |
ජෝ රූට් | 3 | 6 | 0 | 229 | 124 |
පිතිකරු | තරග | ඉනිම | නොදැවීම් | ලකුණු | හොදම |
---|---|---|---|---|---|
ඉයන් මෝගන් | 4 | 4 | 3 | 195 | 92 |
නිරෝෂන් දික්වැල්ල | 5 | 4 | 0 | 192 | 95 |
දිනේෂ් චන්දිමාල් | 5 | 4 | 0 | 153 | 80 |
ජෝ රූට් | 5 | 5 | 2 | 146 | 71 |
බෙන් ස්ට්‍රෝක්ස් | 5 | 3 | 1 | 117 | 67 |
පිතිකරු | තරග | ඉනිම | නොදැවීම් | ලකුණු | හොදම |
---|---|---|---|---|---|
ජේසන් රෝයි | 1 | 1 | 0 | 69 | 69 |
තිසර පෙරේරා | 1 | 1 | 0 | 57 | 57 |
මොයින් අලී | 1 | 1 | 0 | 27 | 27 |
දිනේෂ් චන්දිමාල් | 1 | 1 | 0 | 26 | 26 |
බෙන් ස්ට්‍රෝක්ස් | 1 | 1 | 0 | 26 | 26 |
මූලාශ්‍ර
සංස්කරණයespncricinfo.com
- ^ "Future Tours Programme" (PDF). International Cricket Council. සම්ප්‍රවේශය 11 December 2017.
- ^ "England's full tour of Sri Lanka begins October 10". ESPN Cricinfo. සම්ප්‍රවේශය 15 March 2018.
- ^ "Tour Itinerary: England tour to Sri Lanka 2018". Sri Lanka Cricket. 16 March 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 March 2018.
- ^ "England to play three Tests, five ODIs & a T20 in Sri Lanka in October/November 2018". BBC Sport. සම්ප්‍රවේශය 15 March 2018.
- ^ "Chandimal replaces Mathews as Sri Lanka ODI captain". International Cricket Council. සම්ප්‍රවේශය 23 September 2018.
- ^ "Angelo Mathews dropped from ODI squad for England series". ESPN Cricinfo. සම්ප්‍රවේශය 25 September 2018.
- ^ "Sri Lanka v England: Angelo Mathews left out of hosts' ODI squad". BBC Sport. සම්ප්‍රවේශය 26 September 2018.
- ^ "England's one-day series ends with record defeat and another cloudburst". The Guardian. සම්ප්‍රවේශය 23 October 2018.
- ^ "Sri Lanka v England: ECB defends touring during monsoon season". BBC Sport. සම්ප්‍රවේශය 24 October 2018.
- ^ "Kamindu Mendis steals show bowling with both arms as England beat Sri Lanka in sole T20 meeting". The Telegraph. සම්ප්‍රවේශය 27 October 2018.
- ^ "Rangana Herath to retire after first England Test". ESPN Cricinfo. සම්ප්‍රවේශය 22 October 2018.
- ^ "Herath reaches 100 Test wickets at Galle on day one of his final appearance for Sri Lanka". The Cricketer. සම්ප්‍රවේශය 6 November 2018.
- ^ "Rangana Herath retires, saying it's 'the right time' to go". ESPN Cricinfo. සම්ප්‍රවේශය 9 November 2018.
- ^ "Sri Lanka captain Dinesh Chandimal ruled out of England series". BBC Sport. සම්ප්‍රවේශය 11 November 2018.
- ^ "Leach, Moeen lead England to rare series win". ESPN Cricinfo. සම්ප්‍රවේශය 18 November 2018.
- ^ "England seal series whitewash with 42-run victory over Sri Lanka in third Test". Evening Standard. සම්ප්‍රවේශය 26 November 2018.
- ^ "Sri Lanka v England: Tourists hold nerve to secure series whitewash". BBC Sport. සම්ප්‍රවේශය 26 November 2018.
- ^ "England spin to clean sweep over SL". Cricket Australia. සම්ප්‍රවේශය 26 November 2018.
- ^ "A century of wickets for spinners". ESPN Cricinfo. සම්ප්‍රවේශය 26 November 2018.
- ^ "Sri Lanka Test Squad to play against England". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 26 September 2018.
- ^ "England confirm Test squad for Sri Lanka series". England and Wales Cricket Board. සම්ප්‍රවේශය 21 September 2018.
- ^ "Sri Lanka ODI squad to play against England". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 26 September 2018.
- ^ "Olly Stone named in England ODI squad as cover for Liam Plunkett's wedding clash". ESPN Cricinfo. සම්ප්‍රවේශය 19 September 2018.
- ^ "Sri Lanka, England set for one-off T20I clash". International Cricket Council. සම්ප්‍රවේශය 27 October 2018.
- ^ "Sri Lanka, England set for one-off T20I face-off". International Cricket Council. සම්ප්‍රවේශය 26 October 2018.