ඊජිප්තුවේ විසිනවවන රාජවංශය

(ඊජිප්තුවෙහි විසිනවවන රාජවංශය වෙතින් යළි-යොමු කරන ලදි)

ඊජිප්තුවෙර් විසිනවවන රාජවංශය (හෙවත් රාජවංශය XXIX, 29වන රාජවංශය නැතහොත් රාජවංශය 29) ලෙස හැඳින්වෙන්නේ පුරාතන ඊජිප්තුවේ පසුකාලීන යුගයේ සිව්වන රාජවංශයයි. එය පිහටුවන ලද්දේ ක්‍රි.පූ. 398දී 28වන රාජවංශයේ විසූ එකම පාරාවෝවරයා වූ ඇමිර්ටේයස්ව බලයෙන් පහකළ නෙෆාරුඩ් I විසිනි. ක්‍රි.පූ. 380 නෙෆාරුඩ් II ධුරයෙන් පහකිරීමත් සමඟ මෙම රාජවංශයේ අවසානය සනිටුහන් විය.

ඊජිප්තුවේ විසිනවවන රාජවංශය
ක්‍රි.පූ. 398–ක්‍රි.පූ. 380
හාකොර්ගේ ස්ෆින්ක්සය
හාකොර්ගේ ස්ෆින්ක්සය
අගනුවරමෙන්ඩෙස්
පොදු භාෂා(ව)ඊජිප්තු භාෂාව
ආගම
පුරාතන ඊජිප්තු ආගම
රජයපරම රාජාණ්ඩුව
Historical eraClassical antiquity
• ඇමිර්ටේයස් බලයෙන් පහකිරීම
ක්‍රි.පූ. 398
• නෙෆාරුඩ් II බලයෙන් පහකිරීම
ක්‍රි.පූ. 380
Preceded by
Succeeded by
ඊජිප්තුවේ විසිඅටවන රාජවංශය
ඊජිප්තුවේ තිස්වන රාජවංශය

ඉතිහාසය

සංස්කරණය

මෙම්ෆිස් හි විවෘත සටනකින් අනතුරුව ඇමිර්ටේයස් පරාජය කොට මරාදැමූ පළමුවන නෙෆාරුඩ් විසින් 29වන රාජවංශය පිහිටුවන ලදී. (බෲක්ලින් කෞතුකාගාරයේ සංරක්ෂිත පැපිරසයක් අනුව) අනතුරුව නෙෆාරුඩ් සිය අගනගරය ලෙස මෙන්ඩෙස් තෝරාගත්තේ ය.

නෙෆාරුඩ්ගේ මරණින් පසුව, සිහසුන සඳහා සතුරු පාර්ශ්ව දෙකක් අතර ගැටුමක් ඇති විය. එහිදී එක් පාර්ශ්වයක් ඔහුගේ පුත් මුතිස්ට ද අනෙක් පාර්ශ්වය සිහසුන පැහැරගත් සාමුතෙස්ට ද සහාය දැක්වූහ. සාමුතෙස් සාර්ථක පාලකයකු වුවද, ඔහුගේ පාලනය පැවතියේ වර්ෂයක් පමණි.

පළමුවන නෙෆාරුඩ්ගේ මුණුපුරකු යැයි කී හාකොර් සාමුතෙස් පරාජය කොට සිහසුනට පත් විය. ඇතැන්ස් හි (ක්‍රි.පූ. 387 ඇන්ටැලිසිඩස්හි සාමය තෙක්) සහ සයිප්‍රසයේ කැරලි නායක එවගෝරස්ගේ සහාය ඇතිව ඔහු ඊජිප්තුව ආක්‍රමණයට පර්සියානුවන් දැරූ ප්‍රයත්න මැඬලී ය. ඔහුගේ මරණින් පසු ඔහුගේ පුත් නෙෆාරුඩ් II සිහසුනට පත්වූ නමුත්, ඔහු සිය රාජවංශය රැකගැනීමට සමත් වූයේ නැත.

29වන රාජවංශයේ පාරාවෝවරු

සංස්කරණය
පාරාවෝගේ නම රූපය රාජ්‍ය සමය සටහන්
නෙෆාරුඩ් I   ක්‍රි.පූ. 398–393 විවෘත් සටනකින් ඇමිර්ටේයස්ව පරාජය කොට මරණ දඬුවම ලබාදීය
සාමුතෙස්
 
ක්‍රි.පූ. 393 රාජ්‍ය කළේ වසරක් පමණකි. හාකොර් විසින් සිහසුනෙන් නෙරපන ලදී.
හාකොර් (අචෝරිස්)   ක්‍රි.පූ. 393–380 සිය පූර්වප්‍රාප්තික සාමුතෙස්ව නෙරපී ය. දෙවන නෙෆාරුඩ්ගේ පියායි.
නෙෆාරුඩ් II ක්‍රි.පූ. 380 මාස 4ක පාලන සමයයකින් පසු පළමුවන නෙක්ටැනෙබෝ විසින් මොහුව නෙරපා මරාදමන්නට ඇති බව පෙනේ.

29වන රාජවංශයේ කාලරේඛාව

සංස්කරණය
නෙෆාරුඩ් IIහාකොර්සාමුතෙස්නෙෆාරුඩ් I

ආශ්‍රේයයන්

සංස්කරණය